2005 වසරේ සිදුවූ රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඩුවම හිමිව සිටින ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇත.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මීට සති 3කට ඉහතදී ඉගි කළ අතර ඒ සමගම ඝාතනයට ලක්වූ තරුණියගේ පාර්ශෟවයෙන් ඊට දැඩි විරෝධයක් එල්ල විය.
නමුත් විශ්‍රාම යාමට හරියටම සතියක් තියා ඒ සියලු විරෝධතා මැද ජනාධිපතිවරයා අදාළ ඝාතකයාට ජනපති සමාව ලබා දීමට පියවර ගෙන තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ටී.එම්. ජේ. ඩබ්ලිව් තෙන්නකෝන් මහතාද ජනපති සමාව ලබාදීමට අදාළ ලිපිය තමන්ට ලැබුණු බව ප්‍රකාශ කොට තිබේ.










