ප්‍රේමය තාරුණ්‍යයට අත්‍යාවශ්‍යම දෙයක්. ඒ වගේම ප්‍රේමය කෙනකුගේ ජීවිත සාර්ථක කරනවාද, අසාර්ථක කරනවාද කියන එකත් ප්‍රබලවම තීරණය කරනවා. අපේ ජීවිතයට අපි බලාපොරොත්තු වන ආකාරයේම සහකරුවකු හෝ සහකාරියක ලැබෙන්නේ කලාතුරකින්. කෙනකුට 100%ක් ගැළපෙන කෙනා සොයගැනීම අපහසු වුණත් අපට ගැළපෙනම කේන්දරයට ගැළපෙනම සහකරු හෝ සහකාරිය හැකිතාක් නිවැරැදිව තෝරාගන්න අපි දැනුවත් විය යුතුයි. අපිට උරුම පාර්ශ්වකරුවා නිවැරැදිවම හඳුනා ගන්නේ කොහොමද? ඒක ටිකක් බැරෑරුම් කරුණක්. කෙනෙක් දුටු පමණින්, කතාබහ කළ පමණින්, කොටින්ම ආශ්‍රය කළ පමණින් මේ තමයි මගේ ජීවිතය භාරදීමට සුදුස්සා යැයි තීරණය කළ හැකිද? එය කොතෙක් දුරට නිවැරැදිද?
මේ ආකාරයට උභතෝකෝටික ප්‍රශ්න රැසකට මුහුණ දුන්නා වගේම පෙර කී ආකාරයේ හදිසි තීරණ නිසා තමන්ගේ මුළු ජීවිත කාලයටම ප්‍රේමය, විවාහය එපාවුණු තරුණ පිරිස් අද සමාජයේ සුලබයි. ඒ නිසාමයි අද තමන්ගේ කේන්දරය අනුව තමන්ට ප්‍රේමය හිමිවන්නේ කෙලෙසද යන්න පිළිබඳ ඔබ දැනුවත් කිරීමට මේ ලිපිය වෙන් වුණේ.
කේන්දරයේ හත්වැන්න කොතැනද?
ඔබගේ සහකරු හෝ සහකාරිය හඳුනාගැනීමේ පහසුම ක්‍රමය කේන්දර සටහනේ හත්වැන්න පරීක්ෂා කිරීමයි. කේන්දර සටහනේ හත්වැන්න අධිපතියා රාශි දොළහේ කුමන රාශියේ තැන්පත්ව සිටිනවාදැයි අපි පළමුව හඳුනාගනිමු.

හත්වැන්නාධිපති ලග්නයේ
හත්වැන්නාධිපති ලග්නයේ සිටින කේන්දර හිමියා වාසනාවන්තයෙකි. ඔවුන්ට තම සහකරු හෝ සහකාරිය සොයාගැනීම අසීරු කටයුත්තක් නොවේ. ඔවුන් ඔබ සොයා ඔබ වෙතට පැමිණෙන අතර ප්‍රථමයෙන් ප්‍රේමය ප්‍රකාශ කරන්නේද එම පාර්ශ්වයෙනි. හත්වැන්නාධිපති ලග්නයේ සිටීමෙන් දැඩි ලෙස ප්‍රේමයෙන් බැඳුණු පෙම්වතකු හෝ පෙම්වතියක වීමට අවස්ථාව උදාවේ.
හත්වැන්නාධිපති දෙවැන්නේ
මෙවැනි කේන්දර හිමියන්ගේ ප්‍රේමය ඔවුන් නිවෙසේ සිටින විටදී ඔවුන් සොයා එයි. එසේත් නොමැති නම් මුදල් ගනුදෙනුවකදී හෝ ගායනය, කථිකත්වය වැනි කටහඬ මූලික කරගත් අවස්ථාවකදී ප්‍රේමය ප්‍රකාශ කරයි.
හත්වැන්නාධිපති තුන්වැන්නේ
මෙම කේන්දර හිමියන්ගේ ප්‍රේමය සහෝදර සහෝදරියන්ගේ අනුදැනුම හෝ මැදිහත්වීම මත ඇරැඹෙයි. එසේත් නොමැති නම් පිය පාර්ශ්වයේ ඥාතිත්වයක් හෝ විනෝද චාරිකා ගමන් බිමන් ආදිය හේතුවෙන් ප්‍රේමය ඇරැඹෙනු ඇත.
හත්වැන්නාධිපති හතරවැන්නේ
මොවුන්ට තම ප්‍රේමය හිමියන්නේ මවු පාර්ශ්වයේ ඥාතිත්වයක් මත හෝ එම ඥාතින්ගේ මාර්ගයෙනි. ගේදොර ඉඩකඩම් වැනි කරුණක් හෝ රැකියාව පිළිබඳ ගොනුවීමක් තුළින් ප්‍රේමය සාර්ථකත්වයට පත්වෙයි.
හත්වැන්නාධිපති පස්වැන්නේ
නාට්‍ය, චිත්‍රපට, විනෝද ශාලා, ක්‍රීඩා උත්සව ආදිය තුළින් ඔබේ සහකරු හෝ සහකාරියගේ ප්‍රථම හමුව සිදුවෙයි. මීට අමතරව පාසල්, විශ්වවිද්‍යාල, වෘත්තීය පුයහුණු පාඨමාලා සහ ඊට සම්බන්ධ සම්මන්ත්‍රණ ආදිය හරහාද ඔබේ ප්්‍රමය හමුවනු ඇත.
