• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මට තිබුණෙ බොලිවුඩ් නිළියක් වෙන හීනයක්

November 6, 2019
in Heart
Reading Time: 1 min read
A A
මට තිබුණෙ බොලිවුඩ් නිළියක් වෙන හීනයක්
Share on WhatsAppShare on Facebook

මුවමඬල පුන් සඳක් මෙන් බැබළෙන තාරකාවක් පසුගිය සතියේ 24 වැනි සුමති සම්මාන රාත්‍රියේ තරු අතර අභිෂේක ලබන්නට වාසනාවන්තියක් වුණා. ඒ 2019 වසරේ ජනප්‍රියම නිළිය ලෙසිනි. ඇය නයෝමි තක්ෂිලා.
ජනප්‍රිය නිළිය වෙනවා කියන එක ඒ තරම් පහසු කටයුත්තක් නෙවෙයි. ලංකාවේ ඒ තරමට රංගන ශිල්පීන් වැඩි නිසා මෙය අභියෝගයක්. ඉතින් මේ ලබාගත්ත කිරුළ ගැන මුලින්ම කතා කළොත්?
මට එය ගැන කතා කරන්න වචන නැහැ. ඒ තරමට සතුටක් තියෙන්නේ. මම හිතුවෙ නැහැ මට මේ තරම් ඉක්මනට ජනප්‍රිය නිළිය සම්මානය ලැබෙයි කියලා. මොකද මට වඩා මේ ක්ෂේත්‍රයේ පළපුරුදු තිබුණු දක්ෂ ශිල්පීන් හිටියා. ඉතින් ඒ සියලුමදෙනා අභිභවා මට මේ ලැබුණු සම්මානය මගේ දරුවෙක් හා සමානයි. මොකද මම කලාව වෙනුවෙන් දිවා රෑ නොබලා මහන්සි වුණා.
අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ සම්මානය ලැබුණේ නීල පබළු නිසාද? එහෙමත් නැතිනම් වෙනත් ටෙලිනාට්‍යයක් නිසාද කියන එක?
බොහෝ දෙනෙක් මාව දැන හඳුනගත්තේ නීල පබළු ටෙලිනාට්‍යයේ පූජාගේ චරිතය නිසා. ඒ චරිතය නිසා මට බොහෝ පිරිසක් ආදරය කළා. මම අනෙකුත් ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණත් ඒ අවස්ථාවන් ලැබුණේ පූජා නිසා වෙන්න ඇති කියලා මම හිතනවා. මේ දවස්වල මම රංගනයෙන් දායක වෙන ‘තෝඩු’, ‘ක්ලික්’, ‘නෝපාර්කින්’ සහ ‘ඇය’ ටෙලිනාට්‍ය විකාශය වෙනවා.
අපි දකින නයෝමි තක්ෂිලා නෙමේ මේ එක ටෙලිනාට්‍යයකවත් චරිත මවන්නේ. ඉතින් ඔබ කොහොමද මෙවැනි අභියෝගයකට මුහුණ දෙන්නේ?
ඇත්තටම අභියෝගවලට මම කැමැතියි. උදාහරණයක් විදියට අපි හිතමු අද මට ෂූටින් තියෙන්නේ ‘නීල පබළු’ ටෙලිනාට්‍යයට කියලා. ඉතින් මම උදේ අවදි වෙන්නේ පූජාගේ චරිතයෙන්. එදා දවසම මම ඒ චරිතය තුළ තමයි ජීවත් වෙන්නේ. ඒක කරන්න බැරි අසීරු කටයුත්තක්. ඒත් මට ඒ විදියට කරන්න සිද්ධ වෙනවා.
මම හිතන්නේ ඔබේ ගමනේ ආරම්භයේදීම ලොකු අඩිතාලමක් ලැබෙන්න ඇති නිළි රැජින මාලනී ෆොන්සේකාගෙන්?
එය ගැන නම් කිව යුතුමයි. මම කවදාවත් හිතුවේ නැහැ මාලනී ෆොන්සේකා සමඟ එකට ප්‍රධාන චරිතයක් රඟපාන්න ලැබෙයි කියලා. ඒ අවස්ථාව මට උදාකර දුන්නේ රුවන් චමින්ද කුමානායක කියන කැමරා ශිල්පියා. ඔහු මට කිව්වා ටෙලිනාට්‍යයකට අලුත් කෙනෙක් හොයනවා කියලා. ඒ හරහා තමයි ‘මීදුම් අම්මා’ ටෙලි නාට්‍යයේ ‘ලැයිසා’ වුණේ. මට මාලනී මිස් ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ හැම දෙයක්ම මගේ කලා ජීවිතයේදී හිතට අරගෙන ආපු ගමනක් තමයි මේ.
