• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මට ‌හොරු ගැහුවා: ඒත් මම එනවා – මහජන්දෙට එජාපෙන් නාමයෝජනා නැති රන්ජන් මව්රටට කී කතාව

December 8, 2019
in News, Politics
Reading Time: 2 mins read
A A
මට ‌හොරු ගැහුවා: ඒත් මම එනවා – මහජන්දෙට එජාපෙන් නාමයෝජනා නැති රන්ජන් මව්රටට කී කතාව
Share on WhatsAppShare on Facebook

රන්ජන් රාමනායක කියන්නෙ ලංකාවෙ ඉන්න අමුතුම තාලෙ චරිතයක්. ඔහු නළුවෙක්, දේශපාලකයෙක්. ඒ වගේම ඔහු පුවත් මවන්නෙක්. ඔහු වෙලාවකට ආණ්ඩුව විවේචනය කරනවා. තවත් වෙලාවක විපක්ෂය විවේචනය කරනවා. සමහර වෙලාවට ඔහු තමන්ගේම පිලට ගහගෙන ගහගෙන යනවා. ඊට පස්සෙ ඔහු අනිත් පැත්තට ගහනවා. සමහර තැනක එච්.අයි.වී. කියපු ළමයි වඩාගන්නවා. උසාවි යනවා. බැණුම් අහනවා. හාමුදුරුවරු එක්ක හැප්පෙනවා. එහෙට මෙහෙට කොටාගෙන කොටාගෙන යනවා. කෙහෙල් ගස්වලටත් කොටනවා. හොටත් පැටලෙනවා. ආයෙ එනවා. ආපහුත් යනවා. මැතිවරණ දිස්ත්‍රික්කවලට පැරෂුට් එකෙන් බානවා. ඔක්කොටම ගේම ගහලා එක වෙනවා. ඔය අතරෙ ඔහු මැතිවරණ වේදිකාවෙ වටේටම ගහනවා. හැබැයි ඒ අතරෙ ඔහුට මීළඟ ඡන්දෙට එන්න නාමයෝජනා නොදෙන බව කියවෙන්න පටන් ගන්නවා. මේ ඒ ගැන මව් රට අපි රන්ජන් රාමනායක මහතා සමග කරපු සාකච්ඡාව.
නොමිනේෂන් හම්බුවෙන්නෙ නැද්ද?
දන්නෙ නෑ. එහෙම කියනවා. හැබැයි මට එහෙම කවුරුවත් ඔෆීෂියල් කියලා නෑ.
ආරංචිය ගැන ඇහුවෙ නෑ?
මම ඇහුවා අගමැතිතුමාගෙන්.
අගමැතිතුමාගෙන්?
රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන්.
ඔව්. මොකද කිව්වේ?
මම එතුමට කතා කළේ විභාගයට යන ගමන්.
විභාගය?
ඔව්. මම මේ සැරේ ඕලෙවල් ලිව්වනෙ. ඉංග්‍රීසි. මොකද මට ඕලෙවල් ඉංග්‍රීසිවලට .ක්‍. එකක් නෑ. .ක්‍. එකක් නැත්නම් ලෝ කරන්න බෑනෙ.
ඔව්. එතුමා මොකද කිව්වෙ?
රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා දැන් විභාගෙට යන ගමන්නෙ. ඕලෙවල්වලට ඉඳලා එන්න කියලා කිව්වා. විභාගෙ තිබුණෙ අටයි තිහටනෙ. එකොළහමාරට ඉවරයි. මම කිව්වා මම එන්නම් මොකක්ද වෙන්නෙ කියලා. එතුමා කිව්වා සමහර මන්ත්‍රිවරුන්ගෙ විරුද්ධත්වයක් තියෙනවා කියලා.
කවුද විරුද්ධ?
විරුද්ධ කට්ටිය මගෙ දිස්ත්‍රික්කෙට එන්න හදන කට්ටියයි, ලිස්ට් එකෙන් ආපු කට්ටිය කීපදෙනෙක් ඉන්නවා. මොකද මම ආවොත් ඉතින් ගිය පාරත් වැඩිම මනාපනෙ.
දිවුලපිටියද ප්‍රශ්නෙ?
