• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කොණ්ඩදෙණිය හිමියන්ගේ අප්‍රකට වික්‍රම

October 22, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
කොණ්ඩදෙණිය හිමියන්ගේ අප්‍රකට වික්‍රම
Share on WhatsAppShare on Facebook

උසාවි ආරච්චිලට ස්ථාන මාරුවක්

එදිනද කොණ්ඩදෙණියේ හිමියන්ට ශාන්තිකර්ම කටයුතු බහුල දිනයක් විය. දිවයිනේ සතර දෙසින් රෝගවලට බේත්හේත් කරගැනීමට මෙන්ම අපල උපද්‍රවවලට ශාන්තිකර්ම කරගැනීමට පැමිණ සිටියවුන්ගෙන්ද පන්සල් භූමිය පිරීගොස් තිබිණි.
මෙදින පැමිණ සිටි බොහෝ පිරිසකගේ කටයුතු සවස දෙක පමණ වන විට ඉටුකරවාදී තිබුණද පුද්ගලයන් කිහිපදෙනකු පන්සල භූමියේ රැඳී සිටියහ. ඒ අතර හොඳට ඇඳ පැලඳගෙන සිටි මැළිවයසට කිට්ටු කර සිටි තැනැත්තකු විහාර මන්දිරයෙන් පිටතට පැමිණ බණ්ඩාව ඇමතුවේය.
“ම්… මම ආවේ මීගමුවෙ ඉඳලා කොණ්ඩදෙණියෙ හාමුදුරුවන්ව ටිකකට මුණගැහෙන්න පුළුවන්ද?”
“මොකක්ද මහත්තයා කාරණාව…”
බණ්ඩා අමුත්තාගේ මුහුණ දෙස කෙළින්ම බලාගෙන විමසුවේය.
“ම්… මට ලෙඩක් නම් න්…නෑ…නෑ…”
“එහෙමනම්… මොකවත් අපල උපද්‍රවයක් තියෙන කෙනෙක්ද?”
“එහෙම එකකුත් න්… නැහැ…”
“එහෙනම් මක්කටෙයි මෙච්චර දුරක් ආවෙ… මහත්තයා අපේ ලොකු හාමුදුරුවන්ගෙ ඥාතියෙක්ද?”
කොණ්ඩදෙණියෙ හාමුදුරුවන්ට ඥාතිකමක් නම් නැහැ. පෞද්ගලික වැඩකට හමුවෙන්ට හිතාගෙනයි ආවෙ…”
“හොඳයි මහත්තය ටිකකට ඉන්ට. ලෙඩ රෝගවලට ප්‍රතිකාර ගන්ට කිහිප දෙනකුයි, ශාන්තිකර්ම කර ගැනීමටයි පැමිණි තව කිහිපදෙනකු ඉන්නවානෙ. ඒ අයගෙ වැඩ ටික ඉවර වුණාම මහත්තයට නිදහසේ ලොකු හාමුදුරුවන්ව මුණගැහෙන්න පුළුවන්නෙ…”
බණ්ඩා එහෙම කීවම, මීගමුවේ සිට පැමිණ සිටි අමුත්තා බණ්ඩාට මුවපුරා සිනාසී ඊට එකඟතාව පළ කළේය.
තවත් පැයක් දෙකක් ගතවන විට සීලරතන හිමියන්ගේ දිනට නියමිත කටයුතු නිමාවෙමින් තිබිණි.
“ඈ… බණ්ඩො… දැන් ඔක්කොමලගෙ කටයුතු ඉවරද? තව කවුරු හරි ඉන්නවද?”
“එක මහත්තයෙක් ඉන්නවා. මීගමුවෙ ඉඳල ඇවිත් තියෙන්නේ.”
“මීගමුවෙ ඉඳල නම් ඒ මනුස්සයව කලින් ගෙන්නගන්ට එපායැ. ඒ ඇත්තට රෑ බෝ වෙනවනෙ බණ්ඩො.”
“මං ඒ මහත්තයගෙන් කරුණු ඇහැව්ව ලොකු හාමුදුරුවනේ. ලෙඩක් දුකකුත් නෙවේලු. අපල උපද්‍රවයකුත් නැතිලු.”
“එහෙනම් අහවල් කාරියකටද බොල ඒ ඇත්ත ඇවිත් ඉන්නෙ.”
