• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

චැනල් දෙකක් වැඩ කරපු අම්මයි පුතයි

November 27, 2019
in Heart
Reading Time: 1 min read
A A
චැනල් දෙකක් වැඩ කරපු අම්මයි පුතයි
Share on WhatsAppShare on Facebook

1972 වසරේදී ගුවන්විදුලියට සම්බන්ධ වුණු ඇය 1982 වසරේදී පුංචි තිරයේ මුල්ම ප්‍රවෘත්ති නිවේදිකාව වීම භාග්‍යයක් ලෙසට සලකන්න පුළුවන්. වර්තමානයේ ඇය තම පුත් සාරංග දිසාසේකර සමඟ (වින්දනීය හෝරාව) නුග සෙවණෙහි වැඩසටහන් නිවේදනයටද සම්බන්ධ වෙනවා. මෙය ශ්‍රී ලංකාවේ මවක් සහ පුතෙක් එක්ව නිවේදනය කරනු ලබන ප්‍රථම වැඩසටහන බවටත් හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඒ සියලු කාරණා ගැන විස්තරාත්මකව දැනගැනීමට ප්‍රවීණ නිවේදිකා තිලකා රණසිංහ සම්බන්ධ කරගත්තා.
ඔබ වසර ගණනාවක් මේ ක්‍ෂේත්‍රයේ ලබපු අත්දැකීම් මතු පරපුරට දායාද කිරීමට සැලසුම් කටයුතු ක්‍රියාත්මක වෙනවා කියලා ආරංචියි. ඒ ගැන අපට සඳහන් කළොත්?
මම මේ පාඨමාලාව ඉතාමත් සැලසුම් සහගතවයි සිදුකරන්නේ. ක්‍ෂේත්‍රයේ දක්‍ෂ ප්‍රවීණ විද්වත් මණ්ඩලයක් යටතේ තමයි අලුත් පරපුරට නිවේදන පාඨමාලාව සිදුකරගෙන යන්නේ. එහිදී හඬ හසුරුවා ගන්නේ කොහොමද? හඬ කැවීම් සහ එයට අවශ්‍ය මූලික ආභාසය තමයි අපි මෙහි සිදුකරන්නේ. ජාතික රූපවාහිනියේ සහ ගුවන්විදුලියේ මැදිරි කිහිපයක් මූලික කරගෙන අපි ප්‍රායෝගික විශේෂිත පුහුණුවක් මේ සිසුන්ට ලබාදෙනවා. එහිදී අප දැන හඳුනාගත් දක්‍ෂ පිරිසකට ඉදිරියට යෑමට මේ පාඨමාලාව ලොකු පිටිවහලක් වගේම හොඳ අත්තිවාරමක් වෙයි කියලා මම විශ්වාස කරනවා.
අත්තිවාරමක්, නිවැරැදි දැක්මක් නැතිව ගියොත් අතරමං වෙනවා කියලා ඔබ විශ්වාස කරනවාද?
ඇත්තටම ඔව්. එහෙම කිසිම හරයක් නැතුව වගේ කියවන පිරිසක් 90 දශකයෙන් පස්සේ තමයි බිහිවුණේ. ඔය හැබැයි කටකාර වුණු පළියට හැමෝටම නිවේදන වෘත්තිය කරන්න බැහැ. 90 දශකයෙන් පස්සේ විවිධ පෞද්ගලික නාළිකා කිහිපයක් බිහිවුණා. එහි හිටිය විද්වත් මණ්ඩලයත් හිතුවා මේක තමයි දැන් යන සිස්ටම් එක කියලා. අලුත් නිවේදන කලාවක් හැදුවා. එයින් වුණේ නිවේදන වෘත්තිය හෑල්ලුවට ලක්වුණු එක තමයි. වල්-පල්, දෙඩෙව්වා කියලා ශ්‍රාවකයන් ග්‍රහණය කරගන්න බැහැ. ඔවුන් අපට වඩා බුද්ධිමත්. ඔවුන්ට දිය යුත්තේ නිවැරැදි දේවල් පමණයි. එය කළයුත්තේ මේ වෘත්තියට ආදරය කරමින්. දැන්නම් නව පරපුරේ ගොඩ දෙනෙක් පෙලඹිලා ඉන්නවා නිවැරැදි දැක්මක් අනුව හැදෑරීමක් ඇතිව මේ වෘත්තියේ නියැළෙන්න.
