• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සෙනසුරු අපලෙට කියාපු විසඳුම

December 7, 2019
in Astrology
Reading Time: 1 min read
A A
සෙනසුරු කරන ඔබ නොසිතන දේවල්
Share on WhatsAppShare on Facebook

ග්‍රහ ලෝකයට අයිති අන්‍ය සෑම තරුවකටම වඩා බරපතළ වෙනස්කමක් සෙනසුරාට තිබේ. එනම් තෙතමනය අඩුකමයි. දියෙහි දැම්මොත් දිය මතුපිටට මතුවෙයි. අනෙක් සෑම ග්‍රහ තාරකාවක්ම දියේ ගිලෙයි. ප්‍රමාණයෙන් ගුරුට වඩා ස්වල්පයක් කුඩා වෙයි. එහෙත් බරෙන් සහ ඝන ප්‍රමාණයෙන් බොහෝ අඩු වෙයි.

දිළිඳුකම, අවාසනාව, කෙළවරක් නැති දුක් විඳීම, දුක් විඳිද්දී තව තවත් දුක් දීම, මරණය, මහ කම්මැළිකම, සීමාවක් නැතිව කටයුතු කල් දැමීම, කටයුතු බාධා, අධෛර්යය, බලාපොරොත්තු සුන්වීම, තද දුක් විඳ එම රෝග සුව වූ පසු ලකුණු, ඉතිරි වන රෝග, බර කටුක වැඩ, ශරීරය කෙට්ටුවීම, දුර්වරණ වීම, ඇට බිඳීම ආදී කටුක දේවල් සෙනසුරාට අයිති කර දී තිබේ. මෙසේ නරක් වූ සෙනසුරු ඒරාෂ්ටකය ලබලද? කියා ඇසීම සාමාන්‍ය මිනිසුන්ගෙන් වුවත් පිටවන කීම්ය. ලෙඩ රෝග, නඩු හබ, අකාල මරණ, දුක් ආදියට මුහුණ පානවා දුටුවහොත් මෙසේ ප්‍රශ්න කිරීම සිරිතකි. එනිසාම සෙනසුරාගේ මේ තද ගති නිසාම ස්වර්ගයේ හෝ අපායේ යතුර තිබෙන්නේ සෙනසුරාගේ අතේ යැයි ව්‍යවහාරයේ පැවැතෙයි.

කෙසේ නමුත් මෙසේ දෝෂ ගෙන දෙන සෙනසුරු හේතු පාදක කර ගනිමින් මෙවන් අසුබතා ගෙන එද්දී මේවායින් නිසි ලෙස මිදෙන්නට හැකියාව පවතින්නා වූ කාරණා කටයුතුද ජ්‍යොතිෂයේ බලාත්මකව පවතින බව සිහිපත් කළ යුතුය. මෙසේ සෙනසුරු අපල ලද විටදී ජන්මියකුට අපල ගෙන දෙනු ලබන්නේ අවර යක්ෂයා සහ අවරගිරි යක්ෂණී විසිනි. මේ දෝෂයෙන් මිදෙන්නට නම් නිසියාකාරව අදාළ ජන්මියා විෂ්ණු දෙවිඳුන්ට සහ ආඬි තෙළඟු භෛරව දේවතාවන්ට භාර කළ යුතුය. එසේම මේ සඳහා නිසි ක්‍රමවේදයන්ට නතු වූ ශාන්ති කර්මයන්ද පවතින බව කිව යුතුය. ශනි දශාවේ මුල් කොටසේ අපලවලට දශ ක්‍රෝධ බලියද, මැද කොටසේ අපලවලට නිළඟ රාක්ෂ බලියද, අග කොටසේ අපලවලට ගෞඩි රාක්ෂ බලියද ඇරීමෙන් අපල දුරුකරවා ගත හැකිය.

එසේම තවත් ආකාරයකින් ග්‍රහ දානයන් වශයෙන් නිල් මැණික්, ලෝකඩ භාජන, මී හරක්, කඵ රෙදි, තල, කොල්ලු ආදියද නිසි ලෙස දන්දීමෙන් මෙම සෙනසුරුගේ දෝෂයන් නිසිලෙස දුරු කරවා ගැනීමට හැකියාව පවතින්නේය. කඵ තල, අංජන කැට, බැබිල, වී පොරි, සතකුප්ප තැම්බූ ජලය ස්නානය කිරීමෙන්ද, මෙම දෝෂ බලවත් ලෙස හරණය වන බව පැරැණි සෘෂිවරුන්ගේද ප්‍රබල මතයකි. නීල වර්ණ මල් වැඩි වශයෙන් පිදීමෙන්ද, නිල් මැණික් සහ කාක නිල යන මැණික් වර්ගයන් පැලඳීමද මෙම දෝෂ මකා දැමීම සඳහා බලවත් අයුරින් යොදා ගත හැකි වන්නේය.
එසේම අවසාන වශයෙන් ඉතා ප්‍රත්‍යක්ෂ ම කාරණාව වන්නේ නිසි ලෙස ජීවම් කිරීමෙන් අනතුරුව නීල මණ්ඩලය, මෘතුංජය, විෂ්ණු ආඝෝරය යන යන්ත්‍රයන්ගෙන් එකක් හෝ පැලැඳීමයි. දෝෂ ලත් ජන්මියා තම ශරීරයේ ස්පර්ශවන අයුරින්, සකසා ගත් මේ යන්ත්‍රයන්ගෙන් එකක් පැලැඳීම, පැලැඳි මොහොතේ පටන් ගුණ දෙන්නට සමත් බවද සිහිපත් කළ යුතුය. තවත් සිදුකරනු ලබන ක්‍රමවේදයක් නම් නුග වෘක්ෂයට සාත්තු කිරීමයි. ගස නිසි ලෙස ස්පර්ශ කිරීමත්, නුග වෘක්ෂයට ආවතේව කටයුතු සිදු කිරීමත්, මෙම සෙනසුරුගේ දෝෂ නසන්නට මහඟු බලයක් වනු ඇත. කපුටන්ට සෙනසුරාදා අලුයම ගිතෙල් මිශ්‍ර කිරිබත් (කපුටන් වෙනත් ආහාර ගැනීමට පෙරාතුව) ලබා දීමෙන්ද අතීතයේ පටන්ම සෙනසුරු දොස් නසන්නට බලවත් ආශීර්වාදයක් වීමද අදටත් අමතක නොකළ යුතු වන්නේය.
මෙසේ සඳහන් කරන්නට යෙදුණා වූ ශාන්ති කර්මයන් නිසි ලෙස සිදු කිරීමෙන් බිය සැකයකින් තොරව ශනි දෝෂ හරණය කරගැනීමට නිත්‍ය හැකියාව පවත්නා බැව් තරයේ සිතට ගත යුතු වන්නේය. ඔබට තුන් රුවනේ ආශීර්වාදය ලැබේවා.
ජ්‍යොතිෂවේදී කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන

SendShareShare
Previous Post

සිසිර – ඉන්ද්‍රානි සුසංයෝගයේ නොමැකෙන මතකය

Next Post

ඇතුගලදී අතුරුදන් වූ සිංහල කුමාරයා කවුද?

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.