• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

උඩට යනවද? බිම වැටෙනවද?

December 5, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
උඩට යනවද? බිම වැටෙනවද?
Share on WhatsAppShare on Facebook

ඉඩකඩ සීමාවීම හේතුකොට ගෙන නාගරිකව ඉදිකෙරුණු මහල් නිවාස සංකල්පය මේ වන විට විශාල ඉඩම් පිහිටි ප්‍රදේශවලටත් ව්‍යාප්ත වීමට හේතුවෙලා තියෙන්නෙ එම රැල්ලයි. කෙසේ වෙතත් මහල් නිවාස ඉදිකිරීමේදී බොහොමයක් දෙනාගේ මූලික අවධානය යොමුවන්නේ අලංකාරයටයි. එහෙම වුණාම ඇතැම් වාස්තු කරුණු මඟහැරී යන්නේ කාටත් නොදැනීමයි. ඒ විදියට මඟහැරෙන දෙයක් තමයි මහල් නිවෙසට යොදන පඩිපෙළ. බොහෝ විට නිවෙස තුළට ගියාම ලස්සනට පෙනෙන විදියට තමයි පඩිපෙළ දාන්න හදන්නේ. එය තීරණය කරන්නෙ නිවැසියාමයි. ඇතැම් විට වාස්තු ශිල්පියා කියූ තැන හරිනැහැ කියලා නිවාස හිමියාට සිතෙන තැනක් තෝරාගැනීම කරන අවස්ථාත් තියෙනවා. එහෙත් එයින් යෙදෙන වාස්තු දෝෂ බරපතළ බව අමතක කරන්න හොඳ නැහැ.

යම් නිවෙසක ඉතා සුබ ආකාරයට පියගැටපෙළ යොදනවා නම් එය උතුර හෝ නැගෙනහිර දිශාවෙන් ආරම්භ කිරීමයි වඩාත්ම හොඳ. ඒ වගේම එම පඩිපෙළෙහි අවසන් පඩිය දකුණු දෙසට හෝ බටහිර දෙසට යොමුවෙනවා නම් වඩාත් හොඳ වෙනවා. එය ඉතා සුබ තත්ත්වයක්. නමුත් පඩිපෙළ උතුර නැගෙනහිර බිත්තිවලට සම්බන්ධ නොකළ යුතුයි. පඩිපෙළ සහ බිත්ති අතර අඩුම තරමින් අඟල් තුනක්වත් පරතරය තැබීම වැදගත් වෙනවා.

යම් ගොඩනැගිල්ලක හෝ නිවෙසක උතුරු හෝ නැගෙනහිර දිශාවන්ට මුහුණලා බැසීමට හැකි පඩිපෙළක් නිර්මාණය කරගත හැකි නම් එය එම නිවැසියන්ට සුබ පල ළඟාකර දෙන්නක්. තරප්පුවක් නිර්මාණයේදී ඉහළ සහ පහළ වැසීමට හැකි දොරටු දෙකක් තිබේ නම් එයද වැදගත්. මෙම දොරටු උතුරට සහ නැගෙනහිරට මුහුණලා සකස් විය යුතුයි. ඒ වගේම ඉහළ පහිටි දොරටුව පහළ දොරටුවට වඩා අඟල් කිහිපයක් කුඩා වීම ඉතා වැදගත්.

ඇතැම් නිවාසවල පඩිපෙළ කවාකාරවයි යොදන්නේ. එවිට එය දක්ෂිණාවර්තව යෙදීම ඉතා වැදගත්. එනම් නැගෙනහිර සිට දකුණු දෙසට හෝ දකුණ සිට බටහිරට, උතුර සිට නැගෙනහිරට ආදී ලෙසයි. යම් ගොඩනැගිල්ලක ඉහළට යෑමට සහ පහළට බැසීමට පඩිපෙළ දෙකක් ඇත්නම් ඒවා වෙන වෙනම ඉදිකළ යුතුයි. මෙය බලපාන්නේ පොළොව යට බිම් මහලක් ඇති නිවාස සඳහායි. එසේම පඩිපෙළ නිවෙසක ඉදිරිපස මැද කොටසේ නොවිය යුතුයි. එසේම ප්‍රධාන දොරටුව ඉදිරිපස හෝ ප්‍රධාන දොරටුව හරහා යන ලෙසද තරප්පු පෙළ නොදැමිය යුතුයි.

බොහොමයක් නිවාසවල තරප්පු පෙළ යට ඇති ඉඩකඩ තුළ ආගමික පුදපූජා ස්ථාන, සේප්පු හෝ මුදල් කටයුතු, එසේත් නැත්නම් පොත් රාක්ක, මංගල ඡායාරූප ආදිය තැබීමට භාවිත කරයි. එය නොගැළපේ. එම ස්ථානය එවැනි කිසිදු කටයුත්තකට ගත නොහැකි ස්ථානයක් නොවේ. ඊළඟට තරප්පුවක පඩි ගණන ඉරට්ටේ වීමද ඉතා වැදගත් කාරණයකි. එසේම නිවෙසක පියගැටපෙළ භාවිත කිරීමේදී හඬක් නැගේ නම් එය අසුබ තත්ත්වයක් සේ සැලකේ. මෙය යකඩ හෝ ලී තරප්පුවල දක්නට ලැබේ. විශේෂයෙන්ම ඊට පිළියම් නොකළහොත් විවාහ ප්‍රශ්න ඇතිවිය හැකිය.

නිවෙසක පියගැටපෙළෙන් ගොස් එක්වරම කාමර තුළට ඇතුළු වන ලෙස සැකසීමෙන් නිවැසියන්ට නරක ප්‍රතිඵල ගෙනදේ. එය කාන්තා පාර්ශ්වයට වඩාත් අශුභ වේ. බොහෝ දුරට සුළු සුළු කරුණු යැයි සිතා සිටින ඇතැම් කාරණා නොදැනුවත්වම විශාල හානිදායක තත්ත්වයක් ඇතිකරන බැවින් ඒ ගැන දැන සිටීම වගේම වාස්තු ගැන දන්නා කියන අයකු සම්බන්ධ කරගෙන වාස්තු දෝෂ ඉවත් කරගැනීමත් වැදගත්ය.

බොහෝ පිරිස් සිය දියුණුවේ මධ්‍යම අවස්ථාවේ දෙමහල් නිවාස ඉදිකිරීමට පෙලඹෙන අතර, නිවෙස ඉදිකිරීමෙන් පසු දියුණුව අඩාළ වීමට බලපාන්නේ මෙවැනි වාස්තු දෝෂ බව නොදනියි. ඒ නිසා ඔබගේ නිවෙසේත් එවැනි දෝෂ නැතැයි සනාථ කරගැනීම ඔබට යහපතකි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

කොන්ද පණ නෑ! කතානායකත් එක්ක බෑ! (VIDEO)

Next Post

ප්‍රසිද්ධ පන්සලක හැංගිලා වැඩ කරන අද්භූත අමුත්තා…

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.