ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB Finance 20199 වසරේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන සිසු දරුදැරියන් සඳහා ගණිත විෂය පදනම් කර ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයන්ගෙන් සැදුම්ලත් සරසවි මිතුරෝ සංවිධානය සහ සස්නක පදනම විසින් සංවිධානය කරනු ලැබූ වැඩමුළුව සඳහා අනුග්‍රහය දක්වන ලදී. මෙම ගණිත වැඩමුළුව පසුගිය 27 වැනි දින කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී පැවැත්විණි.
ගණිත විෂයට දුර්වලතාවක් දක්වන දරුදැරියන්ට වඩාත් ආකර්ෂණීය ලෙස ගණිතය සමීප කරවීම සහ ගණිත ගැටලු විසඳීම සඳහා පහසු ක්‍රම රැසක් මෙහිදී දරුදැරියන්ට ඉගැන්වීමට සස්නක පදනම කටයුතු කළ අතර මේ සඳහා පළපුරුදු ගුරුවරුන්ගේ සහාය ලබා ගත්හ.











