• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

December 4, 2019
in Astrology
Reading Time: 1 min read
A A
ඔබේ සහකරු ඉන්න තැන මෙන්න
Share on WhatsAppShare on Facebook

විවාහ අපේක්ෂිත තරුණ තරුණියන් කවුරුත් පාහේ උනන්දු වන්නේ තම අතගන්නා සහකරු හෝ සහකාරිය කවදා කෙලෙස කොයි ප්‍රදේශයෙන් තමාට හමුවේදැයි දැන ගැනීමටය. ඔබ තරුණයෙක් හෝ තරුණියක් නම් මේ වන විටත් ඔබ සම්බන්ධව ජ්‍යොතිෂවේදීන් වෙතින් විමසා ඇසුවාට සැක නැත. තමාට ලැබෙන සහකරු හෝ සහකාරිය පිළිබඳ තොරතුරු පැවැසෙන්නේ ඕනෑම ජන්ම පත්‍රයක 7 වැන්න හෙවත් කලත්‍ර ස්ථානයෙනි. ඕනෑම ජන්ම පත්‍රයක 7 වැන්නට යෙදෙන රාශියත්, 7 වැන්නේ තැන්පත් ග්‍රහයනුත්, 7 වැන්නාධිපති තැන්පත් ස්ථානයත් 7 වැන්නට ලැබෙන සුබ අසුබ දෘෂ්ටීන්, 7 වැන්නාධිපතිට ලැබෙන සුබ අසුබ දෘෂ්ටීන් මත ඕනෑම අයකුගේ විවාහය සම්බන්ධව පැවැසිය හැකි කරුණු කාරණා බොහෝය. මීට අතිරේකව චන්ද්‍රයාගෙන් මෙන්ම සිකුරුගෙන් 7 වැන්නද 7 වැන්නෙන් 7 වැන්නද විවාහය සම්බන්ධ තතු විමර්ශනයේදී වැදගත්ය. කෙසේ නමුත් ජන්ම පත්‍රයක 7 වැන්නත් 7 වැන්න අධිපතිත් නිවැරැදිව හඳුනා ගැනීම ඉතාම වැදගත්ය. මේ සඳහා නිදසුනක් ලෙස මේෂ ලග්නයේ 7 වැන්නාධිපති සොයමු.

* 7 වැන්නාධිපති ග්‍රහයා ලග්නයේ නම් ප්‍රේම සම්බන්ධතාවක් මත බොහෝ විට විවාහය සිදුවේ. ඉතාම පහසුවෙන් තම සහකරු හෝ සහකාරිය හමුවේ. බොහෝවිටම ඔහු හෝ ඇය ඔබ සොයා පැමිණේ. ඔබ උපන් ප්‍රදේශයට නැඟෙනහිර ප්‍රදේශයෙන් ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ.

* 7 වැන්නාධිපති ග්‍රහයා දෙවැන්නේ නම් බැංකුවක් වැනි මුදල් ගනුදෙනු කරන ස්ථානයකදී හෝ එවැනි ක්‍රියාවකදී හෝ ගායනය මෙන්ම කථිකත්වය ඉස්මතු වන අවස්ථාවක තම සහකරු හෝ සහකාරිය හමුවේ. උපන් ප්‍රදේශයට නැඟෙනහිර දිශාවෙන් තරමක් ඊසානට බරව ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ.

* 7 වැන්නාධිපති ග්‍රහයා 3 වැන්නේ නම් සහෝදර සහෝදරියන් මගින් හෝ පිය පාර්ශ්වයේ ඥාතීන් මගින් සහකරු හෝ සහකාරිය හමුවේ. එය බොහෝ විට විනෝද ගමනක් වැනි කෙටි චාරිකා අවස්ථාවක විය හැකිය. ඔහු හෝ ඇය ජනප්‍රිය අයකු වීමට ඉඩ ඇත. ඔබ උපන් ප්‍රදේශයට උතුරින් ඊසාන දිශාවට බරව ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ.

