• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කුණු ‌වෙච්ච ‌කොළඹට ‌ගෝඨා ‌දෙන්න යන සුද්දය ‌මෙන්න

December 8, 2019
in News, Politics, Uncategorized
Reading Time: 4 mins read
A A
කුණු ‌වෙච්ච ‌කොළඹට ‌ගෝඨා ‌දෙන්න යන සුද්දය ‌මෙන්න
Share on WhatsAppShare on Facebook

‘කුණු කතා’ කුණු මෙන් ලෙහෙසියෙන් අල්ලා ඉවත දැමිය හැකි එකක් නොවේ. දැනට සති 2ක පමණ සිට නැවැතත් ‘කුණු කතා’ එළිපෙහෙළියට එන්නට පටන්ගෙන ඇත්තේ වත්මන් නව රජය බලයට පත්වීමෙන් පසුවය. එනම් වත්මන් නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයට පත්වීමෙන් පසුවය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා යනු රට තුළ යුද මෙහෙවර විශිෂ්ට ලෙස ඉටු කළ පුද්ගලයකු මෙන්ම, ඔහු නගර අලංකරණය ගැන දක්වන්නේද අතිශය මහත් උනන්දුවකි. ඔහු එය ක්‍රියාවෙන් ප්‍රායෝගිකව ඔප්පු කර ඇති පුද්ගලයෙකි. ඒ මහින්ද රාජපක්‍ෂ රජය බලයෙහි සිටි සමයේදීය. දැන් උදාවී ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂ රජයයි. ඒ හෙයින් මේ සමයද ඔහුට විශිෂ්ට මෙහෙවරක් කළ හැකි සමයකි. පසුගිය රජය ‘කසළ කළමනාකරණයේදී’ බොහෝ දැඩි පසුබෑම්වලට ලක්විය. එම වසර 4 1/2ක කාලය තුළදී කසළ කළමනාකරණය ගැන නිසි අධීක්‍ෂණයක් කිරීමට ශක්තිමත් පාලකයකු නොවීය. කොළඹ නගරයේ තැන තැන කුණු කඳු නිරන්තරයෙන් පාහේ දක්නට හැකි විය. එසේම විවිධ ප්‍රදේශවලට කසළ බැහැර කිරීමේදීද ප්‍රශ්න රාශියක් මතුවිය.
වත්මන් නව ජනාධිපතිවරයා බලයට පත්වී දින දෙක තුනක් ගතවන්නට මත්තෙන්ම මෙම කසළ ප්‍රශ්නයට නිසි විසඳුම් සොයන්නට ඔහු ප්‍රයත්න ගත්තේය. ශ්‍රී ලංකාවේ කසළ ප්‍රශ්නය ඉතාමත් ප්‍රබලව ඇත්තේ කොළඹ නගරයේය. මේ හෙයින් ජනාධිපතිවරයා ඒ පිළිබඳව විවිධ තීන්දු, තීරණ ගෙන විවිධ නියෝගයන්ද පැනවීය. අද අගනුවර කසළ කළමනාකරණය බොහෝ ප්‍රායෝගික අයුරින් ඉතාමත් කාර්යක්‍ෂමව සිදුකිරීමට පටන්ගෙන ඇත. නින්දෙන් අවදිව නැඟිටින තරමට එය ක්‍රියාශීලීව ඇත. එම අපූරු වගතුග සොයා බැලිය යුතුම එකකි.
කොළඹ නගරයෙන් දිනපතා බැහැර වන කසල ප්‍රමාණය සිතා ගැනීමට තරම් ඉතා අපහසු මහා කුණු කන්දරාවකි. එනම් එය දිනකට ටොන් 700කි. මෙය දිනපතාම කළමනාකරණය කිරීම සත්‍ය ලෙසම මහා යුද්ධයකි. මෙය විදෙස් රටවල් පවා හඳුන්වන්නේ ‘කසළ යුද්ධය’ ලෙසය. එනම් ලෝකයේ සෑම රටකටම මෙය මහා යුද්ධයක්ය. දියුණු රටවලටත් එය එසේ නම් අප වැනි කුඩා රටකට මෙය කෙතරම් ප්‍රශ්නයක්ද? අප රටේ මෙම ‘කසළ යුද්ධය’ ද දිනාගන්නට දැන් දියත් වී ඇති නව වැඩ පිළිවෙළ කුමක්ද?

