• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තරුවලටත් හඬ දුන් නළුවා

November 18, 2019
in Heart
Reading Time: 1 min read
A A
තරුවලටත් හඬ දුන් නළුවා
Share on WhatsAppShare on Facebook

සිහින් සිරුරක් හිමි මේ කොලුගැටයා එදා පාසල් අවධියෙන් පසු ප්‍රසිද්ධ වේදිකාවට ගොඩවූයේ ඔහුගේ සහජ කුසලතා කලාව වෙනුවෙන් කැප කිරීමටයි. අද ජනප්‍රිය තරු අතරට එකතු වුණු රංගන ශිල්පියෙක් වුණු. ඔහු තමයි ජගත් බෙනරගම කියන්නේ.
ජගත් බෙනරගම සද්ද බද්ද නැත්තෙ ඇයි?
ජගත් බෙනරගම සද්ද නැතුව වෙන දේ බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා. මේ දිනවල විශේෂ කලා කටයුත්තක් කියලා කෙරෙන්නේ නැහැ. පසුගිය දවස්වල ඡන්ද කතන්දර නිසා ගොඩදෙනෙක් නිර්මාණ කළේ නැහැ. කළාට වැඩක් නැහැනේ. දේශපාලන බලපෑම් නිසා නිර්මාණ ගෙදර තියාගෙන ඉන්න වෙනවනෙ.
ඔබ ඔය පවසන විදියට කලාව දේශපාලන අතකොළුවක් වෙලාද?
මොකද නැත්තේ. දේශපාලනයට අනුව තමයි දැන් නිර්මාණ හැදෙන්නේ. හැමතැනම දේශපාලන බලපෑම්. නිර්මාණ කළාට වැඩක් නැහැ. ඒ දේවල් විකාශය කරන්න බැරිනම්. දැන් නළු නිළියන් පවා තෝරන්නේ අමුතු තාලවලට. ඒ තාලවලට අපිට වැටෙන්න බැහැ.
අද ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක් බැලුවත් ඒ හැම නිර්මාණයකම ඉන්නේ එස්.එම්.එස්.වලට යටවුණු රියැලිටි තරු නේද?
ඒක තමයි මම කලින් පැවසුවෙත්. නිර්මාණවලට තරු හොයන්නේ රියැලිටි වැඩසටහන් හරහා. ජනප්‍රිය ශිල්පීන් අද මේ ක්‍ෂේත්‍රයේ දකින්න නැහැ. රියැලිටි හරහා ශිල්පීන් තෝරාගෙන ඔවුන්ට ඕන විදියට ශිල්පීන් නටවනවා අඩු මුදලට. ඉතින් එතකොට අලුත් පිරිසට ඔවුන්ගේ පදයට නටන්න වෙනවා. ඉතින් එහෙම තරු බිහිවෙද්දී මේ ක්‍ෂේත්‍රය වෙනුවෙන් කැපවුණු අයට අත්වන ඉරණම මොකක්ද? ගෙදරට වෙලා ඉන්න තමයි වෙන්නෙ. ප්‍රවීණ ශිල්පීන් කැමැති නැහැ වහල්ලු වගේ වැඩ කරන්න. නාළිකාවලට අවශ්‍ය විදියට තමයි ශිල්පීන් තෝරාගන්න වෙලා තියෙන්නේ. එක ටෙලිනාට්‍යයක ඉන්න කෙනාම තමයි අනෙක් නිර්මාණවලත් අද දකින්න ලැබෙන්නෙ. ඔවුන් එකම රාමුවකට කොටුවුණු පිරිසක්.
චරිතයක දිගට රැඳී ඉන්නනම් ගොට්ට අල්ලන්න වෙනවා කියන කතාව ඇත්තද?
අද ක්‍ෂේත්‍රයේ දැවැන්තයෝ පිරිසක් ගෙදර ඉන්නෙ. ඔය අතර කිහිපදෙනෙක් ඔවුන්ට කඬේ ගිහින් හරි නිර්මාණවල රැඳී ඉන්නවා. කලාව කියන දේ දැන් තියෙන්නේ අමුතු රටාවක. ඒ ගැන කනගාටුවක් විතරයි අපිට ඉතුරුවෙලා තියෙන්නේ. අඩු බජට් නිර්මාණ කලාවක් තමයි අද තියෙන්නේ.
