උතුරේ දෙමළ පක්ෂ කිහිපයක්ම ජනාධිපිවරයාගේ සර්ව පාක්ෂික සමුලුව වර්ජනය කිරීමට තීරණය කොට ඇත.
ඒ අනුව සී.වී. විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා සන්ධානය සහ ගජන් පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයද එම සමුලුව වර්ජනය කිරීමට තීරණය කොට තිබේ.
මීට අමතරව දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ නායක සෙල්වම් අඩෛක්කිලනාදන් ඊට සහභාගී වීම ප්‍රතික්ෂේප කොට ඇත.
නමුත් දෙමළ සන්ධානයේ සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේ සර්ව පාක්ෂික සමුලුවට සහභාගී වන බවකි.