“ඔබ වහන්සේව නිදහසේ හමුවෙන්ට ඕනෙ කීවා. පෞද්ගලික වැඩකටය කීවා. මං කීවා එහෙම නම් ලෙඩට දුකට බෙහෙත් ගන්න අයවයි, ශාන්තිකර්ම කරවගන්න අයගෙයි කටයුතු ටික අහරව වෙනකම් ඉන්ට කියලා. ඒ මහත්තයා ඒකට කැමති වුණා.”
“ඒ ඇත්ත දුරබැහැරක ඉඳල ආව කෙනෙක්නෙ. ආවාස ගෙට එක්ක ගිහින් වාඩිකරවල තේ ටිකක් බොන්ඩ හදල දෙනව. මමත් දැන් ඒ පැත්තට එනව.” බණ්ඩා හිමියන් කී උපදෙස් අනුව ක්‍රියා කළේය.
දේව මන්දිරයෙන් පිටව සීලරතන හිමියෝද ආවාස ගෙට වැඩම කළහ.
පැමිණ සිටි අමුත්තා සීලරතන හිමියන්ගේ දෙපා අල්ලා වැඳවැටුණේය.
“මේ ඇත්ත මීගමුවෙ පැත්තෙ කීව..”
“එහෙමයි හාමුදුරුවනේ”
“ලෙඩකට, දුකකට, ප්‍රතිකාර ගන්න, අපල උපද්‍රවයකට, ශාන්තිකර්මයක් කොරව ගන්නත් නෙවෙයි කීවලු. ඉතින් මොකක්ද මේ ඇත්තට මාව හමුවෙන්ට ඕනෑ කීව වුවමනාව”
“අනේ හාමුදුරුවනේ… මට ටාන්සර් එකක් හදවගන්ට බලන්ට ආවෙ…”
“ටාන්සර් එකක් කීව. ඒ කියන්නේ මාරුවක්.”
“එහෙමයි, එහෙමයි, හාමුදුරුවනේ…”
“මේක පන්සලක් නෙව. අපි ලෙඩට දුකට පිහිට වෙනව. අපල-උපද්‍රව ඇති අයගෙ ඒවා ඉවත් කිරීමට ශාන්තිකර්ම එහෙම නම් කොරල දෙනව…”
“මාරුවීමක් ගන්ට තමන් වැඩ කරන ආයතනෙ ඉහළ නිලධාරීන් ලවානෙ කරවගන්ට ඕනෑ.”
“අනේ මට ඒ ඇත්තන්ගෙ පිහිටක් නැතිම තැනයි ඔබ වහන්සේව හොයාගෙන ආවෙ. මං වැඩ කරන්නෙ මීගමුවෙ උසාවියෙ. එතැන ආරච්චිල හැටියටයි දැන් අවුරුදු පහළොවක්ම එකම තැන. දැන් මගේ පවුලෙ දරුමල්ලන්ගෙ ප්‍රශ්න තියෙනවා. ගමට යන්ට මාරුවක් ඉල්ලනවා. ඒකට ඉඩක් ලැබෙන්නෙම නැහැ. හාමුදුරුවනේ”
“ආයතනිකව මාරුවක් ගන්න ඕන එකකට මෙහාට පාර කිව්වෙ කවුද?”
“මෙහෙමයි. අපේ හාමුදුරුවන්ගෙ බලය ගැන මං අහල තියෙනවා. පත්තරවලත් දැකල තියෙනවා. අනෙක මීට කලකට පෙර ඔබවහන්සේ අපේ උසාවියෙන් දෙන්ට තිබුණු නඩු තීන්දුවකුත් වෙනස් කෙරුවනෙ. ඒ කිවවේ සල්ලිකාර ව්‍යාපාරිකයෙක් සමඟ ගමේ දුප්පත් අයෙක් අතර තිබුණු ඉඩම් නඩුවක් අන්තිමේ නඩුවේ වාසිය ගමේ මනුස්සයට ලැබුණා. එදා හිටපු නඩුකාර උන්නාන්සේ තනතුරෙනුත් ඉවත් වෙලා ගියානෙ හාමුදුරුවනේ…”
සීලරතන හිමියන්ට අතීතය මෙනෙහි විය. තමා එම නඩුතීන්දුව ගමේ අහිංසක දුප්පතා වෙනුවෙන් වෙනස් කළේ තමාට උසාවි භූමියට ඇතුළු වීමට තහංචි වැටිල තිබියදී කියලත් හිමියන්ට සිහිපත් වුණා.
