ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා පහුගිය දිනක පත්විය. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරණයකින්ය. ජනාධිපතිවරණය දෙදහස් දහනමයක් වූ නොවැම්බර් මස දහසය වෙනිදා පැවතියේය. විශිෂ්ට ජයක් ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. එය කිසිවෙක්ට කිසිම චෝදනාවක් එල්ල කළ නොහැකි ජයග්‍රහණයකි. ඒ නිසා ප්‍රතිඵලය සමබන්ධයෙන් කියන්නට දෙයක් නැත. ජනාධිපති තුමන් පක්ෂ විපක්ෂ යාළු මිත්‍රාදීන් ප්‍රමුඛ කොට අනුරාධපුර රුවන්මැලි සෑ සලපතල මළුවේදී දිවුරුම් දුන්නේය. විපක්ෂයේ අපේක්ෂක සජිත් පරාජය බාරගත්තේය. පක්ෂයේ නියෝජ්‍ය නායකකමින්ද ඉල්ලා අස්විය. නමුත් ඔහු පසුව නායකත්වය ඉල්ලන්නට විය. පරාජයට වගකීම රනිල් වික්‍රමසිංහට බාර දුන්නේය. සජිත් ජනපති කරන්නට පෙරමුණ ගත් නඬේම විපක්ෂ නායක සටනකට මගට බැස්සේය. සජිත්ලා නායකත්ව සටනට පොර අල්ලනා අතර බැසිල්ලා මහඡන්දයට ලක ලෑස්ති වෙයි. රටට අවශ්‍යව ඇත්තේ ද එජාපයට නායකයෙක් තෝරාගැනීමට නොවේ. රටට අවශ්‍ය පාලකයන් තෝරා ගැනීමටය. ඒ නිසා ඉතා ඉක්මනින් පැමිණෙන මහ ඡන්දයකට ලෑස්ති විය යුතුය. ඊට පෙර මේ ඡන්දයේ ප්‍රතිඵලය මත පිහිටා මහ ඡන්දයකදී කුමක් වේදැයි අප ලේඛනයක් සකස් කළෙමු. ඒ සඳහා නිවැරදි මැතිවරණ නීති සහ එහිදී භාවිත ගණිත ක්‍රම යොදා ගත්තෙමු. මේ ඔබ දකින්නේ ඒ ලේඛනයයි.
මෙහිදී ඒ දිස්ත්‍රික්ක මට්ටමෙන් ඒ ඒ කණ්ඩායම් ලබා ගත් මනාප ගණනය කිරීම් ඒ සඳහා යොදාගෙන තිබේ. ඒ පදනම මත පමණක්ම පිහිටා මෙම ගණනය කිරීම් සිදුවිය. ඒ ඒ ප්‍රදේශවල පිටස්තර ජනමතයන් හෝ වෙනත් කිසිම මට්ටමක පරීක්ෂණ නිරීක්ෂණ මෙයට අදාළ නැත.
නමුත් මේ පිළිබඳව දේශපාලන විචාරක මතය වන්නේ ජනාධිපතිවරණයක ප්‍රතිඵලයක් සහ මහ ඡන්දයක ප්‍රතිඵලයක් එකිනෙක සම සන්සන්දනය වැරැදි බවය. විශේෂයෙන්ම මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ දැවැන්ත ප්‍රතිශතය පාර්ලිමේන්තු මැතිවරණයකදී බලාපොරොත්තු විය නොහැක. මෙවර,
– මුල්කිරිගල 87.8%
– ලග්ගල 87.43%
– අම්පාර 87.2%
– හිනිදුම 87.02%
– තිස්සමහාරාමය 86.94%
– තංගල්ල 86.81%
– බණ්ඩාරගම 86.58%
– දොම්පේ 86.41
– අගලවත්ත 86.33%
– බුලත්සිංහල 86.27%
– හක්මන 86.18%
ලෙස ඡන්දය ප්‍රකාශවිය. එය පුද්ගල සාධකයක් මත පිහිටා සිදුවූවකි. නමුත් සාමාන්‍යයෙන් මහ ඡන්දයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රමාණයන් වෙනස්ය. ඒ වෙනස මේ ප්‍රතිඵලයට බලපෑමට ඉඩ තිබේ. ඒ අනුව මේ ප්‍රසාද අප්‍රසාද ප්‍රශ්නය නොසලකා අප කරනා ගනය කිරීම්ය. සමහර විට ජයග්‍රාහී පක්ෂයක් පිළිබඳ පාක්ෂිකයන්ගෙ අප්‍රසාදයක් ඇතිවන්නටද පරාජිත පක්ෂයක් පිළිබඳ ප්‍රසාදයක් ඇති වන්නටද ඉඩ තිබේ. එසේම ජයග්‍රාහකයන් වෙත මේ තිබෙන ප්‍රසාදය වැඩි වන්නටද ඉඩ නැතුවා නොවේ. නමුත් මේ ගණනය කිරීම් ඔබට මේ ප්‍රතිඵලයේ තරම පිළිබඳ කරනා ඉඟියකි. සමහර මාධ්‍ය විසින් කරනා හිතුවක්කාර පක්ෂග්‍රාහී ප්‍රකාශවලට වඩා මේ අතිශය ස්වාධීන ගණනය කිරීම්ය.
ජීවන පහන් තිලිණ