• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පරදන්න බැරි තුන් හෙළය අඳුරු කළ මහා පාවාදීම…

September 27, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
පරදන්න බැරි තුන් හෙළය අඳුරු කළ මහා පාවාදීම…
Share on WhatsAppShare on Facebook

වසර දහස් ගණනක ඉතිහාසයක් හිමි සිංහලයන්ට ආඩම්බරයෙන් මතක් කළ හැකි විශිෂ්ට රාජ්‍ය පාලනයන් රැසක් හිමිව තිබුණේය. කිසිදා කිසිදු අයකුට යුදමය බලතලවලින් පාගා යටත් කරගන්නට නොහැකි වූ ඒ මහා හෙළ නායකත්වයන් මහ රජු රාවණ යුගය දක්වා ඈත අතීතයට විහිදී යන අතර, එතැන් පටන් සිංහලේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ යුගය දක්වාම ඉතා නිර්භීතව මෙරට රජවරු කටයුතු කළ අයුරු අදටත් ආඩම්බරයෙන් සිහිපත් කළ හැකිය. කිසිදා කිසිදු බලවේගයකට බිය නොවූ හෙළ රජ දරුවෝ දිවි පරදුවට තබා හෝ තම යුතුකම් ඉටු කළහ. ලෝකයම හොල්ලපු පෘතුගීසින්ට පවා අමතක නොවන පාඩමක් ඉගැන්වීමට එවකට හෙළයේ අභීත රජකු වූ සීතාවක රාජසිංහයන්ට හැකි වූයේ ඒ නිර්භීතකම නිසාමය. එහෙත් එතෙක් මෙතෙක් ඉතිහාසයේ සිංහලයාට වැරැදුණු සහ පරාජය අත්වුණු සෑම තැනකම පාවාදීමක අඳුරු සෙවණැල්ලක් ඇති බව අකැමැත්තෙන් හෝ පිළිගන්නට සිංහලයාට සිදුවේ. අභිමානවත් හෙළ රාජාවලිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් අවසන් කරන්නටත් ඒ මහා පාවාදීම හේතුපාදක වූ බව අමතක නොකළ යුතුය.

හෙළ උරුමයන්ගේ අභිමානය කියාපාන රාවණ යුගය ගැන බොහෝ ඉතිහාස පොතපතෙහි කතා නොකළද විජය රජුගේ රාජාභිෂේකයෙන් පසුව අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, සීතාවකට පසුව සිංහලේ අවසන් රාජධානිය ලෙස කන්ද උඩරට රාජධානිය ගැන සඳහන් කළ හැකිය.

ඉහළ ආරක්ෂාවක් සහිත ස්වාභාවිකවම ආරක්ෂිත වටපිටාවක් ගොඩනැගුණු අභිමානවත් රාජධානියක් වූ කන්ද උඩරට රාජධානිය, සෙංකඩගල මධ්‍යස්ථානය කරගෙන සේනාසම්මත නම් ප්‍රාදේශීය රජු කන්ද උඩරට රාජධානිය ගොඩනැඟුවේය. එහෙත් ක්‍රි.ව. 1591දී පළමුවැනි විමලධර්මසූරිය රජු කන්ද උඩරට අභිෂේක ලැබූ පළමු සිංහලේ රජු විය. ඉන් ඇරැඹුණු කන්ද උඩරට රාජධානිය පිළිවෙළින් රජවරු කිහිප දෙනකු යටතේම පාලන කටයුතු සිදුකෙරුණේය.

ඒ අනුව ක්‍රි.ව. 1789දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මෙරට අවසන් රජු ලෙස කන්ද උඩරට රාජධානියේ පාලන කටයුතු භාරගත්තේය. එදා අනුරාධපුරයෙන් ඇරැඹි රාජ්‍ය පාලන යුගයන්හිදී විවිධ කාලවකවානුවල විවිධ රජවරුන්ට නොයෙකුත් අභියෝගයන්ට සතුරු ආක්‍රමණයන්ට මුහුණ දෙන්නට සිදුවිය. එහෙත් ඒ කිසිදු තැනකදී හෙළ රජවරු රට පාවාදුන්නේ නැත. ඔවුහු නොබියව සටන් කළහ. එළාර රජු රටේ කොටසක පාලන බලය නතු කරගනිමින් ජනතාව තළා පෙළා දැම්මේය. පීඩාවට පත් කළේය. නමුත් මේ සියල්ලම වැඩි කාලයක් කරන්නට දුටුගැමුණු රජු ඉඩදුන්නේ නැත. හෙතෙම එළාරට එරෙහිව සටන් කළේය. අවසානයේ එළාර පරදා රට එක්සේසත් කර මිස පසුබැස්සේ නැත.

