• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

අමෙරිකාව නෑ කියයි! ඉන්දියාව අඩු කරන්න තීන්දු කරයි! ජපානයෙන් උත්තරයක් නෑ! ‘යූ.එස්. ඒඩ්’ එක බෑ කියයි! ‌’කොඩ්’ එකෙනෙුත් ප්‍රතික්ෂේපයි! මරිමෝඩ මන්ත්‍රීවරු කෑ රනිල්ගේ ජාත්‍යන්තර ගුළියේ තරම හෙළිවෙයි! (රාජ්‍ය රහස්)

May 22, 2022
in Exclusive, Rajya Rahas
Reading Time: 13 mins read
A A
බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

සුමන්තිරන්-හකීම්-මනෝ එකවර රනිල් හමුවෙයි!

දයාසිරිත් රනිල් හමුවී ඉල්ලීමක් කරයි!

රනිල් විශ්වාසභංගෙට මුලින් කැමැති වී පස්සෙ අකැමැති වුණේ ඇයි!

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධුරය හැරයෑමත් සමග දැනට රට තුළ මතුව ඇති බරපතළ ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා ජනාධිපතිවරයාගේ තේරීම වූයේ වෙන කවුරුවත් නොව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාය. රනිල්ට ජාත්‍යන්තර සම්බන්ධතා ඇති බවත්, ආර්ථිකය පිළිබඳ පුළුල් දැනුමක් ඇති බවත් සිතා ජනාධිපතිවරයා රනිල්ට අගමැති ධුරය භාරදුන්නේ ඉතා කෙටි කාලයක් ඇතුළත රටේ ආර්ථික අර්බුදය විසඳා, පෝලිම් යුගය නිමාකොට ජනතාවට සහන සලසා දීමට හැකි වටපිටාවක් නිර්මාණය කරනු ඇති බවට පැවැති විශ්වාසය හේතුවෙන් විය යුතුය.

රනිල් ආපු ගමන් ඩොලර් ගලන බවට මහා ප්‍රචාරයක්!

පළමු වටයේදී ජනාධිපතිවරයාගේ එම අරමුණ යම් තරමකට හෝ සාර්ථක වනු ඇති බවක් පෙනී ගියේ මාධ්‍ය මගින් රනිල්ව මුණගැසීමට පෝලිමේ පැමිණෙන තානාපතිවරුන්ගේ නම්ගම් සහ ඡායාරූප පළකිරීම නිසාය. එම ඡායාරූපවල වරෙක දැක්වුණේ ඇමෙරිකානු තානාපතිනිය වූ ජුලි චන්ග් මහත්මිය රනිල් මුණගැසෙන ඡායාරූපය. තවත් වරෙක පළ වූයේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ රනිල් මුණගැසෙන ඡායාරූපය. තවත් වරෙක පළ වූයේ ජපන් තානාපතිවරයා රනිල් මුණගැසෙන ඡායාරූපය. මේ නිසා මේවා මාධ්‍යවල පළවීමත් සමග මුළු රටම සිතා සිටියේ ජනාධිපතිවරයාත් විශ්වාස කළ පරිද්දෙන්ම රනිල්ට ජාත්‍යන්තර සහයෝගය ලැබීම ආරම්භ වී ඇතැයි කියාය. පිටරටින් රනිල් ඩොලර් ගලා ඒම ආරම්භ වනු ඇතැයි කියාය. තෙල්, ගෑස්, ඖෂධ පෝලිම් නිමා වී රට යළි දියුණු තත්ත්වයට පත්වනු ඇතැයි කියාය. නමුත් ඇත්තටම එය එසේ සිදුවීද?

අමෙරිකාව ගත්ත තීන්දුව!

මාධ්‍ය මගින් කුමක් පෙන්නුවත් පසුගිය සතිය අවසන් වන විට රනිල්ගේ මේ ජාත්‍යන්තර සබඳතාවල ඇත්ත තත්ත්වය අවස්ථා කිහිපයකදීම එළියට ආවේය. එහි පළමු අවස්ථාව වූයේ ඇමෙරිකානු තානාපතිවරිය වූ ජුලි චන්ග් මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පැවැති සාකච්ඡාවේදීය. සාමාන්‍යයෙන් ජවිපෙ ඇමෙරිකාව සමග දැඩි සම්බන්ධතා නොපවත්වන පක්ෂයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබීම නිසා හිටිහැටියේම ඇමෙරිකානු තානාපතිවරිය ජවිපෙ පක්ෂ මූලස්ථානයටම ගොස් ඔවුන් මුණගැසීම සියලු දෙනාම පුදුමයට පත්කරවන කාරණාවක් විය. චන්ග් මෙලෙස ජවිපෙ හමුවට ගොස් තිබුණේ නව තානාපතිවරිය ලෙස පැමිණ අගමැතිවරයාත්, විපක්ෂ නායකවරයාත් මුණගැසී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවය.

අපි ආණ්ඩුව පිටිපස්සේ නෑ!