දිවුලපිටියෙන් මාව කොහොමත් අයින් කළානෙ අර පස් හොරු එක්ක හැප්පිලා. අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මාව දිවුලපිටියෙන් අයින් කළා.
පස් හොරු නම් ඒ අය ඇයි ඔබව අයින් කළේ? ආණ්ඩුව ඔබතුමාලගෙනෙ ඒ කාලෙ?
ඒත් ඉතින් පස් හොරු කට්ටිය පක්ෂ විපක්ෂ දෙකේම හිටියනෙ.
ඒ කියන්නෙ එජාපෙත් පස් හොරු ඉන්නවා?
ඊයෙනෙ අර කිව්වෙ පස් කපන්න පුළුවන් කියලා. කළුගල්, වැලි ඕන දෙයක් ප්‍රවාහනය කරද්දි අල්ලන්නෙ නෑ කියල ඊයෙ කැබිනට් තීන්දුවක් ආවනෙ.
ඔබේ ආණ්ඩුවෙන් ඔබතුමන් එලෙව්වද? ඔබ හොරු කියන අයට ඉඩදීලා?
ඒක කවුරුත් දන්නවා. ඒගොල්ලො කිව්වේ ඒ ඒ අයට හිතු මනාපෙට පස් කපන්න, බොරලු කපන්න, කළුගල් කඩන්න ඉඩදෙන්න කියලා. මම හිටියෙ ජනතාවගෙ පැත්තෙ. ජනතාව මට ඇවිල්ලා කිව්වා ඒ පැත්තෙ රඹුටන් වත්තෙ පීල්ලවත්තෙ ළිංවල වතුර නෑ. එකදිගට පස් කපලා. මම ජනතාවගෙ පැත්තෙ ඉඳලා උද්ඝෝෂණ කීපයක් මෙහෙයෙව්වා. ඊට පස්සේ මාව අයින් කරන්න කියලා පක්ෂ විපක්ෂ දෙපැත්තෙන්ම උද්ඝෝෂණ කළා. පස්සෙ මට ආසනේ අහිමි කළා.
ඔබතුමා ස්වාධීනව මැතිවරණයට එනවද?
තාම කියලා නෑ. හැබැයි මම කිව්වෙ මට නොමිනේෂන් නොදුන්නොත් ස්වාධීනව ඉල්ලනවා කියලා.
පොහොට්ටුවෙන් එකතු වෙන්න කියලා ආරාධනාවක් කළානේ?
අනේ නෑ. පොහොට්ටුවට යන්නෙ නෑ. ඒ කැත වැඬේ කරන්නෙ නෑ මම. ඒ ගොල්ලන්ට හොරු, වංචාකාරයො කියලා කොහොමද මම එහෙට යන්නෙ? මම මොනවද ඒ පැත්තට ගිහිල්ලා කතා කරන්නෙ.
ඔබට නොමිනේෂන් නොලැබෙනවාය කියන එක සම්බන්ධව කතාබහක් යනවනෙ?
ඔව්.
හරි ඔබ මොකක්ද එහෙම වෙන්න කරපු වරද?
ඔව්. මමත් ඒක ඇහුවා. දැන් නොමිනේෂන් නොදී ඉන්න නම් සාමාන්‍යයෙන් එක්කො හොරකම්, වංචා ගැන චෝදනා තියෙන්න ඕන. නැත්නම් අපරාධයක්, ස්ත්‍රී දූෂණයක් මොනව හරි දෙයක් කරලා තියෙන්න ඕනෙ.
එහෙම ඒවා නැද්ද?
ඔව්. ඉතින් මම අහන්නෙ ඒකයි. ඉස්සෙල්ලාම කියන්න මට නොමිනේෂන් අහිමි කරන්න තියෙන චෝදනාව මොකක්ද? හැමදේකටම මොකක් හරි ක්‍රමවේදයක් තියෙන්න එපායැ. විනය කමිටුවක් විනය නීති සංග්‍රහයක් තියෙනවා. මේ මේ පුද්ගලයට මේ චෝදනා තියෙනවා කියලා.
