කෝටිපති ධම්මික පෙරේරා මහතා විසින් මොරටුව විශ්ව විද්‍යාලය සමග ඒකාබද්ධව හදුන්වා දී ඇති පළමු හා එකම මාර්ගගත Online ‘පුහුණු ෆුල් ස්ටැක් ඩිවලොපර් (Trainee – Full Stack Developer) ’මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාව හරහා මේ වනවිට රැකියා 50,000ක් පමණ නිර්මාණය වී ඇති බව දැනගන්නට ඇත.
එම රැකියාවන්හි වැටුප රුපියල් 50,000 ඉක්මවා යන ඒවා බවද දැනගන්නට තිබේ.
මෙහිමෙහි ඇති විශේෂත්වය වන්නේ ලංකාවේ සිටම මාර්ගගත ක්‍රමය ඔස්සේ නිදහස් සේවකයකු ලෙස මෙම රැකියාවල නිරතවීමට ඇති හැකියාවය.
මෙම පාඨමාලාව හදුන්වා දී මසක් ඇතුළත අයදුම්පත් 40,000කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇති බවද දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් DP Education ආයතනය නිකුත් කොට තිබූ මාධ්‍ය නිවේදනය මෙසේය.
ශ්‍රී ලංකාවේ නොමිලේ හැදෑරිය හැකි පළමු හා එකම මාර්ගගත Online ‘පුහුණු ෆුල් ස්ටැක් ඩිවලොපර් (Trainee – Full Stack Developer) ’මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාව හඳුන්වාදීම.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන මොරටුව විශ්වවිද්‍යාලය, අධ්‍යාපනයේ නවතම පියවරක් ලෙස අරඹන ලද ‘පුහුණු ෆුල් ස්ටැක් ඩිවලොපර් ’ පාඨමාලාව මාර්ගගත ක්‍රමයට ආරම්භ කිරීම අද සිදුවිය.
මොරටුව විශ්වවිද්‍යාලය තුළ වර්තමානයේ උපාධි අපේක්ෂකයන් දසදහසකට වැඩි පිරිසක් හා පශ්චාත් උපාධි අපේක්ෂකයන් තුන්දහස් පන්සියයකට වැඩි පිරිසක් අධ්‍යාපනය හදාරයි.
පීඨ හයකින් සමන්විත මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ගේ වාර්ෂික සමත්වීමේ සහ මාස තුනක් ඇතුළත රැකියාවක් ලබාගැනීමේ ප්‍රතිශතය 90% ඉක්මවා යයි.
එම සංඛ්‍යාලේඛන දෙස බැලීමේදී මොරටුව විශ්වවිද්‍යාලය සිසු සිසුවියන්ට ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මක බව මනාව පැහැදිලි වේ.
මොරටුව විශ්වවිද්‍යාලය ලබාදෙන උපාධිවලට ජාත්‍යන්තර පිළිගැනීමක්ද හිමිවන අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සහ ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවලදී මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන්ට ඉහළ ඉල්ලුමක් පවතී.
රටට අවශ තොරතුරු තාක්ෂණවේදීන්ගේ අවශ්‍යතාව සපුරාලීමට තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් සහ මොරටුව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයත්, DP Education ව්‍යාපෘතියත් සමග එක්ව මොරටුව විශ්වවිද්‍යාලය දියත් කළ නවතම සමාජ සත්කාර ව්‍යාපෘතිය අද එළිදැක්විණි.
open.uom.lk වෙබ් අඩවිය හරහා විවෘත හා නිදහස් පාඨමාලාවක් ලෙස ඉදිරිපත් කෙරෙන ‘පුහුණු ෆුල් ස්ටැක් ඩිවලොපර් (Trainee – Full Stack Developer) පාඨමාලාව, මෘදුකාංග නිපැයුම්වල නියැලීමට අවශ්‍ය මූලික අඩිතාලම විධිමත්ව ලබාදෙනු ලබයි. සම්පූර්ණයෙන්ම නොමිලේ හැදෑරිය හැකි මොඩියුල හයකින් යුත් මෙම පාඨමාලාව සාර්ථකව නිමකරන සහභාගි වන්නන් සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ විවෘත හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රය, ඉංජිනේරු පීඨයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු විද්‍යා දෙපාර්තමේන්තුව හා තොරතුරු තාක්ෂණ පීඨයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කරන සහතික පත් හිමිවේ.
අධ්‍යාපන අමාත්‍යෘංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මැතිතුමන්, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මැතිතුමන්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සභාපති ඕෂධ සේනානායක මැතිතුමන්, මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එන්.ඩී. ගුණවර්ධන මැතිතුමන්, ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා මැතිතුමන් සහ DP Education නිර්මාතෘ ධම්මික පෙරේරා මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේදී ශ්‍රී ලංකාවේ පළමු සහ එකම නොමිලේ හැදෑරිය හැකි මාර්ගගත ‘පුහුණු ෆුල් ස්ටැක් ඩිවලොපර් (Trainee – Full Stack Developer)’ මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාව හඳුන්වාදීම අද සිදුකෙරිණි.