කෙසේ වෙතත් ජවිපෙ සමග පැවැති සාකච්ඡාවේදී එහි ප්‍රධානීහු මහින්ද ඉවත් කොට රනිල් අගමැති කරවීමේ මෙහෙයුම පසුපස ඇමෙරිකාව සිටින්නේද යන්න පිළිබඳ රට ඇතුළේ පැතිර යන කටකතා සම්බන්ධයෙන් විමසා සිටීමට පියවර ගත්හ. එහිදී චන්ග් පැහැදිලිවම කියා සිටියේ රනිල්ව බලයට ගෙන ඒම සම්බන්ධයෙන් ඔවුන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි කියාය. එමෙන්ම නීත්‍යනුකූල නොවන ආකාරයට පිහිටුවන ආණ්ඩුවලට ඇමෙරිකානු රජය කිසිදු සහායක් ලබා නොදෙන බව පෙන්වා දුන් චන්ග්, ආණ්ඩුවක් ලෙස පිළිගැනීමට නම් සපුරාලිය යුතු කොන්දේසි ගණනාවක් පවතින බවද පෙන්වා දුන්නේය. එමෙන්ම වත්මන් ආණ්ඩුව පිහිටුවීමේදී එය ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වීමට නම් සර්වපාක්ෂික රජයක් බිහිවිය යුතු බවත්, තමන් පළ කළ මුල්ම ට්විටර් පණිවුඩයේ ඒ බව සඳහන්ව තිබූ බවත් චන්ග් මෙහිදී ජවිපෙ නියෝජිතයන්ට පෙන්වා දුන්නාය.

හදිසි නීතියට විරෝධය!

මෙම සාකච්ඡාවේදී ජවිපෙ නියෝජිතයන් රට තුළ සිදුවෙමින් පවතින මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳවද ඇමෙරිකානු තානාපතිනියගේ අවධානය යොමුකිරීමට පියවර ගත්තේය. ආණ්ඩුව හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක්ද මෙහිදී ජවිපෙ නියෝජිතයන් ඇමෙරිකානු තානාපතිවරියට පළකොට තිබිණී.

යූ.එස්.ඒඩ් එක අහක බලයි!

කෙසේ වෙතත් රනිල් හා ඇමෙරිකානු තානාපතිවරිය සමග පැවැති සාකච්ඡාවේදී වහාම හදිසි ආධාර ලංකාවට ලබාදෙන ලෙස රනිල් තානාපතිවරියගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව යමින් ඇමෙරිකානු තානාපතිවරියද මේ බව ඇමෙරිකානු රජය වෙත දැනුම් දීමට පියවර ගෙන තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ පසුගිය බදාදා ඇමෙරිකාවේ පැවැති යූ.එස්. ඒඩ් සංවිධානයේ සාකච්ඡාවකට ලංකාවේ ඉල්ලීම සම්බන්ධයෙන් වූ මාතෘකාවද ඇතුළත් කිරීමය. ඒ අනුව කලින් යොදාගෙන තිබූ මාතෘකා පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අවසාන භාගයේදී ලංකාව පිළිබඳ මාතෘකාවද සාකච්ඡාවට ලක්විය. මෙහිදී දැකගන්නට ලැබුණු සුවිශේෂම සිදුවීම වූයේ ලංකාව විසින් කර තිබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට යූ.එස්. ඒඩ් ආයතනය පියවර ගැනීමය. ඊට හේතු වශයෙන් ඔවුන් ඉදිරිපත් කළේ ලංකා ආණ්ඩුව හදිසි නීතිය සහ ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර තිබීමත්, එම වගන්ති යටතට දුටු තැන වෙඩිතැබීම වගන්තිය ඇතුළත් කොට තිබීමත්ය. යූ.එස්.ඒඩ් සංවිධානය ගනු ලැබූ මෙම තීන්දුව අද වන තුරු කිසිවකු නොදන්නා රහසක් බවට පත්ව අති අතර පළමු වතාවට මෙය මාධ්‍ය හරහා අනාවරණ කරන්නේද අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේය. එහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ලංකාව මුලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතු බවත්, එම ආයතනය සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීම සඳහා මානව හිමිකම් ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බවත්ය.

මාධ්‍ය ‌මෙහෙයුම පිටුපස සිටින කණ්ඩායම!

ආණ්ඩුව ගෙනගිය අනෙක් ලොකුම ප්‍රචාරක ව්‍යාපාරය වූයේ ජපානය ලංකාවට ආධාර ලබාදීම සඳහා ඉදිරිපත්ව ඇති බවට වූ කාරණයය. ආණ්ඩුව හිතාමතාම මෙවැනි ප්‍රචාරයක් ගෙන ගියේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලී බාගෙන ආණ්ඩුවට ගැනීමේ එක්තරා උපක්‍රමයක් ලෙසටය. එම ප්‍රචාරක ව්‍යාපාරය ගෙන යෑමට භාරදී තිබුණේ එක්තරා විශේෂ කණ්ඩායමකටය. මෙම කණ්ඩායම පිළිබඳ මේ වන විට විවිධ මත පළවෙමින් ඇති අතර, එහි පෙළක් තොරතුරු සත්‍ය බවත්, පෙළක් තොරතුරු අසත්‍ය බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මේ වන විට අප වෙත මෙම මාධ්‍ය මෙහෙයුම භාරව සිටින කණ්ඩායමේ සියලු තොරතුරු වාර්තා වී ඇති අතර ඉදිරි සතියේදී අප එය විශේෂ අනාවරණයක් ලෙස ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඉදිරිපත් කිරීමටද සූදානම්ය. කෙසේ වෙතත් මෙම මාධ්‍ය මෙහෙයුම් කණ්ඩායමට භාරවී තිබූ කාර්යය වී තිබුණේ රනිල් මුණගැසෙන තානාපතිවරුන් පිළිබඳ දැවැන්ත ප්‍රචාරයක් මාධ්‍ය හරහාත්, සමාජ මාධ්‍ය හරහාත් දියත් කිරීමත්, ඒ හරහා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඔළු ආණ්ඩුවට එක්වීම සඳහා සූදානම් කිරීමත්ය.

