HNB FINANCE PLC සිය මූල්‍ය සේවා විවිධාංගිකරණයකින් සහ ශක්තිමත්ව පාරිභෝගිකයින් වෙතට රැගෙන යෑමේ අරමුණෙන් Prime Finance සමාගමේ පූර්ණ හිමිකාරීත්වය ලබා ගත් අතර එලෙස අත්පත් කර ගනු ලැබූ Prime Finance හි ශාඛා 7ක් HNB FINANCE ලෙසින් සන්නාම ගත කර මැයි 12වන දින සිට සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන ලදි. මෙම ශාඛා 7ත් සමග HNB FINANCE සමගම සතු සමස්ත ශාඛා සංඛ්‍යාව 77ක් දක්වා වර්ධනය වනු ඇත. HNB FINANCE හි අභිනව බොරැල්ල ශාඛාව ඩී.එස් සේනානායක මාවත, කොළඹ 8 යන ස්ථානයෙහි සහ අභිනව කුරුණෑගල දෙවන ශාඛාව නොම්මර 155, පුත්තලම පාර, කුරුණෑගල යන ස්ථානයෙහි පිහිටා ඇත. සෙසු ශාඛාවන් ගම්පහ, මීගමුව, වෙන්නප්පුව, නුවර සහ කළුතර යන නගරයන් කේන්ද්‍රගත වෙමින් HNB FINANCEලෙස ප්‍රතිසන්නාමකරණයන් සහිතව විවෘත වී ඇති අතර ඉදිරි කාලයේදී HNB FINANCEහි උපායමාර්ගික ව්‍යාපාර සැලසුම්වලට අනුකූලව වෙනත් නගරවල ස්ථානගත කෙරෙනු ඇත.











