• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රට පාලනයේ භික්ෂු බලය

November 19, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
රට පාලනයේ භික්ෂු බලය
Share on WhatsAppShare on Facebook

විජයගේ ආගමනයත් සමග ආර්ය ජනාවාස පිහිටුවා ගැනීමෙන් මෙරට සිංහල ජනතාවගේ ආරම්භය සිදු වූ අතර මහා මහින්ද මහරහතන් වහන්සේගේ ආගමනයෙන් පසුව මෙරටට බුදුදහම හඳුන්වා දීමත් සමග ධර්මද්වීපයක් බවට පත්විය. ආර්ය සිංහල සංස්කෘතිය ඉන්පසු ආර්ය සිංහල බෞද්ධ සංස්කෘතිය වශයෙන් ගොඩනැංවිණි. මහින්දාගමනය සිදුවීමෙන් පසු මෙරටේ සියලු අංශ බෞද්ධකරණයට ලක් වූ අතර ඒ සඳහා මිහිඳු මහතෙරුන්ගේ කාර්යභාරය සුළුපටු නොවේ. මිහිඳු මහරහතන් වහන්සේ මේ කාලයේදී මෙරට පාලකයා වශයෙන් කටයුතු කළ දේවානම්පියතිස්ස රජුට රාජ්‍ය පාලනයේදී අනුගමනය කළ යුතු බෞද්ධ රාජ්‍ය පාලන මූලධර්ම අනුදැන වදාරා ඇති අතර රජු ද තමාගේ උපදේශකයා වශයෙන් පත්කරගත්තේද මිහිඳු තෙරුන්ය.

එතැන් පටන් දේශපාලනය විෂයයෙහිත් බෞද්ධ සංස්කෘතික වටපිටාවක් ගොඩ නැඟීම විෂයයෙහිත් භික්ෂූන් වහන්සේගෙන් සිදු වූ ඇති දායකත්වය, මෙහෙවර අත්‍යූදාර වේ.
බුදුදහම මෙරට පාලකයා ඇතුළු රටවැසියන් වැළඳ ගැනීමත් සමග ධාර්මික දිවිපෙවෙතක් ගත කිරීමේ මාහැඟි අවස්ථාව ඔවුහු උදාකර ගත්හ. රජතුමා රටවැසියන්ට ආදර්ශයක් වෙමින් බෞද්ධ ගුණධර්මවලින් පිරිපුන්ව කටයුතු කළ අයෙක් විය. රාජ්‍ය පාලකයා නිතැතින්ම බෝධිසත්ව ගුණයෙන් පිරිපුන් විය. ඔහු බෞද්ධ භික්ෂූන් වහන්සේ නිරන්තරයෙන් ඇසුරු කළේ පාලනයේදී අවවාද අනුශාසනා උපදෙස් ලබාගැනීම සඳහාය. එසේම භික්ෂූන් වහන්සේ දැකීම මංගල කාරණාවක් ලෙසින් ද දුටුවේය. තෙරුවන් සරණ ගිය රජවරු නිරන්තරයෙන් භික්ෂූන් වහන්සේ ඇසුරු නිසුරු කළහ. මේ අනුව නිතැතින්ම බෞද්ධ භික්ෂුව රාජ්‍ය පාලනයේ දී අනුශාසකයා බවට පත්විය. ජාතියේ මුර දේවතාවා බවට පත්විය. රජුගේ මනා රාජ්‍ය පාලනය සඳහා භික්ෂුවගෙන් ලැබුණු දායකත්වය සුළුපටු නොවන බව මහාවංසය ආදී වංසකථා මගින්ද හෙළිදරව් කරගත හැකිවේ. රාජ්‍ය පාලනයේදී බෞද්ධ භික්ෂුවට පැවරුණු වගකීම් රාශියක් විය. ඒවා කෙටියෙන් දක්වන්නේ නම්,
රාජ්‍ය උපදේශකත්වය ලබාදීම
රාජ්‍ය නායකයන් පත් කිරීම
රාජ්‍ය නායකයන් ගැටුම්වලදී සමගියට පත් කිරීම
රාජ්‍ය අභිෂේක උත්සව පැවැත්වීම
දුරාචාර පාලකයන් සිහසුනෙන් නෙරපීම
ආගමික කටයුතු සඳහා රජු යොමු කිරීම
ආදිය ඉන් කිහිපයකි. මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කිරීමට පූර්වයෙන් මෙහි රාජ්‍ය පාලනයේදී රජුට උපදෙස් ලබාදුන්නේ පුරෝහිතයෙකි. එහෙත් බුදුදහම වැළඳ ගැනීමත් සමග පුරෝහිත තනතුර අභාවයට ගොස් බෞද්ධ භික්ෂුව උපදේශක තනතුරට පත්විය. රාජ්‍ය පාලනය සිදු වූයේ භික්ෂූන් වහන්සේගේ උපදෙස් අනුවයි. බෞද්ධ භික්ෂූන් වහන්සේද අපක්ෂපාතී, සාධාරණ, යුක්තිගරුක ලෙසින් ඉතා ධාර්මිකත්වයෙන් යුතුව රාජ්‍ය පාලනයක් ගෙනයෑම සඳහා රජුන් මෙහෙයවීය.