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නව සංකල්පයන්ට අනුව ඉකුත් නොවැම්බර් 22 වැනි දින සිට මෙම පරිසර ආරක්‍ෂාව හා නගර අලංකරණය වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි. මේ අනුව කොළඹ නගරයේ කසළ එක්රැස් කිරීම අලුයම 5.30ට සිදු කළ යුතු බවට පාරිසරික පොලිස් කොට්ඨාසවලට උපදෙස් ලැබිණි. එහෙත් පසුව ජනතාව විසින් කසළ භාරදීමේ කටයුත්ත උදේ 5.30ට සිදුකිරීමට ඇති අපහසුතාව ගැන සලකා බලා එම වේලාව උදේ 6.30 දක්වා සංශෝධනය කරන ලදී. ඒ අනුව කොළඹ නගරයේ නිවෙස්වලින් වෙන් කරන ලද කසළ භාර ගැනීම පෙරවරු 6.30ට ආරම්භ කිරීම පසුගිය නොවැම්බර් 26 වැනි දින සිට සිදු කෙරෙන බැව් කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසා සිටියේය. එසේම සෑම දිනකම උදේ 5.30 වන විට මාර්ග පවිත්‍රතා කටයුතු ආරම්භ කෙරෙන බවද ඒ මහතා අවධාරණය කළේය. කොළඹ නගර සභාව සහ පෞද්ගලික සමාගම් දෙකක් එක්ව මෙම කසළ බැහැර කිරීමේ කටයුතු සිදුකරනු ලබයි. දිනපතා බැහැර කරනු ලබන කසළ ටොන් 600-700ක පමණ ප්‍රමාණය, පෞද්ගලික ලොරි රථ 40ක් මඟින් දිනපතාම පුත්තලම අරුවක්කාලු කසළ අංගණයට බැහැර කරනු ලැබෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි හා ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ අධීක්‍ෂණය යටතේ පරිසරය සුරැකීමේ මෙහෙයුම ආරම්භ කර ඇති බැව් පොලිස් මූලස්ථානය කියයි. මේ වැඩපිළිවෙළ වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ පාරිසරික දිසාව නැවැත ප්‍රතිසංවිධානය කර ඇති අතර, පාරිසරික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ හා අධ්‍යක්‍ෂවරයකු යටතේ කටයුතු ක්‍රියාත්මක කර ඇත.
පරිසර ආරක්‍ෂණ ක්‍රියාවලිය මූලිකව ආරම්භ කරමින් කොළඹ නගරයේ පවිත්‍රතා කොන්ත්‍රාත් භාරව සිටින පෞද්ගලික ආයතන දෙකෙහි සියලු කළමනාකරුවන් පසුගිය 22 වැනිදා පොලිස් පාරිසරික කොට්ඨාසය වෙත කැඳවා අවශ්‍ය උපදෙස් ලබාදී ඇත. ඒ අනුව මින් ඉදිරියට දිනපතාම අලුයම 5.30 සිට පවිත්‍රතා කටයුතු ආරම්භ කළ යුතු බවට සහ දවසේ පැය 24 පුරාම සේවකයන් යොදවා එම ක්‍රියාවලිය සිදුකළයුතු බවටද උපදෙස් ලබාදී ඇත.
බස්නාහිර පළාත් සෑම පොලිස් ස්ථානයකම පාරිසරික ඒකකවල ස්ථානාධිපතිවරුන් පසුගිය 24දා කොළඹට කැඳවා ඉදිරි කාලය තුළදී පාරිසරික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද දැනුවත් කළ බවත්, නිලධාරීන්ගේ පාරිසරික නිල ඇඳුමට පලඳින ජැකට් ඔවුන් වෙත බෙදා දුන් බවත් පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයකු කියා සිටියේය.


