• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සුමියුරු හඬක් ඇති රුවැත්තිය

November 28, 2019
in Heart
Reading Time: 2 mins read
A A
සුමියුරු හඬක් ඇති රුවැත්තිය
Share on WhatsAppShare on Facebook

ජීවිතය සොඳුරු ගීතයක් කරගත් ඇය ‘සිනාමල් ගොඩක්’ ගීතය තුළින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් නිතරම සිනාමුසු මුහුණකින් කටයුතු කරන සැබෑම අහිංසකාවියකි. සුප්‍රසිද්ධ සංගීත පවුලකින් පැවත එන ඇය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය දර්ශනපති විජයරත්න රණතුංගගේ සහ විශාරද නිර්මලා රණතුංගගේ දියණියයි. ඇය නමින් විශාරද සෙව්වන්දි රණතුංගයි.
කොහොමද මේ දවස්වල් ජීවිතය ගෙවෙන්නේ?
මේ දවස්වල ගොඩක් කාර්යබහුල නැහැ. සාමාන්‍ය ලෙස ජීවිතය ගෙවීයනවා.
එළිමහන් ප්‍රසංග වේදිකාවේ වැඩියෙන්ම ඉල්ලන්නේ මොන ගීතද?
මගේ අම්මා නිර්මලා රණතුංගගේ ගීත සහ පුංචි නිරංජලා සරෝජිනීගේ ගීතත් ‘සිනා මල් ගොඩක්’ ගීතයත් තමයි රසික රසිකාවියන් වැඩිපුර ඉල්ලන්නේ.
‘සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ’ ගීතය ලියැවුණේ කොහොමද?
ඒ ගීතය අපේ ගෙදර නිතර ආව ගිය රත්මලේ බන්දුල ගුණවර්ධන මහතා අතින් ලියැවුණ ගීතයක්. ඒ ගීතයට පාදක වුණේ අම්මාගෙයි මගෙයි ආදරය. මටයි අම්මටයි තමයි ඒ ගීතය ලියැවුණේ. එහි සංගීතය මගේ පියා දර්ශනපති විජයරත්න රණතුංගගේ.
ඔබගේ පරම්පරාව සංගීතයෙන් පැවත එන පරපුරක්. ඒ ගැන මතක් කළොත්?
මුලින්ම මගේ පියා ගැන කියන්න ඕනේ. ඔහු දර්ශනපති විජයරත්න රණතුංග. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වගේම සංගීතඥයෙක්. අම්මා විශාරද නිර්මලා රණතුංග. ඒ වගේම ලොකු අම්මා මල්කාන්ති නන්දසිරි. ලොකු තාත්තා සංගීත නිපුන් සනත් නන්දසිරි. පුංචි නිරංජලා සරෝජිනී. බාප්පා අබේවර්ධන බාලසූරිය. මාමා වාද්‍ය විශාරද මනෝජ් පීරිස් සහ පුංචි සකුන්තලා පීරිස්. මේ සියලුමදෙනා කලාවට සම්බන්ධ මගේ ඥාතීන්.
ඔබගේ ආයුර්වේද වෛද්‍යවරියක් වීමේ සිහිනයට මොකද වුණේ?
සියලුදේම තීරණය කරන්නේ අපේ දෛවය. කාලයක් මම ඒ සිහිනය පසුපස ගියා. මම උසස් පෙළ හැදෑරුවෙත් විද්‍යා අංශයෙන්. ටික කාලයක් ආයුර්වේදය පිළිබඳව හැදෑරුවා. විවාහයත් එක්ක මේ ඉගෙනීම කටයුතු මඟහැරුණා. දෛවය ලියවිලා ඇත්තේ ගායිකාවක් වෙන්න ඇති. මම ඉන්දියානු රාගධාරි සංගීතය හදාරලා විශාරද විභාගය සමත් වුණා.
ඔබට රංගනයටත් ආරාධනා ලැබුණා නේද? ඇයි ඒවා වැළැක්වුණේ?
ආරාධනා ලැබුණා. ඒකට තාත්තා කැමැති වුණෙත් නැහැ. මම මගේ හැකියාව හඳුනගෙන සංගීතය පැත්තට යොමුවුණා.
සංගීත ජීවිතේ ආරම්භය ගැන සඳහන් කළොත්?
ඉස්සෙල්ලාම මට එළිමහන් ප්‍රසංග වේදිකාවට ආරාධනා ලැබුණේ චරිත් වැලිවත්ත මහත්තයාගේ .ත්‍ක්ියඉ්ජන ීැපස ්ජදමිඑසජ ඛසඩැ සබ ක්‍දබජැරඑ. ප්‍රසංගයට. ඉන් පසුව සුමිත් කරුණාරත්න මහතාගේ “වෙජිටබල් නයිට්” කියන ප්‍රසංගයට තමයි ආරාධනා ලැබුණේ.