ඔබ ටෙලි නාට්‍ය චරිතාංග රංගන ශිල්පිනියක් වුණත් ඔබ ගැන කතාබහට ලක්වුණේ ලතාගේ කතාව හරහා නේද?
මම ටෙලිනාට්‍ය සුළු ප්‍රමාණයක තමයි රඟපෑවේ. 82 රූපවාහිනී ආරම්භයත් එක්ක මුල්ම ටෙලි නාට්‍යයක් ලෙසට විකාශය වුණු “ඉල්ලම” ටෙලිනාට්‍යයේ රඟපෑවා. එහෙත් දැන් වගේ මොකක්දෝ මන්දා හේතුවකට නාට්‍ය අතරමඟදී නතර වුණා. ගුවන්විදුලියේ විකාශය වුණු “ලතාගේ කතාවේ” ලතාගේ චරිතයට හඬ මුසු කළේ මම. ඒ කාලේ ටෙලිනාට්‍යවලට වඩා ප්‍රේක්‍ෂකයන් ගුවන්විදුලි නාට්‍ය ශ්‍රවණය කිරීමට ලොකු නැඹුරුවක් තිබුණා. රෑ බත්පත අතට අරගෙන ගුවන්විදුලි නාට්‍ය එක්ක තමයි බත්පත රස විඳින්න පුරුදු වුණේ.
පසුගිය කාලේ නම් ඔබ නැවැත ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසීමට ලොකු නැඹුරුවක් දැක්වූවා නේද?
මම ටෙලි නාට්‍යවලින් ඉවත් වෙලා හිටියේ නැහැ. මම ගුවන්විදුලියේ ස්ථිර නිවේදිකාවක් විදියට කටයුතු කරපු නිසා මට ටෙලිනාට්‍යවලට දින වෙන්කර ගැනීමේ ප්‍රශ්න මතු වුණා. මගේ වෘත්තීය කටයුතු නිසා මම ගුවන්විදුලියට බැඳිලා හිටියේ. පසුගිය දවස්වල “ප්‍රාණ” ටෙලිනාට්‍ය රූපගත කිරීම්වලට සම්බන්ධ වුණා කාලෙකට පස්සේ.
“කරදිය වළල්ල” චිත්‍රපටය ඔබේ ජීවිතයේ තවත් සන්ධිස්ථානයක් කියලා මම පැවසුවොත් හරිද?
චිත්‍රපට පැත්තෙන් මම රඟපෑවේ නැති වුණත් “කරදිය වළල්ල” චිත්‍රපටය මම රඟපෑවා හා සමානයි. මොකද ස්වර්ණා මල්ලවආරච්චිගේ චරිතයට හඬ දුන්නේ මම. ඔය වගේ ශිල්පීන්ට අපහසුතාවක් තිබුණු අවස්ථාවල චිත්‍රපට අධ්‍යක්‍ෂවරු හොයාගෙන එන්නේ අපිව.
ගුවන්විදුලි නිවේදිකාවක් ලෙස ඔබ කටයුතු කරන විට ඔබ සමඟ ඔබේ ආදරණීය පුතු සාරංග දිසාසේකර එක්කත් ගුවන්විදුලියේ තරගයක් තිබුණා නේද?
ඒ දවස නම් කවදාවත් මට අමතක වෙන්නේ නැහැ. සාරංග අවුරුදු 7 ඉඳලා මමත් සමඟ ගුවන්විදුලියට යනවා. පාසල් ඇරිලා කරන්නේ මම එනකම් ගුවන්විදුලියට වෙලා ඉන්න එක. ඔය ඉන්න කාලවල මහින්ද අල්ගම මහතා සාරංග නිකම් ඉන්න එකේ පුහුණු වෙන්න කිව්වා. අවසානේ ඔහුගේ පුහුණුවත් එක්ක ඔහු පරීක්‍ෂණවලින් සමත් වුණා. පසුව ළමා පිටියේ නිවේදකයෙක් විදියට කටයුතු කළා. ඔය කාලේ පුතා 4.30ට ස්වදේශීය සේවයේ ළමාපිටිය කරනකොට මම 4.30ට වෙළෙඳ සේවයේ වැඩසටහන් ඉදිරිපත් කරනවා. අපි දෙන්නා බිත්ති දෙකකින් වෙන් වෙලා වැඩසටහන් ඉදිරිපත් කරනවා.
