කළගෙඩිහේන ඉන්ධන පිරවුම් හල අසල දින දෙකක් තිස්සේ ඉන්ධන ලබා ගැනීම සඳහා වාහන නවතා ගෙන පෝලිමේ සිටි විශාල පිරිසක් ඉන්ධන නොලැබීම හේතුවෙන් අද (17) පස්වරු 07.30 ට පමණ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය වාහන හරස් කර උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත.
ඉන්ධන වහා ලබා දියව්, ගෝඨා පන්නමු ඇතුළු විවිධ සටන් පාඨ කියමින් පිරිස උද්ඝෝෂණයේ යෙදී සිටින අයුරු දැක ගන්නට ලැබුණි.
පාර වසා උද්ඝෝෂණය ආරම්භ වී ටික වේලාවක් යද්දී බෙම්මුල්ල, ගම්පහ, වීරගුල, යක්කල හා නිට්ටඹුව යන පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියත් පිරිස දිගටම උද්ඝෝෂණයේ යෙදී සිටින අයුරු ද දැක ගත හැකි විය.
මාර්ගය දෙපසට දිගු වාහන පෝලිම් පැවතුනු අතර ඉතිරි වී ඇති කුඩා ඉඩ ප්‍රමාණයකින් වාහන සුළු ප්‍රමාණයක් ධාවනය වන අයුරුද දැක ගන්නට ලැබුණි.
මේ අතර ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය බලන්ගොඩ තුඔගොඩ සහ කිරිදිගල ප්‍රදේශවලින් 17 රාත්‍රියේ වසා දැමිමට ඉන්ධන පිරවුම් අසල පෝලිම් වල රැදි සිටි ජනතාව කටයුතු කරන ලදී.
මෙිි හේතුවෙන් මෙිි වන විට කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනට සමිපුරණයෙන්ම බාධා ඇති විය.
බලන්ගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් වලට දින දෙකක පමණ සිට ඉන්ධන බෙදා හැරිමක් සිදු කර නොමැති අතර ඉන්ධන ලබා ගැනිම සදහා 17 පෙරවරුවේ සිට විශාල පිරිසක් බලන්ගොඩ නගරයේ කිරිදිගල ප්‍රදේශයේ ඇති ඉන්ධන පිරවුම් හල ඉදිපිට දිගු වාහන පොලිමි වල රැදි සිටියහ.
එම ඉන්ධන පෝලිම් වල රැදි සිටි රථ වාහන රියදුරුන් මෙලෙස මාර්ගය අවහිර කර තිබෙන අතර
තත්ත්වය පාලනය කිරිම සදහා බලන්ගොඩ පොලිසියේ නිළධාරින් කටයුතු කරන ලදී.