ලෝකයම හොල්ලපු පෘතුගීසින් ප්‍රථම වරට මට්ටු වුණේද අපේ හෙළ රජ දරුවන් අතිනි. ඒ, සීතාවක රාජධානියට පත් ටිකිරි කුමරුගේ මෙහෙයවීමෙන් මුල්ලේරියාවේදී සිදුකළ මහා සටනින්ය. ඒ අයුරින් බැලූ කල ලෝකයට බලය පෑ කොයි බලවතාත් හෙළ දීපයට පහර දීමට විත් අපේ රජ දරුවන් අතින් මට්ටුවී ඇති වග පැහැදිලි වන්නේය.

මේ සියල්ල එසේ සිදුවෙද්දී අභිමානවත්ව ඉදිරියට පැමිණි හෙළ රාජ්‍ය පාලනය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්නට තිබූ අවස්ථාව කන්ද උඩරටින් පාවාදීමකට ලක්වූයේ සියල්ල උඩු යටිකුරු කරමිනි.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් තමන්ට රජකම ලබාගැනීමේ අභිලාසයෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රජකරවීමට මහාදිකාරම් වූ පිළිමතලව්වේ කටයුතු කළද රජවීමෙන් පසු රජු නායක්කාරවරුන්ගේ වචනයට අවනත වන බව තේරුම් ගෙන උරණ වූ පිළිමතලව්වේ, ඉංග්‍රීසින් සමග ලිපි හුවමාරු කරගත්තේය. පසුව අවිස්සාවේල්ලේදී නෝර්ත් ආණ්ඩුකාරවරයා හමුවී සාකච්ඡා කළද එය එතරම් සාර්ථක නොවීය. පසුව ජනරාල් මැක්ඩොනල්ඩ් සාමකාමී ගිවිසුමකට රජු හමු වුවද එයද සාර්ථක උත්සාහයක් නොවීය.

මේ කාලයේ කන්ද උඩරට රජු හා ඉංග්‍රීසින් අතර විරසකය දලුලා වැඩුණේය. ඒ, 1802 දී ඉංග්‍රීසින්ට යටත්ව තිබූ ප්‍රදේශයේ සිට කන්ද උඩරටට පුවක් සොයාගෙන පැමිණි මුස්ලිම් වෙළෙඳුන් පිරිසක් කන්ද උඩරටදී කොල්ලකෑම හේතුවෙන් 6,000ක සේනාංක දෙකක් පැමිණ මහනුවර කොල්ලකා පිටව යෑම හේතුවෙනි. මේ සිදුවීම ගැන කෝපයට පත් රජු ඉංග්‍රීසින්ට විරුද්ධව හංවැල්ලේදී මුහුණට මුහුණ සටන් කරන ලද අතර ඉන් දෙපිරිසටම සිදුවූ විනාශය අතිවිශාලය. ඉන් පසු 1804දී විශාල සේනාවක් කන්ද උඩරට ආක්‍රමණය කිරීමට පැමිණි අවස්ථාවේදී සිංහල සේනා ඉතා නිර්භීතව සටන් කොට කන්ද උඩරට ආරක්ෂා කරගත්තේය.

මේ කාලයේ නෝර්ත් ආණ්ඩුකාරවරයා වෙනුවට ජනරාල් මේට්ලන්ඩ් පත්ව ආ අතර, ඔහු කන්ද උඩරට රජු හා සාමකාමී පිළිවෙතක් අනුගමනය කරන ලදී. මේ වකවානුවේ රාජසිංහ රජු පත්තිරිප්පුව සහ නුවර කිරි මුහුද නිර්මාණය කිරීමේ කටයුතු කරගෙන ගියද ඊට පිළිමතලව්වේ මහාදිකාරම් තදින් විරුද්ධ විය. ඊට විරසක වූ රජු අදිකාරම්ගේ සියලු තනතුරු අහිමි කළේය. මේ සම්බන්ධයෙන් රජු ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කළ අදිකාරම්ගේ බෑණා ඇතුළු හත්දෙනකුට මරණ දඬුවම ලබාදීමට රජු කටයුතු කළේය.

