• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

එයාගෙ පව් ඔයාට ගෙවන්න බැහැ…

December 11, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
එයාගෙ පව් ඔයාට ගෙවන්න බැහැ…
Share on WhatsAppShare on Facebook

මිහිපිට පුද්ගලයන් දෙදෙනකු අතර පැවැත්විය හැකි ගැඹුරුම සම්බන්ධතාව විවාහය ලෙස හඳුන්වා දී තිබෙනවා. ටිකක් කල්පනා කරලා බැලුවාම ඒක ඇත්තක් තමයි. හුඟ දෙනෙක් විවාහ වෙලා හරිම සාර්ථකව නියම අවබෝධයකින් යුතුව ගැඹුරු හිතවත්කමක් පවත්වාගෙන යහපත් දූදරුවන් ලබා ජීවන ගමන අවසානය දක්වා සියලු කරුණු කාරණා සම්පූර්ණ කරගෙන සතුටින් ජීවත් වෙනවා.

ඒත් සමහරුන්ට විවාහය හරිමි අමිහිරි අත්දැකීමක් වෙලා. එකිනෙකාට එකිනෙකා පෙන්නන්න බෑ. අදහස් ගැළපෙන්නේ නැහැ. මෙහෙම වෙන්න හේතු ඒ ඒ ජන්ම පත්‍රවල සැඟවිලා ඇති බව ජ්‍යොතිර්වේදයේ සඳහන් වෙනවා. අද ‘මව්රට’ තුළින් අපි බලමු විවාහයේ මත ගැටුම් ඇති වීමට හේතු වන ග්‍රහ පිහිටීම් ගැන.

විවාහ දෝෂ ගණනාවක් ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. විවාහයට කලින් පොරොන්දම් ගැළපීමේදී ජ්‍යොතිර්වේදීන් මෙම දෝෂ ගැන දැඩි අවධානයක් යොමු කරන අතර දෝෂ රහිත කේන්දරවලට දෝෂ රහිත කේන්දර හොඳින් ගැළපෙනවා කියන කරුණ පදනම් කරගන්නවා. ඒ වාගේම තමයි සමහර කේන්දර හමුවෙනවා කේන්දරය තුළ විවාහ දෝෂ තිබුණාට කේන්දරය තුළින්ම එම දෝෂ භංග වන, දෝෂ භංග කේන්දරවලට දෝෂ භංග කේන්දර හොඳින් ගැළපෙන බවයි ජ්‍යොතිෂය පිළිගත් මතය. අපි හිතමු දෝෂ සහිත කේන්දරයක් තියෙනවා කියලා. කේන්දරය තුළින්ම දෝෂ භංග නොවෙන කොට එයාට ගළපන්න ඕනෙ දෝෂ සහිත කේන්දරයක්මයි. එහෙම නැතිව විවාහ දෝෂ සහිත කේන්දර හිමියන් විවාහ නොවී ඉන්න ඕනෙ කියලා ජ්‍යොතිර්වේදයේ කොහේවත් සඳහන් කරලා නැහැ. ඒ වගේම විවාහ දෝෂ නැති කේන්දරයක් සමග විවාහ දෝෂ තිබිලා කේන්දරය තුළින්ම දෝෂ භංග වූ කේන්දරයක් මධ්‍යම වශයෙන් ගැළපෙන බවත් සඳහන් වෙනවා.

ඉතින් ඔන්න ඔය විදියට විහාය දෝෂ තියෙන කේන්දර හිමියන් විවාහයට පත් වුණත් එම කේන්දරය තුළ තිබෙන විවාහ දෝෂ යම් ප්‍රමාණයකට හෝ විවාහ ජීවිතය තුළදී ඉස්මතු වෙනවා. මේවා තමයි විවාහකයන් අතර ගැටුම් නිර්මාණය කරන්නේ.

පොරොන්දම් ගළපන ජ්‍යොතිර්වේදියාගේ යුතුකමක් තමයි මෙවැනි විවාහයක් ගළපා දෙදෙනාට විවාහ වීමට අවසර දෙන විට විවාහ වන දෙදෙනා කැඳවා ඔවුන්ට තමන්ගේ ජන්ම පත්‍ර තුළ තියෙන විවාහ දෝෂ පෙන්වා දී ඉතා ඉවසීමෙන් අනෙකාගෙන් සිදුවන සුළු වරදකදී කටයුතු කරන හැටි උදාහරණ සහිතව පෙන්වා දෙන එක.