මේ අනුව මෙරට චිර ප්‍රසිද්ධ රජවරුන් තමන්ගේ උපදේශක තනතුරට පත් කරගෙන සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙක් හඳුනාගත හැකිය. දේවානම්පියතිස්ස රජු මහා මහින්ද තෙරුන් වහන්සේත්, සද්ධාතිස්ස රජු කාලබුද්ධරක්ඛිත තෙරුන්ද, වළගම්බා රජු මහාතිස්ස තෙරුන්, කණිට්ඨතිස්ස රජු මහානාග තෙරුන්, මහසෙන් රජු සංඝමිත්ත තෙරුන් පාලන කටයුතුවලදී උපදෙස් ලබාගත් අය වශයෙන් මහාවංසය සඳහන් කරයි. මෙකී භික්ෂූන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබමින් රජතුමා මනා රාජ්‍ය පාලනයක් ගෙන ගිය බව වංසකථාවල සඳහන් වේ.

ධාර්මික නායකයන් රටේ නායකත්වයට පත් කිරීමට භික්ෂූන් වහන්සේ මූලිකත්වය ගෙන ක්‍රියා කළ අතරම අධම පාලකයන් නෙරපා හැරීමටත් කටයුතු කර ඇති බව පැහැදිලිය. එසේ සිදු කළේ යහපත් පාලකයන්ගෙන් රටට සෙතක් ඇතිවන නමුත් අධම පාලකයන්ගෙන් රටට මිනිසුන්ට යහපතක් අපේක්ෂා කළ නොහැකි බැවිනි. මේ නිසාම රට දැය සමයට හිතැති අවංක එඩිතර අයකු රජයෙහි පිහිටුවීමට භික්ෂූන් වහන්සේ කටයුතු කළහ. අනුරාධපුර යුගයේදී එළාර පාලනය නිම කිරීමට දුටුගැමුණු කුමරු සමග යුද්ධයට ගියේ භික්ෂූන් වහන්සේය. වළගම්බා රාජ්‍ය සමයේදී වළගම්බා රජුට ආරක්ෂාව සපයමින් ආරක්ෂා කළේද භික්ෂූන් වහන්සේය. ලජ්ජතිස්ස කුමරුට බලය ලැබීමට තිබියදීත් ඔහුට ඒ අවස්ථාව නොදී ථුල්ලත්ථන කුමරුට පාලන බලය ලබාදුන්නේත් භික්ෂූන් වහන්සේය. පොළොන්නරු යුගයේ දීද ජයබාහු කුමරු රාජ්‍යත්වයට පත් වීමෙන් පසු යුවරජ බවට පත් කරන ලද්දේ විජයබාහු කුමාරයාය. රජුගේ ඇවෑමෙන් පසුව රාජ්‍යත්වයට පත් වූයේද ඔහුයි. මේ අනුව දුටුගැමුණු, වළගම්බා, සද්ධාතිස්ස, ථුල්ලත්ථන, මුගලන්, ධාතුසේන, සංඝතිස්ස ආදී රජවරුන් ගත් කල්හි එකී රජවරුන්ගේ රාජ්‍ය නායකත්වයට පත් කිරීම සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේගෙන් ලැබුණු දායකත්වය සුළුපටු නොවේ.
