ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන ජාලය වන SLT-MOBITEL, මෙරට දුරකතන සේවා ක්ෂේත්‍රයේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ප්‍රථම වරට SLTMobitel Home (ස්ථාවර දුරකතන) පාරිභෝගිකයන් සඳහා ‘Caller Tune’ සේවාව හඳුන්වා දීමට කටයුතු කර තිබේ. Evoke International සමාගම සමග අත්වැල් බැඳගෙන SLT-MOBITEL මෙම සේවාව හඳුන්වාදී ඇත. Evoke International යනු ජංගම දුරකතන සේවා සම්පාදකයන් වෙනුවෙන් ඩිජිටල් මාධ්‍ය පදනම්, ජංගම යෙදුම් සහ අනෙකුත් සේවාවන් රැසක් කළමනාකරණය කරන පිළිගත් බාහිර සේවා සමාගමකි.
SLT-Mobitel Fibre, 4G LTE සහ Megaline පාරිභෝගිකයන්ට මෙම නව Caller Tune සේවාව ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.











