• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…

May 14, 2022
in Astrology, Kendaraya
Reading Time: 6 mins read
A A
ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…
Share on WhatsAppShare on Facebook

විවිධ හේතු කාරණා මත මෙරට පුද්ගල සබඳතා ගැටලුකාරී ලෙස බිඳී යමින් පවතින බව පෙනී යයි. මේ තත්ත්වය පවුල් ජීවිතවලටද බලපාමින් තිබේ. අඹුසැමියන් අතර ආදරවන්තයන් අතර මෙන්ම නිවෙස් තුළ එකට වෙසෙන සහෝදර සහෝදරියන්, මවුපිය දූරුවන් ආදීන් අතරද මෙම අයහපත් තත්ත්වය වර්ධනය වීමට පටන්ගෙන තිබේ. ඒ අනුව පවුල් පසුබිම් තුළ සමගිය දෙදරා යෑමට පටන්ගෙන ඇති අතර විශේෂයෙන්ම පවුල් අතර ගැටුම්කාරී තත්ත්වය නරක අතට හැරී ඇතැම් විවාහ ජීවිත පවා දෙදරා යෑමට පටන්ගෙන ඇති බව පෙනී යයි. මේ තත්ත්වයට උඩගෙඩි සපයන හේතුව වන ග්‍රහ තත්ත්වයක්ද නිර්මාණයවී ඇති අතර එය දැනට මාස ගණනාවක සිට විවිධාකාරයෙන් වෙනස් වෙමින් අඩුවැඩි වෙමින් ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙහිදී එකිනෙකා ගැන නිසි හඳුනාගැනීමක් තිබුණද ඒ ඒ කාලවලදී අනෙකාගේ සිතුවිලි ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ අවබෝධයක් නොතිබීම මත ගැටලුව තවත් උත්සන්න වන බව පෙනී යයි. එනිසා තමාගේ සමීපතමයා මේ ඉදිරි මාස හයේ ක්‍රියා කරනුයේ කෙලෙසද යන්න දැන සිටීමෙන් ඔබට ඉතා පහසුවෙන් ඔහු හෝ ඇය සමග සබඳතා පවත්වා ගෙන යන්නට හැකිවනු ඇත. ඒ සඳහා පහත ආකාරයට ඔහුගේ ඇයගේ ලග්නයට අනුව හැසිරීම වටහා ගන්න.

මේෂ

මේ කාලය තුළ ඇඳුම් පැලඳුම්වලට ආශා කරයි. එවැනි තෑගි අපේක්ෂා කරයි. විශේෂ කෙනකු බැලීමට යෑමට අවසර ඉල්ලනු ඇත. උනන්දුවෙන් වැඩ කරයි. කේන්ති නොගනී. තරමක් ආදරබර බවක් පෙන්වයි. ආශාවන්ට අවනත වෙයි. විරුද්ධ ලිංගිකයන්ට ප්‍රිය කරයි. වෙනස් දේ අගයයි.

වෘෂභ

සැපපහසුවට ප්‍රිය කරයි. ආදරයට ලෝභ වෙයි. විවිධ දේ අත්හදා බලන්නට කැමැතිය. අමුතු හැඟීම් පෙන්වයි. හිතවතුන් හිතවතියන් සොයාගෙන යයි. මිතුරු ඇසුරට හිත යන කාලයකි. ගමන් බිමන් සඳහා කැමැති වෙයි. දියුණුව ගැන සොයා බලා කටයුතු කරයි. මිලදී ගැනීමකට හිත යයි.

මිථුන

තරමක් කලබලයෙන් සිටින කාලයකි. එනිසා ඉතා නිහඬව ගෙවෙන ජීවිතයකට ප්‍රිය කරයි. ආදරය ගැන එතරම් නොසිතන බව පෙන්වයි. තරමක් රාගාධික බවක් පෙන්වන නමුත් විවිධ කාරණා ගැන ඕනෑවට වඩා සිතන්නට යෑමෙන් එම කටයුතු මඟහැරේ.

කටක

තරමක් දුකෙන් සිටින කාලයකි. එනිසා අලුත් දේවල් ගැන මේ කාලයේ කතාබහ කිරීම සුබ නැත. කතාබහේදී අන් අයගේ සිත් රිදෙන වචන කියවේ. ඒවා ගණන් නොගැනීම වටී. ස්ත්‍රීන් සමග රණ්ඩුවට යනු ඇත. අසීමිතව කම්සැප අපේක්ෂා කරන ස්වභාවයක් ඇත.

