• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබේ දියුණුවට හරස් කපන හතුරා

October 20, 2019
in Astrology
Reading Time: 1 min read
A A
ඔබේ දියුණුවට හරස් කපන හතුරා
Share on WhatsAppShare on Facebook

බාධක ග්‍රහයා කියන්නේ ජන්ම පත්‍රය අනුව කෙනකුගේ ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා බාධා, කරදර මෙන්ම අපල ගෙනදෙන ග්‍රහයා ලෙස තමයි ජ්‍යොතිෂයේදී පුරාණ ඉසිවරු හඳුන්වාදී තිබෙන්නේ. තමන්ගේ කේන්දරේ එම ග්‍රහයා පිහිටි ස්ථානය අනුව ඔහු හා සබැඳි භාව පල, ස්ථාන පල මෙන්ම ග්‍රහ පල විනාශ කිරීම තමයි බාධක ග්‍රහයාගේ කාර්යය වෙන්නේ. සෑම කෙනකුටම ලග්නයක් තිබෙනවා. ලග්නයේ පෘථිවිය මැදි කොටගෙන කොටු 12ක් තුළ නවග්‍රහයන් ප්‍රධාන ග්‍රහයන් 12 දෙනකු සිටිනවා. මේ ග්‍රහයන් කෙනකු උත්පත්තිය ලබන අවස්ථාවේ හැටියට හඳහනේ කොටු කීපයක් තුළ විසිරී සිටිනවා. ඉතින් මේ ප්‍රධාන නවග්‍රහයන් අතරින් රාහු කේතු හැර අන් ග්‍රහයන් 7 දෙනාගෙන් එක් ග්‍රහයකු ඕනෑම කෙනකුගේ ජන්ම පත්‍රයේ ලග්නයට අනුව බාධක ග්‍රහයා වීමේ හැකියාව තිබෙනවා. ඕනෑම ලග්නයකට බාධක ග්‍රහයෙක් සිටින අතර ලග්න 12ටම බාධක ග්‍රහයන් 12 දෙනකු සිටිනවා.

අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් 12 දෙනකු සිටියත් ග්‍රහ බලපෑම මත අප ජ්‍යොතිෂයේදී මූලිකවම අවධානය යොමු කරන්නේ නවග්‍රහයන් වන රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, සෙනසුරු, හා රාහු, කේතු යන ග්‍රහයන් ගැන පමණයි. මේ අතරින් රාහු හා කේතු කියන්නේ ජ්‍යොතිෂයේදී පමණක් අප යොදාගන්නා ග්‍රහයන් නොව ඡයා ග්‍රහයන් නිසාත් ප්ලූටෝ, නෙප්චූන් හා යුරේනස් යන ග්‍රහ ත්‍රිත්වය පෘථිවියට ඉතා ඈතින් පිහිටා ඇති නිසා අපට එල්ල වන බලපෑම අඩු නිසාත් මා ඉහත සඳහන් කළ බලපෑමක් සහිත රවි, සඳු ඇතුළු ග්‍රහයන් 7 දෙනා මෙම කාරණාවේදී යොදා ගනු ලබනවා. එය ජ්‍යොතිෂ සිද්ධාන්තයක්.
ලග්න අනුව බාධක ග්‍රහයන්

පළමු හා දෙවැනි ලග්නයන් වන මේෂ හා වෘෂභ යන ලග්න 2ට ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා බාධක ග්‍රහයා වෙනවා.

මිථුන හා කන්‍යා යන ලග්න 2ට ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා බාධක ග්‍රහයාය.

සිංහ හා මකර යන ලග්න රාශි 2ට කුජ හෙවත් අඟහරු ග්‍රහයාද,

ධනු හා මීන යන ලග්න රාශි 2ට බුධ ග්‍රහයා බාධක ග්‍රහයා ද වෙනවා.

කටක ලග්නයට සිකුරු ග්‍රහයාත්, තුලා ලග්නයට රවි ග්‍රහයාත්, වෘශ්චික ලග්නයට චන්ද්‍රයා හෙවත් සඳුත්, කුම්භ ලග්නයට ශූක්‍ර හෙවත් සිකුරු ග්‍රහයාත්, බාධක ග්‍රහයන් වෙනවා.

එම ග්‍රහයන්ගේ මහ දශා කාලය හෝ අතුරු දශා කාලය තුළ ඔහුට හෝ ඇයට අපල තත්ත්වයන් මෙන්ම බාධා හා විවිධ කාර්යයන්ගේ ප්‍රමාදයන් ඇති විය හැකියි. එසේම ආසන්නවම ගෙවනු ලබන විදශා කාලය තුළද ක්‍රියාත්මක වෙනවා.