අපි ගියපාර නොමිනේෂන් දුන්නෙ නෑ හතරදෙනෙක්ට. ඒ බැසිල් රාජපක්ෂ, මර්වින් සිල්වා, දුමින්ද සිල්වා, සරණ ගුණවර්ධන. ඒ හතරදෙනාටම චෝදනා රාශියක් තිබුණා. කුඩු චෝදනා, එතනෝල්, මිනී මැරීම්, වංචා, අයථා වත්කම් බැරකම් ප්‍රශ්න ඒ වගේ ඒවා. ඒ නිසා එයාලට නොමිනේෂන් දුන්නෙ නෑ. ඒ චෝදනාවලට හේතුකාරකයක් තිබුණා. මට ඒ හතරදෙනාටම වගේ ප්‍රශ්න නෑ.
හැබැයි නොමිනේෂන් අහිමි වෙන්න මෙහෙම හේතුවක් තියෙනවා. එක්කො පිටරටක පුරවැසියෙක්, ද්විත්ව පුරවැසිභාවයක් තියෙනව නම්.
ඔබතුමාල පුරවැසිභාවය ගැන අනෙක් අයට චෝදනා කළා. හැබැයි ඒ අය අද තනතුරුවලට ආවා. ඔබවනෙ එළවලා තියෙන්නෙ?
ඒ පත්වීම් නීිතිය අනුවනෙ. මැතිවරණ කොමසාරිස් කියනවනෙ ඒ පෙන්නපු ලියකියවිලිවලින් ඔහු සෑහීමකට පත්වුණා කියලා. අපිට කරන්න දෙයක් නෑනෙ. මහින්ද දේශප්‍රිය මහත්තයා කියනවා සෑහීමකට පත්වුණා කියලා. හූල් මහත්තයා දැන් කියනවා එදා සෑහීමකට පත්වෙන්න තරමට දේවල් තිබුණෙ නෑ කියල. දැන් ඉතින් මොනවා වුණත් කරන්න දෙයක් නෑ. විධායක ජනාධීපති ධුරයට අභියෝග කරන්න ප්‍රතිපාදන නෑ.
ඔබට බුද්ධාගමට කරපු චෝදනා නිසා නොමිනේෂන් දෙන්නෙ නෑ කියලා කියවෙනවනෙ?
භික්ෂුන් වහන්සේලා ගැන මම කළේ ප්‍රකාශයක් විතරයි. එහෙම නම් රංගිරි දඹුලු විහාරයෙ විගණනයක් කරලා අකිල ඇමැතිතුමා විසින් දේවල් ටිකක් කළා. ඒකට භික්ෂුන් වහන්සේලාගෙන් විශාල විරෝධයක් ආවා. ඊළඟට විජයදාස රාජපක්ෂ මහත්තයා කිව්වා මේක සිංහල බෞද්ධ රටක් නෙමේ කියලා. රාජිත සේනාරත්න මහත්තයා කිව්වා මේක බෞද්ධ රටක් නෙමේ කියලා. මංගල සමරවීර මහත්තයා කිව්වා මේක සිංහල බෞද්ධ රටක් නෙමේ කියලා.
මම කිසිම තැනක එහෙම දෙයක් කියලා නෑ. මම මේක බෞද්ධ රටක් කියලා පිළාගන්නවා. මම ඇතැම් භිකෂුන් සාමණේර හාමුදුරුවන්ට ලිංගික අපචාර කිරීම පිළිබඳ මම අපේ ගෙදර වීඩියෝවක් කළා. ඒකෙ වෛද්‍ය පරීක්ෂණ පවා තියෙනවා. වෑවල සීලරතන කියන ඒ පුද්ගලයා බන්ධනාගාරගත වුණා. ඒ බුලත්සිංහල පවුලක්. මම ජනතා නියෝජිතයෙක් විදියට මම එතනෝල් ගැන, කුඩු ගැන එන තොරතුරු ළමා අපචාර, සමූහ දූෂණ, ඒඞ්ස් ගැන මගේ මතය මම කියනවා. ඒකට මට ඡන්දෙ ළඟඳ, ඡන්දෙ දුරද, එයා ආගමේද, බුද්ධාගමේද, මුස්ලිම් ආගමේදක කියන ඒවා හොයන්නෙ නෑ. මම මහජන නියෝජිතයෙක් විදියට අවංකව මගේ ජොබ් එක කරන්නෙ. මගේ ප්‍රකාශ නිසා එහෙම වුණා කියලා මම පිළිගන්නෙ නෑ.
