• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කුණු සුද්ද කරන-ට්‍රැෆික් අඩු කරන ‌පොලිස් ‌මෙහෙයුම

November 30, 2019
in News, Politics
Reading Time: 3 mins read
A A
කුණු සුද්ද කරන-ට්‍රැෆික් අඩු කරන ‌පොලිස් ‌මෙහෙයුම
Share on WhatsAppShare on Facebook

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයට පත්වීමත් සමඟ මහජනයාට දැනෙන ක්‍රියාමාර්ග දෙකක් ගත්තේ පසුගිය සතියේදීය. එනම් පසුගිය 2015 ආණ්ඩු පෙරළියත් සමඟ පරිසර දූෂණය ඇති කරමින් යළිත් වල්වැදුණු පරිසරය ජනතා ඇසට ප්‍රියමනාප තැනක් බවට පත්කිරීමේ පළමු වෙඩි මුරය තැබීමට ජනාධිපතිවරයා සමත් විය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂක ලේකම් සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් සිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතා එවකට පරිසරය අලංකාර කරමින් කොළඹ ඇවිදින මංතීරු සකස් කළේය.
කොළඹ නගරය ඉතාම ඉක්මනින් පිරිසුදු නගරයක් බවට පත්කරමින් බේරේ වැව අවට ප්‍රදේශය මෙන්ම කොළඹ පැල්පත්වාසීන් තට්ටු නිවාසවලට යැවීමේ සංකල්පයද ගෙන ආවේද ගෝඨාභයය.
එදා කුණු කඳු ගොඩගැසුණු කතාද අසන්නට නොලැබිණි. පරිසරය අලංකාර කිරීමේ මෙහෙයුමට හමුදාවද සම්බන්ධ කරගනිමින් මහමඟ බුලත් කෙළ පහරක් නොගසන තැනට, කොළ කැබැල්ලක් බිම නොදමන තැනට රට ලස්සන කිරීමට අත්පොත් තැබුවේද ගෝඨාභයය.
එදා එනම් 2010 වසරේදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව යටතේ දිවයිනේ පිහිටි පොලිස් ස්ථාන 500කට වෙනම පරිසර පොලිස් ඒකක පිහිටුවීමේ සංකල්පය හඳුන්වා දෙමින් පරිසරයට හානිකරන පුද්ගලයන් නීතිය හමුවට ගෙනයා හැකි අන්දමට ඒ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමට ගෝඨාභය පියවර ගෙන තිබිණි.
2015 එවකට පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය බිඳවැටීමත් සමඟ පත්වූ රජය යටතේ පරිසර පෙලිස් ඒකක පරිසර කමිටු අක්‍රිය වීමෙන් පරිසර දූෂණයද යළි හිස ඔසවන්නට විය. මහමඟ කුණු පාර්සල් දින ගණනක් කුණු වන ස්වභාවයක් දැකගන්නට ලැබිණි. නගර යළි දුගඳින් පිරී යනු දැකගන්නට ලැබිණි.

