COVID 19 වසංගතය තුළින් පැනනැඟුණු දීර්ඝ කාලීන අභියෝගයන් හමුවේ වුවද සම්පත් බැංකුව 2021 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මාස 09 සඳහා ඉහළ කාර්යසාධනයක් වාර්තා කරන ලදී.
නව උපායමාර්ගික හඳුන්වාදීම් සහ ඉලක්ක පදනම් කර ගත් ව්‍යාපාර සැලසුම්වල ප්‍රතිඵලයක් වශයෙන් සම්පත් බැංකුවට, වසංගතය හේතුවෙන් නිරත්තර වෙනස්වීමට ලක්වන ආර්ථික තත්ත්වයන් සඳහා සාර්ථකව මුහුණ දීමට හැකි වූ අතර එය පෙර වර්ෂයට සාපේක්ෂව බදු පසු ලාභයෙහි 76.4%ක සැලකිය යුතු වර්ධනයක් සඳහා හේතු විය.
ශ්‍රී ලංකාව තුළ 2021 වර්ෂය මැද භාගය වන විට ඇරඹි COVID 19 වසංගතයේ තුන්වැනි රැල්ල, එය ආරම්භ වූ 2020 මාර්තු මාසයේ සිට මෙතෙක් මුහුණ දුන් අභියෝගාත්මකම කාලපරිච්ඡේදය බවට පත්විය. පෙර සේම, සම්පත් බැංකුව සිය ගනුදෙනුකරුවන්ට සහ සේවකයින්ට මෙම දුෂ්කරතාවලට මුහුණ දීම සඳහා සිය සහයෝගය නොමඳව ලබාදෙන ලදී. ඩිජිටල්කරණය සඳහා වූ බැංකුවේ උපායමාර්ගික සැලැස්ම, ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසු මෙන්ම ආරක්ෂිත බැංකු සේවාවන් ලබාදීමත් සහ සේවක මණ්ඩලයට බාධාවකින් තොරව නිවෙසේ සිට වැඩකිරීමේ පරිසරය වෙත මාරුවීමේ හැකියාව ලබාදීමත් හරහා සිය සුවිශේෂත්වය මනාවට ඔප්පු කොට ඇත. සිය ඩිජිටල්කරණ උපායමාර්ගික සැලැස්මෙහි තවත් ඉදිරි පියවරක් ලෙස, බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට බොහෝ විට කලාපයේද ප්‍රථමවරට ස්පර්ශ කිරීමකින් තොරව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) හරහා මුදල් ලබාගැනීමේ පහසුකම හඳුන්වා දෙන ලදී. ස්පර්ශ රහිත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (Touchless ATM) හඳුන්වා දීමේ තාක්ෂණික විප්ලවයත් සමඟ මුදල් ලබා ගැනීමේ දී ATM යන්ත්‍ර මතුපිට ස්පර්ශ කිරීමේ අවශ්‍යතාව ඉවත් විය. විෂබීජ සහිත මතුපිට මත ගැටීමෙන් වෛරස ව්‍යාප්ත වීමේ අවදානම, මෙමඟින් අවම කරන අතර එය වර්තමානයේ පවත්නා ගෝලීය කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ ATM යන්ත්‍ර හරහා මුදල් ලබාගැනීම සඳහා වූ ප්රත්යක්ෂම විසඳුම බවට පත්විය.