“ඒ කියන්නෙ ආරච්චිල ඔය කියන නඩුව අහන කාලෙත් මීගමුවෙ උසාවියේ වැඩ කොළා කියලද?”
“එහෙමයි, අපේ හාමුදුරුවනේ”
“මට තමුන්නැහැගෙ යෝජනාව අහක දාන්ට බැරි පාටයි. මං මෙච්චර කාලෙකට නම් මෙහෙම කාටවත් ස්ථාන මාරුවීම් ගැන යමක් කොරල නැහැ.”
“එතකොට තමුන්නැහෙගෙ ගම් පළාත කාරිය.”
“අපේ හාමුදුරුවනේ මං ඉපදුණේ අනුරාධපුරයේ. නරගය කිට්ටුවට වෙන්ටමයි පදිංචිය”
“මීගමුවේ ඉඳල ආවෙත් කියන එකේ, මං උසාවියේ තීන්දු වෙනස් කළ බවත් දන්න එකේ, හොඳයි අපි මේකත් කරල බලමු.”
“ඒ කියන්නෙ ඔබවහන්සේ මගේ ටාන්සර් එක හදාදෙනව…”
බලමු කියල කීවනෙ ටිකක් කලබල නැතිව ඉමුකො”
“අනේ හාමුදුරුවනේ, මං මේ මාරුව අනුරාධපුරයට ඉල්ලන්නේ අවුරුදු තුනක ඉඳල. පවුලේ ප්‍රශ්න තිබෙනවා. දුරබැහැරක ඉන්න නිසා ඒව විසඳගන්න, ඒවට මැදිහත් වෙන්න අමාරුයි. මට දැන් කියල… කියල අතිවෙලා. වෙන කියන්න කෙනෙක් නැති තැනයි. ඔබවහන්සේව හොයාගෙන ආවෙ” කියත්ම අමුත්තාගේ දෑසෙන් ගිලිහුණු කඳුළු බිඳු කිහිපයක් දෙකපොළ තෙමාගෙන වැටෙනු සීලරතන හිමියෝද දුටුවහ.
ඉන්පසුව කාලි දේව මෑණියන් අසලටම වැඩම කළ සීලරතන හිමියෝ පළමුව දේව භාෂාවෙන් ස්තෝත්‍ර කියන්නට වූහ. ඒ සමගම එක පෙළට මන්ත්‍ර කිහිපයක්ද ජපකොට, ජීවම් කර තිබූ කට්ටකුමංජල් අහුරක් ගිනිකබලට දැමූ හිමියෝ කාලි දේව මෑණියන්ට නැවැතත් දුම් වාරයක් ඇල්ලූහ.
දෙවැනුව කාලි මෑණියන්ගේ දකුණත රැඳි රත් පැහැ රෙදි පටියක් ගෙන බෙල්ල හරහට දමාගෙන මන්ත්‍ර ජප කරන ගමන් සීලරතන හිමියෝ තවතවත් ස්තෝත්‍ර කීහ.
වෙනදා දේව මන්දිරයේ කවුළුවකින් පැමිණෙන කළු බළල් තඩියා හිමියන් ස්තෝත්‍ර මහා හඬින් කියන විටම දේවාලයේ ප්‍රධාන දොරටුවෙන්ම පැමිණ හිමි දෙපාමුල වැතිරුණේය.
හිමියෝ පහත්වී කළු බළල් තඩියාගේ සිරස දකුණතින් තුන්වරක් අතගෑහ.
ඒ සමගම එතෙක් හිමි දෙපා මුල වැතිරී සිටි බළල් තඩියා කාලි දේව මෑණියන් අසලට ගොස් එහි වැතිරුණේය.
“බණ්ඩො… අර කහ නූල් හත්පොටක් ගෙන එය අඩි තුනක් දිගැතිව කඩාගෙන අරන් ආවනම්” සීලරතන හිමියෝ එසේ කියත්ම බණ්ඩා ඒ නූල් කැබැල්ලක් හිමි අත තබා කට්ටකුමංජල් එක් කළ ගිනි කබලද හිමියන් ළඟට කිට්ටු කළේය.
එතෙක් නැඟිටගෙන දේව ස්තෝත්‍ර මෙන්ම මන්ත්‍ර ජපකළ හිමියෝ එවර පසෙක තිබූ පුටුව මත වාඩිගත්හ.