මේ අනුව මුලින්ම කොළඹ නිදහස් චතුරශ්‍රය, ගාලු මුවදොර පිටිය සහ පිටකොටුව බෝගස අසල පවිත්‍රතා සේවාවන් සිදුකරන ආකාරය සම්බන්ධයෙන් පාරිසරික පොලිස් නිලධාරීන් නිරීක්‍ෂණය කළ අතර, පරිසරය සුරැකීම් සම්බන්ධයෙන් ජනතාවද දැනුවත් කරන ලදී. ඉන් පසුව මේතාක් දක්වා සහ ඉදිරියටත් එම කටයුතු ඒ ආකාරයෙන් සිදුකරනු ලබයි. මෙම කටයුතුවලට අමතරව පසුගියදා පාරිසරික කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් හා පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 400කට අධික පිරිසක් නගරයේ වෙරළ තීර පිරිසුදු කිරීමේ මහා මෙහෙවරකද නිරත වූහ. එසේම සියලු පොලිස් ස්ථානවල පාරිසරික ඒකකයන්ට අනුයුක්ත පොලිස් නිලධාරීන් යොදවා තම ප්‍රදේශයන්හි මාර්ග නිරීක්‍ෂණය කිරීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කර ඇත. මේ මඟින් පරිසරයට හානිවන ස්ථාන හා හානිකරන ක්‍රියා නිරීක්‍ෂණය කර අදාළ පියවර ගනු ඇත.
මෙම ක්‍රියාවලීන්ට අමතරව පරිසරය සුරැකීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම මෙන්ම, පරිසර ආරක්‍ෂණය සඳහා වැදගත් වන අනෙකුත් ආයතන (පළාත් පාලන ආයතන වැනි) සමඟ සම්බන්ධීකරණ කටයුතුද සිදුකෙරෙනු ඇත. මෙම කුණු කසළ කළමනාකරණය සිදුකෙරෙන අතරවාරයේම නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ විශේෂ නියෝගයක් මත ක්‍රියාත්මක කෙරෙන තවත් විශේෂ වැඩපිළිවෙළක්ද ඇත. එනම් බස්නාහිර පළාතේ මාර්ග දෙපස විදුලි සහ දුරකතන කණුවල ප්‍රදර්ශනය කර ඇති සියලුම අනවසර බැනර් හා කටවුට් වහා ඉවත් කරන ලෙසට මෙම නියෝගය ලැබී ඇත. ඒ බැව් පළාතේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දන්වා ඇති අතර, මේ වන විට එම කටයුතු සිදුකිරීම ආරම්භ කර ඇත. එසේම ඉදිරියට එසේ මාර්ග දෙපස විදුලි හා දුරකතන කණුවල බැනර් හා කටවුට් ප්‍රදර්ශනය කිරීම තහනම් කෙරෙනු ඇත. කොළඹ නගර සභාවේ සේවකයන් යොදවා ගනිමින් මෙම බැනර් සහ කටවුට් ඉවත් කිරීම කඩිනමින් සිදුකරන බැව් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ප්‍රකාශ කළාය. ඒ සමඟම නගර අලංකරණයට සහ පරිසර සංරක්‍ෂණයට බාධාවක් වන අයුරින් තැන තැන පෝස්ටර් හා දැන්වීම් ඇලවීම මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම තහනම් කෙරෙන අතර, ඒ කටයුතු සඳහා නගරයේ විශේෂ ස්ථාන වෙන්කර දීමටද රජය බලාපොරොත්තු වෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් අනුව සිදුකෙරෙන මෙම නගර අලංකරණය සහ කසළ කළමනාකරණය කොළඹ නගරයට පමණක් සීමා වන එකක් නොවේ. එය දීපව්‍යාප්තව සිදුකිරීමට මේ වන විට කටයුතු යොදමින් පවතියි. මේ අනුව පසුගියදා යාපන නගරය පිරිසුදු කිරීමේ වැඩපිළිවෙළක්ද සිදුකෙරිණි. යාපනය පොලිස් පරිසර ආරක්‍ෂණ ඒකකයේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහනට යාපනය නගරාධිපති එම්මානුවල් ආනෝල්ඞ්, නාගරික කොමසාරිස් එස්. කීලස් යන මහත්වරුද, සෞඛ්‍ය පරීක්‍ෂකවරු හා ප්‍රදේශවාසීහුද සහභාගි වූහ. දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයකු වන යාපනය නගරාධිපතිවරයා මේ සමබන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ යාපනය නගරය පිරිසුදු කිරීමේ වැඩසටහන දැඩි කැපවීමෙන් යුතුව ඉදිරියටද ක්‍රියාත්මක කරන බැව්ය.
මේ ආකාරයට දිවයින පුරා නගර හා මංමාවත් පිරිසුදු කිරීමේ වැඩපිළිවෙළ සහ කසළ කළමනාකරණය මේ වන විට ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වන බවත්, මේ වැඩසටහන සඳහා පොදු ජනතාවගේද ඉහළ උනන්දුවක් මෙන්ම සහභාගිත්වයක්ද ලැබී තිබෙන බවත් ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කර සිටියි. එසේම මෙම වැඩපිළිවෙළෙහි කටයුතු නිරන්තරයෙන්ම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අධීක්‍ෂණයට ලක්වන බැව්ද එම කාර්යාලය සඳහන් කර සිටියි. ඉදිරියේදී දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් බවට මෙය පත්වනු ඇත.
පසුගිය පැවැති රජයේ වසර 5කට ආසන්න කාලය තුළදී කසළ කළමනාකරණය පිළිබඳ විවිධ අර්බුද රැසක් හටගත්තේය. 2017 වසරේදී මීතොටමුල්ල කසළ කන්ද පුපුරා ගොස් ජීවිත සහ දේපොළ අහිමි කරමින් සිදුවූ මහා ඛේදවාචකය අපගේ ඉතිහාසයට එක්වී ඇත. එසේම කසල බැහැර කිරීම, කසළ අංගණ ගොඩනැඟීම කෙරෙහි ප්‍රශ්න රැසක් ඇති විය. මෙයට මාස 6කට පමණ පෙරදී කොළඹ නගරයේ කසළ සතියක් පුරාවට ඉවත් නොකර තිබී මුළු නගරයම දුර්ගන්ධයෙන් පිරී ගියේය. මේවා සොයා බලන්නට කිසිදු බලධරයකු නොවීය. එහෙත් අද තත්ත්වය වෙනස් වී ඇත.