මේගොල්ලො මාව තමයි ප්‍රධාන කථිකයෙක් විදියට හෙලිකොප්ටර් එවලා ගෙන්නගත්තෙ.
හෙලිකොප්ටර්වල?
ඔව්. ජනාධිපතිවරණයේදී සමහර තැනක ප්‍රධන කථිකයා විදියට.
නඩුහබත් තියෙනවනෙ නේද?
ඔව්.
නඩු තියෙන හින්දද මේ?
මම හොරකම් මැරකම් කරලා අපරාධ කරලා නෑ. මම ජනතාව වෙනුවෙන් යම් යම් ප්‍රකාශ කළා කියලා. මම උසාවිය ගැන කතා කළේ අඹ ගෙඩි හයක් කඩාගත්ත අම්මෙක්ගෙ ප්‍රශ්නයක් නිසා. එයාලට එක නීතියකුයි, අනිත් අයට තවත් නීතියකුයි නිසා. විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමැතිවරයෙක්ව ඉන්නකොට එයා කරපු යම් යම් ප්‍රකාශ ගැන මම අරලියගහ මන්දිරය ඉදිරිපස යම් ප්‍රකාශයක් කළා. ඒකට මට නඩුවක් වැටුණා. ඒ වගේම නිමල් ලන්සා මහත්තයා මට නඩුවක් දාලා තියෙනවා. විමල් වීරවංශලගෙ කට්ටිය මට නඩුවක් දාලා තියෙනවා. මට නඩු දාලා තියෙන්නෙ පක්ෂය වෙනුවෙන් කතා කළා කියලා.
ඔබ එරෙහි වුණ අය කැබිනට් ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු වෙනකොට ඔබට නොමිනේෂනුත් නෑනෙ?
එහෙම වෙන්න එපායැ ලංකාවනෙ. ලංකාවෙ එහෙම නොවුණොත්නෙ වැඬේ. එහෙම මට හොඳ තැනක් හම්බුණා නම් තමයි ඒ ලංකාවෙ නෙමේ වෙන්නෙ. සොක්‍රටීස්ට මැරුම්කන්න වුණා ඇත්ත කියලා. මාටින් ලූතර් කිං, ඒබ්‍රහම් ලින්කන්, මහත්මා ගාන්ධි, අපේ මාමා විජය කුමාරතුංග. වඩාත්ම සත්‍ය කතා කරන කෙනා වඩාත්ම චෝදනාවට ලක්වෙන කෙනා වන්නේය කියලා ප්ලෝටෝ කියලා තියෙනවා.
ඔබ බරපතළ විදියට චෝදනා කරපු කෙනා එක්ක එක ඇමැති මණ්ඩලේ නියෝජ්‍ය ඇමැති වෙලා විදියට හිටිය කාලෙ ඒවට එරෙහි වෙන්න තිබුණනෙ?
අපි නෙමේනෙ දුන්නෙ. ඒ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයනෙ.
ඒ කියන්නෙ 2019 නෙමේ 2015ත් ඔබතුමාල පරාදයිද?
විධායක බලතල තියෙන ජනාධිපතිවරයා එතුමට ඕන විදියටනෙ පත්කරන්නෙ. ඡන්දෙන් පැරදුණ ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාලට, එස්.බී.ට ආපහු එන්න ලැබුණෙ ඒකනෙ. මම ගම්පහින් එක වෙලා හිටියෙ පැරදුණ එස්.බී.ගෙ නියෝජ්‍ය ඇමැති විදියටනෙ.
ඔබ ස්වාධීන විදහට එනව නම් ඒ කොහෙන්ද?
ඒක තාම තීරණය කරලා නෑ. ජනතාව වැඩියෙන් ඉල්ලන තැනකින් මම එනවා. මට දෙයියනේ කියලා ජනතාව ඡන්ද පනස්දාහක් හැටදාහක් දුන්නොත් එන්න පුළුවන්.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

ජනපතිවරණයේ ජන්දවලින් මහජන්දයේ ප්‍රතිපල ‌මෙන්න

Next Post

වසර 25කට පසු එජාපයට අලුත් විපක්ෂනායකයෙක් ලැබුණු හැටි (රාජ්‍ය රහස්)

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.