* 7 වැන්නාධිපති ග්‍රහයා 4 වැන්නේ නම් මව් පාර්ශ්වයේ ඥාතීන් මාර්ගයෙන් නිවෙසේ යම් උත්සව අවස්ථාවක හෝ ඉඩකඩම්, යානවාහන ආදිය මිලට ගැනීමේ අවස්ථාවක හෝ එවැනි ස්ථානයකදී ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ. ඔහු හෝ ඇය බුද්ධිමත්ය. උගත්ය. ගේ දොර ඉඩකඩම් වාහන හිමි අයෙකි. ඔබ උපන් ප්‍රදේශයට උතුරින් ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ.

* 7 වැන්නාධිපති 5 වැන්නේ නම් අධ්‍යාපන කටයුත්තකදී බොහෝ විට සහකරු හෝ සහකාරිය හමුවේ. බොහෝ විට ප්‍රේම සම්බන්ධයක් මත විවාහය සිදුවේ. කලාත්මක අංශයේ වෘත්තියක නියුක්ත වීමේ ඉඩකඩ වැඩිය. ඔබ උපන් ප්‍රදේශයට උතුරින් වයඹ දිශාවට බරව ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ.

* 7 වැන්නාධිපති 6 වැන්නේ නම් සේවකයකු හෝ මාමා වැනි ඥාතියකු මාර්ගයෙන් සහකරු හෝ සහකාරිය හමුවේ. විරුද්ධමත ධාරියකු වීමට බොහෝ ඉඩකඩ පවතී. කල්පවත්නා නිධන්ගත රෝගී තත්ත්වයකින් පෙළීමට ඉඩ ඇත. වහා කිපෙනසුලු දුරදිග නොබලා කටයුතු කරන අයෙකි. ඔබ උපන් ප්‍රදේශයට බටහිරින් වයඹ දිශාවට බරව ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ.

* 7 වැන්නාධිපති 7 වැන්නේම නම් හවුල්කරුවකු මාර්ගයෙන් හෝ ඥාති පසුබිමක මාර්ගයෙන් හෝ සහකරු හෝ සහකාරියගේ පෙලඹවීම මත විවාහය සිදුවේ. ආගමට දහමට ළැදි ගුණ යහපත් අයෙකි. හුදෙකලාව ප්‍රිය කරයි. බොහෝවිට ප්‍රධානත්වයක් උසුලයි. ප්‍රේම සම්බන්ධයක් මත විවාහය සිදුවීමේ ඉඩකඩ වැඩිය. ඔබ උපන් ප්‍රදේශයට බටහිරින් ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ.

* 7 වැන්නාධිපති 8 වැන්නේ නම් හදිසියේ අවමංගල්‍ය උත්සව අවස්ථාවක හෝ හදිසි අනතුරු, රෝගී වැනි අවස්ථාවක හෝ ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ. බොහෝ විට සිතුම් පැතුම් නොගැළපෙයි. තරමක් කපටි චරිතයකට හිමිකම් කියයි. ගුණ යහපත්කමින් අඩුය. ඔබ උපන් ප්‍රදේශයට බටහිරින් නිරිත දෙසට බරව ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ.

* 7 වැන්නාධිපති 9 වැන්නේ නම් ආගමික ස්ථානයක ආගමික උත්සව අවස්ථාවක, වන්දනා චාරිකා වැනි දීර්ඝ ගමනකදී හෝ විදේශ ගමනකදී වැඩිහිටි ඥාතීන් මාර්ගයෙන් ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ. බොහෝ විට ඔබ අතපතා ගෙන එන අයකු විය හැකිය. සැහැල්ලුවෙන් ජීවත්වන අයෙකි. ගුණ යහපත්ය. ධාර්මිකය. ඔබ උපන් ප්‍රදේශයට දකුණින් නිරිත දෙසට බරව ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ.

