සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගෙවීම් සේවාව වන PayHere සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹී තිබේ.
ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ ව්‍යාපාරවලට මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ගෙවීම් භාරගැනීමේ අවස්ථාව සලසා දීම මෙම හවුල්කාරීත්වයේ ප්‍රධාන අරමුණවී ඇත. මෙම ක්‍රමෝපායික හවුල්කාරීත්වය හේතුවෙන් අලෙවිසල් හිමියන්ට ඕනෑම දේශීය බැංකුවක පවත්වාගෙන යන ගිණුමක් භාවිතයෙන් PayHere සේවාව සමග සම්බන්ධ වීමට හැකියාව ලැබේ.
දිගු කලක පටන් මෙරට ඩිජිටල් බැංකුකරණ සේවාවන් සම්බන්ධ පුරෝගාමියෙකු ලෙස ඉදිරියෙන්ම සිටින සෙලාන් බැංකුව මේ වනවිට පුද්ගලයන් සහ ව්‍යාපාර වෙනුවෙන් සේවාවන් රාශියක් හඳුන්වා දී ඇත.











