මුදල් නොවන ගෙවීම් විසඳුම් නිර්මාණය කරන දේශීය සමාගම් අතරින් වේගයෙන් වර්ධනය වන සමාගමක් වන DirectPay විසින් තම ගනුදෙනුකාර සමාගම් සඳහා සංවර්ධනය කරන විසඳුම්වලට අන්තර්ජාල ද්වාර (IPG) සහය ලබාදීමටත්, අත්පත් කරගැනීමේ බැංකුව ලෙස ක්‍රියා කිරීමටත් කොමර්ෂල් බැංකුව එම සමාගම සමඟ ඒකාබද්ධතාවයකට එළඹ තිබේ.
කොමර්ෂල් බැංකුව සමග ඇතිකර ගෙන තිබෙන මෙම ඒකාබද්ධතාවය මගින් DirectPay සමාගම, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මෙන්ම විශාල සමාගම් සඳහා කාඩ්පත් සහ LankaQR ගෙවීම් ඒකාබද්ධ කරන භාණ්ඩ තොගය කළමනාකරණ විසඳුම් මෙන්ම සම්පූර්ණයෙන් ඒකාබද්ධ ගෙවීම් පොයින්ට්-ඔෆ්-සේල් උපකරණ වැනි සේවාවන් සඳහා නව වෙළෙඳපළවල් වලට අවතීර්ණ වීමට ඉලක්ක කර තිබේ.