එහෙත් එම යුගයට යළි තිත තබමින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මුලින්ම අතගැසුවේ යළි පරිසරය සුද්ද කරන්නටය. ඒ මහතාගේ නියෝගය මුලින්ම ගියේ පරිසර පොලිස් පිහිටුවා ඇති පොලිස් දෙපාර්තමේන්තුව දෙසටය. ඒ නියෝගය ඔහු ලබාදී තිබුණේ පැයකට දෙකකට නොව පැය 24 තුළම ක්‍රියාත්මක විය යුතු මෙහෙයුමකටය. එම පරිසර මෙහෙයුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
“ශ්‍රී ලංකා පොලිසියේ පාරිසරික දිසාව නැවැත ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ වුණා. පාරිසරික දිසාව භාර නියොජ්‍ය පොලිස්පතිවරයකු යටතේ පාරිසරික කොට්ඨාස භාර අධ්‍යක්‍ෂවරයකු යටතේත් එය ක්‍රියාත්මක වෙනවා. සෑම පොලිස් ස්ථානයකම තිබෙන පාරිසරික ඒකකද ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කළා. ඒ අනුව පොලිස් ස්ථානයන්හි ස්ථාපිත පාරිසරික ඒකක අධීක්‍ෂණය කිරීමට සහකාර පොලිස් අධිකාරීවරුන් සිවු දෙනකු පත්කිරීමට පියවර ගෙන තියෙනවා. පසුගිය 22 වැනි දින මෙම ක්‍රියාවලිය එනම් පරිසර ආරක්‍ෂණ ක්‍රියාවලිය මූලිකව ආරම්භ කළා. දැනට කොළඹ නගරයේ පවිත්‍රතා කොන්ත්‍රාත්තුව සිදුකරන පෞද්ගලික ආයතන දෙකෙහි සියලුම කළමනාකරුවන් පාරිසරික කොට්ඨාසය වෙත කැඳවූවා. ඔවුන්ට උපදෙස් දුන්නේ දිනපතා අලුයම 5.30 වන විට පවිත්‍රතා කටයුතු ආරම්භ කළ යුතු බවයි. ඉන් අනතුරුව පැය 24 පුරාම සේවකයන් යොදවා එම තත්ත්වය පවත්වාගෙන යායුතු බවට උපදෙස් දී තිබෙනවා.
මීට අමතරව පොලිස් ස්ථාන පරිසර ඒකකයන්හි නිලධාරීන් සෑම මාර්ගයකම යොදවමින් (කොළඹ මෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන්හි) පරිසරයට හානිවන ස්ථාන සහ ක්‍රියාවන් නිරීක්‍ෂණය කරනවා. තවද එහිදී එම නිලධාරීන් පරිසරය සුරැකීමට අදාළව මහජනයාට අවශ්‍ය උපදෙස් ලබාදෙන අතරම පරිසර ආරක්‍ෂණය සඳහා වැදගත්වන අනෙකුත් ආයතන (පළාත් පාලන ආයතන වැනි) සම්බන්ධීකරණය කිරීමද සිදුකරනු ලබනවා. විශේෂයෙන් රටපුරා තැනින් තැන අලවා ඇති පෝස්ටර්, බැනර් සියල්ල ඉවත්කර පරිසරය ලස්සන කිරීමද පොලිස් මෙහෙයුමේ තවත් පියවරකි. පරිසර ආරක්‍ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි නීතිමය ප්‍රතිපාදන රැසක්ද ඇති බව පොලිසිය මෙහිදී පෙන්වා දුන්නේය.
පරිසර පනත් මෙන්න
දණ්ඩනීති සංග්‍රහය, ජාතික මංමාවත් පනත, පොලිස් ආඥා පනත, ජාතික පාරිසරික පනත, ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ පනත, ගොවිජන සංවර්ධන පනත, මහනගර සභා ආඥාපනත, වෙරළ සංරක්‍ෂණ පනත යන පනත් යටතේ පවතින නීති-රීති අනු පරිසර නීතිරීති කඩකරන පුද්ගලයන්ට විරුද්ධව ක්‍රියා කළ හැකි වන නමුදු, පළමුව මෙම පනත් සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කර දෙවනුව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පැවැසුවේ. මූලිකව බලාපොරොත්තු වන්නේ බලධාරී ආයතන සම්බන්ධීකරණය කරගනිමින් මහජනතාවට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් සාමූහිකව පරිසරය සුරක්‍ෂා කිරීම සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ අනුව ඉකුත් 24 දින බස්නාහිර පළාතේ සෑම පොලිස් ස්ථානයකම පරිසර ඒකකවල ස්ථානාධිපතිවරුන් කොළඹට කැඳවා ඉදිරි කාලය තුළදී පාරිසරික ආරක්‍ෂාව පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග ගැන උපදෙස් ලබාදීමක්ද සිදුකර තිබේ. එහිදී පාරිසරික නිලධාරීන් නිල ඇඳුමට පැලැඳිය යුතු ජැකැට්ටු බෙදා දීමක්ද සිදුව තිබිණි.

