• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සහජීවනයේ රසවින්දනය ‘කූත්තු’

November 6, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සහජීවනයේ රසවින්දනය ‘කූත්තු’
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ බහුතරයක් දෙනා දන්නේ තමන්ගේ මවුබස පමණක් යැයි පැවැසීම නිවැරැදි වෙයි. අනෙකාගේ භාෂාවෙන් කතා කිරීමටද, අනෙකාගේ භාෂාවෙන් ලියවුණු පත පොත කියැවීමටද, ගීතයක් රස විදීමට හෝ නාට්‍යයක් නැරැඹීමට එකිනෙකා අපොහොසත් වෙති. මේ නිසා එකම රටේ ජීවත්වන තම සහෝදර ජනතාවගේ සංස්කෘතික උරුමයන් පිළිබඳ අවබෝධයක් ඇතිකර ගැනීම සිංහල පාඨකයාටද අතිශයින් දුෂ්කර කටයුත්තක් වී ඇත. මේ ගැටලුවට දෙමළ ජනතාව ද එලෙසම මුහුණපාන අතර මේ සන්නිවේදන හිඩැස නිසා ඇතිවන අනවබෝධය එකිනෙකා කෙරෙහි ගොඩනැඟෙන සැකයටත්, ඒ නිසා ඇතිවන සිද්ධීන් හේතුවෙන් වෛරයකටත් පසුව නොනවතින අරගලයකටත් මග පාදා ඇත. පසුගිය දශක ගණනාවක් තිස්සේ අප මුහුණ දුන් ත්‍රස්තවාදයට එක් ප්‍රධාන හේතුවක් වූයේද මෙයයි. කුරිරු යුද්ධය නිසා නැති වූයේ අප රටේ වටිනා මිනිස් සම්පතයි. දේපොළ හානි මෙතෙකැයි ගණන් බලා නැත. එබැවින් ජාතීන් අතර සමගිය, සමාදානය, සංහිඳියාව සහ සහෝදරත්වය ගොඩනැඟීමට නම් මේ සන්නිවේදන හිඩැස පුරවාගත යුතුය. ඒ සඳහා දෙමළ නාට්ටක්කූත්තු නම් ජන නාට්‍ය විශේෂය යම් පිටිවහලක් වනු නොඅනුමානය.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව රඟදක්වන කූත්තුවල ආරම්භක ශාන්තිකර්ම අවස්ථාවේ සිට වර්ධනය වූ නූතන ජන නාට්‍ය දක්වා එන නොයෙක් ආකාරයේ නාට්ටක්කූත්තු වර්ග දැකිය හැකිය. මේ සියල්ලටම පොදු දෙමළ භාෂාවල තාන්ඩව චලන විලාස හා ගීත ගායනය හැරුණු කල එකක් අනෙකෙන් වෙනස් වන අනන්‍ය කාරණා ගණනාවක් ඇත. කඳුකරයේ කූත්තු, කාමන් කූත්තු, වසන්තන් කූත්තු, පරරෑමේලක්කූත්තු, කාත්තවරායන් කූත්තු, මහඩි කූත්තු, මන්නාරමේ කූත්තු, තෙන්මෝඩි කූත්තු, වඩමෝඩි කූත්තු ඉන් කිහිපයකි.