මොරටුව විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් මෙම උළෙල සංවිධාන කර තිබූ අතර තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ක්ෂේත්‍රයේත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේත් විද්වතුන් සහභාගි වූ සාකච්ඡා මණ්ඩලයක් වඩා ඵලදායී මාර්ගගත අධ්‍යාපන ක්‍රමයකට ශ්‍රී ලංකාව යොමුවිය හැක්කේ කෙසේදැයි හරවත් සාකච්ඡාවක නියැළුණේ සූම් Zoom තාක්ෂණය ඔස්සේද සහභාගි වූ දෙස් විදෙස් විශාල පිරිසක් සමගයි. මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වූ මහාචාර්ය මලික් රණසිංහ මැතිතුමන් මෙම සාකච්ඡාව මෙහෙයවූ අතර සාකච්ඡාවට පූර්විකාවක් සැපයුවේ මොරටුව විශ්වවිද්‍යාලයේ විවෘත හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා විශාඛා නානායක්කාර මැතිනියයි.
වර්තමාන ලෝකයේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සීඝ්‍රයෙන් ප්‍රචලිත වන මාර්ගගත (online) අධ්‍යාපන ක්‍රමය මෙරට තුළද ප්‍රචලිත කිරීමේ අරමුණෙන්, DP Education ව්‍යාපෘතිය මොරටුව විශ්වවිද්‍යාලය සමගින් අත්වැල් බැඳගන්නේ එම විශ්වවිද්‍යාලය තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන බැවිනුයි.
අධ්‍යාපනයේ සැබෑ වටිනාකම අවබෝධ කරගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යවසායකයකු වන ධම්මික පෙරේරා මැතිතුමන්ගේ සංකල්පයක් මත ශ්‍රී ලංකාවේ විශාලතම ඩිජිටල් පාසල වන DP Education ආරම්භ කෙරුණේ 2019 වසරේදීය. සුදුසුකම් ලත් මෙරට දක්ෂතම ගුරු මඬුල්ලකගේ සම්පත් දායකත්වය යටතේ තුන්වැනි ශ්‍රේණියේ සිට දහතුන්වැනි ශ්‍රේණිය දක්වා පාසල් දරුවන්ට සෑම විෂයක්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ හැදෑරීමට අවස්ථාව ලබාදෙමින් ආරම්භ කළ DP Education ව්‍යාපෘතියේ අරමුණ වූයේ මෙරට දුවාදරුවන්ගේ නැණස පෑදීමටයි. අනතුරුව වයස අවුරුදු දෙකත්, හතත් අතර දරුවන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය හැදෑරීමට පසුබිම සකසා දෙමින් DP Kids හඳුන්වාදීම සිදුකෙරිණි. සිසු නැණස පෑදීමේ සද්කාර්යය තවදුරටත් පුළුල් කරමින් පසුකාලීනව DP University හඳුන්වා දුන්නේ විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගේ හැකියාවන් දියුණු කිරීම සහ ප්‍රායෝගික කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිවයි.
වසර දෙකහමාරක් වැනි කෙටි කාලයක් තුළ DP Education යෙදුම App ජංගම දුරකතන ඔස්සේ මිලියනයකට අධික පිරිසක් භාවිත කිරීම DP Education මෙතෙක් ආ ගමන් මඟේ සාර්ථකත්වය පිළිබඳ සාක්ෂි සපයයි. එමෙන්ම Youtube, Facebook, Instagram ඇතුළු සියලු සමාජ මාධ්‍ය සැකසුම් ඔස්සේ DP Educationවෙත සමීප වීමට හැකිවීම එහි සාර්ථකත්වයට තවත් හේතුවක් වී තිබේ.
