• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

ඇලි හතක් උඩ රැයක්…

September 23, 2021
in Holiday
Reading Time: 2 mins read
A A
ඇලි හතක් උඩ රැයක්…
Share on WhatsAppShare on Facebook

කෑගල්ල දිස්ත්‍රික්කයේ තවත් ලස්සන දිය ඇලි පන්තියක් තමයි මාලිබොඩ ඇලි හත කියන්නෙ. සබරගමු පළාතේ සමනල අඩවියට වෙන්න තමයි ඇල්ල තියෙන්නෙ. සමනල අඩවියේ දේශගුණික තත්ත්වය හැමෝම හොඳටම දන්නවනෙ. ඇලි හත තියෙන්න උඩ මාලිබොඩ ප්‍රදේශයේ ටිකක් දුෂ්කර පැත්තකට වෙන්න. ඇලි හත කියන නමෙන්ම මේ ඇලි පන්තිය ගැන හිතා ගන්න පුළුවන් නේ ඔයාලට.

කොහොමහරි ගමනට 06 දෙනෙක් හොයාගෙන අපි මාර්තු 20 උදේ 06:00ට අගලවත්ත නගරයෙන් බයික් 03කින් ගමන පටන් ගත්තා. අපේ ගමන් මාර්ගය වුණේ අගලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය, ඇහැලියගොඩ, දෙහිඕවිට හරහා දැරණියගල නගරයට. දැරණියගලින් උදේ කෑමයි දවල් කෑමයි එකට අරගෙන. camping එකට ඕනි බඩුත් අරගෙන අපි දැරණියගලින් උඩ මාලිබොඩට යන්න පිටත් වෙන විට උදේ 11:00 වගේ පමණ වුණා. උඩමාලිබොඩ සිරිපාදේට යන පාර ගාව ඉඳන් බලාගාරයට එන පාර නම් හොඳටම අබලන් පාරක්. අපි හිතුවට වඩා වෙලාවක් ගියා එතැන ඉඳන් එන්න. කොහොම හරි අමාරුවෙන් බලාගාරය ළගට එන විට වෙලාව 12:45 විතර වුණා.
බලාගාරය ළඟ ගෙදරක බයික් දාලා අපි ගමන පටන් ගන්න කොට දවල් 1:00ට විතර ඇති. අපි කලින් ගිය අයගෙන් පාර අහගත්ත විදියට අපි hike එක පටන් ගත්තා. පළමු ඇලි 03ට බලාගාරයට වතුර ගෙනියන බටේට සමාන්තරව තියෙන අඩි පාරේ ගියාම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්.

03න් වෙනි ඇල්ල උඩින් අපි ආපු අනිත් පැත්තට ඒ කියන්නේ ඇල්ලේ දකුණු අත පැත්තෙන් කැලේ ඇතුළට ඇතුල් වෙලා වතුර පාරට සමාන්තරව උඩට ගියා නම් ඇලි ටික බලා ගන්න පුළුවන්. 05 වෙනි ඇල්ල වෙනකන් මං සලකුණු එහෙමත් තියෙනවා ඒ නිසා පාර වරදින් නෑ.

සමහර අය වතුර අඩු නම් දියපාර දිගේ උඩට නගිනවා. Adventure වලට ආස අයට පොඩි risk එකක් තිබ්බත් try කරලා බලන්න. අපි අවදානමක් ගන්න අකමැති වුණු නිසාත් ඒ වගේ ගමනකට අවශ්‍ය මූලික දේවල්වත් අපි ළඟ නොතිබුණු නිසාත් කැලෙන්ම උඩට නැග්ගා.

අපිට 05 වෙනි ඇල්ල උඩදි පාර වැරදුණා. ඒකෙන් අපිට පැයකට පමණ ආසන්න කාලයත් මහන්සියත් නාස්ති වුණා පාරක් හොයා ගන්න ගිහින්. දන්න හැම උපායක්ම දාලා නිප්පා තනියම කැලේ පීරලා පාරක් හොයා ගත්තා. හොයා ගත්තා කිව්වට ටික දුරක් යද්දි ඒක පාරක් නෙවෙයි. වෙන කරන්න දෙයක් නැති කමට අපි පාර හදාගෙන අමාරුවෙන් උඩට නැග්ගා.

එන්න එන්න කළුවර වැඩි වුණා. ඒ නිසා අපි 05 වෙනි ඇල්ලේ උඩ හෙවත් 06 වෙනි ඇල්ල පාමුලට නොයා ඉක්මනින් 06 වෙනි ඇල්ල උඩ හොයාගෙන කළුවරේම උඩටම නැග්ගා. තිත්ත කළුවරේ phone flash light එළියෙන් පාරවල් හදාගෙන ගල් උඩින් වැටි වැටී උඩටම නැග්ගා. එක තැනක අපි හිර වුණා. එතැනින් අපිට උඩටවත් පහළටවත් හෝ ආපස්සටවත් යා ගන්න බැරි වෙන්නම හිර වුණා. වෙලාවත් රෑ 7:45ට විතර වෙලා. හැමෝටම වගේ අමාරුයි. මහන්සියි. බඩගින්නයි. මොකද කරන්නේ කියලා අපි කල්පනා කර කර ඉද්දි වැස්සකුත් ළඟ එන බව දැනුණු නිසා පොඩි වතුර පාරක් ළඟ ඇලේට තිබ්බ ගල් තලාවක් උඩ අපි camping tent 2ක ගහන්න තීරණය කරා වෙන කරන්න දෙයක් නැති කමට.