පුංචිම කාලේ නයෝමි සිහින මැව්වේ හින්දි නිළියක් වීමට නේද?
ඔව්. මගේ පොඩි කාලේ තිබුණු එකම ආශාව බොලිවුඞ් රංගන ශිල්පිනියක් වීමටයි. ඉතින් කාලෙත් එක්ක ඒ සිහිනය බොඳවෙලා ගියා. පස්සේ උසස් අධ්‍යාපනයත් එක්ක තමයි මම හිතුවේ කලාවට යොමුවෙන්න ඕනා කියලා. ඒ හරහා තමයි මම මුලදි මියුසික් වීඩියෝවලට සම්බන්ධ වුණේ.
අද බහුතරයක් රංගන ශිල්පිනියන් ආරක්ෂාවට කියලා කවුරුහරි පිටිපස්සෙන් එක්කගෙන යනවා. ඒත් නයෝමිට එහෙම කෙනෙක් නැද්ද තනියට යන්න?
මුලදි නම් අම්මා මම එක්ක වැඩ කිහිපයකට සම්බන්ධ වුණා. මම මේ ක්ෂේත්‍රයට අලුත් නිසා. ඒත් පසුකාලීනව මේ ක්ෂේත්‍රයේ ඉන්න සියලුම දෙනා මගේම පිරිසක් වුණා. ඉතින් ඇයි මම බය වෙන්නේ. හැමෝම මට ආදරෙයි. මුලදි මම එහෙම අම්මත් එක්කගෙන ගියේ මේ ක්ෂේත්‍රය ගැන අහන්න ලැබුණු දේවල් නිසා. ඒත් ගිහින් බැලුවාම කිසිවක් ඇත්ත නෙවෙයි. බොරු දේවල් එළියට යන්නේ කියලා මම හිතුවා.
දැන්නම් සම්මානය පිටුපස සැඟවුණු ආදර කතා එහෙම ඇති නේද?
එහෙම ආදර කතාවක නම් පැටලිලා නැහැ තවම. එහෙම කාගෙන්වත් මට ආදර ඇරැයුම් ලැබිලත් නැහැ. හැමෝම මට සැලකුවේ එයාලගෙම සහෝදරියක් විදියට තමයි.
ආදර කතාවක් නැතිනම් සම්මානය පිටුපස රසබර කතාවක්වත් ඇති?
රසබර කතා නම් ඕන තරම් තියෙනවා. පසුගිය දවසක ‘නීල පබළු’ ටෙලිනාට්‍යයේ සුප් දෙකකට ලුණු දාන සීන් එකක් තිබුණා. ඉතින් මම එක සුප් එකකට ලුණු දැම්මා. අනෙකට දැම්මේ නැහැ. මේක දැකපු කුරුළු සුප් කෝප්ප දෙක මාරු කළා. අවසානයේ මට බොන්න සිද්ධ වුණේ ලුණු දාපු සුප් කෝප්පය.
තව දෙයක් තමයි මෙවර සුමති සම්මාන ගත්ත නයෝමි හෙට දවසේ ෆේස්බුක් හරහාත් සම්මානයක් ගනීවි කියලා අපට හිතෙනවා. ඒ තරමට ඔබේ රංගනය ගැන සමාජ මාධ්‍ය හරහා කතා වෙනවා?
මම විතරක් එහෙම වීඩියෝ ක්ලිප් දානවා නෙමේ. විදේශීය ශිල්පීන්ගේ පේජ් බැලුවොත් ඔවුනුත් විවිධ වීඩියෝ ක්ලිප් දානවා. ඒවා දකින ප්‍රේක්ෂකයන් ගොඩක් සතුටු වෙනවා. ඉතින් මමත් ෂූටින් කරන වෙලාවල්වල විවේකී වෙලාවට මගේ වීඩියෝ ක්ලිප් අරන් දානවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ගේ ඇතුළෙ හැංගුණු ජීවිතයේ විසන්ධිය

Next Post

සහජීවනයේ රසවින්දනය ‘කූත්තු’

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.