එසේම කසළ යනු යමකු විසින් ප්‍රයෝජනයට ගැනීමට නොදන්නා ‘සම්පතක්’ ද වෙයි. එසේත් නැතිනම් එය අනවශ්‍ය වේලාවක වැරැදි ස්ථානයක ඇති අමුද්‍රව්‍යයකි. නිසි වේලාවට නිසි තැනට ස්ථානගත කිරීමෙන් එහි නිසි ප්‍රතිඵල ලබාගත හැකිය. තවද යමකුගේ කසළ වෙනත් අයකුට අමු ද්‍රව්‍යයකි. මේ ආකාරයට කසළ කළමනාකරණය අතිශය වැදගත් ක්‍රියාවලියක් වෙයි. අද කසළ වර්ග වෙන වෙනම වර්ගීකරණය වන්නේ ඒ හෙයිනි. ඒ මඟින් කසළ ප්‍රතිචක්‍රීයකරණය සිදුකළ හැකිය.
පසුගිය කාලයක් පුරා මෙරට කසළ කළමනාකරණය මුවාවෙන් කසල මාෆියාවක් සහ කසළ ත්‍රස්තවාදයක්ද ක්‍රියාත්මක විය. එහෙත් ඉදිරියට වත්මන් නව ජනාධිපතිවරයා යටතේ එවැනි දූෂිත ක්‍රියාවලින්ට ඉඩක් නොලැබෙනු ඇත. පසුගිය කාලය පුරා කසළ මුවාවෙන් රුපියල් කෝටි ගණනන් උපයාගත් විවිධ පුද්ගලයෝද වෙති. එසේම කිසිදිනෙක නොවූ ආකාරයෙන් පසුගියදා විදෙස් රටකින්ද ශ්‍රී ලංකාවට කසළ කන්ටේනර් 98ක්ද පැමිණියේය. මේවාට මැදිහත්වී තිබුණේද විවිධ පෞද්ගලික සමාගම්ය. එහෙත් ඉදිරියට ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ අධීක්‍ෂණය යටතේ එවැනි දූෂණ, වංචාවන්ට ඉඩක් නොලැබෙනු ඇත.
තමන්ගේ වත්තේ කුණු අනුන්ගේ වත්තට විසි කරන සහ මහමඟට විසිකරන ‘නිගන්ඨ’ මිනිස්සු රැසක්ද මේ සමාජයෙහි ජීවත් වෙති. ජැන්ඩියට ඇඳ පැලඳ සුපිරි මෝටර් රථවලින් ගොස් කුණු විසිකරන ඉහළ පැලැන්තියේ ‘අමනයෝ’ද වෙති. මේ සියල්ලන්ම හෙට අනිද්දාම අල්ලා ගැනීම වහාම සිදුකළ යුතුව ඇත හොඳ, හොඳ නාටක එළිවෙන ජාමෙටය.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

ස්විස් කාර්යාල කාන්තාව CIDයට ප්‍රකාශයක් ‌දෙන්න සූදානම්: හැබැයි තැන ගැන තවම ප්‍රශ්නයක්

Next Post

ජනපතිවරණයේ ජන්දවලින් මහජන්දයේ ප්‍රතිපල ‌මෙන්න

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Uncategorized

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.