ආහාර බෝග අතහැරීම

වැඩවසම් ක්‍රමය පැවැති කාලයේ ලංකාවේ පැවැති දීර්ඝ කාලය පුරා ලංකාව පැවැතියේ ස්වයංපෝෂිත රටක් ලෙසිනි. එහෙත් පසුකාලීනව ලංකාවේ තේ, පොල්, රබර්, සිංකෝනා ආදී ආර්ථික භෝග වගාවත් සමග මෙරට පැවැති ආහාරවලින් ස්වයංපෝෂිත බව ක්‍රමයෙන් ගිලිහෙන්නට පටන්ගත් අතර එතැන් පටන් මුදල් මතම පදනම් වූ බලාපොරොත්තු මිනිසුන් තුළ ක්‍රියාත්මක වීම මෙම තත්ත්වය උග්‍ර අතට පත් කළේය.
පිටරට සල්ලි සහ කෑම

මෙරට වැවුණු ආර්ථික භෝග රට රටවලට යැවීම ආරම්භ වූ පසු විදෙස් මුදල් ඉපැයීමත් එම මුදල්වලට ලබාගත හැකි විදෙස් ආහාර ගැන උනන්දු වීමටත් වැසියා පුරුදු විය. මේ හේතු නිසා මෙරට තුළ වවාගෙන පරිභෝජනය කළ හැකි ආහාර භෝග ගැන තිබූ උනන්දුව අඩුවීමෙන් දේශීය ස්වයංපෝෂිත බව ක්‍රමයෙන් ගිලිහී යෑමට පටන් ගත්තේය.
ගමෙන් නගරයට යෑම

වැඩවසම් ක්‍රමය නැතිවී යෑමත් සමග ගම්වල ජීවත්වූ පිරිස් මහන්සිවී වැඩකිරීමට අකැමැති වූහ. ඔවුහු ගමෙන් නගරයට ගොස් රැකියා කිරීමට වැඩි උනන්දුවක් දැක්වූ අතර එය විදෙස් පාලකයන් බලාපොරොත්තු වූ කාරණාවක් බැවින් එවැනි පිරිස් ගමෙන් නගරයට අද්දාගත හැකි සියලු ක්‍රමවේද යොදන ලදී. එහෙයින් මෙරට වගා කටයුතු පිරිහීම තවත් වැඩිවිය.