මෑත කාලීන ගීතවල පැවැත්මක් නැතිවෙන්න හේතුව මොකක්ද?
ගීතයක් එළියට එන්නේ කෙනෙක්ගේ බුද්ධි මට්ටම් සහ ආකල්ප තුළින්. ඒ කාලේ ගීතවල සහ මේ කාලේ ගීතවල ලොකු වෙනසක් තියෙනවා. විශේෂයෙන් අපේ අම්මලාගේ කාලේ ගීත ලියැවුණේ අත්දැකීමක් එක්ක. ඒ නිසා ඒ ගීත රසික රසිකාවියන්ට දැනුණා. නමුත් නූතන ගීත නිර්මාණ වෙන්නේ වාණිජ පරමාර්ථයෙන්. ඒ නිසා ඒ ගීතවල පැවැත්ම අඩුයි කියලයි මට දැනෙන්නේ.
ඔබ වෙනුවෙන් නිහාල් වික්‍රම එදිරිසූරිය ඔබගේ මහත්තයා ගීතයක් නිර්මාණය කළා නේද? ඒ ගැන කිව්වොත්?
අම්මාගේ සීඩී තැටියට ගීතයක් අවශ්‍ය වෙලා තිබුණා. ඒකට තමයි ඒ ගීතය ලියැවුණේ ‘ඔබ පහන් තරුව වී’ කියන ගීතය.
සෙව්වන්දිගේ නමේ නිලූකා කියන නමේ රහසක් තියෙනවලු නේද?
ඔව්. ඒකට හේතුව මම ඉපදෙන වෙලාවේ තාත්තා සංගීතය සපයන්න සහභාගි වෙලා ඉඳලා තියෙන්නෙ “නිලූකා” චිත්‍රපටයට. ඒක නිසා තාත්තා මට ඒ නම දාලා.
ඔබගේ පුංචි අම්මා වන නිරංජලා සරෝජිනීගේ ගීත ගායනා කරනවාට ඇගේ අකැමැත්තක් නැද්ද?
කොහෙත්ම එහෙම අකැමැත්තක් නැහැ. පුංචිගේම දරුවෙක් වගේ තමයි ඇය මට සලකන්නෙ. මටත් ඇය මවක් වගේ.
ඔබගේ කැදැල්ල ගැන කිව්වොත්?
මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. වැඩිමල් දුව අවුරුදු 20යි. මනෝවිද්‍යාව පිළිබඳව උපාධිය හදාරනවා. පුතාට අවුරුදු 14ක්. විදුර විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. සැමියා සිරස ආයතනයේ සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරනවා.
ඔබේ පියා මෙලොවින් සමුඅරන් සිටියත් ඒ කාලේ ඔහු බලාපොරොත්තු වුණේ මොනවද?
තාත්තගෙන් කවදාවත් බලපෑම් ආවේ නැහැ. මේ දේ හොඳයි, මේ දේ කරන්න කියලා. නමුත් තාත්තාගෙ බලාපොරොත්තුවක් තිබුණා කවදාහරි මම සංගීතයට යොමුවෙයි කියලා. මගේ දරුවන් ටිකක් ලොකු වුණාම තමයි මම මේ ක්ෂේත්‍රයට ආවේ. තාත්තා ජීවතුන් අතර සිටිද්දී මට ඒ සිහිනය සැබෑ කරගන්න බැරි වුණා. තාත්තා කොහේ හරි ඉඳලා මා දිහා බලාගෙන ඇති.
නව බලාපොරොත්තු මොනවද සංගීත ජීවිතේ?
මගේ ජීවිතේ කවදාවත් ලොකු ලොකු බලාපොරොත්තු තිබුණේ නැහැ. මොන දේ සිදුවුණත් තාවකාලිකයි. සදාකාලික කිසි දෙයක් නැහැ කියලයි මම හිතන්නේ. ජීවිතේ එන විදිහට මුහුණ දෙනවා.
මොනවද අවසානයේ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ?
මට මේ ගමන එන්න උදව් කරපු සියලුම දෙනාටත්, මගේ රසික රසිකාවියන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඒ අය නිසා තමයි ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නේ. මගේ අම්මාට තාත්තාට සහ පවුලේ සියලුමදෙනාටත් ස්තූතියි.
නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

හෙළයා රජවුනේ මෙහෙමයි

Next Post

“Crystal Jade restaurant” One Galle Face Mall හිදී විවෘත වෙයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.