හත්වැන්නාධිපති හයවැන්නේ
මෙම කේන්දර හිමිකරුවන්ට ඔබගේ පෙම්වතා හෝ පෙම්වතිය හමුවන්නේ තම නැන්දා, මාමා හෝ සේවක සේවිකාවන්ගේ හමුවීමක් අතරතුරදීය. එමෙන්ම සතුරු කරදර වැනි අවේගකාරී අවස්ථාවලදීද ප්‍රේමය වෙත අවධානය යොමුවේ.
හත්වැන්නාධිපති හත්වැන්නේ
මෙවැනි කේන්දරයකට හිමිකම් කියන ඔබට ආරාධනාත්මක ප්‍රේමයක් හිමිවෙයි. එය ඔබ කෙරෙහි බලවත් වූ ප්‍රේමය තුළින්ම ඇතිවූවකි. ඔබේ යහපත් ගතිගුණ, කතා ශෛලිය, හැසිරීම් රටාව හෝ පෙර සංසාරගත බැඳීමක් තුළින් ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය ඔබගේ ප්‍රේමය සොයා පැමිණෙයි. මෙම කේන්ද්‍ර හිමිකරුවන්ට සැබැවින්ම ප්‍රේමණීය විවාහයක් උරුම වේ.
හත්වැන්නාධිපති අටවැන්නේ
මෙම කේන්දර හිමිකරුවන්ට තමන්ගේ ප්‍රේමය හමුවන්නේ හදිසි මොහොතක හෝ ශෝකජනක අවස්ථාවකදීය. මෙය හදිසි අනතුරක්, රෝහලක්, අවමංගල අවස්ථාවක් හෝ එවැනි බලාපොරොත්තු රහිත හදිසි මොහොතකදී සිදුවේ. එනම් රෝහලක සිටින රෝගියකුගේ සුවදුක් විමසීමකට යන අවස්ථාවක උපකාර කිරීමකින් හෝ රෝගියකු හමුවීමකි මෙම ප්‍රතම හමුව සිදුවනු ඇත.
හත්වැන්නාධිපති නවවැන්නේ
පන්සල්, පල්ලි, කෝවිල් වැනි ආගමික ස්ථානයකදී වන්දනා ගමනකදී හෝ දානමාන කටයුතුවලට සහභාගි වන අතරවාරයේදී මෙම කේන්දර හිමිකරුවන්ට තම සහකරු හෝ සහකාරිය හමුවේ. මොවුන්ගේ ප්‍රේමය කාරුණික, තැන්පත්, සංවර වූ ප්‍රේමයකි.
හත්වැන්නාධිපති දහවැන්නේ
මෙම කේන්දර හිමියන්ගේ ප්‍රේමය ඔවුන් කියාව කරන ස්ථානයේදී සොයා එයි. එසේත් නැත්නම් එය සිදුවන්නේ පිය පාර්ශ්වයේ ඥාති සම්බන්ධයක් හෝ හිතවතකුගේ මාර්ගයෙනි.
හත්වැන්නාධිපති එකොළොස්වැන්නේ
මෙම කේන්දර හිමියන්ට තම සහකරු හෝ සහකාරිය හඳුනාගැනීමට ලැබෙන්නේ තම මිතුරු මිතුරියන් හෝ වැඩිමල් සහෝදර සහෝදරියන්ගේ මාර්ගයෙනි. එමෙන්ම උසස්වීම් හෝ උසස්වීම්වලට අදාළ තරග විභාග ආදිය හරහාත්, රාජ්‍ය ආයතනයන්හි සේවා කටයුතු ඉටුකර ගැනීමට උත්සාහ කිරීමේදීත් මෙම කේන්දර හිමියන්ට තම සහකරු හෝ සහකාරිය සොයාගැනීමට අවස්ථාව සැලසේ.
හත්වැන්නාධිපති දොළොස්වැන්නේ
මොනුන්ට තම සහකරු හෝ සහකාරිය හමුවන්නේ රෝහල්, උසාවි, බන්ධනාගාර වැනි ස්ථානයකදීය. රෝගීන්ගේ සුවදුක් විමසීමට යෑමේදී උසාවි හෝ සිරගතවූවන් බැලීමට යෑමේදී හෝ එවැනි අවස්ථා මුල් කරගෙන මොවුන්ගේ ප්‍රේමය හමුවීමට සිදුවිය හැකිය. එසේත් නැතිනම් එවැනි ස්ථානයක සේවය කරන හිතවතකුගේ හඳුන්වාදීමක්ද ඔබේ කේන්දර සටහන අනුව ඔබේ සහකරු මුණගැසීමට හේතු වේ.
මේ ආකාරයෙන් කේන්දරයේ හත්වැන්නාධිපතිගේ පිහිටීම අනුව ඔබේ ප්‍රේමය කෙලෙස හමුවනවාද යන්න ඔබට හඳුනාගත හැකිය. ඒ අනුව කේන්දරයේ අනෙකුත් ග්‍රහ බල අනුව මෙම හඳුනාගැනීම තුළින් සාර්ථක විවාහයකට එළැඹීමට ඔබට හැකියාව උදාවේ.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති











