• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඉරණම තීන්දු කරන සඳු

October 23, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
ඉරණම තීන්දු කරන සඳු
Share on WhatsAppShare on Facebook

ඉරණම සහ සිත මිනිසාගේ දිවිමඟ තීරණය කරයි. ගැහැනිය හෝ පිරිමියා තම ජීවිතයේ බොහෝ අවස්ථාවන් ඉරණමට භාර කරයි.

ඉරණමට පිටුපෑමට නොහැකිය යන්න බොහෝ දෙනකු තුළ වෙනස් කළ නොහැකි මතයක්වී ඇත. ඉරණම, කරුමය, දෛවය ලෙස ආගම් අනුවද මෙම මතය මිනිසාගේ ජීවිත කාලය තුළ නොයෙකුත් අයුරින් වෙනස්කම් ගොනුකරවයි.

යමකුගේ ජන්ම පත්‍රයෙන්ද දක්වන්නේ ඉදිරි ජීවිතයෙහි සිදුවන වෙනස්කම්ය. ඉරණම, කරුමය, දෛවය පිළිබඳ පෙර දැක්මක් ලෙස ජන්ම පත්‍රය පිළිගනු ලබන්නේ එහෙයිනි. දෛවයේ සරදමට ලක්වන්නෝ අනන්තය. දෛවයේ සරදමට පිටුපා දිවිය ජයගත්නෝද අනන්තය. අනන්ත වූ දෛව සටහන් වෙනස් කරනු ලබන්නේ මිනිසාගේ සිතයි. ජ්‍යොතිෂයේදී චන්ද්‍රයා හෙවත් සඳුගෙන් ජන්මියාගේ සිත විමසුම් කරනු ලබයි. සඳුගේ යහපත් වීම, බලවත් වීම, නීච වීම මත මිනිස් සිතුවිලි විවිධ වෙයි. එඩිතර වීම, සානුකම්පික වීම, රළු වීම, පීඩාවට පත්වීම සඳුගේ ග්‍රහ ස්වභාවය අනුව මිනිසා හට උරුම වෙයි.

මිනිසාගේ සිතට ආදරයේ මිහිර සැනසුම හෝ පීඩාව උරුම කර දෙනු ලබන්නේද සඳුය. ඉරණම සමග ගැටෙන සිත අනුව ආදරයේද විවිධ වූ පැතිකඩ විදහා දක්වයි.
“මිනිසාගේ කායික ආශාව සාමාන්‍ය ප්‍රමාණයේ ඇති තෙක් කාම ශාස්ත්‍රයෙහි නීති බල නොපාන්නේය. එහෙත් ආදරයේ බලවේගය ක්‍රියාත්මක වූ පසු එහි නීතියක් හෝ ශාස්ත්‍රයක් නොමැත” යනුවෙන් කාම සූත්‍රයෙහි සඳහන්ය.

විවාහය නම් රැහැන දෙදෙනකු එක්කරවයි. ගැහැනියකගේ හෝ පිරිමියකුගේ එක්වීම ඔවුන්ගේ දිවිමඟ දෙවැනි උපත ලෙස හඳුන්වන්නේ එහි ඇති බලවත්කම නිසාය. ජීවන ගමනට අවැසි ශක්තිය තවත් අයකුගෙන් හිමිවීම ලෞකික දිවියේ දියුණුවට මාර්ගයකි. එය සතුටකි. සහනයකි.
එහෙත් එහි අයහපත වෙනුවෙන් මිනිසා මැසිවිලි නඟනුයේ දෛවයටය. පීඩාව ආරම්භ වූයේ තම සිත තුළය. චෝදනාව උරුම වන්නේ දෛවයටය. ඉරණමටය. ඉරණමට දෛවයට හිමි ගරුත්වය ගිලිහී එය නිර්වචනය වන්නේ කරුමය ලෙසය.