මොනවාද මේ කේන්දර තුළ තිබෙන විවාහ දෝෂ? කේන්දරයක අඟහරු ග්‍රහයා ලග්නයෙන්, චන්ද්‍රයාගෙන් හෝ සිකුරුගෙන් 1,2,4,7,8,12 යන ස්ථානයක සිටීම කුජ දෝෂය ලෙස හඳුන්වනවා. නමුත් දෝෂ සහිත කේන්දරයක කුජ ග්‍රහයා චන්ද්‍රයා සමග හෝ ගුරු සමග යෝගව සිටිනවා නම් එම දෝෂය භංග වෙනවා. දෝෂ සහිත කුජට, ගුරුගේ දෘෂ්ටිය ලැබීමෙන්ද දෝෂය භංග වෙනවා. (ගුරුට තමන් සිටින තැනින් වම් පැත්තට හතර, හත, අට යන රාශි පෙනෙනවා)

විෂ කන්‍යා යෝගය කියලා ප්‍රබල විවාහ දෝෂයක් හඳුන්වා දී තිබෙනවා. ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා දිනවල 2,7,12 යන තිථිවල කැති, අස්ලිය, විසා, සියාවස යන නැකැත්වල ඉපදුණු කාන්තාවන්ට මෙම යෝගය පිහිටන බවත්, ජ්‍යොතිෂ මූලාශ්‍රවල සඳහන් වන අතර පිරිමින්ට මෙම යෝගය පිහිටන බවක් සඳහන් වෙලා නැහැ. මෙම යෝගය පිහිටි කාන්තාව සමග විවාහ වන පුද්ගලයා අකාලයේ මියයන බවද සඳහන්.

විවාහ අපේක්ෂිත දෙදෙනාට ඉදිරියේදී එකම වර්ෂයක් තුළ එකම මහ දශාවක් ලැබීම කඩහන්දි මාරක දෝෂය ලෙස හඳුන්වාදී තිබෙනව. ඒ විතරක් නෙවෙයි හොඳින් කේන්දරය ගළපා සමගියෙන් වෙසෙන විවාහක දෙදෙනකු අතර පවා යම් යම් කාලවලදී මත ගැටුම් ඉස්මතු වෙන්න පුළුවන් බව සඳහන් වෙනවා. මෙන්න මෙහෙම,
දෙදෙනාටම එකම කාලයේදී සෙනසුරු ඒරාෂ්ටක අපල පැවැතීම, ඒ වගේම දෙවැන්නේ, හත්වැන්නේ, අටවැන්නේ හෝ දොළොස් වැන්නේ සිටින ග්‍රහයන්ගේ දශා කාලයක් ලැබීම, අඟහරු 2,7,8 ස්ථානයක සිටින විට අඟහරුගේ දශාවක් ලැබීම යන මේ කාලසීමාවන් තුළදී විවාහය තුළ විශාල වශයෙන් අර්බුද ඇතිවිය හැකියි.

අපි හිතමු ස්වාමිපුරුෂයාට ලබා තිබෙන මහ දශාවේ අධිපතිත්, භාර්යාවට ලබා තියෙන මහ දශාවේ අධිපතිත් යන දෙදෙනා එකිනෙකාට සතුරු ග්‍රහයන් දෙදෙනෙක් කියලා. එතකොට ඒ කාලසීමාව තුළදී දෙන්නාට එක වහලක් යට ජීවත් වීම ඉතා අපහසු වෙනවා. සතුරු ග්‍රහයන් ගැන කියනවා නම් රවිට, සිකුරු සහ ශනිට, කුජට, බුධ සහ රාහුද බුධට සඳුද, ගුරුට බුධ සහ සිකුරුද, සිකුරුට රවි සහ සඳුද, ශනිට රවි සඳු සහ කුජද සතුරු වන අතර කිසිම ග්‍රහයකු සඳු සමග සතුරු වන්නේ නැහැ.

අපි හිතමු කේන්දරයේ පාප ගති ඉතා වැඩි නිසා තමන්ගේ විවාහකයා සමග මොනම විදියකටවත් වසන්න බැහැ කියලා. එතකොට අපි හිතාගන්න ඕනෙ මෙයා දීර්ඝ සංසාර ගමනේ පව් කරගෙන මේ ආත්මයේත් පව් එකතු කරන කෙනෙක් කියලා. මෙයාගේ පව්කාර ගමන මෙයා ගියාවේ. මගේ පින්වන්ත ගමන මම යනවා කියලා.

ඕනෑම ගැඹුරු සම්බන්ධතාවක කිසියම් දුරස්ථ බවක්ද තිබිය යුතුයි. ප්‍රශ්න ගැන මිනිස් ජීවිතවලට ජ්‍යොතිෂයේත් බුදු දහමේත් පිහිට ලබාගෙන ඉතා සැනසිලිදායක ලෙස ජීවත් වෙන්න පුළුවන්.

ජ්‍යොතිෂ ශිරෝමනී, දේශබන්දු අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

තහනම් කරලා තියෙද්දීත් කෝටි 6ක සුපිරි ලෑන්ඩ් කෲෂර් එකක් හම්බන්තොටට ගෙන්නුවේ කව්ද?

Next Post

සමනල අඩවියට ජන ගඟ ගලන මැදින් පෝයේ අබිරහස…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.