ඉදිරි මහමැතිවරණයට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සියල්ල අවසන් කිරීමට එහි සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීන්දු කර තිබේ.
ඒ අනුව ඊයේ (26) පැවැති ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සිරිසේන මහතා ප්‍රකාශ කොට ඇත්තේ සෑම දිස්ත්‍රික්කයකම ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කොට ඇති බවත්, තමන් ඉදිරි සති කිහිපය ඇතුළත සියලුම දිස්ත්‍රික්කවලට යමින් එම කටයුතු සංවිධාන කරන බවත්ය.
ඉදිරි මහමැතිවරණය ඉලක්ක කරගෙන පක්ෂය නැවත සංවිධාන විය යුතු බවත්, ඉදිරියේ මතුවිය හැකි සෑම තත්ත්වයක් සදහාම මුහුණ දීමට හැකි වන පරිදි පක්ෂය නගා සිටුවිය යුතු බවත් සිරිසේන මහතා මෙහිදී පෙන්වා දී ඇත.
මීට අමතරව පොහොට්ටුව සමග ගිවිසුම්ගත ආකාරයට ශ්‍රීලනිපයට අමාත්‍ය ධූර හිමි නොවීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ජා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ජාවක් පැවැත්වීමටත් යෝජනා වී තිබේ.