බිත්ති දෙකකින් වෙන් වුණු අම්මයි, පුතයි පසුකාලීනව නුග සෙවණ යට වාර්තාවක් තිබ්බා නේද?
ජාතික රූපවාහිනී නුග සෙවණ (වින්දනීය හෝරාව) වැඩසටහන මමයි, පුතයි කළේ. මම හිතන්නේ ලංකාවේ කිසිම තැනක අම්මයි, පුතයි එකට වැඩසටහනක් මෙහෙයවලා නැතුව ඇති. ඉතාමත් ජනප්‍රිය වුණු වැඩසටහනක්. අපි දෙන්නා අවුරුද්දක් නුග සෙවණ කළා. ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය ශිල්පීන්ගේ ආගිය තොරතුරු තමයි අපි එහිදී කතා කළේ.
ගුවන්විදුලියේ, රූපවාහිනියේ වැඩසටහන් කරටකර ඉදිරිපත් කළ අම්මගෙයි පුතාගෙයි ඉදිරි දැක්ම කොයි විදියටද?
ඇත්තටම මගේ ලොකු ආශාවක් තියෙනවා පුතා සමඟ එකට රඟපාන්න. ගොඩදෙනෙක් මේ අදහස ගැන කතා කළා. ඒත් දැන් තිබෙන ටෙලිනාට්‍ය චරිත ගැන බලද්දී ලැබෙන චරිත ගැන ලොකු සැලකිල්ලකට ගන්න ඕනෑ. දැනටමත් ටෙලිනාට්‍ය කිහිපයකින් අපිට එකට රඟපාන්න ආරාධනා කළා. ගොඩක් දුරට ඒ අවස්ථාව ළඟදීම සිදුවෙයි කියලා මම හිතනවා.
මවකගේ එකම සතුට දරුවන්ගේ දියුණුව දැක සැනසීමයි. ඔබ ඒ අතර වාසනාවන්තියක් වීම සතුටක්. එහෙත් පුතාගේ ජීවිතයේ ඉදිරි දිවිය වෙනුවෙන් වෙනසක් කිරීමට ඔබ මැදිහත් වෙන්නේ නැතිද?
පුතා පොඩි කාලේ ඉඳලම ගොඩක් දක්‍ෂයි. හරිම තැන්පත් දරුවෙක්. කාගෙත් ආදරය දිනාගෙන ජීවිතය ජයගත්තා. ඒත් පුතා දැන් ලොකු ළමයෙක්. එයාගේ පෞද්ගලික ජීවිතයට මම මුලදී අත දැම්මෙත් නැහැ. දැන් වුණත් මැදිහත් වෙන්නේ නැහැ. ඔහුට යමක්කමක් තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔහුට ගැළපෙන වෘත්තීය ගැන තේරුම් ගන්න, ජීවිකාවට උදවු උපකාර කරන කෙනෙක් තෝරා ගනීවි කියලා මම විශ්වාස කරනවා. පුතාගේ සතුට මගේත් සතුට එයයි මට කියන්න තියෙන්නේ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ශ්‍රීලනිප ප්‍රතිසංවිධානය අරඹමින් මෛත්‍රී රට වටේ යන්න තීන්දු කරයි

Next Post

රනිල් මන්ත්‍රීවරුන් 20ක් එක්ක සංඛ්‍යාත්මක ප්‍රතිපල විශ්ලේෂණයක

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.