ජපානයේ ඩොලර් බිලියන 5…!

මේ ආකාරයට ජපන් තානාපතිවරයා රනිල් මුණගැසීමත් සමග මාධ්‍යවලත්, සමාජ මාධ්‍ය ජාලාවලත් පළවූයේ ජපානයෙන් ඩොලර් බිලියන පහක ආධාර මුදලක් ලංකාවට හිමිවීමට නියමිත බවත්, ඉකුත් ආණ්ඩුව විසින් අත්හිටුවනු ලැබූ මොනෝ රේල් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට ජපානය සූදානම් වන බවත්ය. එම ප්‍රචාරක ව්‍යාපාරය දෙගුණ තෙගුණ වූයේ රනිල් සමග පැවැති සාකච්ඡාවෙන් පසුව ජපාන තානාපතිවරයා හදිසියේම ජපානය බලා පිටත්ව යෑමත් සමගය. ඒ අනුව ප්‍රචාරකවාදීන් කළේ ලංකාවට හදිසි ආධාර ලබාදීමට ජපාන බලධාරීන් සමග සාකච්ඡා කිරීමට ජපාන තානාපතිවරයා වහාම ජපානය බලා පිටත්ව ගිය බවකි. එමෙන්ම ඩොලර් බිලියන පහක ආධාර මුදලක් ජපානයෙන් ලැබීමට නියමිත බවද එම පුවත්වලින් වැඩිදුරටත් කියැවිණි.

තානාපති ගිය කතාවේ ඇත්ත කතාව!

මෙම ප්‍රචාරක ව්‍යාපාරය දැඩිවීමත් සමග මෙරට පිහිටි ජපාන තානාපති කාර්යාලයටද හිසරදයක් වන තරමට දුරකතන ඇමතුම් ලැබෙමින් පැවැතිණි. බොහෝ දේශපාලන පක්ෂ නියෝජිතයන්, දේශපාලනඥයන්, ඇතැම් රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ මාධ්‍යවේදීන් දිගින් දිගටම ජපාන තානාපති කාර්යාලයට ඇමතුම් ලබාදී මෙම කතාව ඇත්තක් දැයි විමසා සිටීම ඊට හේතුව විය. නමුත් එහිදී ජපාන තානාපති කාර්යාල නිලධාරීන් ඒ සියලු දෙනාටම ලබාදී තිබුණේ අපූරු පිළිතුරකි. ඔවුන් කියා තිබුණේ ඒ අයුරින් ලංකාවට ආධාර ලබාදීමට ජපන් රජය මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවත්, මොනෝ රේල් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් එවැනි ආකාරයේ තීන්දුවක් ගෙන නොමැති බවත්ය. එම ව්‍යාපෘතිය ලංකාව මගින් අත්හිටවූ එකක් නිසා එය යළි ආරම්භ කිරීම දීර්ඝ කාලීන ක්‍රියාවලියක් බවත්, එය ඩොලර් බිලියන හතරක ව්‍යාපෘතියක් බැවින් කෙටි කාලයක් ඇතුළත යළිත් එය ආරම්භ කිරීමේ හැකියාවක් නොමැති බවත් තානාපති කාර්යාල නිලධාරීන් සඳහන් කොට තිබිණ. මීට අමතරව ජපාන තානාපතිවරයා හදිසියේ ජපානය බලා පිටවත්ව ගියේ මේ කියන ආකාරයට ලංකාව පිළිබඳ සාකච්ඡා කිරීමට නොවන බවත්, ඔහු මීට පෙර යොදාගෙන තිබූ ශල්‍යකර්මයකට සහභාගි වීමට බවත් එහිදී වැඩිදුරටත් කියවිණ. එම ශල්‍යකර්මය පිළිබඳවද අප වෙත තොරතුරු ලැබී ඇතත්, අප එය මෙහි සඳහන් නොකරන්නේ එය අතිශය පෞද්ගලික කාරණාවක් වීම හේතුකොටගෙනය. නමුත් අප ජපාන තානාපතිවරයාගේ හදිසි ජපන් ගමනේ සත්‍ය තොරතුරු ඉකුත් බදාදා දිනම අප ‘මව්රටනිවුස්’ වෙබ් අඩවියේ පළකිරීමට පියවර ගත්තෙමු. ඒ අනුව මේ ආකාරයේ අසත්‍ය පුවත් පළකිරීම හරහා ජපානය සමග යම් මිත්‍රත්වයක් තිබුණද එයද අහිමි කරගැනීමට ආණ්ඩුවට සිදුවූ බවක් මෙහිදී දැකගත හැකි විය. ඒ අනුව ඇමෙරිකාව සහ ජපානය ආධාර ලබාදෙන බවට විවිධ කණ්ඩායම් විසින් ගෙන ගිය ප්‍රචාරය මේ හරහා ලත් තැනම ලොප් වූ ආකාරයක් දැකගන්නට ලැබිණ.

