• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

බල බලා හිටියා ඇති ග්‍රහයන්ගෙන් වැඩක් අරන් දියුණු වෙන්න…

January 16, 2022
in Astrology, Kendaraya
Reading Time: 4 mins read
A A
බල බලා හිටියා ඇති ග්‍රහයන්ගෙන් වැඩක් අරන් දියුණු වෙන්න…
Share on WhatsAppShare on Facebook

ඈත අතීතයේ සිටම මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයත් සමගම ප්‍රයෝජනවත් වැඩක් කිරීමේදී හොඳ වෙලාවකට ආරම්භ කළොත් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බව මිනිසුන් දැනගෙන සිටියා. තමන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගාකිරීමේදී වර්ෂාව ලැබෙන කාල අනුව වගා කටයුතු කර හොඳ අස්වැන්නක් ලබාගැනීමට හැකිබව ආදි මිනිසා වටහාගෙනත් තිබුණා. එකල විසූ අධිමානසික බලය ඇති ඍෂිවරු ජ්‍යොතිර්වේදය මෙලොවට හෙළිදරව් කිරීමේදී විශ්වය තුළ ගමන් ගන්නා ග්‍රහයන්ගේ ගමන අනුව පෘථිවිය මත පරිසරය මොහොතින් මොහොත වෙනස් වන බව අධ්‍යයනය කර එම ග්‍රහ බලය ඒ ඒ කටයුතු සඳහා යොදාගැනීමට අවශ්‍ය ගණනය කිරීම්ද ලොවට හෙළිදරව් කළා.

අපි බලමු කොහොමද මේ විශ්වයේ පවතින ග්‍රහබලය අපගේ ජීවිත සාර්ථක කරගැනීමට වඩාත්ම සුදුසු ලෙස යොදාගන්නේ කියලා.

අප කිසියම් සුබ කටයුත්තක් ආරම්භ කිරීමේදී පංචාංග ශුද්ධිය තිබිය යුතු බව ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. මොනවද මේ පංචාංගය?

ජ්‍යොතිර්වේදයේදී පංචාංගය කියන්නේ,

  1. දිනය
  2. නැකැත
  3. තිථිය
  4. යෝගය
  5. කරණය යන කරුණු පහටයි.

අපි හිතමු අපට අලුතෙන් ගෙයක් හදාගන්න ඕනෙ කියලා. ඒ අනුව බලමු කොහොමද සුබ වෙලාවක් තෝරාගන්නේ කියන කරුණ.

සතියේ දින හතෙන් සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සුබ දින හැටියට සලකනවා. ඉතිරි දින අසුබ හැටියටයි සලකන්නේ.

දිනය තෝරාගත්තට පස්සේ නැකැත ගැන බලන්න ඕනෙ. තෝරාගත් දිනයට අදාළව පවතින නැකැත කියන්නේ එම දිනයේ චන්ද්‍රයා මොන නැකැත් සීමාවන් පසුකරමින් ගමන් කරනවද කියන එකයි.

ලෝක ගෝලය වටේ තියෙන අංශක 360ක ප්‍රමාණය 27න් බෙදුවාම ලැබෙන අංශක 13යි කලා 20ක ප්‍රමාණය එක නැකැතක් හැටියටයි සලකන්නේ.

අස්විද, බෙරණ, කැති, රෙහෙණ, මුවසිරස ආදී වශයෙන් නැකැත් 27ක් තියෙනවා. මෙහෙම නැකැත් 27ක් තිබුණාට හැම නැකැතක්ම හැම කටයුත්තටම අනුමත කරලා නැහැ.

නිවාස ඉදිකිරීමේ කටයුත්තක් ආරම්භ කරනවා නම් වඩාත්ම සුදුසු නැකැත් හැටියට අනුමත කරලා තියෙන්නේ අස්විද, රෙහෙණ, මුවසිරස, පුනාවස, පුෂ, මා, හත, සිත, සා, අනුර, දෙට, මුල, සුවන, දෙනට, සියාවස, රේවතී, උත්‍රපල්, උත්‍රසල සහ උත්‍රපුටුප යන නැකැත් පමණයි.
තිථිය කියන්නේ චන්ද්‍රයා සූර්යයාගෙන් ඈත් වෙවී යන ප්‍රමාණය ගණනය කිරීමක්. සූර්යයා සහ චන්ද්‍රයා එකම රාශියේ එකම අංශක ගණනක සිටින විට අමාවක හැටියටද, චන්ද්‍රයා සූර්යයාගෙන් අංශක 180ක් ඈත් වුණාම පසළොස්වක ලෙසද සලකනවා.

