අංක විද්‍යාවෙන් ඔබේ දෛවය යටතේ පසුගිය නැකැතින් දෛව අංක 3 හිමි අයගේ ජීවිත තොරතුරු විස්තර කළා ඔබට මතක ඇති. එයට අදාළ ජීවන තොරතුරු කොතෙක් දුරට සත්‍යද යන්න අංක 3 හිමිි අය මේ වනවිට තීරණය කර ඇති. අපි හිතනවා එම තොරතුරු බොහෝ දුරට ඔබේ ජීවිතයට ගැළපී ඇති කියා. මෙවර ඉදිරිපත් කරන්නේ දෛව අංක 4 හිමි අයගේ ජීවන තොරතුරු පිළිබඳවයි.
ද්‍රව්‍ය තලයේ අංකයක් වන අංක 4 පෙරදිග ජ්‍යොතිෂයෙහි ඉන්දු නම් ග්‍රහයා විසින් හඳුන්වනු ලබන යුරේනස්ගේ බලයට යටත්ව ඇත. දෛව අංක 4 මෙතෙක් විස්තර කළ අංකවලට වඩා හාත්පසින්ම වෙනස් ගතිපැවැතුම් ඇති දෑතේ දස්කම් හා කාර්මික දැනීමක් ඇති ලෞකික දියුණුව ගැන දැඩි උත්සාහයක් දරන ක්‍රියාශීලී ගුණාංගවලින් සමන්විත වෙයි. රටක ආර්ථික දියුණුව හා සංවර්ධනය නඟාසිටුවීමට අතහිත දෙන අලසකමින් තොරව රටට ජාතියට වැඩදායක නායකයන් මෙම අංකයෙන් බිහිවන බව සඳහන් වෙයි.
දෛව අංක 4න් ජනිත වූ අය උපතින්ම කාර්මික දැනුමක් ඇති සමාජය පිළිබඳව මනා අවබෝධයක් ඇති අය වේ. එමෙන්ම අන් අයගේ සිතේ ඇති අදහස් දැන ගැනීමේ සියුම් ඥානයක් ඔවුන් තුළ ඇත. තමා වෙත පැමිණෙන අය “ඔය එන්නේ අසවල් කාරණයට යැයි” දැනෙන ඉවක් මොහුට ඇත. දැඩි උත්සාහයෙන් දියුණුවට පත්වෙන කඩිසර ඉරියව්වලින් යුත් ඔවුහු ධනවත්වීමේ ආශාවෙන් හැමවිටම ක්‍රියාකාරී වන්නෝය. අරපරෙස්සම පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන මොවුහු ලෝභීබවක් පෙන්නුම් කළත් ආගන්තුක සත්කාරවලට ඉමහත් ළැදිකමක් දක්වති. උපයන මුදල් සකසුරුවම් ලෙස මෙන්ම ක්‍රමානුකූලව ප්‍රයෝජනයට යොදවයි. කිසි විටෙකත් අන් අයගෙන් උදව් උපකාර බලාපොරොත්තු නොවන මොවුන් නිවහල් ස්වාධීන ගතිපැවැතුම්වලින් යුක්තය. “තමන් හැදිලා එපායැ අනුන් හදන්න” යන හැඟීමෙන් කටයුතු කරන්නෙකි. පරාර්ථකාමී බවක් මෙයින් අදහස් නොකරන අතර තම දියුණුව ගැනම වැඩියෙන් සිතා නිතර වෙහෙස දරන බවයි එයින් අදහස් කරන්නේ. තමන්ට හොඳින් කතාකරන අයට මොවුහු ඉතාම හොඳින් සලකති. එසේම මොහුට යමෙකු එපා වූයේ නම් සදහටම ඔහු අතහැර දැමීම සිරිතය. ආරම්භ කළ කාර්යයන් ලෙහෙසියෙන් අත් නොහරින මොවුන් එය නොනවත්වාම එය ඉදිරියට කරගෙන ගොස් තම කටයුතු සාර්ථක කරගනියි. නීති ගරුකභාවය හා අවංකබව ඔවුන් තුළ කැපී පෙනේ. හිතවත් අයට ඒ ආකාරයෙන් ම සලකයි. කණ්ඩායම් හැඟීමෙන් යුතුව ක්‍රියාකිරීමේ හැකියාව ඇත. බැංකු කටයුතු, වාණිජ්‍ය, පරිපාලනය, ගිණුම්කරණය, සංවිධාන කිරීම්, ඉදිකිරීම් ක්ෂේත්‍රය, කෘෂිකර්මය, විද්‍යාව පමණක් නොව නීතිය ආදී බොහෝ ක්ෂේත්‍ර පිළිබඳවද උපන් හැකියාවක් ඔවුන් තුළ ඇත. පරිපාලනයේදී තරමක දරදඬු ස්වභාවයක් ඔවුන් කෙරෙහි ප්‍රකට වෙයි. සාර්ථක විවාහ ජීවිතයක් ගතකිරීමේ වාසනාව ඇත. එසේ වුවත් තමන්ට නොගැළපෙන අයෙක් හමුවුණි නම් ඒ අය අතහැර දැමීමටද පසුබට නොවේ.