අපි අද වඩමෝඩි කූත්තු පිළිබඳ සුළුවෙන් සාකච්ඡා කරමු. වඩමෝඩි යනු තනි ආවේණික නැටුම්වල සංගීතය ආදී අංග රැසක් රැගත් කූත්තු නාට්‍ය සම්ප්‍රදායක් වෙයි. එය රාමායණය, මහාභාරතය මෙන්ම කතෝලික ශාන්තුවරයන් පිළිබඳවද කතා රඟදැක්වීමට යොදාගත හැකි නම්‍යශීලී ජන නාට්‍ය විශේෂයකි. පැහැදිලිව හඳුනාගත හැකි සෑහෙන තරම් අනම්‍ය ආකෘතියක් ඊට ඇත. ඒ ආකෘතිය තුළ හිඳිමින් ඕනෑම ආකාරයක කතාවක් රඟදැක්වීමට වඩමෝඩි ශෛලිය යොදාගත හැකිය. ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, මුලතිව්, වවුනියා, යාපනය, කිලිනොච්චිය හා මන්නාරම යන දිස්ත්‍රික්කවල වසර සිය ගණනක් තිස්සේ වඩමෝඩි කූත්තු ජන නාට්‍ය කලාව විකාශය වී ඇත. මෙම පළාත්වල ග්‍රාමීය, හින්දු සහ කතෝලික ජනතාව මෙම සම්ප්‍රදායට අයත් කූත්තු රඟදක්වනු ලැබේ. ඒ ඒ ජන කොටස් අතර වඩමෝඩි රඟදැක්වීමේ විවිධත්වයක්ද, ඒ ඒ ජන කොටස් මේ ජන නාට්‍ය කෙරේ දක්වන සැලකිල්ලේ වෙනස්කම්ද දැකිය හැකිය. එනම් මඩකළපුව වඩමෝඩියෙන් හින්දු දේව කතාවක්ද, මන්නාරම් වඩපාංගුවෙන් කතෝලික ආගමේ කතාද රඟදක්වනු ලැබේ. තවද යාපනයේ ඉහළ පැලැන්තියට අයත් යැයි සිතාගෙන සිටින ජනකොටස් වඩමෝඩි වැනි කලා ශිල්ප කෙරේ ඇල්මක් නොදක්වද්දී මඩකළපුවේ සියලුම උසස් පහත් කුලවල ජනතාව එය ඇල්මෙන් වැළඳගෙන සිටිති.
සාමාන්‍යයෙන් මේ ජන නාට්‍ය වර්ධනය වූයේ හින්දු කෝවිල ඇසුරු කරගෙනය. කූත්තුව රඟදැක්වීම සංවිධාන කිරීමේ පටන් ශිල්පීන්ට පුහුණුවීමේ ඉඩකඩ සකස්කර දීමත්, කූත්තු කරළියට තැනක් සකස්කර දීම ඇතුළු සියලු කටයුතුවලට ගමේ කෝවිල දැඩිව සම්බන්ධ විය. මෙම තත්ත්වය යාපනයේදී වෙනස් වන අවස්ථාද ඇත. තමන් ඉහළ කුල පැලැන්තිවලින් පැවැත ගෙන එන්නේ යැයි විශ්වාස කරන යාපනයේ බ්‍රාහ්මණ පූජකවරු තමන්ගේ භාරයේ ඇති කෝවිලේ අන්‍රග්‍රහය කූත්තුවකට පහසුවෙන් ලබා නොදෙයි. අඩුම තරමින් කූත්තු කණ්ඩායමකට ආශීර්වාද කිරීමකටවත් මොවුහු නොඑති. එහෙත් යාපනය ගමේ සාමාන්‍ය කුඩා කෝවිලකින්, අහංකාර නොවු පූජකයන් සිටින කෝවිලකින් සහ බ්‍රාහ්මණ නොවන පූජකයන් සිටින කෝවිලකින් කූත්තුව සඳහා සියලු උදව් උපකාර ලබාගත හැකිය. කූත්තුව, එතරම් ප්‍රසිද්ධියක් නැති කෝවිලක උත්සවයකට ජනතාව රැස්කරවා ගැනීමට හොඳ උපක්‍රමයකි. අතීතයේදී නාට්ටක්කූත්තුව නැරඹීමට ඉහළ පැලැන්තිවල ප්‍රභූන් යැයි හැඳින්වූ පුද්ගලයන් එතරම් පැමිණ නැත. මේ පවුල්වල කාන්තාවන් නම් මේ සඳහා කිසිසේත් සහභාගි වී නැත. මේ නිසා පසු කාලයේදී කාන්තාවන් සඳහා කූත්තු ප්‍රේක්ෂකාගා-රවල වෙනම ඉඩක් වෙන් කර ඇත.
වඩමෝඩි රඟදැක්වෙන පළාතෙන් පළාතට එහි කතා තෝරා ගැනීමේ විශේෂතාද දක්නට ඇත. ධීවර ජනතාව ජීවත් වන ප්‍රදේශයක නම් රඟදැක්වෙන්නේ මුහුදු දෙවියන් හා බැඳුණු කතාවක් රැගත් වඩමෝඩි කූත්තුවකි. එකිනෙකට වෙනස් වූ කුලවල ජනයා රඟදක්වන වඩමෝඩිවල එකම කතාවේ පවා වෙනස්කම් දැකිය හැකිය. ඉහළ කුලවල අය පහළ යැයි සම්මත කුලවල ජනයාගේ කූත්තු නැරඹීමටවත් නොයන අවස්ථා බහුලය. මුල් කාලයේදී පහළ කුලවල අයගේ වඩමෝඩිවල රජුගේ චරිතය නොමැතිව රඟදැක්විමට ඉඩදී තිබිණි. පසුව රජුගේ චරිතය තිබුණත් රජුට ඔටුන්න පැලදීම තහනම් කර තිබිණි. 70 දශකයේදී ඇතිවූ අරගල මේ තත්ත්වය වෙනස් කිරීමට සෑහෙන තරම් හේතුවිය. මේ වන විට උතුරු නැඟෙනහිර පළාත්වල කුල භේදය තරමක් තුනීවී තිබුණත් තවමත් ගමේ ගොඬේ පැවැත්වෙන කූත්තුවකට ඉහළ පැලැන්තියේ කුලයක කෙනකු සහභාගි වන අවස්ථා විරලය.