චන්ද්‍රයා සූර්යයාගෙන් ඈත්වෙමින් ගමන් කරන කාලය පුර පක්ෂය ලෙසද, චන්ද්‍රයා සූර්යයාට ළං වෙමින් ගමන් කරන කාලය අව පක්ෂය ලෙසද හඳුන්වනවා. බොහෝ සුබ කටයුතු සඳහා පුර තිථි පමණක් යොදාගන්න කියලා තමයි ජ්‍යොතිෂයේ උපදෙස් දී තිබෙන්නේ. ඒ වුණාට ගොවිතැන් කටයුතු, අසනීප සඳහා වෙදකම් ආරම්භ කිරීමට, විභාග, තරග ආදියට ඉදිරිපත් වීමට, රැකියා භාරගැනීමට, ණය දීමට, ගැනීමට, ගිවිසුම් අස්සන් කිරීමට, නඩු කටයුතු සඳහා පිටත්ව යෑමට වැනි අවශ්‍යතාවලදී නම් අව පක්ෂයේ තිථි භාවිත කළාට වරදක් නැති බවද සඳහන් වෙනවා.

හැකි සෑම අවස්ථාවකදීම හතරවැනි, නවවැනි හා දාහතරවැනි තිථි මඟහරින්න ඕනේ. ඒ තිථි තුන රිට්ටා තිථි ලෙස සලකනවා. අපි ආරම්භ කරන්න යන කටයුත්තට අනුව වඩාත්ම සුදුසු තිථි මොනවාද කියලා ජ්‍යොතිර්වේදයේදී වෙනම සඳහන් වෙනවා.

යෝගය කියලා කියන්නේ චන්ද්‍රයා සහ සූර්යයා ඒ ඒ රාශි තුළ ගමන් කර තිබූ අංශක ප්‍රමාණය එකතු කර ලබාගන්නා අගය ඔස්සේ ගණනය කිරීමෙන් සොයාගැනීමක්.
යෝග 27ක් හඳුන්වාදී තිබෙනවා. මෙම යෝග 27න් විස්කම්භන, අතිගණ්ඩ, ශූල, ගණ්ඩ, ධෘම, ව්‍යාඝාත, වජ්‍ර, ව්‍යතිපාත, පරිඝ, වෛධෘති යන යෝග අශුභ ලෙස සලකනවා. එවැනි යෝගයක් පවතින අවස්ථා මඟහරින්න ඕනෙ.

කරණය කියන්නේ තිථියෙන් දෙකෙන් පංගුවක්. එක තිථියකට කරණ දෙකක් තියෙනවා. කරණ 11ක් හඳුන්වාදී තිබෙන අතර මේ අතරින් විෂ්ටි, ශුකුණ, චතුස්පාද, නාග, කිංස්තුංග යන කරණ පවතින අවස්ථාවලදී සුබ කටයුතු ආරම්භ කරන්න හොඳ නැහැ.

ජ්‍යොතිර් විද්‍යාවේ තිබෙන ඉතා වැදගත් කරුණු අතරින් සුබ මුහුර්තයක් හදාගන්න එක ඉතා අමාරු වැඩක්. ඒ සඳහා නීතිරීති ගොඩක් පනවා තියෙනවා. සියලු කරුණු සැලකිල්ලට අරගෙන විශ්වයේ පවතින ග්‍රහ බලය අප ආරම්භ කරනු ලබන කටයුත්තට ආශීර්වාදයක් වන ලෙස යොදාගැනීම ලේසි වැඩක් නෙවෙයි. ඒත් අපි මේ හැම කරුණු කාරණයක් ගැනම බුද්ධිමත්ව අවබෝධ කරගන්න උත්සාහ දරමු.

ජ්‍යොතිෂ ශිරෝමනී, දේශබන්දු අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

ලංකා බැංකුව හඳුන්වා දෙන BOB SME Circle විශේෂ ඒකකය විවෘත වෙයි…

Next Post

ජනපති කැබිනට් සංශෝධනයත් රිවස් කළ හේතුව හෙළිවෙයි! පී.බී. අවුරුදු ගාණක රහස් හෙළිකරන්න ලෑස්ති වෙයි! ආණ්ඩුවත් එක්ක අලිරාජා අලි වැඩක! චීන ආරක්ෂක ගිවිසුමෙන් ඉන්දියාව කුලප්පු වෙයි! (රාජ්‍ය රහස්)

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර...

Read more
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.