• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මහනුවර යුගයේ ඇඳුම් ආයිත්තම්

December 9, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මහනුවර යුගයේ ඇඳුම් ආයිත්තම්
Share on WhatsAppShare on Facebook

බුද්ධිමත්කමින් අගතැන්පත් මිනිසා සියලු සත්ත්වයන් අතුරින් ප්‍රධාන තැනක් ගනී. මිනිසාගේ ප්‍රභවය සිදු වූයේ කෙදිනකද එතැන් පටන් මේ වන තුරු ඔවුන් පත්ව ඇති තත්ත්වය පුදුම එළවනසුලුය. විවිධ බාධක, කම්කටොලු මධ්‍යයේ මිනිසා පැමිණ දැන් පවතින තත්ත්වය අද්විතීය වේ. සතුන් අතුරින් මනුසතා අග්‍ර වන්නේද ඔවුන් සතුව පවතින මේ වදනින් පැවසිය නොහැකි අද්විතීය හැකියාව නිසාය. මනුෂ්‍යයාගේ අවශ්‍යතා කිහිපයක් පවතින අතර ඉන් වැදගත් කරුණක් ලෙසින් ඇඳුම් පැලඳුම් දැක්විය හැකිය. දියුණු සමාජ වපසරියකට උරුමකම් කියන සිංහල ජනතාවද අතීතයේ පටන් තමන්ට අනන්‍ය වූ ඇඳුම් පැලඳුම්වලින් කය වසා ගන්නට යෙදිණි.

දියුණු ශිෂ්ටාචාර තත්ත්වයට පත් වීමට පෙර අපේ ආදි ජනාවාසීන් දඩයම් යුගය, එf`ඞ්ර යුගය ආදී ප්‍රාථමික යුග පසුකළ බව අපි අසා ඇත්තෙමු. මෙහි ආදි ජනාවාස තිබූ බව බළංගොඩ, බෙල්ලන්බැඳිපැලැස්ස, රත්නපුර ආදී බොහෝ ප්‍රදේශවලින් සාක්ෂ්‍ය ලැබේ. ඔවුන් අව්වෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වීම සඳහා ගස්වල පට්ටා, කොළ, අතු හා සතුන්ගේ හම් ආදිය මනාව සකස් කරගන්නට ඇත. ඔවුන් ක්‍රමයෙන් ඇඳුම් අඳින්නට හුරු වූයේ තාක්ෂණික අතින් යම් දියුණුවක් ලද පසුය. කෙසේ නමුත් විජයගේ ආගමනය සිදුවන කාලය වන විට කපු ඇඳුම් අඳින පිරිසක් සිටි බව කුවේණිය කපු කටිමින් සිටීමේ ප්‍රවෘත්තියෙන් ගම්‍යවේ.

අතීතයේ සිටම අපේ මිනිසුන් මනාව ඇඳුම් පැලඳුම් භාවිත කළ බවත් ඊට සමගාමීව ආභරණද අත්හි, ගෙලේ පැලඳි බව හඳුනාගත හැකිය. අතට වළලු, කනට තෝඩු, පයට ගිගිරි ආදී ආභරණ ඔවුන් පැලඳි බව මේ අනුව සිතිය හැකිය. මහනුවර යුගය වන විට අපගේ සංස්කෘතිය විවිධ කරුණු නිසා සම්මිශ්‍රණයට පත්ව තිබූ බව හඳුනාගත හැකිය. මේ කාලය වන විට ද්‍රවිඩ බලපෑම් නොමඳව ලැබී තිබුණු අතර යුරෝපීයයන්ද මේ කාලය වන විට මෙරටට ගොඩබැස්ස බව අපි හොඳින් දනිමු. රටේ පාලකයා පමණක් නොව රජබිසව, ඇමැතිවරුන් ආදී උඩරට ප්‍රභූවරුන් මනා ඇඳුම් පැලඳුම් ආභරණවලින් සැරසී සිටි බව පැරණි ලේඛන ආශ්‍රයෙන් හඳුනාගත හැකිවේ. රාජාභිෂේක මහාමංගල්‍යයේදී පමණක් නොව වැදගත් කටයුතුවලදී රජතුමා ඇතුළු ප්‍රභූ පිරිස ඉතා විචිත්‍ර ආකාරයෙන් සැරසී සිටි බව පෙනේ.