රෑ කෑමකුත් නැතිවම මහන්සි වැඩි කමටම නිදා ගන්න ගියා අපි ඉක්මනින්ම. හීනියට වැටුණු පොද වැස්ස රෑ 9:00 පහුවෙනකොට අකුණු ගහන සැර වැස්සක් බවට පත්වුණා. විනාඩි 10ක්වත් ගියේ නෑ. tent එකේ යට වතුර. අපි tent ගහලා තියෙන්නෙත් වැස්සට සක්‍රීය වන දිය ඇල්ලක් මැද. නිකන් pool එකක නිදා ගන්නවා කියලා හිතාගෙන අපි නිදා ගත්තා වෙන කරන්න දෙයක් නැති නිසා.

නිප්පාගේ රසකතා, සම්පත් අයියා එක්ක වාද විවාද එක්ක රෑ ගත කරලා උදේ 6:00ට විතර නැගිටලා එළියට ඇවිත් බලද්දි පොඩි දිය ඇලි 02ක් මැද හිඩසේ අපි tent ගහලා තියෙන්නේ. උදේ තමා හරියටම දැක්කේ.

අපි උදේට පොඩි සුප් එකක් බීලා නූඩ්ල්ස් එකත් කාලා අපි උදේම 06 වෙනි ඇල්ල හා 07 වෙනි ඇල්ල හොයා ගෙන යන්න ගමන් ආරම්භ කළා. කොහොම හරි ආ ගමන ඉවර කරන්න ඕනි නිසා කොහොම හරි කලින් දවසේ රෑ අපිට පාර හොයා ගන්න බැරිව පාර වැරදිලා 07 වෙනි ඇල්ල පාමුල ඒ කියන්නේ 06 වෙනි ඇල්ල උඩට කිට්ටුවම තමයි අපි රෑ නැවතිලා ඉඳලා තියෙන්නේ.

07 වෙනි ඇල්ල දකින විට අපි හැමෝටම දැනුණු සතුට වචනවලින් කියන්න බැරි තරම්. 07 වෙනි ඇල්ල සුන්දර විඳිමින්, ඇඳුම් ටිකත් වේළාගෙන පොඩ්ඩක් නාලා අපි ඇල්ලේ අනිත් පැත්තෙන් පාරක් හොයාගෙන 07 වෙනි ඇල්ල උඩට නොගිහින් පහළට බහින්න තීරණය කළා.

අපිට බහින්නම ගියේ පැය 3ක්, 3 1/2ක් වගේ. ලේසිත් නෑ අමාරුත් නෑ. පාර හොයා ගන්න ලේසි වුණා පරණ මං සලකුණු තිබ්බ නිසා. 03 වෙනි ඇල්ලෙන් නාලා අපි නැවතත් ගම් බිම් බලා පිටත් වුණේ මතකයන් රැසක් එක්ක.

අපේ පුංචි දිවයින තුළ මෙවන් අතිශය සුන්දර වූ ස්ථානයක් පවතීද යන්න අපට අදහාගත නොහැකි තරම්. සුන්දර ස්ථානයක් වූ මෙය තාමත් සාමාන්‍ය ජන ජීවිතයෙන් සැඟවී පවතින නිසා ඉතාමත් පිරිසිදුව සහ දැකුම්කලු ලෙස පැවතීම පිළිබඳව අපි අතිශය සතුටට පත් වුණා.

එන අයට අපි කියන්නේ hike එක පුළුවන් තරම් උදේම පටන් ගන්න එතකොට පාර වැරදුණත් පාර හොයන් යන්න time එක තියෙනවා. මතක් කරලා ඔයාලා ගෙනියන දේවල් නැවත රැගෙන එන්න. පා සටහන් පමණක් තියලා එන්න. නූපන් පරම්පරාවටත් බලන්න මේ තැන් අපි පරිස්සම් කරන්න ඕනි. ඒක අපේ යුතුකමක් වගේම වගකීමක්.

ලහිරු මධුසංඛ

SendShareShare
Previous Post

කබ්රාල්වත් අරන් මනූෂ උසාවි යයි!

Next Post

පුරුදු තැනකට වෙනස් පාරක්…

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News
Exclusive

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගයේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම 1-0 ක් ලෙස පරාජයට පත්කරමින් ලෝක පාපන්දු ශූරතාව දිනා...

Read more
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.