• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රජ කාලේ විහාර රාජකාරි කළ කතුන්

November 18, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
රජ කාලේ විහාර රාජකාරි කළ කතුන්
Share on WhatsAppShare on Facebook

අතීතයේ සිටම ඉතිහාසය ලියැවී ඇත්තේ පිරිමි පාර්ශ්වය මූලික කරගෙනය. රාජ්‍ය පාලනයේදී පමණක් නොව බොහෝ කටයුතුවලදී පවා කාන්තාවන්ට වඩා වැඩි ඉඩකඩක් පිරිමි පාර්ශ්වය උදෙසා වෙන්ව තිබූ බව හඳුනාගත හැකිය. එහෙත් කාන්තාවන් ද දේශපාලනය විෂයයෙහිත්, වෙනත් කර්මාන්ත විෂයයෙහිත් යොමුවී සිටි බව හඳුනාගත හැකි සාක්ෂ්‍ය බොහෝමයක් තිබේ. ඒ අතරින් එකක් වන්නේ විහාරස්ථාන ආශ්‍රිතව කාන්තාවන් වෙත පැවරී තිබූ වගකීම් සමුදායයි.
අතීතයේ කාන්තාවන් විහාරස්ථාන ආශ්‍රිතව රාජකාරි කළා යැයි පැවසූ විට එය වර්තමානයේදී කුකුසට බඳුන් වන කරුණක්ද විය හැකියි. මන්ද අද වන විට කාන්තාවන් විහාරස්ථානවල එසේ රාජකාරි සිදු කිරීමක් විද්‍යමාන නොවන බැවිනි. අද වන විට කාන්තාවන්ට විහාරස්ථානයේ මුළුතැන්ගේත්, දන්හලේත් කටයුතු කිරීම සිරිත් සම්මත ගැමි තහංචියකි. එසේ වුවත් කාන්තාවන්ට මළු මංපෙත් හැමදීම හෝ ඒ ආශ්‍රිත ශුද්ධ පවිත්‍රතා කටයුතු කිරීමට තහංචියක් නැත. එසේම විහාරස්ථානයේ සංවිධානය වන ආගමික වැඩකටයුත්තකදී මුළුතැන්ගේත්, දන්හලේත් කටයුතුවලට සම්බන්ධ වීමට කාන්තාවන්ට තහංචියක් පනවා නැත.

අතීතයේ බොහෝ පන්සල් ආශ්‍රිත රාජකාරි වැඩි වශයෙන් සිදුවී ඇත්තේ කාන්තාවන් අතිනි. ඔවුන් කළ රාජකාරිය බෝ මළුව පවිත්‍ර කිරීමට හෝ චෛත්‍ය මළුව පවිත්‍ර කිරීමට හෝ ලඝු කොට තැකූයේ නැත. එයින් සීමා නොවී ඇයගේ සේවය දාන ශාලාව කෙරෙහි ද ලබා දිය හැකිව තිබිණි. මේ කරුණ හෙළි කරන ලේඛනයක් 10 වැනි සියවසේ දී හමුවේ. ඒ අනෙකක් නොව සිව්වැනි මහින්ද රාජ්‍ය කාලයේ දී කළ මිහින්තලා පුවරු ලිපියයි. එහි දානශාලාවේ රාජකාරි කළ කාන්තාවක් පිළිබඳ දැක්වේ. ඇයගේ නිල නාමය වන්නේ ‘බත්ගේ ලැදියට්’ යන්නයි. දාන ශාලාවේ නියුතු කාන්තාව ඇය බැවින් තවත් කාන්තාවන් ඇයට සහාය සඳහා එහි යෙදී කටයුතු කරන්නට ඇත.

