ඉදිරි මහමැතිවරණය පොහොට්ටුව ලකුණින් තරග කිරීම වඩාත් සුදුසු බව ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පොහොට්ටුව යනු ජයග්‍රාහී සලකුණක් බැවින් ඉදිරියේදී ඊට එක්වන සියලු පක්ෂ සමග කොන්දේසි සහිතව එක් වන බවකි.
මල්වතු මහනාහිමියන් බැහැදකිමින් මහනුවරදී අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත.
කෙසේවෙතත් පසුගිය දින දෙක තුළ විමල් වීරවංශ අමාත්‍යවරයාත්, උදය ගම්මන්පිල මන්ත්රීවරයාත් කියා සිටියේ කලින් ගිවිසුම්ගත වූ පරිදි මහමැතිවරණය පුටුව ලකුණ යටතේ තරග කළ යුතු බවත්, ජනාධිපතිවරණ ජයග්‍රහණය යනු කිසිවකු විසින් තනිව ලබාගත් එකක් නොවන බවත්, කිසිවකු හෝ එසේ සිතන්නේ නම් ලොකු වැරදීමක් වී ඇති බවත්ය.