ඉන්දියාවේ තත්ත්වය කොහොමද?

ඉන් අනතුරුව මේ මාධ්‍ය කණ්ඩායම ප්‍රචාරය කළේ ඉන්දියාව අලුත් ආණ්ඩුවට ආධාර ලබාදීමට සූදානමින් සිටිනවා යැයි කියාය. මේ පිළිබඳ දැඩි ප්‍රචාරයක් ගෙන යාමත් සමගම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා මුණගැසී මේ සම්බන්ධයෙන් විමසා සිටීමට පියවර ගත්තේය. එහිදී සම්බන්දන්, බාග්ලේගෙන් අසා සිටියේ ඉන්දියාව ගෝඨා – රනිල් ආණ්ඩුව පසුපස සිටින බවටත්, එම ආණ්ඩුවට උදව් කිරීමට සූදානමින් සිටින බවටත් පැතිර යන කටකතා පිළිබඳ සත්‍යතාවක් තිබේදැයි කියාය. දෙමළ ජාතික සන්ධානය මෙම ආණ්ඩුව පිළිනොගන්නා බව එහිදී බාග්ලේට දැනුම් දී සිටි සම්බන්දන් රනිල් අගමැති කිරීම පසුපස ඉන්දියාව සිටින්නේදැයි බාග්ලේගෙන් ප්‍රශ්න කර සිටීමටද පියවර ගත්තේය.
මෙහිදී බාග්ලේ පැහැදිලිවම කියා සිටියේ රනිල් අගමැති කිරීම පසුපස ඉන්දියාව කිසිසේත්ම නැතැයි කියාය. නව අගමැතිවරයකු පත්වූ විටදී සාකච්ඡා සඳහා ඉන්දියාවට ආරාධනා කිරීම සාමාන්‍ය සම්ප්‍රදායක් බවත්, එසේ රනිල්ගෙන් ලද ආරාධනාවකට අනුව ඔහු හමුවීමට ගියා විනා වෙනත් කිසිදු ගනුදෙනුවක් එහි නොමැති බවත් බාග්ලේ සම්බන්දන්ට කියා සිටියේය. මෙම සාකච්ඡාවේදී රනිල් ඉන්දීය ආධාර ඉල්ලා සිටි බව කී බාග්ලේ එම ඉල්ලීම් යම් යම් කොන්දේසි යටතේ සලකා බැලීමට සිදුවන බවද දැනුම්දී සිටියේය.

බාග්ලේ සම්බන්ධන්ට ඇත්තම කියයි!

‘අලුත් අගමැති කෙනෙක් ආවම අපි සාමාන්‍යයෙන් සුබ පතන්න යනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේම උදව් ඉල්ලුවොත් ඒවා කරන්න පුළුවන්ද කියලා සලකා බලනවා. ඒ ඇරෙන්න අලුත් ආණ්ඩුවක් පිහිටුවීම පසුපස ඉන්දියාව හිටියෙ නෑ. හැබැයි දැන් අපට ලොකු ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා ලංකාවට ආධාර කිරීම ගැන. මොකද අපි එහෙම ආධාර කළේ ඉන්දීය ජනතාවගේ බදු මුදල්වලින්. අපිට ඒ ඉන්දීය ජනතාවගේ බදු මුදල් ලබාදෙන එකේ සීමාවක් තියෙනවා. දිගින් දිගටම අපිට ඒක කරන්න බෑ. ඒ හින්දා ඉදිරියේදී අපට මේක නවත්තන්න වෙනවා. නැත්නම් ආධාර ලබාදෙන එක අඩු කරන්න වෙනවා. ඒ හින්දා ඔබතුමන්ලා ඔබතුමන්ලාගේ දේශපාලනය දිගටම කරගෙන යන්න. අපි මේ ආණ්ඩුව පිටිපස්සේ නෑ…’ යන්න එහිදී ගෝපාල් බාග්ලේ සම්බන්දන්ට කියා සිටි කරුණ විය.

ඉන්දියාවත් වැඩක් බලා ගනීද?

බාග්ලේගේ මෙම ප්‍රකාශය හරහා ආණ්ඩුවත් සමග ඉන්දියාව සිටින බවටත්, ඉන්දීය ආධාර වැල නොකැඩී ගලා එන බවටත් ආණ්ඩුවට හිතැති මාධ්‍ය කණ්ඩායම ගෙන ගිය ප්‍රචාරය බොරුවක් බව තහවුරු විය. මෙම සිදුවීම හරහා ආණ්ඩුවට ජාත්‍යන්තර සහයෝගය ඇති බවට ගෙනගිය බොරුව හෙළිදරව් වී ආණ්ඩුවට යෑමට සිටි මන්ත්‍රීවරු බොහෝ පිරිසක් එම අදහස අත්හැර ගත් ආකාරයක්ද දැකගත හැකි විය.

අන්තිමේදී ‘කොඩ්’ එකෙන් ඉල්ලයි!