පොලිස් පරිසර ආරක්‍ෂණ අංශයේ නියෝජ්‍ය පොලිස්පති එස්. ජේ. පෙරේරා මහතා පවසන්නේ දිවයින පුරා මංමාවත් පරිසර දූෂණයෙන් තොරව පවත්වාගෙන යෑම පිළිබඳවත් ඒ හා සම්බන්ධ නීති කඩකරන පුද්ගලයන්ට විරුද්ධව පනවා ඇති නීතිරීති ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි. 1866 එනම් දැනට අවුරුදු 153කට පෙර පැවැති සුදු අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමයේ පැවැති පොලිස් අක්‍රමිකතා යටතේ පවා මහාමාර්ගවලට කසළ බැහැර කිරීම හෝ මාර්ගයක් ආසන්නයේ සතකු මරා දැමීම නීති විරෝධී කරමින් පරිසර නීති ක්‍රියාත්මක කර තිබූ බව හෙතෙම පෙන්වා දුන්නේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ දෙවැනි ඇස කඩිනමින් යොමුවුණේ පිටස්තර ප්‍රදේශවල සිට කොළඹ කාර්යාලවලට රාජකාරි සඳහා පැමිණෙන රාජ්‍ය හා පෞද්ගලික සේවකයන් වෙතයි. පොදු ප්‍රවාහන සේවාවන්වල මෙන්ම තමන්ගේම පෞද්ගලික වාහනවල නගරයට පැමිණෙන රාජ්‍ය – පෞද්ගලික සේවකයන් මාර්ගවල පවතින වාහන තදබදය නිසා වාහන තුළ පැය ගණනක් දුක්විඳින ආකාරය ජනාධිපතිවරයා අත්දැක ඇත්තේද ඔහු එම මහාමාර්ගවල ගමන් කරමින් ලබාගත් අත්දැකීම් අනුවය. කොළඹ රෝහල් කරා පැමිණෙන රෝගීන්ටද පොදු ප්‍රවාහන සේවාවන්හි පවතින වාහන තදබදය නිසා ඇති වී තිබෙන දුක්ගැහැට ගැන අවධානය යොමු කළ ජනාධිපතිවරයා පසුගිය සතියේත් රටපුරා වාහ තදබදය සම්පූර්ණයෙන්ම ප්‍රධාන නගරවලින් ඉවත් කිරීමේ මෙහෙයුමද පොලිසියට භාර දීමට කටයුතු කළේය. ඒ අනුව පොලිසිය කොළඹ වාහන තදබදය ඉවත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කළේ කොටස් දෙකකට බෙදාගෙනය. උදේ 6.00 සිට සවස 2.00 දක්වා රථවාහන පොලිසිවල පොලිස් කණ්ඩායම් රථවාහන ගමනාගමනය කඩිනම් කිරීමට පියවර ගෙන තිබූ අතර, තවත් පොලිස් කණ්ඩායමක් දහවල් 12.00 සිට සවස 2.00 දක්වා පාසල් ළමයින්ගේ ප්‍රවාහනය කඩිනමින් කොළඹින් සහ පිටස්තර නගරවලින් පිටමංකර යැවීමේ මෙහෙයුමක්ද ආරම්භ කර තිබිණි. තවත් කණ්ඩායමක් සවස 2.00 සිට රාත්‍රි 10.00 දක්වා කාලය තුළදී පාරට බැස ඇත්තේ ජනාධිපති නියමයෙන් සිදුකෙරෙන රථවාහන පාලනයටය. දිවයින පුරා පිහිටි රථවාහන පොලිසි භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා එම රථවාහන මෙහෙයුම් සිදුකරන අන්දම ගැන කොළඹ සිට අධීක්‍ෂණය කරමින් උපදෙස් දෙමින් සිටී. රථවාහන තදබදය වැළැක්වීම සඳහා පසුගිය සතියේ සිට ක්‍රියාත්මක කර ඇති පොලිස් මෙහෙයුම සම්බන්ධයෙන් “මව්රට”ට අදහස් දැක්වූ රථවාහන පොලිසි භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
“අපේ රථවාහන පොලිසි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ වාහන තදබදය පවතින වේලාවල් අධීක්‍ෂණය කරමිනුයි. පසුගිය 24දා සිට රට පුරා ක්‍රියාත්මක කර ඇති මෙම මෙහෙයුම සාර්ථක අන්දමින් සිදු කෙරෙනවා. මෙම මෙහෙයුමේදී රිය අනතුරු අවම කිරීමද වැදගත්. ඒ නිසා රථවාහන පොලිස් ඒකකවල නිලධාරීන් වගේම ප්‍රජා පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් රථවාහන අංශයේ නිලධාරීන්ද සමඟ එක්වෙලයි මේ මෙහෙයුම ක්‍රියාත්මක කර තියෙන්නෙ. පළමුවෙන්ම අපේ රථවාහන පොලිසිවල නිලධාරීන් ත්‍රිරෝද රථ රියැදුරන්, යතුරුපැදිකරුවන්, පාපැදිකරුවන් සහ පදිකයන් සිදුකෙරෙන වැරැද හඳුනාගෙන ඒ අයව දැනුවත් කිරීම් සිදුකරනවා. අපි ලබන ජනවාරි මාසය දක්වා දැනුවත් කිරීම් සිදුකර ඊට පසුව නීති කඩකරන පුද්ගලයන්ට නීතිමඟින් දැඩිව කටයුතු කරනවා. වැඩි වශයෙන් රිය අනතුරුවලට ලක්වන්නේ එම පාර්ශ්වයන් බැවින් මෙලෙස එම පාර්ශ්වයන් ඉලක්ක කරගෙන මෙම වැඩමුළු දිවයින පුරාම පැවැත්වෙනවා.