බණ්ඩා, ගෙනැවිත් දුන් හත්පොටේ කහ නූල් අඩි තුනේ කැබැල්ල කට්ටකුමංජල් දුමට අල්ලා මන්ත්‍රයක් ජපකළ හිමියෝ, ඊට ගැට විසිඑකක් එක් කළහ.
ඒ සමගම අමුත්තා ළඟට කැඳවූ සීලරතන හිමියෝ,
“මේ හත්පොටේ කහ නූල බොහොම බලගතු මන්ත්‍රයකින් ජපකොට ආරක්‍ෂාව පිහිටුවලයි තියෙන්නෙ. මෙම නූලට එක්කොට මන්ත්‍ර බලයෙන් ජපකළ ගැට විසිඑකට එකින් එක මතුරා දැඩි ආරක්‍ෂාවක් කැප කරලයි තියෙන්නෙ.” යැයි කීහ.
“ඔය කමිසෙ ටිකක් උඩට කරගන්න මේ නූල බඳින්නෙ ඉණට තේරුණාද? මේ නූල මඟින් මෙතෙක් තමන්ට රාජකාරි ස්ථානයේදී ඇතිවූ සියලු බාධක හිරකර දමා තිබෙනවා. ඒ හින්දා දැනට ටික දවසක් පැරණි ස්ථානයේ රාජකාරි කරන විටත්, පෙර පැවති බාධක සියල්ල මඟහැරී යනව තේරුණාද? ඊළඟට දින විසිඑකක් ගතවෙන තැනේදී ඒ කියන්නෙ එළඹෙන මාසෙ පළමුවැනිදාට තමුන්ට නියමිත ස්ථාන මාරුව තමන් හිතනපතන තැනටම ලැබෙනවා.”
“මෙතෙක් යට ගැසී තිබූ තමන්ගෙ ස්ථාන මාරුව අදාළ ලිපි ගොනුව ඉදිරි සතියේදී අදාළ බලධාරීන් මතුකරල ගනීවි. දෙවැනි සතියේදී තමන්ගේ මාරුව සම්බන්ධ ලිපිය ස්ථිර වශයෙන්ම තමන් අතට ලැබෙනව තේරුණාද?”
“මං මේ කහ නූලෙන් කළේ දැනට සිටින ස්ථානයේ කෙටි සේවා කාලයත්, ඊළඟට යන සේවා ස්ථානයේත් බාධක සියල්ල ඉවත්වී තමන්ට සුහදව රාජකාරි කළ හැකි පරිසරයක් සකස්කරලීමයි හොඳද?”
“එහෙමයි, එහෙමයි, හාමුදුරුවනේ”
“බණ්ඩා පොඞ්ඩක් මෙහාට ආව නම්”
“අපේ නායක හාමුදුරුවනේ”
අර පෙට්ටගම ඇරල ඒක ඇතුළේ දකුණු පැත්තෙ සිනිඳු සළුවකින් ඔතල තියල තියෙන රන් කෙණ්ඩිය ඇරල, ඒ ළඟ වට්ටියක තිබෙන කුඩා කුප්පියක් අරගෙන ඒකෙන් තෙල් බිඳු හරියටම තුනක් දමල, බුලත් කොළයක දවටලම මෙහාට අරගෙන එන්න.”
සීලරතන හිමියන්ගේ ප්‍රධාන සහායකයා වන බණ්ඩා… හිමිගේ උපදෙස් පරිදි කළයුතු සියල්ල කළේය.
රන් කෙණ්ඩියෙන් තෙල් බිඳු තුනක් දැමූ කුප්පිය බුලත් කොළයක දැවටූ බණ්ඩා එය හිමියන්ගේ අත තැබුවේය.
“මහත්තයා… මං මගේ දේව මණ්ඩලය අමතන්න හදන විටම තමන් පත්ව තිබෙන දුක කීවෙ හැඬූ කඳුළෙන්. වසර දෙක තුනක ඉඳල ඉල්ලූ සේවා ස්ථාන මාරුව ලැබුණේ නැහැ කීවනෙ… නමුත් මං ඒක දින විසිඑකෙන් ඉටුවන තැනට කටයුතු සිද්ධ කළා. අදින් හරියටම දින විසිඑකක් පිරෙනදා ඒ කියන්නෙ ඊළඟ මාසෙ පළමුවැනිදා මහත්තයා අපේක්‍ෂා කළ ස්ථානයේම රාජකාරි ආරම්භ කරන්න ඒකාන්ත වශයෙන්ම හැකිවේවි.”