රජතුමා පැලඳි ඇඳුම දෙස බැලීමේදී එය අනෙකාගේ ඇඳුම්වලට වෙනස් වූ අමුතුම ස්වරූපයක් ගන්නා ඇඳුමකි. එසේම රජතුමාට විශේෂ වූ පලඳනා කට්ටලයක්ද තිබී ඇත. පඤ්ච කකුධ භාණ්ඩ, මඟුල් කඩුව, චාමරය, නළල්පට, මිරිවැඬි සඟල ආදිය ඒ අතර විය. එසේම වැදගත් උත්සවවලට සහභාගි වන විට ඉතා වටිනා රන් සහ මරකත, පද්මරාග වැනි මැණික්වලින් කළ නිර්මාණවලින් සැරසී සිටි බව පැරණි ලේඛනවලින් හැඳිනගත හැකිය. හිස්වැස්මේ මුදුන වටා ඇති සුදු පැහැති බෝරිච්චියෙන් යුත් පලඳනාව රජුට හා අධිකාරම්වරුන්ට පමණක් වෙන්වූ පලඳනාවකි. ඇතැම් චිත්‍ර ගෙන හැර බැලීමේ දී රජු පාවහන් පැලඳ නැති බව පෙනේ. රජතුමාගේ ඇඳුම් ආයිත්තම් පිළිබඳ වගකිවයුතු නිලධරයා වූයේ ‘සළුවඩන නිලමේ’ නමින් හැඳින්වූ තැනැත්තායි.

රජතුමාගේ ඇඳුම් පැලඳුම් මේ අයුරින් වූ නමුත් රජබිසවගේ හා කුලීන කාන්තාවන්ගේ ඇඳුම් ආයිත්තම් දෙස බැලීමේ දී ඒවා හුදෙක් ද්‍රවිඩ සංස්කෘතිය හා මිශ්‍ර වූ බවක් හැඳිනගත හැකිය. කාන්තාවන් ඉන්දීය ඔසරිවලින් සැරසී විවිධ ගෙත්තම් හැට්ටවලින් හා මාලවළලු, මුදුකරාබු ආදී ආභරණ පැලඳි සිටි බව කියවේ. එසේද වුවත් ඔවුන් පාවහන් පැලඳි බවට සාක්ෂ්‍ය හමුනොවේ. කුලීන කාන්තාවන්ගේ ඉණවටා අඳින සේලය නමින් රෙද්දක් ද විය. මෙරට වැඩි කාලයක් ගත කළ රොබට් නොක්ස් නම් යුරෝපීයයා සඳහන් කරන ආකාරයට කාන්තාවන් සුදු රෙද්දෙන් කළ අත් ඇති කෙටි ගවොමකින් ඇඟ වසා ගෙන සිටි අතර අත්වල රිදී වළලුත් අතැඟිලි හා පයැඟිලිවල රිදී මුදුවලින් අලංකරණය කොට තිබූ බවත් කියයි. පබළුමාල හෝ විසිතුරු ලෙසින් කැටයම් වැඩ දැමූ රත්තරන් ගා ඔපමට්ටම් කරන ලද මාල ළමැද දක්වා එල්ලෙන පරිදි ගෙලවටා පැලඳ සිටි බවද කියයි. රිදී කෙඳිවලින් හා තහඩුවලින් සාදා නිමවන ලද හවඩි එකක් හෝ දෙකක් ඉණවටා කාන්තාවන් පලඳින බවද ඔහුගේ සඳහනේ ඇත.

එසේම මහනුවර යුගයේ සාමාන්‍ය කාන්තාවන් තම නිරුවත් ශරීරය වසා ගත් ඇඳුම් පැලඳුම් කිහිපයක් ගැනද හඳුනාගත හැකිය. ඒ අතරින් වටිනාකමින් වැඩි රෙදි වර්ග භාවිත කළ පිරිස්ද සිටියහ. මේ කාලයේදී කුල භේදය තදින්ම සමාජයේ පැවති අතර ඇඳුම් පැලඳුම්ද නිර්මාණය වූයේ කුලය පදනම් කරගෙනය. නිලමේවරුන් හා අධිකාරම්වරුන් අනර්ඝ ඇඳුම්වලින් සැරසී සිටි අතර ඉණවටා රතුපාට හෝ නිල්පාට බඳ පටියක් පැලඳියේය. එහි රිදී කැටයමින් ඔප දැමූ පිහියක්ද විය. කඩුව පසෙකින් ඇත. ඉතා අලංකාර රිදියෙන් හෝ රනින් කළ මුදු පැලඳ කොණ්ඩය දිගට වවා තිබීම මේ කාලයේ මොවුන්ගේ හඳුනාගත හැකි විශේෂ ලක්ෂණයකි. නිලමේවරුන් ගෞරවනීය බවක් පෙන්වීම නිසා ඇසළ පෙරහැරේ ගමන් කරන අවස්ථාවලදී තම නිලය හඳුන්වාදීමට රිදී මිටක් සහිත වේවැලක් අතේ රඳවාගෙන ගොස් ඇත.