පසුගිය දවසක පැල්බැඳගෙන හදපු නිර්මාණයකට ඔබත් එකතු වුණා නේද?
ඔබ ඔය පවසන්නේ “දෙවියන්ගේ රටේ” ටෙලිනාට්‍ය ගැන වෙන්න ඇති. ප්‍රදීප් ධර්මදාස තමයි දෙයියන්ගේ රටේ ආරම්භ කළේ. ඉන්පසු ලක්මිණි අමරදේව, සංජය නිර්මාල් වගේ නිර්මාණකරුවන් කිහිපදෙනෙක් දෙවියන්ගේ රටේ අධ්‍යක්‍ෂණය කළ කාලයත් එක්ක දෙවියන්ගේ රටේ නිර්මාණයෙන් රංගන ශිල්පීන් පවා වෙනස් වුණා. ඉතින් මගේ සහෝදර ශිල්පි චින්තක කුලතුංග මගෙන් ඉල්ලීමක් කළා අවසාන හරිය මට අධ්‍යක්‍ෂණය කරන්න කියලා. ඔහුගේ ඉල්ලීමටයි මට බැහැ කියන්න බැරිකමට සම්බන්ධ වුණේ.
ඔබ ටෙලිනාට්‍යවලට කෙසේ වෙතත් වේදිකාවට නම් නැතුවම බැරි රංගන ශිල්පියෙක් බවට පත්වෙලා නේද?
මම වේදිකාවෙන් තමයි මේ ක්‍ෂේත්‍රයට ආවේ. මම ඒ නිසා වේදිකාවට ආදරය කරනවා. තලමල පිපිලා, ගුරු තරුව සහ අන්දරේලා කියන ජයලත් මනෝරත්නගේ නිර්මාණවල මම අදටත් රඟපානවා. පළමු දර්ශනයේ ඉඳලා අඛණ්ඩව එක දිගට ආපු ශිල්පියෙක් තමයි මම. ජයලත් මනෝරත්නගේ අසනීප තත්ත්වය නිසා දැන් ගොඩදෙනෙක් සංවිධාන පැත්තෙනුත් සම්බන්ධ වෙනවා අඩුයි. ඉදිරියේදී මේ නිර්මාණ මතු පරපුරට දැකබලා ගන්න අපි ඉඩකඩ සලස්වනවා.
ඉන්ද්‍රඛීලය ටෙලිනාට්‍යයෙන් පටන් ගත්ත ඔබේ රංගන චාරිකාව ඉදිරියේදී දැකගත හැකි නිර්මාණ මොනවද?
දයාරත්න රටගෙදරගේ කැලෑ හඳ ටෙලිනාට්‍යය සහ අස්වැන්න ටෙලිනාට්‍ය ඉදිරියේදී විකාශ වීමට තිබෙනවා. ඒ නිර්මාණ විකාශ වෙන්නෙත් මම ආශාවෙන් බලාගෙන ඉන්නවා. මොකද මෙතෙක් කතා නොවුණු වෙනස්ම පැතිකඩක් නිසා.
තවත් ගොඩදෙනෙක් නොදන්න කරුණක් තමයි ඔබ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසකට හඬ මුසුකළ සුවිශේෂී චරිතයක් බව.
දන්න අය දනිති. හැබැයි සමහරු නොදන්නවා ඇති. අද සිනමාවේ සපුමල් කුමාරයා රොෂාන් රණවකට හඬ මුසු කළේ මම. රොෂාන් හා හා පුරා කියලා රඟපාපු මුල්ම චිත්‍රපට “හිරිපොද වැස්ස.” ඔහුගේ පෙනුම තිබුණට ඔහුට චරිත අනුව හඬ හැසිරීමේ ප්‍රශ්න නිසා උදයකාන්ත වර්ණසූරිය මට ඒ අවස්ථාවට ආරාධනා කළා. රොෂාන්ගේ චරිතයට හඬ දෙන්න කියලා. අද රොෂාන් හොඳ තැනක ඉන්නවා. ඒ ගැන මම නිහතමානීව සතුටු වෙනවා. “බොරදිය පොකුණ” චිත්‍රපටය සහ “ප්‍රවේගය’‘ චිත්‍රපටයෙත් ශිල්පීන් දෙදෙනෙක්ට මම හඬ මුසු කළා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

සහල් අගුණද?

Next Post

සියපත ෆිනෑන්ස් වෙතින් “සියපත කිරුළ” ළමා ඉතුරුම් ගිණුම

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.