මාර්ග නීති ආරක්‍ෂා කිරීමේ වැදගත්කම, නිසි පරිදි මාර්ගය භාවිත කළ යුතු ආකාරය සහ විශේෂයෙන්ම පදිකයන් මාර්ගයේ ගමන් කිරීමේදී සහ මාර්ගය මාරු වන විට අනතුරුවලට ලක්වන ප්‍රමාණයන් අවමකර ගැනීම සඳහා නිසි උපදෙස් දීමද මේ දිනවල සිදුකරගෙන යනවා. එමඟින් සුරක්‍ෂිත රටක් බිහිකිරීම සඳහා සහාය වන ලෙසයි මහජනතාවගෙන් රථවාහන පොලිසිය ඉල්ලා සිටින්නේ.
කොළඹ රථවාහන මූලස්ථානයේ සියලුම රථවාහන පොලිසි භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
“දිනකට පිටපළාත්වල සිට කොළඹට රථවාහන ලක්‍ෂ තුනක් පමණ ඇතුළු වෙනවා. එමඟින් සිදුවන රථවාහන තදබදය නිසා සිදුවන මාර්ග අවහිරය නැති කිරීමට පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ නියෝග මත දැනටත් පියවර අරගෙනයි තියෙන්නේ. කොළඹ වර්ණ සංඥා අසල මාර්ගවල වාහන තදබදයක් ඇති වුණහොත් වර්ණ සංඥා ක්‍රියාවිරහිත කොට වාහන තදබදය ඉවත් කරනවා. ඒ මෙහෙයුම දැනටමත් ක්‍රියාත්මක කරන්න රථවාහන පොලීසිවල පොලිස් නිලධාරීන් 8,000කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා යොදවා තිබෙනවා. එහෙම යොදවා ඇති නිලධාරී සංඛ්‍යාවකගේ අඩුවක් වේ නම් ඒ සඳහා පොලිසිවල සිටින පැමිණිලි අංශ වැනි වෙනත් අංශවල නිලධාරීන්ද රථවාහන තදබදය පවතින අවස්ථාවල මහමඟ රාජකාරියේ යෙදවීමට සැලසුම් කර තියෙනවා. රථවාහන තදබදයක් පවතින වේලාවන් රථවාහන පොලිසිය විසින් සිදුකරන ලද සමීක්‍ෂණයකදී හෙළිකරගෙන තිබෙනවා. කොහොම නමුත් උදේ 6.00 සිට සවස 2.00 දක්වාත්, සවස 2.00 සිට රාත්‍රි 10.00 දක්වා කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් යොදවා රථවාහන පාලනය කරන්නේ මහජනතාවට සිදුවන අපහසුතා මඟහැරවීමටයි. ඒ දේ කරන්න කියල තමයි අපිට උපදෙස් ලැබී තියෙන්නේ. රථවාහන පාලනයට යොදා ඇති වර්ණ සංඥා පුවරු අසලදීත් වාහන තදබදයක් ඇති වුවහොත් විකල්ප මාර්ග ඔස්සේ ඔවුන්ව යායුතු ස්ථානවලට වාහන හරවා යැවීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරනවා. නමුත් වැඩි වශයෙන් සිදුකරන්නේ එවැනි අවස්ථාවලදී මාර්ගයේ ඇති වර්ණ සංඥා ක්‍රියාවිරහිත කොට වාහන ඉදිරියට ඇදී යෑම වේගවත් කිරීමයි. කොළඹ ඇතුළු ප්‍රධාන නගරවලත්, දහවල් පාසල් ඇරෙන වේලාවල්හිදීද විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා.”
මහජනයාට කෙළින්ම බලපා ඇති ප්‍රධාන ප්‍රශ්න දෙකකට අතතබා ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා ගෙන ඇති මෙම කඩිනම් ක්‍රියාමාර්ගවලින් පසු තවත් මහජන හිතසුව පිණිස ඇරැඹෙන ක්‍රියාදාමයන් කිහිපයක් ඉදිරි දිනවලදී ප්‍රකාශයට පත්කරනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

මඩ ‌හෝදලා රජ වුණු ‌ෆේස්බුක් ‌ගොවියෝ

Next Post

ජනාධිපති පළමු සාකච්ජාව ඉන්දියාවට ‌දෙයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.