එපමණක් නොව මිහින්තලා පුවරු ලිපියේ දාසීන්ට අණ දෙන්නකු පිළිබඳද කියැවේ. මිහින්තලා විහාරස්ථානයෙහි කුලියට ගත් දාසීන් ද වූ බව කියැවේ. එසේම වී කෙටීමෙහි නියුක්තව සිටි කාන්තාවන් හඳුන්වා ඇත්තේ ‘වට්මිඩි’ වශයෙනි. එවැනි කාන්තාවන් 24 දෙනකු මිහින්තලා විහාර සංකීර්ණයෙහි සේවය කර ඇත. ඉහත කී නාමය පිළිබඳ අදහස් දක්වන මැදඋයන්ගොඩ විමලකිත්ති හිමියන්ද ‘වට්මිඩි’ යනු වී කෙටීමෙහි නියුක්ත වූ කාන්තාවන් වන බව සනාථ කර ඇත. එහෙත් තවත් සමහරු ඒ නමින් හඳුන්වා ඇත්තේ දාසියන් බවත් කියති. විහාරස්ථානය පිරිසුදු කිරීමේ නියුක්තව සිටි ජ්‍යෙෂ්ඨ කාන්තාව ‘ජෙට්මවට්’ යනුවෙන් හඳුන්වා ඇත. ඒ ලිපියේම දාසියන්ගේ වැඩ සංවිධානය කළ පාලිකාවක් පිළිබඳ ද අන්තර්ගතය. එයින් පැහැදිලි වන්නේ විහාර රාජකාරි මැනවින් සිදුකරන්නේදැයි සොයා බැලීම පිණිස ද කාන්තාවන් පත්කර යොදවා සිටි බවය.

පොළොන්නරුවේ ක්‍රිස්තු වර්ෂ 1202වැන්නේ දී රාජ්‍යත්වයට පත් වූ කල්‍යාණවතී රැජින තමන් රුවන්වැලි සෑ මළුවේ කළ පින්කමක් පිළිබඳ රුවන්වැලි සෑ පුවරු ලිපියේ සඳහන් කර ඇති අතර එහි විහාර වතාවත් කළ සේවක සේවිකාවන්ට විවිධ වූ තෑගිබෝග ලබා දී ඇති බව ද දැක්වේ. එසේ ත්‍යාග ලැබූ කාන්තාවන් අතර දාගැබ් මාලය බලාගත් මංගල වහලියන් ද මාලා සාදන්නියන් ද වූ බව තත් ලිපියේ දැක්වේ. එසේ ම සෑමළුවේ පා ධෝවනයට ජලය පුරවන සේවිකාවන් ද මහා විහාරයේ සේවයේ යෙදුණු බව ඒ ලිපියේම දක්වා තිබේ. මේ කාන්තාවෝ ඒ අසල තිබූ පොකුණුවලින් ජලය රැගෙන ආවෝය. රුවන්වැලිසෑ භූමියට පශ්චිම ප්‍රදේශයේ වූ ගෝපුරය ආසන්නයේ ඇති පොකුණ පා සේදීම සඳහා භාවිත කළ ස්ථානයකි.

මේ අනුව බලන කල අතීතයේ පිරිමි පාර්ශ්වය පමණක් නොව කාන්තාවන් ද විහාරස්ථානය ආශ්‍රිතව බොහෝ රාජකාරි ඉටු කළ බව හඳුනාගත හැකිය. ඇතැම් කාන්තාවන්ට කළ සේවයට ගැළපෙන තරම් සාධාරණ වැටුපක් ද ලැබුණු බව දක්වා තිබේ. විශේෂයෙන්ම මිහින්තලේ පුවරු ලිපියෙහි ‘ජෙට්මවට් එක් පයක් ඉසා සාල් එකඞ් මනා දෙපතක් ඉසා’ යනාදි වශයෙන් දැක්වෙන්නේ ජ්‍යෙෂ්ඨ මවට ඉඩම් එක් පයකුත් දිනපතා සහල් මනා භාගයකුත් ලබාදෙන ලද බවය. කුලියට ගත් කාන්තාවන් සඳහා ඉඩම් එක් පයක් ද අවුරුදු පතා රෙදිපිළි සඳහා රන් කළං එකක් ද ලබාදී ඇත. මේ අනුව විහාරස්ථාන ආශ්‍රිතව සේවය කළ කාන්තාවන් සියල්ලටම වැටුප් ලබාදී ඇති බව අනුමාන කළ හැකිය.

