පසුගියදා විවෘත කළ ‘වන් ගෝල් ෆේස්’ සාප්පු සංකීර්ණයට පැමිණෙන පාරිභෝගිකයන්ට පැය 24 පුරාම බැංකු සේවා ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් එම පරිශ්‍රයේ අති නවීන ස්වයංක්‍රීය බැංකුකරණ මධ්‍යස්ථානයක් (ABC) පිහිටුවා තිබේ. මෙම බැංකුකරණ මධ්‍යස්ථානය මෙම සාප්පු සංකීර්ණයට පිවිසෙන බේරේ වැව පිවිසුමේ පහළ මාලයේ ස්ථාපිත කර තිබෙන අතර එහි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක්, මුදල් ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රයක්, ස්වයංක්‍රීය චෙක්පතු යන්ත්‍රයක් සහ බැංකුවේ ඩිජිටල් බැංකුකරණ සේවා සමඟ සම්බන්ධ කර තිබෙන ඩිජිටල් පැනලයක් පිහිටුවා ඇත. මෙම බැංකු මධ්‍යස්ථානය මගින් ශ්‍රී ලංකාවේ නවතම සාප්පු සංකීර්ණය තුළදී ඉතාමත් පහසුවෙන් මුදල් ලබාගැනීමටත් දෛනික බැංකු සේවා ඉටුකර ගැනීමටත් අවස්ථාව උදාකර තිබේ.