සිංහ

ප්‍රබෝධයෙන් කටයුතු කරයි. විරුද්ධ ලිංගිකයන්ගේ ආශ්‍රය ප්‍රිය කරයි. සමාජශීලී වෙයි. විවිධ අය හමුවීමට යෑමට සිතයි. එවැනි ගමන් යයි. නිතරම වැඩ කරයි. තරමක කලබලයක්ද පෙන්වයි. මේ කාලයේ තරමක් රාගාධික බැවින් ඊට වැඩි නැඹුරුවක් අපේක්ෂා කරයි.

කන්‍යා

සැප වාහනවලින් ගමන් බිමන් යෑමට ආශා කරන කාලයකි. එනිසා එවැනි අවස්ථා උදාකර දීමට හැකි නම් සතුටට පත්වේ. කෑම බීම සහ තෑගි බෝග ලැබෙනවාට ආශා කරයි. ඉතා ප්‍රබෝධයෙන් සහ උනන්දුවෙන් කටයුතු කරන කාලයකි. මේ කාලය තුළ තම සැපපහසුවට උදව් ලැබෙනවාට ආශා කරයි.

තුලා

විනෝද සවාරි, ප්‍රීති උත්සව ආදියට ආශා කරයි. එවැනි අවස්ථා සඳහා අවසර ඉල්ලයි. ආභරණ ඇඳුම් තෑගි ලැබෙනවාට කැමැතිය. අන් අය සමග සහයෝගයෙන් වැඩ කරයි. ලියකියවිලි වැඩට කැමැති වෙයි. අසල්වැසි ආශ්‍රයන් තරකර ගන්නට ඉතා උනන්දු වෙයි.

වෘශ්චික

රාගාධික වන කාලයකි. ඊට තදින්ම බැඳේ. ස්ත්‍රීන් පුරුෂයන් සමගත්, පුරුෂයන් ස්ත්‍රීන් සමගත් විශේෂ හිතවත්කම් ගොඩනගාගනී. අලංකාරයෙන් සිටීමට ආශා කරයි. ගමනට බිමනට කැමැතිය. අන් අයගෙන් හොඳ අසන්නට කැමැති වෙයි.

ධනු

මේ අයද වැඩිපුරම සිත යොමු කරන්නේ විනෝදය සඳහාය. අඹුසැමි සබඳතා තර කෙරෙන ආකාරයට හැසිරෙයි. හිතවතුන් හමුවීමට යෑමට ඉතා ආශාවෙන් සූදානම් වේ. විවිධ ලාභ අපේක්ෂා කර කටයුතු කරයි. ඊට අන් අය සහාය ලබාදෙනවාට ආශා කරයි. සිත සන්සුන් වන දේ කිරීමට ඉතා කැමැත්තක් දක්වයි.

මකර

සිත කලබලය. කිසිවක් ගැන සිතන්නට නිදහසක් නැති බව පෙන්වයි. සිතේ දෙගිඩියාවෙන් කල් යවන ස්වභාවයක් පෙන්වයි. අවශ්‍ය දේවල් මිලදී ගැනීමට සිතයි. වැඩිපුර වියදම් කිරීමට යොමුවන කාලයකි. තමා කරන කියන දේ වැරැදි නොදකී. එනිසා අතපසුවීම් හෝ වැරැදි සිදුවිය හැකි කාලයකි.

කුම්භ

විරුද්ධ ලිංගිකයන් ගැන ආශාවෙන් කටයුතු කරන කාලයකි. ආශාවන් සීමාවක් නැත. සිතේ චිත්‍රපට ආදී විනෝදාත්මක කටයුතු කෙරෙහි ආශා කරන අතරම වැඩිපුර ආදරය අපේක්ෂා කරයි. විවිධ ආහාර පාන ලබාදීමෙන් ආදරය වැඩිපුර ලබාගත හැකිය. රැකියා කටයුතු කෙරෙහිද වැඩි උනන්දුවක් දක්වයි.

මීන

මේ කාලයේ තරමක් කලබලයෙන් වැඩ කරයි. එසේම රන් රිදී ආදිය තෑගි ලැබෙනවාට කැමැති වෙයි. අනාගතය ගැන සැලසුම් කරයි. ගමන් බිමන්වලට යොමුවෙයි. අරමුණු ජය ගන්නට සහයෝගය ලැබෙනවාට කැමැති වෙයි. විනෝද ගමන් යෑමට ආරාධනා කිරීමෙන් සිත දිනාගත හැකිය. විශේෂ වැඩ සැලසුම් කරයි.

SendShareShare
Previous Post

දළදා වහන්සේ ගැන ඔබ නොඇසූ රහස් මෙන්න…

Next Post

පීපල්ස් ලීසිං සමාගමෙන් පොළොන්නරුව ගල් විහාර පරිශ්‍රයට කසළ කළමනාකරණ ව්‍යාපෘතියක්…

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.