අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය සැලසුම් කර තිබේ.
එම සේවය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශයට ලැබුණු පැමිණිලි සහ ඒ සම්බන්ධයෙන් කරනු ලැබූ විමර්ශනයකට අනුව මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.
සෙමි ලක්ෂරි බස් රථවල විදුලි පංකා සහ තිර රෙදි පමණක් යොදා සාමාන්‍ය ගාස්තුව මෙන් එකහමාරක් අය කරන බවට පැමිණිලි විශාල ප්‍රමාණයක් අමාත්‍යංශයට ලැබී ඇති බවද දැනගන්නට තිබේ.
ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාද මේ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා වේ.