“මෙන්න බුලත් කොළයෙ ඔතලා තියෙන කුප්පිය ඇතුළෙ මගේ දේව මණ්ඩලයෙම ආශීර්වාද බලය පිහිටුවූ සිංහ තෙල් බිඳු තුනක් තිබෙනවා. මේක අරගෙන ගොහින් පොඩි රත්තරන් සුරයක් හදල මේ තෙල් ටික පුළුන් කැබැල්ලක තෙමලා රන් සුරයට දාල බෙල්ලෙ බැඳගන්ට ඕනෑ.”
“පළමු සතියේ මුල් දින තුන ඇතුළතම ඒක කරගන්නට ඕනෑ. මං ජීවම් කරපු කට්ටකුමංජල් ටිකක් දෙනව. දින විසිඑකක්ම උදේ සවස මේ සිංහ තෙල් මිශ්‍ර සුදු පුළුන් කැබැල්ල ඇතුළු කර කරේ බැඳගන්න. රන් සුරයට එය බෙල්ලේ තිබියදීම ඉහත කී දුම්කුඩු දමා සුවඳ අල්ලන්ට ඕනෑ. මා කී සියල්ල කිරිගහට ඇන්නා වගේ ඉෂ්ට සිද්ධ වෙයි. කරුණු කාරණා හරිගියාද කියල තමුන්ම ඇවිත් කියල ගියා නම් තමා හොඳ”
“එහෙමයි. මං ඔබ වහන්සේ බැහැදකින්නට නැවත එනවා” කී අමුත්තා සිය මුදල් පසුම්බිය අතට ගත්තේය.
එම දසුන දුටු සීලරතන හිමියෝ,
“ඇයි? පඬුරු දාන්ටදැ”යි ඇසූහ.
“හ්… නෑ… අපේ හාමුදුරුවෝ පැය ගණනාවක්ම මා වෙනුවෙන් ගතකළා. මං මේ මහන්සිය සලකල…”
“මහත්තයො, මගේ බලය මුදල්වලට මිල කොරන්ට නම් හිතන්න එපා. එහෙම නම් ඔය සත පහක්, දහයක් දේවාලෙ පඬුරු පෙට්ටියට දැම්මට කමක් නැහැ.”
අමුත්තා කිසියම් මුදලක් දේව මන්දිරයේ පින් පෙට්ටියට දමා, ආපසු හැරී හිමි දෙපා වැඳ ආපසු යෑමට අවසර පැතුවේය.
“හොඳයි ගිහින් එන්න මහත්තයට මගේ දේව මණ්ඩලයේම පිහිට, ආරක්‍ෂාව ලැබේවි.”
දින, සති ගණන් ගතවෙමින් තිබියදී එක් දිනෙක උදෑසන ආවාස ගෙහි දොරට තට්ටු කරන හඬක් ඇසී සීලරතන හිමියෝ ලැගුම් කාමරයෙන් පිටතට පැමිණියහ.
“ම්… මේ… උපාසක මහත්තෙල මේ උදේම…”
සුදුවතින් සැරසී සිටි ප්‍රසන්න මිනිසා හිමි දෙපා වැන්දේය. එය අනුගමනය කළ සුදුවතින් සැරසී සිටි අමුත්තාගේ බිරියද, ගැහැනු දරුවන් දෙදෙනාද හිමි දෙපා වැන්දහ.
“අපේ හාමුදුරුවනේ… අපි අනුරාධපුරයේ ඉඳල. අර මීගමුව උසාවියෙ හිටපු ආරච්චිල. ඔබ වහන්සේ ලබාදුන් ස්ථාන මාරුව නිසා අද ඉන්නෙ අනුරාධපුරේ උසාවියේ.”
“හරි… හරි… දැන් මතක් වුණා කොච්චරවත් අය මෙහෙට එනවද මහත්තයො. මට දැන් මතකයි. කොහොමද දැන් පවුලෙ කරදර එහෙම. ඔබ වහන්සේ කී පරිදිම දින විසිඑකෙන් ස්ථාන මාරුව ලැබුණා. පවුලට තිබුණු කරදරයත් ටික ටික මඟහැරුණා” කී උසාවි ආරච්චිල හාමුදුරුවන් දෙස බලා මුවපුරා සිනාසුණේය.
නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

චන්ද්‍රිකා ගහන්න යන ‌ගේම ‌ෆේස්බුක් එකෙන් එළියට

Next Post

තරුණ බවේ රහස් ඔසුව කතුරුමුරුංගා

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.