• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ලලනා සිරුරේ හැංගුණු කතාව…

January 15, 2022
in Astrology, Kendaraya
Reading Time: 5 mins read
A A
ලලනා සිරුරේ හැංගුණු කතාව…
Share on WhatsAppShare on Facebook

කාන්තාවකගේ ජීවිතයේ බොහෝ කාරණා ඇගේ දේහ ලක්ෂණ අනුව හඳුනාගත හැකි බව ජ්‍යොතිෂයට අනුව විශ්වාස කරනවා. ඊට දේහ ලක්ෂණ විද්‍යාව භාවිත කෙරෙන අතර මෙහි දැක්වෙන්නේ එවැනි විශේෂිත රහස් එකතුවකි. ඔබගේ හිතවත් කාන්තා පිරිස් ගැන ඉතා සූක්ෂ්මව නිරීක්ෂණය කළහොත් මෙම කරුණුවලට අනුව යම් නිගමනයකට එන්නට ඔබටත් හැකි වේවි.

හිසකෙස්
යම් යුවතියකගේ හිසකෙස් මීමැසි පියාපත් හා සමාන වර්ණයකින් යුක්තද අගින් මඳක් නැවුණු ස්වභාවයක්ද වේ නම් ඇය ඉතා වාසනාවන්තියකි. කෙස් විශාල ප්‍රමාණයක් සහිත මහත කෙස් කලඹක් ඇත්තී හිතුවක්කාර පිරිමින් ඇසුරට ප්‍රිය වන්නීය. එසේම රළු හිසකෙස් ඇත්තී පසු කලෙක කණවැන්දුම් වන බව දත යුතුය.

නළල් තලය
යම් යුවතියකගේ නළල උසද පළල්ද මෘදුද අඩසඳ මෙන් සුන්දරද ඇය බොහෝ සැප ලබන වාසනාවන්ත ජීවිතයකට උරුමකම් කියන අතර නළලේ ස්වස්තිකයකට සමාන සංකේතයක් වේද ඇය මහා ධනයක් උරුමකර ගන්නීය. එහෙත් නළලේ රෝම ඇති යුවතිය රෝගී වන්නීය.

ඇස්
ප්‍රියමනාප පැහැපත් දෑස් ඇත්තී ජීවිතයේ අපරිමිත සැපයට හිමිකම් කියයි. දරුවන්ගෙන් සැමියාගෙන් ආදරය ලබයි. අඩවන් දෑස් ඇත්තී අසම්මත ප්‍රේමයට ඇලුම් කරන්නීය. තද කළු වර්ණයෙන් යුත් කළු ඉංගිරියාවක් ඇත්තී වාසනාවන්තියකි.

ඉතා කුඩා අසාමාන්‍ය පෙනුමක් ඇති ඇස් ඇත්නම් ඇයට සිය කුලය රැකගැනීමට හැකියාවක් නොලැබේ. දෑස් වටව නිල් පැහැයට බරවද ඇහිබැම දුන්නක් සේද පිහිටියේ නම් ඇය රාගාධික කාන්තාවක බව පැවැසේ.

දකුණු ඇස යම් ආබාධයකට වෙනසකට හෝ අන්ධභාවයට පත්වූ යුවතිය විවාහයෙන් පසු බොහෝ දරු සම්පත් ලබන්නීය.

නාසය
කුඩා සිදුරු සහිත මධ්‍යස්ථ ප්‍රමාණයේ නාසයක් ඇත්තී ඉතා වාසනාවන්ත වේ. එමෙන්ම දිගු නාසය මැදින් නැවුණු ස්වභාවයක් ඇත්නම් ඇය අන් අයට ඊර්ෂ්‍යා කරන වෛර කරන කාන්තාවකි.

කන්
මනාව වටවූ ස්වභාවයට පිහිටා එල්ලෙන ආකාරයක් දිස්වන කන් ඇත්තී වාසනාවන්ත වේ.

දිව
පිළිවෙළකට මනා ප්‍රමාණයට මහත්වූ දිව අත්තී වාසනාවන්ත යහපත් තැනැත්තියකි. දිව නිල් පැහැයට බරව පිහිටයි නම් ඇය ගැටුමට බර අදහස් ඇති අමුතු ස්ත්‍රියකි.

මහත්වූ දිගු දිව ඇත්තී දිළිඳු බවට පත්වන්නියකි. රත් පැහැයට හුරු දිව ඇත්තී නොකිය යුතු දේත් කියයි. රාගී වෙයි. පිරිමින් වසඟයට ගන්නීය.

දත්
උඩු ඇන්දේ සහ යටි ඇන්දේ දත් කිරි පැහැයෙන් කුඩා ප්‍රමාණයට මනාව පිහිටයිද ඇය වාසනාවන්තියකි. මහත දත් පිහිටි ස්ත්‍රිය දිළිඳු වන බවත්, රන්වන් පැහැයට හුරු දත් ඇත්තී කපටි තැනැත්තියක බවත් දත යුතුය.

කම්මුල්
දෙකම්මුල් මසින් පිරී පිරිපුන්ව පිහිටියේ නම් ඉතා යහපත් වේ. ජීවිතයේ කෙටි කලකින් සියලු සැප සම්පත් ලබන්නට වාසනාව ඇත්තේය. දෙකම්මුල් මත රෝම ඇත්තේ නම් එය සුබ නොවන අතර වළගැසුණු එවැනි කම්මුල් ඇත්තී රාගාධික වේ.

දෙතොල්
වදමල් පැහැ දෙතොල් ඇත්තී අතිශය වාසනාවන්ත තැනැත්තියකි. එහෙත් රළු, පිටට නෙරූ තොල් ඇත්තී කපටිය. අනුන්ට ඊර්ෂ්‍යා කරයි. කිසිවකින් සෑහීමකට පත් නොවෙයි. තොල් කළු පැහැ නම් විවාහය දෙදරයි. රෝස පැහැ තොල් ඇත්තී රාගයට වශී වන්නීය.

පියයුරු
යම් ස්ත්‍රියකගේ පියයුරු එකිනෙකට සමානව දැඩිව උස්ව පිහිටියේ නම් ඇය සැමියාට තදින් ආදරය කරයි. ඔහුගේ සිත සනසන්නීය. එකිනෙකට දුර වුවද සිහින්ව උස්ව දෙපියයුරු පිහිටයි නම් එය රාගී බව කියාපායි. එයින්ම අවැඩක් කරගන්නීය.

අසීමිත දුරකින් පියයුරු පිහිටයි නම් එය අසුබ බව කියැවේ. පහතට බරවූ සිහින් මෙලෙක් පියයුරු ඇත්තී අසීමිත ආශා ඇත්තියකි.

මුල මහත්ව අගට යත්ම සිහින් උල්වූ ස්වභාවයේ පියයුරු ඇත්තී තරුණ කල සැප ලබා පසුව දුක උරුම කරගන්නියක බව පැවසේ.

ඉතිරි කොටස ලබන සතියේ

SendShareShare
Previous Post

මහජන බැංකුවේ ස්වයං බැංකු ඒකක හරහා රුපියල් ට්‍රිලියන 1.2කට අධික ගනුදෙනු…

Next Post

Rakuten Viber සහ SLT-MOBITEL Mobile සමගින් ‘නොමිලේ අසීමිත’ ඩේටා…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර...

Read more
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.