වඩමෝඩි රඟදැක්වෙන කාලයද ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙයි. වී ගොවිතැන් කරන පළාත්වල අස්වනු රැස්කිරීමෙන් පසුව කූත්තුව රඟදැක්වෙයි. මහුදු මාරි අම්මාන් දෙවියන්ට පුද පූජා දක්වන කාලවලදී කෝවිල් උත්සව ආශ්‍රිතව ධීවර ගම්මානවල කූත්තු රඟදක්වති. ගමේ කෝවිලේ තිරුවිලා උත්සව කාලවලදී කූත්තුව බහුලව දක්නට තිබේ. ඊසාන දිග මෝසම් වැසි සමය සාමාන්‍යයෙන් කූත්තු රඟදැක්වීමෙන් තොර කාලයකි. හේතු ගණනාවක් මත වඩමෝඩි කූත්තුවක් රඟදැක්විය යුතු යැයි ගැමියෝ තීරණය කරති. වාර්ෂික කෝවිල් උත්සවයක්, පල්ලියක වාර්ෂික මංගල්ලයක්, කෝවිල් තිරුවිලාවක්, ගමක රෝග බිය පැතිරි යන අවස්ථාවක සෙත් ශාන්ති පතාද කූත්තු නටන අතර විටෙක කිසිම හේතුවක් නොමැතිව වුවද කූත්තු නටන අවස්ථා දැකිය හැකිය. මෙසේ තීරණයක් ගන්නා ගැමියෝ කූත්තුව පුහුණු කිරීම සඳහා අන්නාවියර් කෙනකු පත්කරති. කූත්තුව නරඹන්නන්ගෙන් කිසි විටෙකත් මුදල් අය නොකරන අතර ගමේ ප්‍රභූන් හෝ ව්‍යාපාරිකයන් බරපැන දරනු ලැබේ. මේ සඳහා නළුවන් තෝරාගැනීමේදී මීට පෙර පරම්පාරිකව චරිත නිරූපණයේ යෙදුණු අයට, ගීත ගායානා කිරීමේ හැකියාව සහ බොහෝ ඈතට ඇසෙන සේ හඩ නඟා දෙබස් කීමට හැකියාව ඇති අයට ප්‍රම්‍රඛස්ථානය හිමිවෙයි. පැහැපත් කෙසඟ සිරුරක් හිමි තරුණයෙක් කාන්තා චරිතයට තෝරාගැනේ. විශාල සියඹලා ගසක් යට, කෝවිලේ හිස් ශාලාවක හෝ පංති නොපැවැත්වෙන විටෙක පාසල් ශාලාවක් වැනි ස්ථානයකදී කූත්තුව පුහුණු කරයි. බුලත් අතක තැබු ගුරු පඬුරු අන්නාවියර් අත තබා අන්නාවියර්ට වැඳ නමස්කාර කිරීමෙන් පුහුණුවීම් ආරම්භ කෙරේ. සාමාන්‍යයෙන් කූත්තු පුහුණු කරනුයේ රාත්‍රී කාලයේදීය. රාත්‍රී කාලයේදී පැය තුන හතරක් එක දිගට පුහුණුවීම් කරමින් මාස දෙකක් පමණ ගතවූ විට පුහුණුවීම් කටයුතු සාර්ථකව කෙරී ඇතැයි තීරණය කරන අන්නාවියර් ගෙජ්ජි බැඳීමේ උත්සවය සඳහා දින නියම කරයි. මංගල දර්ශනය හැරුණු විට වඩමෝඩිකූත්තුවේ වැදගත්ම අවස්ථාව වන්නේ මෙම ගෙජ්ජි බැඳීමේ උත්සවයයි. මෙය ෂලංග විලා යනුවෙන්ද හඳුන්වනු ලබයි. මංගල දර්ශනයට හරියටම දින නියම කරගෙන ෂලංග විලාව පවත්වනු ලැබුවාට පසු සියලු මස් මාංශ ආහාරයන්ගෙන් වැළකී ඉතා සිල්වත්ව කාලයක් ගෙවන ලෙස කූත්තුවේ ශිල්පීන්ට උපදෙස් ලැබේ.