සඳු හෙවත් සිත පතන ආදරය ජන්මියකුගේ තරුණ කාලයෙන් බලවත් වෙයි. ජන්ම පතෙහි ඉරණම අනුව ගැටෙන සඳු හෙවත් සිත තරුණ කාලයේ සිට දිවියේ අවසන දක්වා විවිධව දොළොස් ආකාරයකින් හැඩතල මවයි. එම හැඩතල දොළස ගෙවාලන්නට නොහැකි වූවන්ද එමටය. ඒ අනුව සඳුගේ පිහිටීම බලපාන්නේ මෙලෙසිනි.

* සංවේදී වූ ප්‍රේමණීය හැඟීම් පළමු භාවයෙන් ඇරැඹෙයි. ප්‍රේමයේ ආකර්ෂණීය සිතුම් පැතුම් සිතුවිලි සහ බාහිර ක්‍රියාකාරකම්වලින් මනාව පෙන්වයි.

* දෙවැන්න ආදරණීය සිහිනයේ පරිත්‍යාගශීලී භාවයයි. එය සිත්ගන්නා වදන්, ත්‍යාග හා බැඳෙයි.

* තුන්වැන්න පෞරුෂයයි. නොපසුබට ශක්තියයි. තමන්ට හිමිවිය යුතු ප්‍රේමය වෙනුවෙන් සටනට, දිවිදීමට හෝ පෙලඹෙන ස්වභාවයක් එහි ඇත.

* හතරවැන්නෙන් සිතේ සංවේදී බව ප්‍රකාශ වෙයි. මගේ සිත ඔබ ළඟය. ප්‍රේමය ප්‍රකාශ වන්නේ හදවතෙනි.

* ප්‍රේමයේ වින්දනය පස්වැන්නෙහිය. දෙදෙනකුගේ පෙම් සුව විඳීම එහි නිරූපිතය. ඇතැම් විටෙක ප්‍රේමයේ චපල බවද තවත් හදකට ළංවීමද ඇතිවිය හැකිය.

* හයවැන්නෙන් ප්‍රේමයට එල්ලවන වැඩිහිටි විරෝධය, සතුරු බාධක සහ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ රෝග පීඩා පෙන්වයි.

* හත්වැන්න පෙම් ලොව ජයගත් ප්‍රේමණීය විවාහයයි. පෙම් ලොව ජයගත් වාසනාවන්තම යුවල තමන් ලෙස එකිනෙකා සිතනු ලබන්නේ හත්වැන්නෙනි.

*ඔහු හෝ ඇය මට වටහාගනු නොහැකිය යන පළමු සිතුවිල්ල ඇතිවන්නේ අටවැන්නෙනි. එකිනෙකාගේ කායික සහ මානසික රෝග පීඩාද මෙම කාලයට අවනතය.

* පෙර කළ කුසල් අකුසල් පලදීමක් ලෙස නවවැන්න තුළින් විවාහ දිවිය දැකීමට හැකිය. වැඩිහිටි උරුම හිමිකම්වල ලැබීම නොලැබීමද එහිදී හඳුනාගත හැකිය.

* ආදායම – රැකියාවේ වෙහෙස සහ එකිනෙකාගේ වැඩහිටියන් වෙනුවෙන් කරනු ලබන යුතුකම් සහ පීඩාවන් දහවැන්නට අයිතිය.

* දරුවන්ගේ දියුණුවට තම යුතුකම් කර ඇත. දරුවන් ලොකු මහත් වූ වැඩිහිටියන්ය. විවාහයේදී ඔහු හෝ ඇය නිවැරැදි ලෙස හඳුනාගැනීමට නොහැකි වුවද ඉතිරි කාලය කෙසේ හෝ ගතකළ යුතු යැයි සිතන්නේ එකොළොස් වැන්න අනුවය.