බාධක ග්‍රහයා ගුරු හෝ සිකුරු වැනි සුබයෙක් වුවත් ඔහුගෙන් ඇතිවන්නේ බාධාවක්. ඒ වගේම පාපී ග්‍රහයකු වීම ද සුබදායක නැහැ. කේන්දරේ එම අදාළ ග්‍රහයාගේ තත්ත්වය මත මෙහි ප්‍රතිඵල වෙනස් වීමට ඉඩ තිබෙනවා. සුබ ග්‍රහයකු වුවත් පාප දෘෂ්ටිවලින් පීඩිත නම් එම තත්ත්වය සුබදායක වන්නේ නැහැ. එම කාරණය තවදුරටත් ටිකක් පැහැදිලි කළොත් අපි උදාහරණයක් ලෙස හිතමු යම් කෙනකුගේ ජන්ම පත්‍රය හෙවත් හඳහනේ මම ඉහත සඳහන් කළ බාධක ග්‍රහයා විවාහ ස්ථානය වන ලග්නයෙන් 7 වැන්නේ තැන්පත් වී සිටිනවා කියා. එවිට අනිවාර්යයෙන්ම එම ජන්මියාගේ විවාහයට එම තත්ත්වය බලපානු ලබනවා. මේ තුළ බොහෝ විට විවාහයට විවිධ බාධක හා ප්‍රමාදයන් එල්ල වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. එසේම මෙම බාධක ග්‍රහයාගේ බලපෑම එල්ල වෙන්නේ විවාහයට පමණක් නොවන අතර බාධක ග්‍රහයා අපේ කේන්දරේ තැන්පත්ව සිටින ස්ථානය හෙවත් භාවය අනුව එම භාවයට අදාළ කාරණය සම්බන්ධයෙන් බාධා කරදර හා අපල උදාවීමේ හැකියාව තිබෙනවා. මෙම බාධක ග්‍රහයා රැකියා ස්ථානය වන 10 වැන්නේ පිහිටා සිටිය විට රැකියා අංශවලින් බාධා කරදර ඇතිවිය හැකියි. නැතිනම් 4 වැන්නේ නම් ගෙවල් දොරවල් යාන වාහන ගැන වන්න පුළුවන්. ඒ වගේම 5 වැන්නේ නම් දරුපල හෝ අධ්‍යාපනය ගැන වන්න පුළුවන්. එසේත් නැත්නම් අපි හිතමු 2 වැන්නේ 11 වැන්නේ කියා, එවිට ආදායම සම්බන්ධයෙන් බාධා කරදර ඇතිවිය හැකියි. ඒ ආකාරයට මෙම බාධක ග්‍රහයා පිහිටා සිටින භාවය අනුව ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්.

එසේම කේන්දරේ අනෙකුත් ග්‍රහ ශක්තීන් මත බාධක ග්‍රහයාගේ බලපෑම වෙනස් වීමේ හැකියාවද තිබෙනවා. එය අවබෝධ කරගත හැක්කේ නිවැරැදි ජන්ම පත්‍ර පරීක්ෂාවකින් අනතුරුවයි. බාධක ග්‍රහයා බාධක රාශිය හෙවත් බාධක ස්ථානයේම සිටින විට එම ග්‍රහයා ජ්‍යොතිෂයේදී මහා බාධක ග්‍රහයා ලෙස හඳුන්වනු ලබනවා. පළමු ලග්න හය වන මේෂ ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී සෙනසුරු බාධක ග්‍රහයා වන අතර 10 හා 11 වන භාවයන්වල අධිපතිත්වය ලබනවා. වෘෂභ ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී සෙනසුරු බාධක ග්‍රහයා වන අතර 9 හා 10 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. මිථුන ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී ගුරු හෙවත් බ්‍රහස්පති බාධක ග්‍රහයා වන අතර 2 හා 10 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. කටක ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී සිකුරු බාධක ග්‍රහයා වන අතර 4 හා 11 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. සිංහ ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී කුජ හෙවත් අඟහරු බාධක ග්‍රහයා වන අතර 4 හා 9 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. කත්‍යා ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී ගුරු බාධක ග්‍රහයා වන අතර 4 හා 7 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. තුලා ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී ශූක්‍ර හෙවත් සිකුරු බාධක ග්‍රහයා වන අතර 1 හා 8 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. වෘශ්චික ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී සඳු හෙවත් චන්ද්‍රයා බාධක ග්‍රහයා වන අතර 9 වැනි භාවයේ අධිපතිත්වය ලබනවා. ධනු ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී බුධ බාධක ග්‍රහයා වන අතර 7 හා 10 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. මකර ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී කුජ බාධක ග්‍රහයා වන අතර 4 හා 11 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. කුම්භ ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී සිකුරු බාධක ග්‍රහයා වන අතර 4 හා 9 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. මීන ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී බුධ බාධක ග්‍රහයා වන අතර 4 හා 7 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා.

මෙම බාධක ග්‍රහයාගෙන් උදාවන අපල තත්ත්වයන් ග්‍රහ ශාන්තිකර්ම මගින් සමනය කර ගත හැකි අතර ඒ සඳහා උගත් ජ්‍යොතිෂවේදියකු මඟින් නිවැරැදි ජන්ම පත්‍ර පරීක්ෂාවකින් අනතුරුව අදාළ ග්‍රහ ශාන්තිකර්ම ඉටුකිරීම තුළින් එම අපල තත්ත්වයන් සමනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. අදාළ බාධක ග්‍රහයා හා රාශිය හඳුනා ගැනීමෙන් පසු ඒ සඳහා එම නිශ්චිත ග්‍රහයාට අදාළව අපල දුරුවීම සඳහා බෝධි පූජාමය පින්කම්, අටවිසි බෝධි පූජා, දේව පූජා, සෙත් කවි ගායනා, මැණික් පැලඳීම්, යන්ත්‍ර දැමීම් වැනි කාරණා ඉටු කළ හැකියි.

ජ්‍යොතිෂවේදී බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

පීපල්ස් ඉන්ෂුවරන්ස් යාපනයට

Next Post

චන්ද්‍රිකාගේ ලංකා ගමන පමාවෙයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.