මේ කාලයේ මහාදිකාරම් තනතුර දැරූ ඇහැලේපොළ, සබරගමුවට පිටත් කළ හෙයින් රජු හා ඇහැලේපොළ අතර විරසකයක් ඇතිවීමෙන් ඇහැලේපොළ ඉංග්‍රීසින් හා එක්වූයේය සියල්ල උඩු යටිකුරු කරමිනි. මේ සමගම ඇහැලේපොළ පවුලේ සෙසු සාමාජිකයන්ට රජු ලබාදුන් දඬුවම් ඉතා අමානුෂික වූ හෙයින් ඇහැලේපොළ අදිකාරම්ගේ සිතේ ඇතිවූ කේන්තිය දෙගුණ තෙගුණ කරවූවාට සැකයක් නැත.

මේ කාලයේ රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කළ අතර, පෙර සිදුවූ විවිධ සිදුවීම් සම්බන්ධව රජු ගැන කේන්තියෙන් සිටි බ්‍රවුන්රිග් ඇහැලේපොළගේ සහාය ඇතිව රජුට එරෙහිව යුද ප්‍රකාශ කළේය. ඒ අනුව හෙළ රාජාවලිය අවසානයට රතු එළි දල්වමින් ඉංග්‍රීසි සේනාවන්ට මඟ පෙන්වමින් ඇහැලේපොළගේ ප්‍රධානත්වයෙන් ඉංග්‍රීසි සේනාව කන්ද උඩරට ආක්‍රමණය කරන ලදී. ඒ අනුව එම සේනාවන්ට සියලු රහස් මාර්ග සහ උපක්‍රම ගැන ඇහැලේපොළගේ ගුරුහරුකම් ලැබීමෙන් රජුගේත් සිංහල සේනාවන්ගේත් බලය පරාජය කිරීමට පහසු වූ හෙයින් මොල්ලිගොඩ නිලමේ ඇතුළු පිරිස පලා ගියහ. තම බලය බිඳී ඇති බව වටහා ගත් රජු බෝමුරේ ආරච්චිගේ උඩුපිටිය නිවෙසට පලාගොස් ආරක්ෂා සිතව සැඟවී සිටියේය. එම ස්ථානය පිළිබඳවද ඇතැම් පාවාදෙන්නන්ගෙන්ම ඔත්තු ලබාගත් එක්නැලිගොඩ ඇතුළු පිරිස රජු සොයාවිත් අල්ලාගන්නා ලදුව රජුට සහ බිසෝවරුන්ට අමුනුෂික වධ හිංසා පමුණුවන ලදී. රජුට කස පහර දෙමින් පයින් ගමන් කරන්නට බල කළද ඒ මොහොතේ රජු ඊට විරුද්ධව සිටියේය. තමන් කිසිම හේතුවක් මත පයින් ගමන් නොකරන බවට රජු ප්‍රකාශ කර ඇති අතර ඇතැම් සිංහලයන් රජුට විවිධාකාර වධ හිංසා පමුණුවමින් ඉංග්‍රීසින්ගේ සිත් දිනාගන්නට කටයුතු කළ බවද ජනප්‍රවාදයේ සඳහන් වෙයි. මේ අවස්ථාවේ රජුගේ ගෞරවය පිළිබඳ තේරුම් ගත් ඩොයිලි, දෝලාවකින් රජු ඇතුළු පිරිස රැගෙන යෑමට කටයුතු කළ බවද ජනප්‍රවාදයේ එයි. එම දෝලාව ඔසවාගෙන ගියේද ඉංග්‍රීසි හේවායන් හතර දෙනකු බවද ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

කෙසේ නමුදු එලෙස ඉංග්‍රීසින්ට කන්ද උඩරට පහසුවෙන් අල්ලා ගන්නට හැකි වූයේ රට තුළ ඇති ප්‍රශ්න රට තුළම විසඳා නොගැනීම නිසා එකිනෙකා විරසකව දෙකට බෙදී කටයුතු කිරීමෙන් බව පැහැදිලිව පෙනී යන්නේය. එසේ නොකරන්නට කිසිදා කිසිවකුට හෙළ රාජාවලිය හකුළා තබන්නට හැකි නොවන බව කවුරුත් අවබෝධ කරගත යුතුව තිබේ.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

තනිකඩ ජීවිතේ වෙනසක් නැත්තෙ ඇයි?

Next Post

ඕසෝන් ස්තරය රැකගැනීමට සිංගර් පෙරමුණ ගනී…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ලෝක දේශපාලන කරළිය යළිත් රත්වෙයි! ලෝක නායකයකු ගැන හද දවන පුවතක්! ස්වභාවික විපත් ගැනත් ප්‍රවේසමෙන්! මෙරට තත්ත්වයේ සාමකාමී බවක්! රට...

Read more
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.