• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ගෝල්ෆේස් පිටියේ කතාව

December 4, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ගෝල්ෆේස් පිටියේ කතාව
Share on WhatsAppShare on Facebook

අපේ රටේ කොළඹ යැයි කියූ පමණින්ම අපට අද සිහිවන්නේ මුළු කොළඹම ලෝකයා හමුවේ තැබූ ඒ ගාලු මුවදොර පිටියයි. එසේත් නැත්නම් අපි හොඳින්ම දන්නා හඳුනන ගෝල්ෆේස් පිටියයි. වර්තමානයේ එය එක් පසෙකින් පෙම්වතුන්ගේ මහා රජ දහනකි. තවත් පසෙකින් එය සංචාරක පාරාදීසයකි. එසේත් නැත්නම් එය දේශපාලනඥයන් තම තමන්ගේ ගොඩ පෙන්වන විශාල වූ පිට්ටනියකි. තවත් විදිහකට කිවහොත් එය වෙළෙඳුන්ගේ තෝතැන්නකි. එහෙත් ඒ එහි වර්තමාන කතාවයි. නමුත් ගාලුමුවදොර පිටියේ හමනා මුහුදු හුළඟට ගසාගෙන ගිය කඳුළුත් සමඟින් ගනුදෙනු කළ අතීතයක් තිබේ. එම අතීතය වර්තමාන සමාජය නොදන්නා එහෙත් දැනගත යුතුම වූ අතීතයකි. එනිසා අපේ අද කතාව කිසිවක් නොදන්නා තාලයට රැල්ලයි වෙරළයි හාදකම් පානා ගාලුමුවදොර පිටිය වෙතය.

ගෝල්ෆේස් පිටියට ඉතා දිගු අපූරු ඉතිහාසයක් තිබේ. එය අතීතය තුළ තුරඟ තරග පිටියක් ලෙසින් භාවිත කළ බව අදටත් ප්‍රසිද්ධ වූ රහසකි. එමෙන්ම ගාලුමුවදොර වරෙක වධකාගාරයක්ද විය. ඊට හේතුව එම පිටියේ ඉංග්‍රීසි හමුදාවේ යුද සෙබළකු එල්ලා මරා දැමීමට ඉදිකළ එල්ලුම් ගසයි. එමෙන්ම එදා සමාජයේ ඉහළ පැලැන්තියේ සිටි මිනිසුන් ගාලුමුවදොර නැත්නම් ගෝල්ෆේස් පිටිය තමන්ගේ ව්‍යායාම් කටයුතු සඳහාද යොදාගත් බව සඳහන් වෙයි. තවද අද මෙන්ම එදාද මේ ගාලුමුවදොර යනු සංචාරකයන්ගේ අපූරු පාරාදීසයකි. මේ අතර තවත් සුවිශේෂී හේතුවක් නිසාවෙන්ද ගාලුමුවදොර පිටිය අපට වැදගත්ය. එනම් මැයි පළමු වැනිදාට යෙදෙන ලෝකයම සමරන ජාත්‍යන්තර කම්කරු දිනය නිසාය. ඒ අනුව එදා ලංකා ඉතිහාසයේ කළ පළමු මැයි රැලියූ 1933 වර්ෂයේදී කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වූ අතර එය අවසන් කර තිබෙන්නේ ගාලුමුවදොර පිටියෙනි. එය ලංකා ඉතිහාසයේ සිදු වූ ඉතා වැදගත්ම සිදුවීමක් ලෙස සඳහන් කළ හැකිය.

ලෝකයම දන්නා හඳුනන කොළඹ ගාලුමුවදොර පිටිය පිළිබඳව විවිධ පුද්ගලයන් විවිධ වූ මත පළකර තිබේ. විශේෂයෙන්ම දෙස් විදෙස් විචාරකයන් මෙන්ම ලේඛකයන් සහ දැන උගත් පුද්ගලයන් ඔවුන් අතරින් ප්‍රමුඛය. නමුත් ගාලුමුවදොර පිටිය ගැන ඔවුන් කුමක් පැවසුවද අතීතයේදී එහි ඉදිකර තිබූ ශිලා ලේඛනවල සඳහන් වන්නේ මෙම ස්ථානය එවකට “ගෝල්ෆේස් සක්මන” ලෙසින් හඳුන්වා ඇති බවයි. එදා 1856 පමණ වර්ෂයේදී “සර් හෙන්රි වෝඞ්” නම් ආණ්ඩුකාරවරයා විසින් කොළොම්පුරයේ ජීවත් වූ කුඩා දරුවන් මෙන්ම කාන්තාවන් වෙනුවෙන් මෙම “ගෝල්ෆේස් සක්මන” නම් වූ ස්ථානය ඉදිකර තිබෙන බව එම ශිලා ලේඛනවල පැහැදිලිව සඳහන් කර තිබූ බව පැවසෙයි. ඒ අනුව අතීතයේදී කුඩා දරුවන් මෙහි දුවමින් පනිමින් සෙල්ලම් කරමින් විනෝද වූ බවත් කාන්තාවන් ඇවිදිමින් දුවමින් විනෝදජනක අන්දමින් ව්‍යායාම් කටයුතු කළ බවත් සඳහන් වෙයි. මේ අතර තවත් පිරිස් මුහුදු රළ පාගමින් මුහුදු ජලයේ විනෝද වූ බවත් පැවසෙයි.