රාජ්‍ය පාලකයන් අසමගි වන්නේ යම් සේද එයින් ඔවුන් මුදාගෙන සමගි සම්පන්න කිරීමේ වගකීම පැවරී තිබුණේ භික්ෂූන් වහන්සේ වෙතයි. රජ කුමරුන් අතර පමණක් නොව රජ-යුවරජ, රජු- ඇමැතියන්, රජ-රටවැසියන් අතර ද ආරාවුල් අමනාපකම් ඇති වී තිබේ. මෙවැනි අවස්ථාවලදී මැදහත්ව සමගි කළේ භික්ෂූන් වහන්සේය. වළගම්බා රජු ඇමැතිවරයකු සමගත්, ගැමුණු කුමරු තිස්ස කුමරු අතරත්, දෙවන සේන රජු මිහිඳු යුවරජු සමගත් ඇති කරගෙන තිබූ නොහොඳ සමථයකට පත් කළේ භික්ෂූන් වහන්සේගේ මූලිකත්වයෙනි. ඒ අයුරින් භික්ෂුව රාජ්‍ය පාලනය විෂයයෙහි මැදිහත් වීම සිදු වූ නිසා මහා විපත් වැළකී ගිය බව පැහැදිලිව හැඳිනගත හැකිය.

අධර්මිෂ්ට පාලනයක් සිදු වන්නේ නම් එයින් රටටත් රටවැසියාටත් මහත් අයසක් ගෙන දීමට සමර්ථය. රට දැය සසුන කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වා තම බළකාමය අනුව රාජ්‍ය විචාළ රජවරුන් කෙරෙහි භික්ෂූන් වහන්සේගේ දෝෂදර්ශනය ලක්විය. එවැනි පිරිස් රාජ්‍ය පාලනයෙන් ඉවත් කර දැමීමට භික්ෂුව කටයුතු කළේය. අගතිගාමී රජවරුන් පත්වීමෙන් මහත් පරිහානියට රාජ්‍යය පත්වන බැවින් එවැනි අය තනතුරුවලට පත්වීමට පෙරම ප්‍රතික්ෂේප කිරීමට භික්ෂුව මැළි නොවූහ. සද්ධාතිස්ස රජුගෙන් පසු රාජ්‍යත්වයේ උරුමය ලජ්ජිතිස්ස වැඩිමල් පුතණුවන් වෙත තිබුණත් ඔහුගේ ක්‍රියාකලාපය නුසුදුසු වූයෙන් දෙවැනි කුමරු වූ ථුල්ලත්ථන කුමරු රාජ්‍යත්වයට පත් කළේ භික්ෂූන් වහන්සේගේ යෝජනාවෙනි. එසේම තම පියා මරා රාජ්‍යත්වයට පත් වූ කාශ්‍යප රජු කෙරෙහි විරුද්ධත්වයක් ප්‍රකාශ කළ භික්ෂූන් වහන්සේලා මුගලන් කුමරු සමග එකතු වී ඔහු පාලනයට ගැනීමට කටයුතු කළ බවද ඉතිහාස වාර්තා අනුව හඳුනාගත හැකිය. මේ අයුරින් අධම නායකයන් රාජ්‍ය පාලනයට පත් වනවිට ඔවුන්ට එරෙහිව නැඟී සිටීමට භික්ෂුව ක්‍රියාකළ නිසා රටවැසියන්ට ද සතුටින් ජීවත් වීමේ හැකියාව උදාවිය.

