• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ජනපතිවරණයේ ජන්දවලින් මහජන්දයේ ප්‍රතිපල ‌මෙන්න

December 8, 2019
in News, Politics
Reading Time: 3 mins read
A A
ජනපතිවරණයේ ජන්දවලින් මහජන්දයේ ප්‍රතිපල ‌මෙන්න
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා පහුගිය දිනක පත්විය. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරණයකින්ය. ජනාධිපතිවරණය දෙදහස් දහනමයක් වූ නොවැම්බර් මස දහසය වෙනිදා පැවතියේය. විශිෂ්ට ජයක් ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. එය කිසිවෙක්ට කිසිම චෝදනාවක් එල්ල කළ නොහැකි ජයග්‍රහණයකි. ඒ නිසා ප්‍රතිඵලය සමබන්ධයෙන් කියන්නට දෙයක් නැත. ජනාධිපති තුමන් පක්ෂ විපක්ෂ යාළු මිත්‍රාදීන් ප්‍රමුඛ කොට අනුරාධපුර රුවන්මැලි සෑ සලපතල මළුවේදී දිවුරුම් දුන්නේය. විපක්ෂයේ අපේක්ෂක සජිත් පරාජය බාරගත්තේය. පක්ෂයේ නියෝජ්‍ය නායකකමින්ද ඉල්ලා අස්විය. නමුත් ඔහු පසුව නායකත්වය ඉල්ලන්නට විය. පරාජයට වගකීම රනිල් වික්‍රමසිංහට බාර දුන්නේය. සජිත් ජනපති කරන්නට පෙරමුණ ගත් නඬේම විපක්ෂ නායක සටනකට මගට බැස්සේය. සජිත්ලා නායකත්ව සටනට පොර අල්ලනා අතර බැසිල්ලා මහඡන්දයට ලක ලෑස්ති වෙයි. රටට අවශ්‍යව ඇත්තේ ද එජාපයට නායකයෙක් තෝරාගැනීමට නොවේ. රටට අවශ්‍ය පාලකයන් තෝරා ගැනීමටය. ඒ නිසා ඉතා ඉක්මනින් පැමිණෙන මහ ඡන්දයකට ලෑස්ති විය යුතුය. ඊට පෙර මේ ඡන්දයේ ප්‍රතිඵලය මත පිහිටා මහ ඡන්දයකදී කුමක් වේදැයි අප ලේඛනයක් සකස් කළෙමු. ඒ සඳහා නිවැරදි මැතිවරණ නීති සහ එහිදී භාවිත ගණිත ක්‍රම යොදා ගත්තෙමු. මේ ඔබ දකින්නේ ඒ ලේඛනයයි.

මෙහිදී ඒ දිස්ත්‍රික්ක මට්ටමෙන් ඒ ඒ කණ්ඩායම් ලබා ගත් මනාප ගණනය කිරීම් ඒ සඳහා යොදාගෙන තිබේ. ඒ පදනම මත පමණක්ම පිහිටා මෙම ගණනය කිරීම් සිදුවිය. ඒ ඒ ප්‍රදේශවල පිටස්තර ජනමතයන් හෝ වෙනත් කිසිම මට්ටමක පරීක්ෂණ නිරීක්ෂණ මෙයට අදාළ නැත.


නමුත් මේ පිළිබඳව දේශපාලන විචාරක මතය වන්නේ ජනාධිපතිවරණයක ප්‍රතිඵලයක් සහ මහ ඡන්දයක ප්‍රතිඵලයක් එකිනෙක සම සන්සන්දනය වැරැදි බවය. විශේෂයෙන්ම මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ දැවැන්ත ප්‍රතිශතය පාර්ලිමේන්තු මැතිවරණයකදී බලාපොරොත්තු විය නොහැක. මෙවර,
– මුල්කිරිගල 87.8%
– ලග්ගල 87.43%
– අම්පාර 87.2%
– හිනිදුම 87.02%
– තිස්සමහාරාමය 86.94%
– තංගල්ල 86.81%
– බණ්ඩාරගම 86.58%
– දොම්පේ 86.41
– අගලවත්ත 86.33%
– බුලත්සිංහල 86.27%
– හක්මන 86.18%
ලෙස ඡන්දය ප්‍රකාශවිය. එය පුද්ගල සාධකයක් මත පිහිටා සිදුවූවකි. නමුත් සාමාන්‍යයෙන් මහ ඡන්දයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රමාණයන් වෙනස්ය. ඒ වෙනස මේ ප්‍රතිඵලයට බලපෑමට ඉඩ තිබේ. ඒ අනුව මේ ප්‍රසාද අප්‍රසාද ප්‍රශ්නය නොසලකා අප කරනා ගනය කිරීම්ය. සමහර විට ජයග්‍රාහී පක්ෂයක් පිළිබඳ පාක්ෂිකයන්ගෙ අප්‍රසාදයක් ඇතිවන්නටද පරාජිත පක්ෂයක් පිළිබඳ ප්‍රසාදයක් ඇති වන්නටද ඉඩ තිබේ. එසේම ජයග්‍රාහකයන් වෙත මේ තිබෙන ප්‍රසාදය වැඩි වන්නටද ඉඩ නැතුවා නොවේ. නමුත් මේ ගණනය කිරීම් ඔබට මේ ප්‍රතිඵලයේ තරම පිළිබඳ කරනා ඉඟියකි. සමහර මාධ්‍ය විසින් කරනා හිතුවක්කාර පක්ෂග්‍රාහී ප්‍රකාශවලට වඩා මේ අතිශය ස්වාධීන ගණනය කිරීම්ය.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

කුණු ‌වෙච්ච ‌කොළඹට ‌ගෝඨා ‌දෙන්න යන සුද්දය ‌මෙන්න

Next Post

මට ‌හොරු ගැහුවා: ඒත් මම එනවා – මහජන්දෙට එජාපෙන් නාමයෝජනා නැති රන්ජන් මව්රටට කී කතාව

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.