තමන් අසරණය. රෝග පීඩා බහුලය. ගත වාරු නැත. වතුර උගුරක් හෝ දීමට ඇත්තේ සහකරු පමණකි. තමන් වෙත අසීරුවෙන් හෝ කරනු ලබන උවටැන්වලට දක්වන කරුණාවට පෙර කාලයේ තමන් දයාබර වූවාදැයි සිතට පැනයකි. එයම මහත් වේදනාවකි. ප්‍රේමයේ මුල් අවදිය, ප්‍රේමයේ ආකර්ෂණීය සිතුම් පැතුම් තුළින් ඔහු හෝ ඇය දුටු ආකාරය සුන්දර සිහිනයකි. එම සුන්දර සිහිනය සමග බැඳුණු සැබෑ ප්‍රතිරූපය තමන් තනිකර නොයා යුතුය. ජීවිතයේ බියකරු බව දකින තමන් අසලම සිටිය යුතුය. දොළොස්වැන්නෙන් දිවියේ අවසානය දක්වා රැඳෙන ප්‍රේමයේ – ආදරයේ අර්ථ නිරූපණය අවසාන වන්නේ එලෙසය.

කවර නම් අඩුපාඩු, නොගැළපීම් පෙර කාලයේ දුටුවද මරණයෙන් වෙන්වන ප්‍රේමය සුන්දරය. සුන්දර ප්‍රේමයේ මතකය කාරුණිකය. කෘතවේදීය. අනෙකා වෙනුවෙන් එකල ඉටුකළ යුතු යුතුකම්, මඟහැරුණු වගකීම් පිළිබඳ තැවීම් නොකළ යුත්තකි. සියල්ල දෛවය, ඉරණම අනුව සිදුවූවාදැයි විමසිය යුතුවෙයි. පෙර ආත්මයේ කරනු ලැබූ කුසල් අකුසල් සහ ග්‍රහ බලය මත හිමිවිය යුතු සහකරු හෝ සහකාරිය හිමිව ඇත. කාලය දොළොස්වැන්නට එළඹීමට පෙරාතුව ආකර්ෂණීය ප්‍රේමයේ පළමු ඇරැඹුමෙන්ම තම ප්‍රේමය සහ තම සිත හඳුනාගත යුතුය. වෙනස් විය යුතු තැන වෙනස් වීම අවැසිය. ජන්ම පත්‍රයෙන් පෙන්වන ඉරණම අනුව තම සිත ප්‍රේමය, විවාහය, සහකරුගේ ගති ලක්ෂණ හඳුනාගැනීම වැදගත්ය.

දෛවය හෙවත් ඉරණම වෙනස් කළ හැකිය. බුදු දහමේ පවා කර්මය එලෙසින්ම පල දෙන බවක් සඳහන් නොවේ. අහෝසි කර්ම මත අකුසල් දුරුවීමට පුළුවන. දිරිමත් සිතට අපල දුරුකළ හැකිය.
යුගදිවිය තුළ නිවැරැදි හඳුනාගැනීමෙන් ජන්ම පතේ ඉරණම වෙනස් කළ හැකිය. හඳහන හෙවත් ජන්ම පත්‍රයෙන් තම අනාගතය දකින්න. අයහපත් දශාවකදී අවබෝධයෙන් කටයුතු කිරීමෙන් දුෂ්කරතා මඟහැරීමට පුළුවන. යුගදිවිය යනු ඉරණම, දෛවය, කර්මය වෙනස් කරන දිවිමඟ සන්ධිස්ථානයකි. එම සන්ධිස්ථානයෙන් ඇරඹෙන දොළොස්වැදෑරුම් දිවිමඟ යහපත් කරගන්න. එසේ නම් පළමුව තමන් හඳුනාගන්න. සිත හඳුනාගන්න. වෙනස් වියයුතු සිතුවිලි අනුව වෙනස් වන්න. එවිට නිසැකවම දෛවය වෙනස් වනු ඇත. ඉරණම යහපත් වනු ඇත. කර්මය සුබදායකව අවසන් වනු ඇත.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

1818 නොඇසූ කතා

Next Post

මිලියන 360ක නිලනිවෙස ‌මෛත්‍රී අවුරුදු 20කට ලියාගෙන

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.