* 7 වැන්නාධිපති 10 වැන්නේ නම් රැකීරක්ෂා කටයුතුවලදී ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ. රාජ්‍ය අංශයේ හෝ ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු විය හැකිය. උත්සාහවන්ත ගුණ යහපත්කමින් පරිපූර්ණ ධාර්මික අයෙකි. සැලැසුම් සහිතව ජීවිතයට මුහුණ දෙයි. ඔබ උපන් ප්‍රදේශයට දකුණින් ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ.

* 7 වැන්නාධිපති 11 වැන්නේ නම් වැඩිමහල් සහෝදරයකුගේ මාර්ගයෙන් හෝ මිතුරන් මාර්ගයෙන් හෝ හදිසි ධන ලාභයක් වැනි අවස්ථාවක හෝ ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ. බොහෝ විට ප්‍රේම සම්බන්ධතා මත විවාහය සිදුවේ. උත්සාහවන්ත කඩිසර අයෙකි. ඉක්මනින් දියුණුවන අයෙකි. ඔබ උපන් ප්‍රදේශයට දකුණු දෙසින් ගිනිකොන දෙසට බරව ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ.

* 7 වැන්නාධිපති 12 වැන්නේ නම් රෝහල්, උසාවි, බන්ධනාගාර, ඖෂධහල්, සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන හෝ සමාජ සේවා ආයතනයකදී ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ. ඔහු හෝ ඇය වියදම් වැඩි විනෝදයට බර අයෙකි. විදෙස් රැකියාවක නියුතු අයකු වීමට ඉඩ තිබේ. ඔබ උපන් ප්‍රදේශයට නැඟෙනහිරින් ගිනිකොන දිශාවට බරව ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ.

ඉහත අනුදිශාවකට බරව යනුවෙන් සඳහන් කළ සෑම අවස්ථාවකම මූලිකත්වය හිමි වන්නේ ප්‍රධාන දිශා සතරින් එකකට බව සිහියේ තබාගන්න. ඉහත සවිස්තරව දක්වා ඇති ආකාරයට ඔබත් ඔබගේ ජන්ම පත්‍රයේ 7 අධිපති හැඳින ඔබට මංගල සීනු හැඬවෙන්නේ කොයි දිශාවෙන්ද කෙලෙසකද යන වග දැනගන්න. එසේම විවාහය සිදුවන කාලය දැනගත හැකි ක්‍රම ලෙස 7 වැන්නේ තැන්පත් ග්‍රහයකුගේ මහ දශා හෝ අතුරු දශාවකදී, ජන්ම පත්‍රයේ සඳු සිටින ස්ථානයෙන් 7 වැන්නේ සිටින ග්‍රහයාගේ කාලයේදී, ගෝචරයෙන් ගුරු බලවත් වන කාලයේදී, ගුරුගේ මහ දශා අතුරු දශා කාලවල, ගෝචරයෙන් ගුරු 7 වැන්නට දෘෂ්ටි දෙන විට, 7 වැන්නාධිපති සිටින ස්ථානය හරහා ගුරු ගෝචරය වන විට, කුජ සිටින ස්ථානය මතින් ගුරු ගෝචරය වන විට, කුජ සිටි ස්ථානයෙන් 7 වැන්නේ ගුරු ගෝචරය වන විට, විවාහ කාරක සිකුරු වැනි ග්‍රහයකුගේ දශාවක් තුළ ලග්නය 3, 4 ස්ථානයක සිටින ග්‍රහයන්ගේ දෘෂ්ටිය ගෝචරයෙන් 7 වැන්නට වැටෙන විටද වැනි අවස්ථාවක විවාහයක් සිදුවේ යැයි නිසැකවම කිව හැකිය. විවාහ අපේක්ෂිත ඔබට ජය හා සතුට.

ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

මං පෙම්වතියක් නෙමෙයි

Next Post

ගෝල්ෆේස් පිටියේ කතාව

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.