කිසිදු මාධ්‍යයක් වාර්තා නොකළ ඊළඟ ජාත්‍යන්තර සිදුවීම වූයේ QUAD (කොඩ්) සංවිධානයේ සහාය ඉල්ලා ආණ්ඩුව කර තිබූ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට එම සංවිධානය පියවර ගෙන තිබීමය. කොඩ් සංවිධානය යනු ලොව ප්‍රබලතම රටවල් හතරක් වූ ඔස්ටේ්‍රලියාව, ඉන්දියාව, ඇමෙරිකාව සහ ජපානය එක්ව පිහිටුවාගත් ප්‍රබල සංවිධානයකි. මෙම සංවිධානය දකුණු ආසියානු කලාපය තුළ සිදුකරන චීන බලපෑම් සම්බන්ධයෙන් ඉතා සමීපව නිරීක්ෂණය කරන සංවිධානයක් මෙන්ම එම රටවල් අතර ආරක්ෂක සහයෝගිතාව පවත්වාගෙන යන සංවිධානයකි. ඒ අනුව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූ වහාම කොඩ් සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේ ලංකාවද ඊට ඇතුළත් වන ලෙසය. නමුත් 69 ලක්ෂයක ජන වරමින් ජයග්‍රහණය කළ නිසාදෝ ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා කොඩ් සංවිධානයේ මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. මේ බව අප එකල රාජ්‍ය රහස් තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් ලෙස රටට දැනුම් දීමටද පියවර ගත්තෙමු. කෙසේ වෙතත් ඒ අවස්ථාවේදී කොඩ් සංවිධානයේ සාකච්ඡාවක් ලංකාවේදී පැවැති අතර, ඊට ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවා සහභාගි වීමට පියවර ගෙන තිබිණි.

ජපානයේ තියන රැස්වීම!

මෙවර කොඩ් සංවිධානයේ සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 24 වැනිදා ජපානයේදීය. මෙවර රැස්වීමට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා, ඔස්ටේ්‍රලියානු අග්‍රාමාත්‍යවරයා සහභාගි වීමට නියමිත බව වාර්තා වීමත් සමග ආණ්ඩුවද සැලසුම් කළේ කොඩ් නායකයන් හමුවී ලංකාවට ආධාර ලබාදෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කිරීමටය. ඒ අනුව ආණ්ඩුව මුලින්ම එය දැනුම් දුන්නේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වන මිලින්ද මොරගොඩටය. ආණ්ඩුව මිලින්දට දැනුම්දී තිබුණේ කෙසේ හෝ ඉන්දීය මහකොමසාරිස්වරයා සමග සාකච්ඡා කොට ඉන්දීය අගමැති මෝදි ලවා ලංකාවේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන කුමක් හෝ ආධාරයක් ලංකාවට ලබාදෙන ලෙස කොඩ් නායකයන්ගෙන් ඉල්ලා සිටින ලෙසය. ඒ අනුව මේ දිනවල මිලින්ද නවදිල්ලියේ සිට ඒ සඳහා දැඩි ප්‍රයත්නයක් දරමින් සිටින බව දැනගන්නට තිබේ. පළමුව මිලින්ද එය ගෝපාල් බාග්ලේට දැනුම්දී ඇති අතර, ඔහුද එම ඉල්ලීම ඉන්දීය අගමැතිවරයාට දැනුම්දීමට කටයුතු කරන බව පවසා තිබේ. කෙසේ වෙතත් ලංකාවේ දැනට පවතින හදිසි නීතිය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම මුල් කරගෙන යූ.එස්. ඒඩ් ආයතනය මෙන්ම ජපානය සිදුකළ ආකාරයට ලංකාවට ආධාර ලබාදීම සම්බන්ධයෙන් කොඩ් සංවිධානයද ඒ හා සමාන තීන්දුවක් ගනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. ඒ අනුව ලබන 24 වැනිදා අපට එහි අවසන් තීන්දුව බලාගැනීමට පුළුවන.

කෙසේ වෙතත් අපට ඇති තානාපති ආරංචි මාර්ග අනුව කියැවෙන්නේ ඉන්දීය අගමැතිවරයා ලංකාව සම්බන්ධයෙන් කොඩ් සංවිධානයට දැනුම්දීමක් කළ ද බොහෝ දුරට එය ප්‍රතික්ෂේප කිරීමට ඇති ඉඩකඩ වැඩි බවය.

මෝඩ මන්ත්‍රීවරු කාපු ගුලිය!

ඒ අනුව ජපානය, ඉන්දියාව, ඇමෙරිකාවේ යූ.එස්. ඒඩ් ආයතනය, ලොව ප්‍රබලම සංවිධානයක් වන කොඩ් සංවිධානයට අදාළ සියලු සිදුවීම් අප මෙලෙස එකින් එක පෙළගැස්වූයේ වෙන කිසිවක් නිසා නොව රනිල් ආ ගමන් මේ රටට ඩොලර් එනවා, ජාත්‍යන්තර ආධාර එනවා, තෙල් නැව් එනවා, ගෑස් නැව් එනවා යනාදී වශයෙන් රට ඇතුළේ වපුරා තිබූ මිථ්‍යාව පැහැදිලි කර පෙන්වීමටය. එම මිථ්‍යා මත සිය ඔළුගෙඩිවලට පුරවා ගනිමින් විපක්ෂයෙන් ආණ්ඩුවට එක්ව ඇමැතිකම් ගැනීමට සිටින මරිමෝඩ මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම පිණිසය. මීට අමතරව රනිල් මැජික් පෙන්වාවි යන සිතුවිල්ලේ තවමත් සිටින රටේ සමස්ත ජනතාවගේ දැනගැනීම පිණිසය.

