• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ධන රාශිය හඳුනාගෙන වාසනාව පාදාගන්න…

November 27, 2021
in Astrology, Kendaraya
Reading Time: 3 mins read
A A
ධන රාශිය හඳුනාගෙන වාසනාව පාදාගන්න…
Share on WhatsAppShare on Facebook

මේ ලෝකයේ උපදින අප සියලු දෙනාටම ජීවත්වීමට අවශ්‍ය මූලික සාධක අතර මුදල්මය ශක්තිය ඉතා වැදගත් සාධකයකි. මුදල් නැතිනම් අපට ජීවිතයේ කිසිම අවශ්‍යතාවක් ඉටුකර ගැනීමට නොහැකිය. එසේ නම් මුදල් යනු අත්‍යාවශ්‍ය සාධකයකි. නමුත් අධිකව මුදල් තිඛීමත් ජීවිතයට කරදරයකි, හානියකි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මධ්‍යම ප්‍රතිපදාව මුදල් නමැති සාධකයටත් ගැළපෙන බව මාගේ හැඟීමයි. එසේ නම් කෙනෙකුට ජීවත් වීමට යම් ආර්ථික ශක්තියක් තිබිය යුතුමය. ඒ සඳහා ජන්ම කේන්ද්‍රයක ආර්ථික ශක්තිය නැතහොත් ධන ශක්තිය මැන බලන්නට අප මූලික වශයෙන් ප්‍රයෝජනයට ගන්නේ හඳහනේ කොටු 12 අතරින් දෙවැනි රාශිය වන ධනස්ථානයත් එකොළොස්වැන්න වන අයස්ථානයත් යන රාශි දෙකයි. එයට අමතරව රැකියාව හෙවත් වෘත්තීය බලය විමසා බැලීම සඳහා 10 වැන්න හා 10 වැන්න අධිපතිත්, මීට අමතරව ලග්නාධිපතිත්, 9 වැන්නාධිපතිත් වැදගත් වෙයි. අයස්ථානයෙන්, එනම් 11 වැන්නෙන් 11 වැනි රාශිය වන 9 වැන්න ආදායමට අනියමින් බලපාන රාශිය වෙයි. එසේම කේන්ද්‍රයේ 9 වැන්නෙන් 11 වැන්න වූ 5 වැන්න කෙරෙහිද අවධානය යොමුකිරීම වැදගත් වෙයි.

එනම් අප ඉහත සඳහන් කළේ කේන්ද්‍රයේ ධන ශක්තිය පිළිබඳවයි. අප ලබාගන්නා එම ධනය, ආදායම වැඩි වශයෙන් වැයවන්නේ කුමන අංශයක් සඳහාද යන්න සොයාගැනීම සඳහා හඳහනක සැඟවුණු ධන රාශියක් ඇති බව ජ්‍යොතිෂයේදී පිළිගනු ලබයි. බොහෝ දෙනකු ගුරු මුෂ්ටියක් ලෙස පමණක් යොදාගනු ලබන මෙම සැඟවුණු ධන රාශිය පාඨක ඔබ වෙනුවෙන් ගෙනහැර දැක්වීම මෙම ලිපියේ මූලික අරමුණයි. එසේ නම් එම සැඟවුණු ධන රාශිය සොයා ගන්නේ කෙසේද? අප ලබන ආදායම වැඩි වශයෙන් වියදම් වන්නේ ලෙඩරෝගවලටද, අධ්‍යාපනයටද, නඩුහබවලටද, නැති නම් ගේදොර ඉදිකිරීම් වැනි සංවර්ධන කටයුතුවලටද, එසේත් නැති නම් වෙනත් කාර්යයක් සඳහාද යන්න සැඟවුණු ධන රාශිය සොයාගැනීම තුළින් අපට තොරතුරු හෙළිකර ගත හැකිය. මීට අමතරව ලබන ආදායම යහපත්ද අයහපත්ද සුරක්ෂිතද නැතහොත් හානිකරදැයි මෙමගින් නිගමනය කළ හැකිය.