ජේ.පී.ඩී. ලුවිස් නම් ලේඛකයා ගාලුමුවදොර පිටියේ වූ රමණීය බව සම්බන්ධයෙන් වරක් මෙසේ සඳහන් කර තිබේ.

“ගෝල්ෆේස් පිටියේ දකුණු දිශාව වන්නට පෙනෙන්නේ ශ්‍රී පාදය නොහොත් ආදම්ගේ ඒ කඳු මුදුනයි. කොළඹ වැව ලෙසින් හඳුන්වනු ලබන නිහඬ නිශ්චල ජලාශය ඇත්තේ කොම්පඤ්ඤ වීදිය පැත්තට වෙන්නටය. මේ පෙදෙසේ ඇති නිවාස සහ මන්දිර අලංකාරත්වයෙන් යුක්තය. එහි අතරින් පතර දක්නට ලැබෙනා දෙල් ගස් මෙන්ම පුවක් ගස් නිසාද මේ ස්ථානයට ගෙන එන්නේ ඉතා අලංකාරවත් බවකි. එහි පසෙකින් දිස්වන්නේ අවි හරඹ කරනා සෙබළ කණ්ඩායම්ය. මාවතේ ගමන් කරනා බක්කි කරත්ත සමූහයකින්ද මෙම ස්ථානයට ගෙන එන අලංකාරය අති මහත්ය. සෙබළ කණ්ඩායම් නිසා යමකුට නම් එය අවහිරයක් වුවද විදේශයකින් පැමිණෙන ආගන්තුකයකුට නම් කිසිදු දිනක මෙවන් අමතක නොවනා නෙත් පිනවනා දර්ශනයක් වෙනත් කිසිදු තැනකදී හමු නොවනා බව විශ්වාසයි.”

ගාලුමුවදොර පිටියේ නැත්නම් ගෝල්ෆේස් පිටියේ තිබූ බව සඳහන් දරුණු එල්ලුම් ගසේ කතාවද මෙහිදී අප සඳහන් කළ යුතුය. 1856 වර්ෂයේදී “සර් හෙන්රි වෝඞ්” නම් ආණ්ඩුකාරවරයා විසින් එදා ඉදිකළ මෙම “ගෝල්ෆේස් සක්මන” තුළ සැබෑවටම එල්ලුම් ගසක් තිබී ඇත. නමුත් එය ඉදිවන්නේ “ගෝල්ෆේස් සක්මන” ඉදිකරන්නට පළමුව එනම් 1815 වර්ෂයේදීය. ඒ අනුව එදා ගාලුමුවදොර යනු යුද්ධාධිකරණයේදී වරදකරුවන් වූ අයගේ දඬුවම් මධ්‍යස්ථානය විය. එහි සුවිශේෂීම වූ සිදුවීම වූයේ 1815 වර්ෂයේ සිංහල දමිළ අලුත් අවුරුදු දිනයේය. ඒ යුද්ධාධිකරණයේ වරදකරුවකු බවට පත් වූ “ඩැනිෂ් ඬේල්” යන යුද සෙබළාගේ සිදුවීමයි. ඔහුට තිබූ එකම වරද වන්නේ මහා රජුගේ 73 වැනි පාබළ හමුදාවේ සේවයේ යෙදී සිටියදී සිදුකළ කැරලි ගැසීමේ චෝදනාවයි. ඒ අනුව ඔහුට එදා අත්වූයේ එල්ලා මැරීම හෙවත් මරණ දඬුවමයි. ඒ අනුව අදාළ දිනයේදී ඔහුව එල්ලා මැරීමට එවකට කාලතුවක්කු හමුදාවේ මෙන්ම යුද හමුදාවේද ආරක්ෂක රැකවරණය මත ගෝල්ෆේස් පිටියට ගෙන එන්නට විය. ඒ කොටුවේ වූ බැරැක්කයේ සිට අතට පයට දැමූ විලංගුද සමඟිනි.

එහෙත් අවසානයේ “ඩැනිෂ් ඬේල්” නම් වූ එම සෙබළා එල්ලා නොමැරූ අතර ඊට හේතුව ලෙස ඔහු එදා සඳහන් කර ඇත්තේ ආණ්ඩුකාරවරයා විසින් ඔහුට අභය දානය ලබාදුන් බවයි. එහිදී මරණ දඬුවම සඳහා නියම වී සිටි සෙබළා තම දෑත් අහස දෙසට දිගු කර කඳුළු සලමින් දෙවියන්ට ස්තුති කළ බව සඳහන් වෙයි. එය ගාලුමුවදොර පිටියේ වූ විශේෂ සිදුවීමකි.
රුවන් එස්. සෙනෙවිරත්න

SendShareShare
Previous Post

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Next Post

විමල්ට-ගම්මන්පිලට අමුණුගමගෙන් උත්තර

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.