කූත්තුව කලඑළි බසින දිනය අරංග්‍රේත්‍රම් උත්සවය යනුවෙන් හඳුන්වයි. ගම් වැසියන්ට කූත්තුව ඇරඹීම පිළිබඳ පණිවුඩය දෙන අපූරු ක්‍රමයක් ගැන යාපනයෙන් වාර්තා වෙයි. ඒ නියමිත වෙලාවට දැඩි හඬක් ඇති රතිඤ්ඤා තුනක් පත්තු කිරිමයි. පළමු රතිඤ්ඤා ශබ්දයට ගැමියෝ ගෙවල්වලින් එළියට බසිති. දෙවැන්න කරළිය වටේ වාඩිවීමට කරන සංඥාවයි. තෙවැන්න පත්තු වූ විට කූත්තුව ඇරඹෙයි. නළුවා කරළියට එන විට පිළිගැනීමේ සම්ප්‍රදායක් තිබේ. ඇතැමෙක් නළුවා දෙසට මල් හෝ දිලිසෙන කඩදාසි කැබැලි ඉසිති. කාන්තා පාර්ශ්වය මුඛ කුහරය තුළ දිව චලනය කරමින් ශබ්දයක් ඇති කරයි. ඉන්දියාව, ලංකාව මෙන්ම වෙනත් ද්‍රවිඩ ජනතාව අතරත් උත්සව අවස්ථාවලදී ගෞරවය, භක්තිය වැනි හැඟීම් ප්‍රකාශ කිරීමට යොදා ගන්නා සුවිශේෂී හූ තැබිමකි. මෙය අතීතයේ පටන් දෙමළ ජනයා අතර ඉතාමත් ජනප්‍රිය ආචාර ක්‍රමයකි.
වඩමෝඩි කූත්තව රෑ එළිවනතුරු රඟ දැක්වෙන දීර්ඝ නාටකයකි. එක් දිනෙකට වැඩියෙන් රඟදක්වන ලබන කුත්තුද දැකිය හැක. සමාප්ති ගීතයකින් කූත්තුව අවසන් කෙරේ. කූත්තුවේ සියලුම චරිත ගායනා කරන මෙය මංගලම් යනුවෙන් හඳුන්වයි. එහිදී සරස්වතියට මෙන්ම තමිල් තායිටද වන්දනාවක් සිදුකෙරේ. අවසානයේදී තොට්ටු කුම්බුඩු පදය නටනු ලැබේ. මෙහිදී පොළොවට දෑත් තබා, මිහිකත දෙවියන්ට වැඳ නමස්කාර කර සමාව ගෙන කූත්තුව අවසන් කරයි.
(මෙම ලිපිය සකස් කිරීමේදී විසාකේස චන්ද්‍රසේකරම් මහතාගේ “වඩමෝඩි, ශ්‍රී ලංකාවේ නාට්ටක්කුත්තු දෙමළ ජන නාට්‍ය” යන ග්‍රන්ථය විශාල පිටිවහලක්වූ බවද කෘතවේදීව සිහිපත් කරමු.)

රැග් විජයසිරි

SendShareShare
Previous Post

මට තිබුණෙ බොලිවුඩ් නිළියක් වෙන හීනයක්

Next Post

සෙලාන් බැංකුවෙන් වැඩමුළු මාලාවක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.