හකීම්-සුමන්තිරන්-මනෝ රනිල් හමුවෙයි!

මේ අතරවාරයේ මෙරට ප්‍රධාන පෙළේ සුළු ජාතික නායකයන් තිදෙනකු පසුගිය සතියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා කිරීමට පියවර ගත්හ. ඒ, රවුෆ් හකීම් මනෝ ගනේෂන් සහ එම්.ඒ. සුමන්තිරන්ය. මෙම හමුවට හේතුවී තිබුණේ පසුගිය දින කිහිපය පුරාම කෝටිපති ව්‍යාපාරිකයන් මැදිහත්ව මන්ත්‍රීවරුන් බිලීබා ගැනීමේ මෙහෙයුමක් දියත් කර තිබීමය. මෙහිදී මන්ත්‍රීවරුන් තිදෙනාම රනිල්ට දැනුම්දී සිටියේ උගන්ඩාවේ සිටින කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ප්‍රබල රාජපක්ෂ හිතවාදියකු වන වේලුපිල්ලේ කනනාදන් නමැත්තා පසුගිය දිනවල විපක්ෂයේ යම් යම් දේශපාලන නියෝජිතයන්ට කතා කොට දැවැන්ත මුදල් කන්දරාවන් ලබාදෙන බව කියමින් ආණ්ඩුවට එක්වන ලෙස දැනුම්දී ඇති බවය. එම මුදල් රුපියල්වලින් නොව, ඩොලර්වලින් ලබාදිය හැකි බව එම ව්‍යාපාරිකයා පවසා ඇති බවද මෙම මන්ත්‍රීවරු රනිල්ට පෙන්වා දුන්හ.

ඩොලර් එන්නෙ උගන්ඩාවෙන්!

මෙම වේලුපිල්ලේ කනනාදන් යනු වෙන කවුරුවත් නොව පසුගිය දිනෙක හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට තිරුපති වන්දනා කිරීමට යෑම සඳහා උගන්ඩාවේ සිට පෞද්ගලික ජෙට් යානයක් රැගෙන පැමිණි තැනැත්තාය. එමෙන්ම මෙම වේලුපිල්ලේ කනනාදන් නමැත්තා මහින්ද ජනාධිපතිව සිටි සමයේ උගන්ඩාවේ තානාපතිවරයා වශයෙන් පත්කර සිටි අයෙකි. එම නිසා රාජපක්ෂ පවුල හා මේ වේලුපිල්ලේ කනනාදන් අතර පවතින්නේ දැඩි මිත්‍රත්වයකි.

මේ නිසා සුමන්තිරනුත්, හකීමුත්, මනෝත් රනිල්ට පෙන්වා දුන්නේ මෙම පුද්ගලයා ඩොලර් මලු පෙන්වමින් මන්ත්‍රීවරු බිලීබා ගැනීමේ කටයුත්තේ නිරතව සිටිනවා යැයි කියාය.

මේ කැත වැඩේ කරන්න එපා!

‘මේක ලොකු අභියෝගයක්. ඔබතුමා නිතරම පාර්ලිමේන්තුවේ කියනවා අලුත් දේශපාලන සංස්කෘතියක් හදමු කියලා. රටේ දැන් ලොකු කතාවක් යනවා විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලීබා ගන්න මේ ව්‍යාපාරිකයො ඩොලර් කෝටි ගණන් වියදම් කරන්න සූදානම් කියලා. ඔබතුමා මේකට ඉඩ දෙන්න එපා. මේ පක්ෂ කඩන වැඩේ වහාම නවත්තන්න. මොකද මෙහෙම පක්ෂවලින් සල්ලි දීලා මන්ත්‍රීවරු අරගෙන ආණ්ඩුවක් අටව ගත්තට ඒක ජාත්‍යන්තරේ කිසිම රටක් ඒ ආණ්ඩුව නිල වශයෙන් පිළිගන්නේ නෑ. ඔබතුමා කරන හොඳ වැඩවලට අපි විපක්ෂයේ ඉඳන් උදව් කරනවා. ඒකට ඇමැතිකම් අරගෙන ආණ්ඩුවට එන්න ඕනෙ නෑ. දැනටමත් විපක්ෂ නායකතුමා කියලා තියෙනවා පාර්ලිමේන්තුවේ කමිටුව හරහා ආණ්ඩුවත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න ඒ අය සූදානම් කියලා. එහෙම තත්ත්වයක් යටතේ පක්ෂවලින් මන්ත්‍රීවරු කඩලා අරගෙන, ඇමැතිකම් දීලා ආණ්ඩුවක් හදාගන්නවා නම් ඒකට අපි විරුද්ධයි. අපි ඒකට එරෙහිව වැඩ කරනවා…’ යනුවෙන් කියමින් සුමන්තිරනුත්, හකීමුත්, මනෝත් රනිල්ට බරපතළ අනතුරු ඇඟවීමක් සිදුකිරීමට පියවර ගත්හ. එතෙකින් නොනැවතී ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේදී හකීම් රනිල්වත් ඉදිරියේ තබාගෙන පාර්ලිමේන්තුවේදී පක්ෂ කඩා මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගැනීම සම්බන්ධයෙන් දැඩි ප්‍රහාරයක් රනිල්ට එල්ල කිරීමටද පියවර ගත්තේය.

දයාසිරිත් රනිල්ව හමුවී ගන්න එපා කියයි!

