ජනාධිපතිවරණ ප්‍රතිපල සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (27) දිනයේදී සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සංඛ්‍යාත්මක විශ්ලේෂණයක නිරත වී ඇති බව දැනගන්නට ඇත.
මෙම අවස්ථාවට මන්ත්‍රීවරුන් 20 දෙනකු පමණ සහභාගීව සිට ඇති බව වාර්තා වේ.
ඉකුත් ජනාධිපතිවරණයේදී පක්ෂය දුර්වල වී ඇති ස්ථාන, ප්‍රතිශතාත්මක වශයෙන් ඉහළ නැග ඇති ස්ථාන පිළිබද මෙහිදී සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් සිදු කර ඇති බව පැවසේ.