සැඟවුණු ධන රාශිය සොයාගැනීම සඳහා පුරාණ ඉසිවරු නවග්‍රහයන්ගේ එක් එක් ග්‍රහයාට අයත් රශ්මි ප්‍රමාණයක් නිර්දේශ කර ඇත.
ඒ මේසේය.
රවි ‐ රශ්මි 30
සඳු ‐ රශ්මි 16
සිකුරු(ශුක්‍ර) ‐ රශ්මි 12
ගුරු – රශ්මි 10
බුධ ‐ රශ්මි 08
අඟහරු (කුජ) ‐ රශ්මි 06
ශනි (සෙනසුරු) ‐ රශ්මි 01

සැඟවුණු ධන රාශිය සොයාගැනීම සඳහා ඔබගේ ජන්ම පත්‍රයේ 9 වැන්නාධිපති සොයා එම ග්‍රහයාට අයත් රශ්මි ප්‍රමාණයත් චන්ද්‍රයාගෙන් 9ට අයත් ග්‍රහයා හෝ බලවත් ග්‍රහයා සොයාගෙන එම ග්‍රහයාට අයත් රශ්මි ප්‍රමාණයත් එකට එකතු කර ලැබෙන පිළිතුර 12ට වැඩි නම් 12න් බෙදා ශේෂය ගෙන සඳු සිටි රාශියේ සිට එම සංඛ්‍යාව දක්වා වූ රාශිය තෙක් ගැන බැලිය යුතුය. එසේ නම් අප ආදර්ශ හඳහනක් අනුව උදාහරණයක් ගෙන පැහැදිලි කර ගනිමු.

මෙම ඡන්ම පත්‍රයේ 9 වැන්න අධිපති සෙනසුරුය. එම ශනිට අයත් රශ්මි සංඛ්‍යාව 1කි. සඳුගෙන් 9 වැන්න කුම්භයයි. එය සිකුරුට අයිතිය. එම සිකුරුට අයත් රශ්මි සංඛ්‍යාව 12කි. එකතුව 13කි. 12න් බෙදූ විට ශේෂය 1කි. ඒ අනුව සඳු සිටි රාශියේ සිට 1 වැන්න ලග්නයෙන් 2 වැන්නයි. ඒ අනුව සැඟවුණු ධන රාශිය වන්නේ 2 වැන්න වූ ධනස්ථානයයි. ඒ අනුව මෙම ජන්මියාට ධනයෙන් අඩුවක් නැත.

මෙම ඡන්ම පත්‍රයේ 9 වැන්න අධිපති සඳුය. එම සඳුට අයත් රශ්මි සංඛ්‍යාව 16 කි. සඳුගෙන් 9 වැන්න තුලාවයි. එය සිකුරුට අයිතිය. එම සිකුරුට අයත් රශ්මි සංඛ්‍යාව 12කි. එකතුව 28 කි. 12න් බෙදූ විට ශේෂය 4කි. ඒ අනුව සඳු සිටි රාශියේ සිට 4 වැන්න ලග්නයෙන් 7 වැන්නයි. ඒ අනුව සැඟවුණු ධන රාශිය වන්නේ 7 වැන්න වූ විවාහ ස්ථානයයි. ඒ අනුව මෙම ජන්මියාගේ ධනය වියදම් වන්නේ විවාහ ප්‍රශ්න නඩුහබ වැනි 7 වැන්නෙන් ක්‍රියාත්මක කාරණා සඳහාය.

ජ්‍යොතිෂවේදී බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

ඇතෙක් මරලා හොරෙන්ම වත්තේ වළ දාලා! (VIDEO)

Next Post

ඉතිහාසයේ සැඟවුණු රාජසිංහ – මල්වතී ප්‍රේමයේ මන්දිරය…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.