මෙරට රාජ්‍ය පාලනය කළ සියලු රජවරුන් බෞද්ධ වෙහෙර විහාරස්ථාන නඟා සිටුවමින් බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ බව හඳුනාගත හැකි සාක්ෂ්‍ය ඕනෑතරම් මේ ලක් පොළොවේ ස්ථාපිතව ඇත. රුවන්වැලිසෑය, මිරිසවැටිය, ථූපාරාමය, ලෝවාමහාපාය, ජේතවනාරාමය, කිරිවෙහෙර, තිස්සමහවෙහෙර, ඉසුරුමුණිය, ශ්‍රී මහාබෝධිය, දළදා වහන්සේ ආදී වශයෙන් සඳහන් කළ අත්‍යුත්තම නිර්මාණත් සඳහන් නොකළ මහාර්ඝ බෞද්ධ නිර්මාණත් ගොඩනැඟුණේ රජතුමාගේ අනුග්‍රහයෙනි. දුටුගැමුණු, සද්ධාතිස්ස, දෙවනපෑතිස්, සිරිසඟබෝ, අග්ගබෝධි ආදී රජවරු ලංකා රාජ්‍යය අවස්ථා ගණනාවක දී බුද්ධ ශාසනයට පූජා කර ඇත. එසේම ඔවුන් බෞද්ධ රාජ්‍ය පාලන මූලධර්මවලට අනුව ධාර්මිකත්වයෙන් යුතුව පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරමින් සතර සංග්‍රහ වස්තු සුරකිමින් සතර බ්‍රහ්ම විහරණයෙන්, දසරාජ ධර්මයෙන්, සප්ත අපරිහානි ධර්මවලට අනුගත වෙමින් මනා පාලනයක් ගෙන ගිය බව ඉතිහාස පුවත්වලින් හැඳිනීම දුෂ්කර නොවේ.

මෙසේ දැහැමිව රාජ්‍ය පාලනය කළ සැම රජ කෙනකුම බෞද්ධ භික්ෂුවගේ ඇසුර අපේක්ෂා කළේය. ජාතියේ මුර දේවතාවා වශයෙන් භික්ෂුව සැලකීය. භාතිකාභය රජු භික්ෂූන් වහන්සේට අමාත්‍ය ධුරද පිරිනමා ඇති බව පෙනේ. මේ අනුව සැම කටයුත්තකදීම භික්ෂූන් පෙරටුවේ තබාගෙන කටයුතු කිරීමට එකල විසූ රාජ්‍ය නායකයන් දෙවරක් නොසිතූ බව පෙනේ. එය ඔවුන් අතිශයින් ප්‍රිය කළ කරුණක් විය. එසේ නොකර ස්වාධීනව කටයුතු කිරීම දේශයට රජයට සසුනට ද්‍රෝහි වීමක් ලෙසින් ඔවුහු සැලකූහ.

මේ අනුව බුදුදහමින් ඔපවත් වූ ලාංකේය දේශපාලන සංස්ථාව බෞද්ධ භික්ෂුවගේ නායකත්වයෙන් විකාශනය වූ බව හැඳිනගැනීම දුෂ්කර නොවේ. අතීත ලාංකේය භික්ෂුව, රජු හා දේශපාලනය කිසිවිටෙකත් වෙන් කළ නොහැකි සංකල්පයක් විය. ඕනෑම කතිකාවතක දී මේ තුනම එකට සබැඳී පැවතිණි. මේ අනුව අතීත භික්ෂුවගේ දේශපාලන මැදහත්වීමේ ස්වභාවය හඳුනාගත හැකිය.

පදියතලාවේ ඥාණවිමල හිමි

SendShareShare
Previous Post

ආසිරි AOI පිළිකා සත්කාර මධ්‍යස්ථානයෙන් උසස් ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දෙයි

Next Post

මෛත්‍රී යළිත් නායක: පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ: ශ්‍රීලනිප ‌දේශපාලන මණ්ඩලයෙන් තීන්දුවක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.