• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබේ දරුවා උගතකු කරන රහස…

November 7, 2021
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
ඔබේ දරුවා උගතකු කරන රහස…
Share on WhatsAppShare on Facebook

දරුවකු නැණ ගුණ ඇති උතුම් මිනිසකු බවට පත්කිරීම මවුපියන්ගේ යුතුකමක් සහ වගකීමකි. එම වගකීමේ ප්‍රධාන කාර්යභාරයක් වන අධ්‍යාපනය ලබාදීමට මූලික අඩිතාලම යෙදෙන්නේ දරුවාට අකුරු කියවීමේ කටයුත්තේ සිටයි. පිරිමි දරුවකු නම් අවුරුදු තුනක් පිරීමට පෙර අකුරු කියැවීම සම්ප්‍රදාය වන අතර, අතීතයේ මේ කටයුත්ත සඳහා සම්බන්ධ කරගත්තේ ගමේ වැඩිහිටියකු, උගතකු හෝ බුද්ධිමතකු යැයි සැලකෙන විශේෂ කෙනෙකි. ඒ අතර පාසලේ විදුහල්පති, පන්සලේ හාමුදුරුවෝ හෝ ගමේ වෙද මහතාටද ප්‍රධාන තැනක් හිමි විය. එහෙත් අද වෙද්දී තත්ත්වය යම් තරමකට වෙනස් වෙමින් මව හෝ පියා අකුරු කියවන කටයුත්තට මුල්වන බව පෙනී යයි.

අකුරු කියැවීමේ කටයුත්තට කාලය ආසන්න වෙද්දී සුදුසු ජ්‍යොතිෂවේදියකු හමුවී දරුවාගේ කේන්දරය පරීක්ෂා කර සුදුසු දිනයක් නැකැතක් සාදවාගත යුතුය. ඉන් පසුව අදාළ දිනයට පෙර දින පන්සලට ගොස් බෝධි පූජාවක් පවත්වා ආශීර්වාද ලබාගැනීමෙන් දරුවාගේ අනාගතයට සෙතක් සිදුවේ. අධ්‍යාපනය නිසි අයුරින් පිහිටන්නටද එය ශක්තියක් වේ.

අකුරු කියවන දිනයේ සුබ මොහොතට පෙර නුවණට අධිපති ගණ දෙවියන්ට සහ සකල කලාවට අධිපති සරස්වතී දේවියට පූජාවන් තැබිය යුතුය. එම පූජාව තැබීමේදී පිරිසිදු කර, කහ දියර ඉස පිළියෙළ කරගත් විශේෂ තැනක් සූදානම් කරගත යුතු අතර, එම ස්ථානයේ මේසයක් තබා ඊට සුදුසු පිරුවටයක් එළා සූදානම් කරගන්න. ඒ මත ගණ දෙවියන්ගේ හා සරස්වතී දේවියගේ ඡායාරූප හෝ ප්‍රතිමා දෙකක් තබාගන්න.

ඉන් පසුව වෙන වෙනම දෙවියන් සඳහා පූජා වට්ටි සකස් කළ යුතුය. ගණ දෙවියන්ට වෙනම පූජා වට්ටියකුත්, සරස්වතී දේවියට වෙනම පූජා වට්ටියකුත් ලෙස සකස් කරගත් පූජා වට්ටි දෙක දරුවා ලවා දේව රූප ඉදිරියේ තැන්පත් කරවන්න. පසුව දෙවිවරු වෙනුවෙන් පහන් දෙකක් දල්වන්න. ඊට අලුත් පහන් තැටි දෙකක් සපයාගත හැකි නම් වඩාත් ගැළපේ. ඉන් අනතුරුව සුවඳ දුම් අල්ලා, සුවඳ කූරු දැල්විය යුතුය. එසේ සූදානම් කළ පූජා ස්ථානය වටා තෙවරක් දරුවා දක්ෂිණාවෘතව පැදකුණු කරවන්න. ඉන් පසු දේව රූප සහිත පූජා මේසය ඉදිරිපිට දරුවාව හිඳුවන්න. වාඩිවූ දරුවාට දේව රූප පෙනෙන ආකාරයේ උසට ගැළපෙන මේසයක් මේ සඳහා යොදාගත හැකි නම් වඩාත් සුදුසු වේ.

දරුවා වාඩිකරවූ පසු මවුපියන්ද එම ස්ථානයේ වාඩිවී දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා ගණ දෙවියන් සහ සරස්වතී දෙවියන්ගෙන් පිහිට පතා දෙවියන්ට පින් දීමෙන් පසුව සුබ මොහොතට දරුවාට අකුරු කියවන්න.

මේ කටයුත්තේදී ඒ ඒ දරුවාගේ කේන්දරය පරීක්ෂාවෙන් පසුව සුදුසු අකුරු ජ්‍යොතිෂවේදියා සඳහන් කරනු ඇත. සුබ මොහොතට එම අකුරක් කියවීමෙන් වඩාත් හොඳ අධ්‍යාපනයක් ලබාගැනීමට දරුවාට අවශ්‍ය ශක්තිය, ධෛර්යය නොඅඩුව ලැබෙනු ඇත.

පූජාවට අවශ්‍ය ද්‍රව්‍ය

  1. පලතුරු වර්ග 05යි. (අඹ, කෙසෙල්, දොඩම්, උක් දඬු, තැඹිලි, දිවුල් වැනි පලතුරු විශේෂයෙන් සුදුසු වේ.)
  2. කැවිලි වර්ග 05යි. (එහිදී කොණ්ඩ කැවුම්, අග්ගලා හා කිරියා කෑලි වැනි කැවිලි විශේෂ වේ.)
  3. උක් හකුරු
  4. මුං ඇට සහ එළකිරි යොදා සැකසූ කිරිබත්.
  5. කහ, රතු සහ සුදු මල් යොදා සැකසූ මල් මාලා.

ඉහත සඳහන් වර්ගම සොයාගත නොහැකි නම් ඊට ආදේශකයක් යොදාගැනීමද වරදක් නොවේ. වඩාත් වැදගත් වන්නේ කටයුත්ත සඳහා පේවී සැදී පැහැදී කටයුත්ත ඉටුකිරීමයි.

ප්‍රවීණ ජ්‍යොතිෂ සහ අංග ලක්ෂණ පර්යේෂණවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

සබ්‍රි වගේම දිනේෂ්-ජී.එල්. ඉල්ලා අස්වෙන්න තීන්දු කරයි! මහින්දගේ රෑ කෑම විමල් එපා කියයි! සජිත්-අර්ජුන රහස් හමුවක්! සුමන්තිරන් එක්ක අමෙරිකා යන නීතීඥවරු දෙන්නා කව්ද? (රාජ්‍ය රහස්)

Next Post

නිදන් ආරක්ෂක බහිරව බලකායේ හෙළිනොවූ රහස්…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.