විහාරස්ථානය ආශ්‍රිතව තම ස්වාමියා යොදවා ඇති අවස්ථාවලදී ඔහුගේ බිරිඳටත් දරුවන්ටත් විශේෂ අවස්ථාවල දී ත්‍යාග ලබා දී ඇත. එසේ ලබා දී ඇත්තේ තම ස්වාමියා විහාරස්ථානයේ ආවතේව ආදී සේවා කටයුතු කරන කල ඇය විසින් දරුවන් රැක බලා ගනිමින් කෙත්වතු ආදිය ආරක්ෂා කරමින් කටයුතු කිරීම ප්‍රශංසා කිරීමක් වශයෙනි. ඇයට කළ උපහාරයක් වශයෙන් එසේ ත්‍යාග ලබාදී ඇත. රුවන්වැලි සෑ පුවරු ලිපියේදී ‘උන් අම්බුවන්ටද හන්දනා පිළි දී උන් සතුටු කරවා’ ලෙසින් සඳහන්ව ඇත්තේ එයයි. එය ද වැදගත් කරුණක් වශයෙන් සැලකිය හැකිය.

පොළොන්නරු රාජ්‍ය කාලයේදී ශාසනික පාරිශුද්ධත්වය ඇති කිරීම පිණිස දිඹුලාගල වනරතන මේධංකර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් භික්ෂු කතිකාවතක් සිදුව ඇති නමුදු එහිදී විහාරස්ථාන ආශ්‍රිතව සේවයෙහි නියුක්ත කාන්තාවන්ගේ සේවය අත්හිටුවීමක් පිළිබඳ හෝ ඊට එරෙහි වීමක් පිළිබඳ කරුණු අන්තර්ගත නොවීමෙන් පැහැදිලි වන්නේ ඇයගේ සේවය මගින් කිසිදු ශාසනික හානියක් සිදු නොවුණු බවයි. පරාක්‍රමබාහු රජුගේ රාජ්‍යත්වයෙන් පසුව වර්ෂ 22කට පසුව කල්‍යාණවතී බිසව රාජ්‍යත්වයට පත් වන අතර ඒ කාලයේදී කාන්තාවන් විහාරස්ථානවල සේවයෙහි නියුක්ත වීම අහඹු සිදුවීමක් වශයෙන් සැලකිය නොහැක්කකි. ඊට පෙර ද කාන්තාවන් විහාරස්ථාන ආශ්‍රිතව සේවයේ නියුක්තව සිටින්නට ඇත. කෙසේ නමුත් එදා එසේ විහාරස්ථානයන්හි කාන්තාවන්ගේ සේවය ලබා ගැනීම සිදු වුවද අද වන විට කාන්තාවන්ට එය තහංචියකි. බොහෝ කටයුතු සඳහා දායක වන්නේ පිරිමි පාර්ශ්වයයි. බොහෝ විට මෙකී සංකල්පය අප සමාජයට පැමිණෙන්නට ඇත්තේ මහනුවර යුගයේදීය. මන්ද මේ කාලයේ දී හින්දු බලපෑම බොහෝ සේ තිබුණු බැවිනි. එකී බලපෑම්හි ප්‍රතිඵලයක් මත කාන්තාවන් විහාරස්ථාන ආශ්‍රිත සේවාවලින් ඉවත් වන්නට ඇතැයි නිගමනය කළ හැකිය.
පදියතලාවේ ඥාණවිමල හිමි

SendShareShare
Previous Post

සියපත ෆිනෑන්ස් වෙතින් “සියපත කිරුළ” ළමා ඉතුරුම් ගිණුම

Next Post

රනිල් ඉවත් ‌වෙයි: එජාප නායකත්වය කරුට

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

1990 හදිසි ගිලන් රථ සේවාව (සුව සැරිය) අක්‍රීය වන බවට සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන පුවත බොරුවක් බව සුවසැරිය...

Read more
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.