ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව (NOCSL) විසින් මෑතකදී සිය ක්‍රීඩා සංවර්ධනය සඳහා වූ උපායමාර්ගික හවුල්කරුවා වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයා වන Crysbro සමාගම ප්‍රකාශයට පත්කරන ලදී.
කීර්තිමත් ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වලදී ජයග්‍රහණයන් ලබාගැනීමට තරුණ ක්‍රීඩකයන් සවිබල ගැන්වීම සඳහා Crysbro ආයතනය ඉටුකරන පුරෝගාමී මෙහෙවර අගයමින් මෙම එකඟතාවයට පැමිණ ඇත.
Crysbro ‘Next Champ’ වැඩසටහන මේ දක්වා සාර්ථකව ක්‍රීඩකයන්ට සහයෝගය දැක්වීමට මාවතක් සකසා ඇති අතර, ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 කට අධික සංඛ්‍යාවක් ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය දක්වා ඔසවා තැබීය.
NOCSL-CRYSBRO Next Champ ශිෂ්‍යත්ව වැඩසටහනෙන් තෝරාගන්නා ලද දේශීය හා ජාත්‍යන්තර යන දෙඅංශයෙන්ම ජයග්‍රහණ හිමිකරගත් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනකුට සහයෝගය දැක්වීම සඳහා Crysbro NOCSL සමග එක්ව ‘Next Champ’ ශිෂ්‍යත්ව වැඩසටහනේ දිගුවක් වන ‘Next Olympic Hope’ වැඩසටහන ආරම්භ කළේය.