මේ තිදෙනා පමණක් නොව පසුගිය සතියේ තවත් ප්‍රධාන පක්ෂයක තිදෙනෙක්ද අගමැති කාර්යාලයට ගොස් රනිල් හමුවීමට පියවර ගත්හ. ඒ තුන්දෙනා වන්නේ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර, රංජිත් සියඹලාපිටිය සහ සාරතී දුෂ්මන්තය. මේ තිදෙනාද රනිල්ට දැනුම්දී සිටියේ පක්ෂ කඩන ක්‍රියාව නොකරන ලෙසත්, එදා පක්ෂ කැඩීමේ ආදීනව අද රාජපක්ෂවරුන් භුක්ති විඳිමින් සිටින බවත්ය. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඇමැතිකම් ලබාදී ආණ්ඩුවට නොගන්නා ලෙස එහිදී රනිල්ගෙන් ඉල්ලා සිටි දයාසිරි විපක්ෂයේ සිට ආණ්ඩුවට උදව් කිරීමට සූදානම් බවද රනිල්ට දැනුම්දී සිටීමටද පියවර ගත්තේය.

ඔක්කොටම හා කියලා ආණ්ඩුවට අරගෙන!

කෙසේ වෙතත් මේ සියල්ලටම හිස නවමින් රනිල් අසා සිටියද අවසානයේදී සිකුරාදා පෙරවරුවේ ශ්‍රීලනිපයේත්, සජබයේත් මන්ත්‍රීවරුන් හට ඇමැතිකම් ලබාදී ආණ්ඩුවට ගැනීමට රනිල් කටයුතු කර තිබිණි. ඒ, විපක්ෂයේ සියලු පක්ෂ නියෝජිතයන්ගේ දැඩි විරෝධතාව මතය. එම විරෝධය සිකුරාදා දිනයේ පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ කතාවලින් පැහැදිලිවම දැකගන්නට ලැබිණි. ඒ අනුව මේ වන විට ආණ්ඩුවේ එම වැඩපිළිවෙළට එරෙහිව විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එක්ව සාමූහිකව ප්‍රතිචාර දැක්වීමට තීන්දු කර ඇති ආකාරයක් දැනගන්නට ඇත. ඒ අනුව ඉදිරියේදී ආණ්ඩුවට එරෙහිව විපක්ෂ සන්ධානයක් ගොඩනැගෙන ආකාරයක් මෙම සිදුවීම හරහා සිදුවෙමින් පවතින බව දැකගන්නට පුළුවන.

නියෝජ්‍ය කතානායක තේරීම!

නියෝජ්‍ය කතානායකවරයා පත්කර ගැනීම සම්බන්ධයෙන් පළමු වරට ආණ්ඩුවත් විපක්ෂයත් අතර බරපතළ ගැටුමක් මතුවූයේ මීට සති දෙකකට ඉහතදීය. ඒ, විපක්ෂය විසින් සහාය ලබාදීමට සූදානමින් සිටි රංජිත් සියඹලාපිටිය මහතා හට අවසන් මොහොතේදී පොහොට්ටුව සහාය ලබාදී මතුවූ අර්බුදයත් සමගය. මේ හේතුවෙන් අවසන් මොහොතේදී සමගි ජන බලවේගය ඉම්තියාස් බාකීර් මාකර් මහතා ඊට නම්කිරීම නිසා රහස් ඡන්දයක් පැවැත්වීමට සිදුවූ අතර, පොහොට්ටුව සහාය ලබාදීම හේතුවෙන් ඉන් ජය ගත්තේ රංජිත් සියඹලාපිටියය. නමුත් පැය 24ක් ඉක්ම යෑමට මත්තෙන් එම තනතුර භාරගැනීම ජන මතයට පිටුපෑමක් ලෙස හඳුන්වමින් සියඹලාපිටිය ඉන් ඉවත් වීමට පියවර ගත්තේය. මේ හේතුවෙන් නැවත වතාවක් නියෝජ්‍ය කතානායක හිස් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.

සුදර්ශනී රෝහිණීට තැන දෙයි!

