• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පිටකොටුවේ දුවපු නිළිය

November 10, 2019
in Heart
Reading Time: 1 min read
A A
පිටකොටුවේ දුවපු නිළිය
Share on WhatsAppShare on Facebook

‘සිඳු’ ටෙලිනාට්‍ය හරහා ඔබට සමීප වූ හර්ෂිට ඔබ ආදරය කළා. ඉතින් හර්ෂි පසුගිය දවසක සිනමා තාරකාවියක් වුණේ ඔබ නිසාමයි. නැටුමට, රැඟුමට හපන් නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි හර්ෂි අංජුමාලා. කාලෙකට පස්සේ අප සමඟ කතා කළේ මේ විදියට.
හර්ෂි කොහොමද ඉතින්?
අධ්‍යාපන කටයුතු කරන ගමන් නිර්මාණ කටයුතුවලටත් සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා.
මේ දවස්වල අපි හර්ෂිව නිර්මාණ කිහිපයකින් දකිනවා. ඒත් මම හිතනවා මේ වෙලාවේ ‘රෝෂිණී’ ගැන කතා කළොත් හොඳයි කියලා?
‘රෝෂීණී’ චරිතය මට ලැබුණේ ටිකිරි රත්නායක අධ්‍යක්ෂණය කරන ‘සකලගුරු’ ටෙලිනාට්‍ය හරහා තමයි. හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මට මේ ටෙලිනාට්‍යයේ විශේෂත්වය තමයි කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය පිරිසක් සමඟ එකට වැඩ කරන්න ලැබීම.
‘සිඳු’ නාට්‍ය හරහා තමයි ඔබ ජනප්‍රිය වුණේ. ඉතින් තවත් නිර්මාණවලට සම්බන්ධ වීමට තහංචියක් තිබුණෙ නැද්ද ‘සිඳු’ කණ්ඩායමෙන්?
එහෙම මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මමත් අනෙකුත් ශිල්පීන් වගේම වාසනාවන්තයි. මේ තරම් ආදරණීය ප්‍රේක්ෂක පිරිසක් මට ආදරය කළේ ‘සිඳු’ හරහා තමයි. ‘ගයනි’ කියලා තමයි අදටත් හැමෝම මාව අඳුරන්නේ. ඉතින් මට කවුරුත් කියලා නැහැ වෙන නිර්මාණවලට සම්බන්ධ වෙන්න එපා කියලා.
ඔබ පසුගිය කාලේ චිත්‍රපටයකට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කළා. කොහොමද සිනමාවයි රූපවාහිනියයි අතර වෙනස දැනුණෙ?
හර්ෂ උඩකන්දගේ ‘සේද මාවත’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් මම රඟපානවා. සිනමාව ගැන මට කිසිම අවබෝධයක් නැහැ. චිත්‍රපටයක් ඉතාමත් කෙටි කාලයක් තුළ තමයි රූපගත කිරීම් සිදුකෙරෙන්නේ. ඉතින් ටෙලිනාට්‍යයකට වඩා ලොකු කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. සිනමා කැමරාවක් ඉදිරියේදී රඟපෑම පහසු කටයුත්තක් නෙමේ. හැබැයි මගේ චරිතය ගොඩනඟා ගැනීමට චිත්‍රපටයේ සියලුම දෙනා උදව් කළා.
පසුගිය දවසක මහා පාන්දර පිටකොටුවේ දිව්වේ ඇයි?
අම්මෝ ඒ දවස නම් අමතක වෙන්නේ නැහැ. ‘සේද මාවත’ චිත්‍රපටයේ රූපගත කිරීමක් තිබුණා පිටකොටුවේ 2 වැනි හරස් වීදියේ. පිටකොටුවේ ගියත් මම ඇවිදින්න කැමැති නැහැ. එදා නම් සෙරෙප්පු දෙකක්වත් නැතිව දර්ශන තලයේ මට දුවන්න සිද්ධවුණා.
ගොඩදෙනෙක් එක රැයින් ජනප්‍රිය වුණාට එයාලා හිතාගෙන ඉන්නේ එයාලා තමයි තරු කියලා. හර්ෂිත් හිතාගෙන ඉන්නේ ඒ විදියටද?
මම සාමාන්‍ය කෙනෙක්. මම ගැටෙන්නේ සාමාන්‍ය මිනිසුත් එක්ක. අපිට පිටපතක් ලැබුණට පස්සේ එය චරිතයක් පමණයි. ඒ චරිතය කැමරාවෙන් පිටතට මම ගෙනියන්නේ නැහැ. එළියට බැස්සට පස්සේ වැඩිහිටියන්ගෙන් ලැබෙන ආශීර්වාදය මට ශක්තියක්. හැබැයි මම නිළියක් කියලා හිතාගෙන එහෙම කටයුතු කරන්නේ නැහැ.
අපි දන්න විදියට හර්ෂිට හොඳට නටන්න පුළුවන්. නිළියක් වුණාට පස්සේ නැටිල්ලට තිත තිබ්බද?
නර්තනය තමයි මගේ ජීවිතය. මගේ නර්තනය හරහා තමයි මම මේ ක්ෂේත්‍රයට මුලින්ම පිවිසුණේ. ‘දෙරණ ඩාන්සින් ස්ටාර්’ කිරුළ පවා මට හිමිවුණා. මම නර්තනයෙන් ඈත්වෙලා නැහැ. සති අන්තයේ මම නර්තනය වෙනුවෙන් තමයි ගොඩක් දුරට කාලය ගෙවන්නේ.
ආදරය කාටත් පොදු දෙයක්. ඉතින් අපිත් කැමැති හර්ෂිගේ ආදර කතාව ගැන දැනගන්න?
එය මගේ පෞද්ගලික ජීවිතයේ කොටසක්. ඉතින් මම කැමැති නැහැ පෞද්ගලික ජීවිතය කලාවත් එක්ක සසඳන්න. ඉතින් ඉදිරියේදීත් ඒ ගැන මම කියන්නම්. දැන්ම ආදර කතාව බෙදාහදාගන්න කැමැති නැහැ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

විශ්‍රාම යන්න දින 7යි: දැඩි විරෝධය මැද ‘රෝයල් පාක්’ ඝාතකයාට ‌මෛත්‍රී ජනපති සමාව ‌දෙයි

Next Post

උරුම කරුම සියල්ල ලියූ ජීවිතයේ ඔප්පුව

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.