ශ්‍රී ලංකාවේ ජල උමං විදීම සඳහා චීනයේ “රේල්වේ කන්ස්ට්‍රක්ෂන් හෙවි ඉන්ඩස්ටි්‍ර කෝපරේෂන් ලිමිටඩ් සමාගම”විසින් නිපදවන ලද දැවැන්ත විදුම් යන්ත්‍ර රාජයා පසුගිය 6 වැනි දා එරට හූනෑන් පළාතේ “චෑන්ංෂා”ප්‍රදේශයේ දී ක්‍රියාත්මක කරනු ලැබ ඇතැයි ශ්‍රීලංකාfවි චීන තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.
විශ්කම්භය මීටර් හතයි දශම හයක්(7.6)හෙවත් අඩි විසිපහකට ආසන්න දැවැන්ත යන්ත්‍රය ශ්‍රී ලංකාවේ වාරි ව්‍යාපෘතියක විදුම් සඳහා යෙදවෙන බව ද ඒ කාර්යයේ දී කිලෝමීටර් විසි හතක (27) විහිදුමක් විදීමට සිදුවන බව ද එය ලංකාවේ දීර්ඝතම විදුම් මාර්ගය බව ද තානාපති කාර්යාලීය නිවේදනයේ දැක් වේ.
මෙරට(ශ්‍රී ලංකාවේ)නියඟය(ඉඩෝරය) සහ ජලගැලුම් අවම කිරීම උදෙසාවන වාරි කර්මාන්තය වෙනුවෙන් යන්ත්‍රය යෙදවීමට නියමිත බව ද එම නිවේදනයේ වැඩිදුරටද සඳහන් වේ.
චන්ද්‍රසේන මාරසිංහ