දෛව අංක 4න් ජනිත පුද්ගලයා හොඳ ආර්ථික නුවණක් මෙන්ම කාර්මික දැනුමක්ද ඇති අයකු බැවින් මොවුන් හට ව්‍යාපාර හා යන්ත්‍රසූත්‍ර පිළිබඳ රැකියාවක් කිරීමට විශේෂ පිහිටීම් ඇත. සමාජයක නම් ආර්ථික විද්‍යාඥයන් මෙන්ම දක්ෂ ඉංජිනේරුවන්ද මෙම අංකයෙන් ඉපදී ඇත. සාමාන්‍ය ජනයා අතර අංක 4 හිමි අය බොහොමයක් වෙළෙඳාම ජීවනෝපාය කරගෙන සිටින අතර සමහරෙක් විදුලි කාර්මික වැඩ, ඔර්ලෝසු අලුත්වැඩියාව, වඩුවැඩ, මුද්‍රණ ශිල්පය, මෝටර් කාර්මික වැඩ, ඇඳුම් මැසීම, යතුරු ලියනය ආදී කාර්මික අංශයේ විවිධ කාර්යයන්හි නිරතව සිටිති. ගුරු වෘත්තියේ යෙදුනොත් කාර්මික ගුරුවරුන් ලෙසටද පත්වෙයි. කවර රැකියාවක යෙදුනත් ඉහත සහජ දක්ෂකම් සු`ඵවෙන් හෝ පිහිටීම් අංක 4 හිමියාගේ විශේෂ ලක්ෂණයක් වනු ඇත.
දෛව අංක 4 හිමියාගේ ජීවිතකාලය තුළදී සුබපල උදාකරන වර්ෂ සියයට 67කි. ඉතිරි කාලය එනම් සියයට 33ක වර්ෂ කාලය අසුබ කාලය වෙයි. සුබදායක වර්ෂ අතරින් මොහුගේ වයස 22 ඉතා වැදගත් විශේෂ සිද්ධියක් වීමට බොහෝ දුරට ඉඩ ඇත. වයස 22 සිට 26 දක්වා ආදරය පිළිබඳ බලවත් හැඟීමක් ඇතිවන කාල සීමාවකි. වයස අවුරුදු 36දීද අමතක නොවන සිදුවීමක් විය හැකිය. වයස 42දීද ඒ හා සමාන සිදුවීම් ඇති වෙයි. වයස 41 සිට 45 දක්වාත් 55 සිට 64 දක්වාත් අපල උපද්‍රව ආදියෙන් මිදුණ භාග්‍යවත් කාලයක් වනු ඇත.
අංක 4න් උපන් පුද්ගලයා වයස අවුරුදු 15දී කිසියම් ප්‍රේම සම්බන්ධයකට පැටලිය හැකිය. එය වයස 16දී බිඳී යනු ඇත. අවුරුදු 20 දීත් ඒ හා සමාන කරුණකට සිත් යෙදෙයි. එම කාල සීමාව මංගල කාලයක් වුවත් 21වනවිට එයද වෙනස් වීමට හේතුවේ. නියත වශයෙන්ම අවුරුදු 26දී විවාහය සිදුවෙයි. යම් හෙයකින් එය වැරැදුනහොත් පසුව මංගල යෝගයක් උදාවන්නේ වයස 34දීය. මෙම අංකයෙන් උපන් අයට අපල ගෙන දෙන වර්ෂ වනුයේ 4, 7, 9, 13, 14, 21, 27, 28, 32, 33, 35, 40, 47, 49, 51, 54, 65, 66, 68, 70, 71, 73, 75, 79, 84, 85, 87, 90, 92, 98, 99. ඉහත සඳහන් වර්ෂයන්හිදී බලාපොරොත්තු කඩවීම්, චිත්තපීඩා, රෝග භය, සතුරු උපද්‍රව, අලාභ හානි, වස්තු විනාශවීම් ආදී විවිධ කරදරවලට මුහුණදීමට සිදුවනු ඇත.
මෙම අංකයෙන් උපන් අයට සෑම මසකම 4,13,22,31 සුබපලදායකය. එහෙත් එදින පාලන දින ගුප්ත අංකයට ඔත්තේ ගණනක් යෙදුනොත් එම සුබපල හීනවන බව දත යුතුය.
උදා- 1972.10.02 දිනට අදාළව 1+9+7+2+1+0+0+2=22 ගුප්ත අංක 4
මෙදින ඉතා සුබ දිනයන් වේ. එහි සියලු අංකවල එකතුව-22ක් වී අංක 4 ලැබී ඇත. එදා දින අංක 2 බැවින් විෂම වී නැත. ඒ අනුව එදින සුබ දිනයකි. මේ හැර මෙම අංකයෙන් උපන් අයකුගේ උපත මාසයේ ඔත්තේ ගණනකට අයත් දිනයකදී සිදුවී ඇත්නම් ඔත්තේ දිනවල විෂමතාව මඟහැරෙනු ඇත.
අංක 4 හිමියාගේ නමට ශබ්ද අංක 4 ක් හෝ 13ක් තිබීම යෝග්‍ය වේ. ශබ්ද අංක 8ක් හෝ 4ක් ඇති නම්ද යෝග්‍ය වේ.
හිඹුටානේ පියතිලකද අල්විස්