ඒ අනුව මේ සතිය ආරම්භ වන විට නියෝජ්‍ය කතානායකවරයෙක් තෝරා පත්කර ගැනීම පමණක් නොව ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබූ නිසා ඉකුත් අඟහරුවාදා දිනය වන විට පාර්ලිමේන්තු රැස්වීම තරමක් උණුසුම් වනු ඇති බවක් බොහෝ දෙනා අනුමාන කර තිබිණි. ඊට හේතුවී තිබුණේ මෙවරත් විපක්ෂය නියෝජ්‍ය කතානායක ධුරය සඳහා අපේක්ෂකයකු නම් කිරීමට සූදානමින් සිටීමත්, ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගයේදී ආණ්ඩුව හැසිරෙන ආකාරය පිළිබඳ යම් යම් ගැටලුසහගත කරුණු කිහිපයක්ම මතුව තිබීමත්ය.
කෙසේ වෙතත් මෙවරත් නියෝජ්‍ය කතානායක ධුරයට ඉම්තියාස් නම්කිරීමට සජබය තීන්දු කර තිබුණද කාන්තාවකට එම අවස්ථාව ලබාදිය යුතු බවට යෝජනාවක් ඒ වෙනුවට සමාජයෙන් ඉදිරිපත්ව තිබිණි. කාන්තා සංවිධාන කිහිපයක්ද සජිත්ට කතාකොට කියා තිබුණේ මේ වන විට කැබිනට් මණ්ඩලයේත් කාන්තාවක් නොමැති නිසාත්, නියෝජ්‍ය කතානායක ධුරයට කිසි දිනෙක කාන්තාවක් පත්ව නොමැති නිසාත් ඊට කාන්තාවක් පත්කරන ලෙසය. ආණ්ඩුව පැත්තෙන් ඊට සුදර්ශනී නම්කිරීමට සූදානමින් සිටින බවක්ද එහිදී සජබයට වාර්තා වී තිබිණි. ඒ අනුව සජබය තීරණය කළේ කාන්තාවකට අවස්ථාව ලබාදීම සඳහා පක්ෂයේ සිටින උගත් ක්‍රියාශීලී මන්ත්‍රීවරියක වන රෝහිණී කවිරත්න ඊට නම්කිරීමටය. ඒ බව වාර්තා වීමත් සමග සුදර්ශනීද ආණ්ඩුවේ නියෝජිතයන්ට දැනුම්දී තිබුණේ රෝහිණී ඉදිරිපත් වන්නේ නම් තමා එම තනතුරට තරග කිරීමට සූදානමක් නැතැයි කියාය. මේ හේතුවෙන් අඟහරුවාදා පෙරවරුවේ පොහොට්ටුවේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැති අතර, ඊට බැසිල්ද සහභාගි වී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. එහි ආරම්භයේ සිට බොහෝ මන්ත්‍රීවරුන් තම තමන්ගේ ගෙවල් ගිනිතැබීම සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ඉදිරිපත් කළ අතර, කතා කළ බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් ජවිපෙට ඇඟිල්ල දිගුකරන ආකාරයක් දැකගත හැකි විය. කෙසේ වෙතත් නියෝජ්‍ය කතානායක ධුරය සම්බන්ධයෙන් වූ මාතෘකාව ඇදී ආ අවස්ථාවේදී බැසිල් කියා සිටියේ ඊට අජිත් රාජපක්ෂ ඉදිරිපත් කළ යුතු යැයි කියාය. කෙසේවෙතත් මෙම රැස්වීමේදී දැකගත හැකි වුණු විශේෂම සිදුවීම වූයේ නව අගමැතිවරයා වශයෙන් රනිල් දිවුරුම් දීමෙන් පසු පැවැති ආණ්ඩු පක්ෂ පළමු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම මෙය වුවත්, අගමැතිවරයාට ඊට ආරාධනා කොට නොතිබීමය.

ආණ්ඩුවත් විපක්ෂයට!

ඒ අනුව නියෝජ්‍ය කතානායකවරයා තේරීමේ රහස් ඡන්ද විමසීමේ ප්‍රතිඵලය වූයේ අජිත් රාජපක්ෂට ඡන්ද 109ක් හිමිවීමත්, රෝහිණී කවිරත්නට ඡන්ද 78ක් හිමිවීමත්ය. ඒ අනුව ආණ්ඩුව නියෝජනය කළ විශාල පිරිසක් රෝහිණී කවිරත්නට ඡන්දය ලබාදී තිබීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම විය. එමෙන්ම ඡන්ද 23ක් නරක් වූ ඡන්ද ලෙස ප්‍රකාශයට පත්වූ අතර ඉන් බොහොමයක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කටුගා දමන ලද ඡන්ද බවටද අනාවරණ විය.

මේ අතර ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා විවාදයට ගතයුතු බවට වූ යෝජනාව සම්බන්ධයෙන් තවත් ඡන්ද විමසීමක් පැවැත්විණි. මෙහිදී මෙම යෝජනාව සකස් කළ සුමන්තිරන් මන්ත්‍රීවරයා එය රනිල් වික්‍රමසිංහ මහතාටද මුලින්ම ලබාදීමට පියවර ගෙන තිබිණි. එය අධ්‍යයනය කර තිබූ රනිල් එම යෝජනාවට එකඟ බවත්, ඡන්දය ලබාදෙන බවත් සුමන්තිරන්ට දැනුම්දී තිබුණා පමණක් නොව, එජාප නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් ඊට සහාය ලබාදෙන බවද ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් අවසානයේදී රනිල් ජනාධිපතිවරයාට පක්ෂව මෙම යෝජනාවට එරෙහිව ඡන්දය ලබාදීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව පාර්ලිමේන්තුවේදී සුමන්තිරන් සහ රාසමානික්කම් යන මන්ත්‍රීවරුන් දෙදෙනා රනිල්ව දැඩි ලෙස විවේචනය කරමින් මෙවැනි ගේම් ගසන්නකු විශ්වාස කරන්නේ කෙසේද යනුවෙන් රනිල්ට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගෙන තිබිණි.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

දුකයි සතුටයි දෙකම තියෙන ප්‍රවෘත්තියක්! ලංකාව ජනරජයක් බවට පත්ව අදට අවුරුදු 50යි! ඒකට සතුටුයි! හැබැයි 50 පිරෙද්දී රට බංකොලොත්! ඒකට දුකයි!

Next Post

හැමෝම බලන් ඉන්නේ විධායකයේ වෙනසක්! හැබැයි හෙට කැබිනට් එකට එන්නේ වෙන එකක්!

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.