පාසල් සිසුන්ගේ නැණස පෑදීමට මෙන්ම විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගේ කුසලතා සංවර්ධනයට උරදුන් DP Education ඉන් නොනැවතී පාසල් සහ විශ්වවිද්‍යාලවලින් පිටවන දරුවන් සඳහා රැකියා ක්ෂේත්‍රයට පිවිසීමට අවශ්‍ය පදනම සකස් කර දීමටද ඉදිරිපත්ව තිබේ. ශ්‍රී ලංකාවේ නොමිලේ හැදෑරිය හැකි පළමු සහ එකම මාර්ගගත ‘පුහුණු ෆුල් ස්ටැක් ඩිවලොපර් (Trainee – Full Stack Developer) මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාව හඳුන්වා දීමට මොරටුව විශ්වවිද්‍යාලය සමග ඇත්වැල් බඳගන්නේ ඒ අනුවයි. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන සිසු සිසුවියන්ට නොමිලේ අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථා උදාකර දීම සහ ලෝක මට්ටමින් තොරතුරු තාක්ෂණ දැනුම ලබාගැනීමට මංපෙත් විවර කරදීම මෙම පාඨමාලාව හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණ වී තිබේ. වර්තමානයේ සීඝ්‍ර ලෙස රැකියා අවස්ථා විවෘත වන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ මෙරට සිසු සිසුවියන් තුළ උනන්දුවක් ඇතිකිරීම මෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට නව අදහස් සහිත නිර්මාණශීලී ව්‍යවසායකයන් බිහිකිරීමද මෙම පාඨමාලාව හඳුන්වා දීමේ අරමුණු අතරට ඇතුළත්ය.
මොරටුව විශ්වවිද්‍යාලය සහ DP Education එක්ව මෙම පාඨමාලාව සකස් කර ඇති අතර මෙය ශ්‍රී ලංකා පරිගණක සංගමයේ අනුමත පාඨමාලාවකි. මොරටුව විශ්වවිද්‍යාලයේ විවෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රය මෙම පාඨමාලාව මෙහෙයවීම සිදුකරයි. උසස් පෙළ විභාගවලට පෙනී සිටි සිසු සිසුවියන්ට මාස හයක ‘පුහුණු ෆුල් ස්ටැක් ඩිවලොපර් (Trainee – Full Stack Developer) මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාව නොමිලේ හැදෑරීමට හැකිය.
ශ්‍රී ලංකාවේ පළමු සහ එකම මාර්ගගත ‘පුහුණු ෆුල් ස්ටැක් ඩිවලොපර් (Full Stack Developer) මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාව හඳුන්වාදීමට අමතරව අධ්‍යාපනය සම්බන්ධ තවත් වෙබ් අඩවි දෙකක් අද එළිදැක්විණි. ඒ, DP Coding School වෙබ් අඩවිය සහ DP IELTS වෙබ් අඩවියයි. DP Coding School වෙබ් අඩවිය ඔස්සේ හඳුන්වාදෙන පරිගණක කේතකරණය (කෝඩින්) මගින් කුඩා දරුවන්ගේ සහ තරුණ තරුණියන්ගේ ගැටලු නිරාකරණ හැකියාව සහ විචක්ෂණශීලී චින්ත හැකියාව සංවර්ධනය කිරීම අරමුණ වී තිබේ. පාසල් සහ ශාස්ත්‍රීය මට්ටම්වලදී ගණිතය සහ තර්කානුකූල ගැටලු නිරාකරණය යන අංශ වර්ධනය කිරීමටද පරිගණක කේතකරණය (කෝඩින්) උපකාරී වේ. එය නව සාක්ෂරතා ක්‍රමවේදයක් වන අතර අනාගතයේ රැකියාවලට යොමුවීමේදී එම දැනුම අමතර සුදුසුකමක්ද වනු ඇත.
විදෙස්ගතව අධ්‍යාපනය හැදෑරීමට සහ විවිධ රැකියා ක්ෂේත්‍රවල (පරිගණක, ඉංජිනේරු ආදී) නිරත වීමට බලාපොරොත්තු වන මෙරට සිසු සිසුවියන්ට IELTS හැදෑරීමට අත්වැලක් සැපයීම අරමුණු කරගනිමින් DP IELTS වෙබ් අඩවියද අද දිනයේ එළිදැක්විණි. මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වූවන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ඉංග්‍රීසි දැනුමෙන් පරිපූර්ණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමද මෙහි තවත් අරමුණකි. IELTS හදාරන ඕනෑම අයකුට DP IELTS වෙබ් අඩවිය ඔස්සේ කෘත්‍රිම බුද්ධියේ සහාය ඇතිව සිය ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කර ගැනීමටද අවස්ථාව උදාකරදී තිබේ.
කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින් ශ්‍රී ලංකාව තුළ මෙවන් කටයුත්තක් සිදුකෙරෙන පළමු අවස්ථාව මෙයයි. ඉගෙනුම් කළමනාකරණ පද්ධති (Learning Management System) භාවිතයෙන් මාර්ගගත අධ්‍යාපනය Online Education ක්‍රමය යොදාගෙන රටට අවශ්‍ය මානව සම්පත් දියුණු කිරීමේ වඩා පුළුල් මෙහෙවරක් දියත් කිරීමට මොරටුව විශ්වවිද්‍යාලය, ඩී.පී. එඩියුකේෂන් සමග ගත් පියවර සැමට ආදර්ශයක් වනු ඇතැයි අපි විශ්වාස කරමු.