මහනුවර යුගයේ සාමාන්‍ය ගැහැනුන් කුලභේදයෙන් පීඩා විඳි අතර ඔවුන් විළිඹුව තෙක් රෙදි ශරීරයේ දවටා සිටි අතර පියොවුරු වසා ගත්තේ රෙද්දේ කොනක් උරමත දමා එහි අග කෙළවරිනි. පිරිමි පාර්ශ්වයේ උදවිය කෙණ්ඩාවලින් අඩක් වැසෙන සේ වස්ත්‍ර ඇඳ ඇත. ගොවිතැන් කටයුතු කරද්දී ගොවියන් සුදු හෝ නිල් පැහැති හිස් වැස්මක් පැලඳි අතර ඇතැම් අය මේ වෙනුවට ලේන්සුවක්ද භාවිත කර ඇත. පහත් යැයි සම්මතව සිටි කුලවල ස්ත්‍රීන් උඩුකය නිරාවරණය කරගෙන සිටි අතර ඉණ සිට දණහිස දක්වා රෙද්දක් හැඳ ඇත. පිරිමින්ද උඩුකය නිරාවරණය කරගෙන සිටි අතර දණහිස තෙක් රෙද්දක් හැඳ ඇත. රජක නමින් කුලයක් තිබූ අතර ඔවුන්ගේ ප්‍රමුඛ කාර්යභාරය වූයේ උසස් කුලවල උදවියගේ රෙදි සේදීමයි. කුලීනයෙක් ගමෙන් පිටව යන්නේ නම් රජකයකු ද කැටිව යයි. එසේ යන රජකයාගේ කාර්යභාරය වන්නේ කුලීනයාගේ ඇඳුම් ගෙනයෑමත් ඒවා සෝදා පිරිසුදු කිරීමත් ආදියයි. රජක කුලයේ මෙකී කාර්යභාරය මෑතක් වන තුරුම පැවති අතර වර්තමානය වන විට යම් තරමකින් අඩුව ගොස් ඇත.

උසස් කුලවල අයගේ රෙදි සේදීම හැරුණු කොට ඔවුන්ට උරුමව පැවති තවත් කාර්ය රාශියකි. පිරිත් ගෙවල්, මළගෙවල්වල වියන බැඳීමත් පාවාඩ එළීමත්, වැඩිවිය පැමිණි ගැහැනු දරුවන් නහවා ගෙට ගැනීමත් ඒ අතර විය. මෙම පිරිස කුලීනයන් අතර වැඩි වශයෙන් ගැවැසුණු අතර රෙදි නැන්දා, හේනේ මාමා ආදී නම්වලින් ජනප්‍රිය වූයේ මොවුන්ය. අද වුවද රජක කුලයේ අය දක්නට ලැබෙන අතර ඔවුන්ගේ වෘත්තිය දැනුදු යහමින් කරගෙන යයි. ඔවුන් රෙදි සේදීම කරන අතර ඒ සඳහා ලොන්ඩරි නමින් ආයතන සකස් කරගෙන ඇත.

මහනුවර යුගයේ මේ ආකාර වූ ඇඳුම් ආයිත්තම් තිබුණු අතර අද වුව මේ කාලයට ප්‍රිය කරන උදවිය සඳහා විවිධ ආභරණ, ඇඳුම් ආයිත්තම් නිෂ්පාදනය කරන ස්ථාන පිහිටා තිබේ. බොහෝ වේලාවට මෙවැනි ඇඳුම් ආභරණ ආදියෙන් සැරසෙන්නේ උඩරට මනාලියන් සැරසීමේදීය. බොහෝ විට මේ ආභරණ පිත්තලෙන් සාදා රිදී ආලේප කරන අතර ඇතැම් අය රිදියෙන්ම සාදවයි. සමහර ආයතනවල මෙකී ඇඳුම් ආයිත්තම් කුලියටද ලබාදෙනු ලැබේ. අතීත පන්නයට ප්‍රිය කරන උදවිය බොහෝ සෙයින් මෙසේ සැරසෙන්නේ එය සමාජයේ ගරු බුහුමනට ලක්වූ ඇඳුම් ආයිත්තම් වන නිසාය. යුරෝපීය ඇඳුම්වලින් වර්තමානය වන විට අප සැරසී සිටියත් විවාහ මංගල්‍ය හෝ ජීවිතයේ වටිනා අවස්ථාවලදී සැරසී සිටින්නේ උඩරට අලංකාර ඇඳුම් ආයිත්තම්වලිනි. එයින් තත් යුගයේ ශ්‍රී විභූතියේ ස්වරූපය වර්තමානයට ගෙන එන්නක් ද සිදුවේ.

SendShareShare
Previous Post

Mother Sri Lanka අලෙවිසලක් කෝට්ටේදී විවෘත වෙයි

Next Post

සංජීවනී හිටිහැටියෙම ඇමෙරිකාවෙන් ආවෙ ඇයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.